දස රාජ ධර්මය 4

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    සමගිය බලය වේ’ යන්න අවිරෝධතා ගුණයේ හරයයි. බෞද්ධ ජාතක කථාවක දී වැද්දාගේ දැලට හසු වූ වටු කුරුල්ලන් ඉන් මිදුනේ සියල්ලන් එකතු වී දැල ඔසවාගෙන ගිය, සමගියේ මහිමයෙනි. පසු කලෙක විනාශ මුඛයට පත් වූයේ වාද විවාද වල පැටලී සමගිය බිඳ වැටීමෙනි. ‘නැඟී සිටිය හැකි එක්සත් වී - බෙදී ගියොත් රට යයි සුන් වී’ යැයි ගීයක කියැවෙන්නේ ද මේ සදාතනික දහමයි. ‘සමගිය’ රකින්නට නම් එකිනෙකා අනෙකාට මිතුරු සිතින් ගරු කළ යුතුමය. කෙළෙහි ගුණ නොදන්නා ගුණ මකුවන්, පාවා දෙන්නන් සිටිත්නම්, එබඳු තැනක සමගිය නොරැකේ. සියල්ලන් එකා වෙනුවෙනුත්, එකා සියල්ලන් වෙනුවෙනුත් කටයුතු කළ යුතුය.

    තවද රාජ්ය පාලකයනට උපකාරී වන දස සක්විතිවත් මේවාය. (චක්කවත්තී සීහනාද සූත්රය - දීඝ නිකාය)



    01. ධර්මය ඇසුරු කර ගනිමින්, ධර්මයම ගරු කොට ගනිමින්, ධර්මයම කොඩියක් කොට ගෙන, ධර්මයම අධිපතිබවෙහි තබා අඹුදරු ආදී අභ්යන්තර ජනයා පිළිබඳව,



    02.ඒ අයුරින්ම අනුගත වෙසෙන ක්ෂත්රීය ජනයා පිළිබඳවද.



    03. ඒ අයුරින්ම බ්රාහ්මණ ගෘහපති ජනයා පිළිබඳවද,



    04. ඒ අයුරින් නියම් ගම් ජනපද වැසි ජනයා පිළිබඳවද



    05. ඒ අයුරින් මහණ බමුණන් පිළිබඳවද



    06. ඒ අයුරින්ම මෘග පක්ෂීන් පිළිබඳවද ධාර්මික රක්ෂාවරණ සැලසීම (මේ දහම අනුව යමින් පෙර දැහැමි සිංහල රජවරු මාඝාතය පනවා රටෙහි සතුන්මැරීම සපුරා තහනම් කළ අවස්ථාවන් මහාවංශයෙහි කියැවේ. ඒ අනුව හුදු මානව අයිතීන් නොව සියලු සත්ත්වයන්ගේ අයිතීන් සුරැකීමට බුදුදහම අනුබල දේ. බුදුදහම වඩාත් අනුබල දෙන්නේ තම අයිතීන් වෙනුවෙන් කේවල් කිරීමට නොව, නොපැකිළ තම යුතුකම් ඉටු කිරීමටය. සමාජයේ සියල්ලන් යුතුකම් මනාව ඉටු කරන්නේ නම්, අයිතීන් නිරායාසයෙන්ම සුරක්ෂිත වේ.



    07. රට තුළ අදැහැමි ක්රියා නොසිදුවන ලෙසට කටයුතු යෙදීම



    08. රටෙහි ධනය නොමැති අයට ධනය ලැබෙන පරිදි කටයුතු යෙදීම



    09. සිත දියුණු කිරීමෙහි යෙදුණු, මදයෙන්, ප්රමාදයෙන් වැළකුණු මහණ බමුණන් වෙත කලින් කල එළඹ, යහපත අයහපත පිණිස හේතුවන කරුණු විමසා දැන ගැනීම



    10. අකුසල් බැහැර කර කුසල් සමාදන්ව ඒ අනුව පැවතීම



    මේ ලෙස දැහැමින් සෙමින් රට කරවන පාලකයන්ට, සම්දිටු දෙවියන්ගේ ආශිර්වාදයද ලැබී බාධා ජය ගත හැකිවේ. සප්ත අපරිහාණීය ධර්මයන්හිදී සමගියෙන් රැස්වන පාලකයින්ට එම රැස්වීමක් අතරමඟදී පිටව යා හැකි අවස්ථාවක් වශයෙන් දක්වා තිබෙන්නේ රාජ්යයෙහි සතුරු උවදුරක් පැන නැඟී ඇති විටෙකයි. එහිදී එම රාජ්යයේ ආරක්ෂාව පිළිබඳ වගකීම් දරන්නවුන්ට රැස්වීම අතරවාරයේ වහා නැඟිට යා හැකි බව දැක්වේ. ඉන් හැඟෙන්නේ රාජ්ය පාලකයින් ආරක්ෂාව සම්බන්ධ අප්රමාදීව පියවර ගත යුතු බවයි. නොඑසේනම් සතුරු ආක්රමණයකදී හෝ ත්රස්තවාදී කැරැල්ලකදී සැඟව බියගුළුව පලායාම කිසිසේත් බුදුදහම අනුමත කරන්නේ නැත. ආක්රමණික හෝ ත්රස්තවාදී සතුරෙකු ඉදිරියේ සමාජයක් ලෙස යටත්වීම සිදුකළ හැකි නොවේ. ප්රශ්නය සාමකාමීව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත නොහැකි නම්, නොබා පෙරළා පහර දිය යුතුය. ජනතාවගේ අයිතිය නිදහස රැකගත යුතුය.


    මේ හා බැඳි ගාථා ධර්මයක් අපවත්වී වදාළ අතිපූජ්ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් විසින් චිරචිත ‘බුද්ධ නීති සංග්රහය’ නමැති ග්රන්ථයේ 46 වන පිටෙහි 86 වන ගාථාව ලෙස සඳහන්ය. එම බුදුවදන මෙසේය.


    86. නෙව දුට්ඨෙ නයො අත්ථි න ධම්මෝන න සුභාසිතං නික්ඛමං දුට්ඨෙ යුඤ්ජෙථ සොච සබ්භි න රඤ්ජති (8 නි දීපී ජාතකය)


    මෙම ගාථා ධර්මයේ සිංහල අර්ථය නාහිමියන් එම පොතෙහි මෙසේ සඳහන් කර ඇත. දුෂ්ඨයාට පරාක්රමයම යෙදිය යුතුව.


    දුෂ්ඨයාට කාරණයක් නැත. ධර්මයක් නැත. යහපත් චචනයක් නැත. කාරණා කාරණා කීමෙන් හෝ ධර්මය දැක්වීමෙන් හෝ හොඳින් කතා කිරීමෙන් හෝ ඔහුගෙන් ගැලවිය නොහැකිය. යහපත ඔහුට රුචි නැත. ඔහු කෙරෙහි පරාක්රමයම යෙදිය යුතුය. පුරා අවුරුදු විසි පහකට අධික කාලයක් මෙරටෙහි පැවැති ම්ලේච්ඡ කොටි කුරිරු ත්රස්තවාදයට විසඳුම් සෙවීමේදී මෙම ගාථා ධර්මයේ අරුත මැනවින් දැක ගත හැකි විය.


    කොළඹ සරසවියේ නීති පීඨයේ

    යලිත් වසන්ත මනහර විජේසුරේන්ද්ර
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    දසරාජ ධර්මයට අනුව සමගියෙන් ඉන්න තියනවානං හොදයි..:)

    ඒත් අර අන්තිමට තියන කොටසනං බුදුදහමට පටහැනී. අර නොබා පෙරලා බහර දිය යුතුයි කියන එක. වෛරයෙන් වෛරය සන්සිදෙන් නෑනෙ..:no:
     

    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    86. නෙව දුට්ඨෙ නයො අත්ථි න ධම්මෝන න සුභාසිතං නික්ඛමං දුට්ඨෙ යුඤ්ජෙථ සොච සබ්භි න රඤ්ජති (8 නි දීපී ජාතකය)

    මෙම ගාථා ධර්මයේ සිංහල අර්ථය නාහිමියන් එම පොතෙහි මෙසේ සඳහන් කර ඇත. දුෂ්ඨයාට පරාක්රමයම යෙදිය යුතුව.

    දුෂ්ඨයාට කාරණයක් නැත. ධර්මයක් නැත. යහපත් චචනයක් නැත. කාරණා කාරණා කීමෙන් හෝ ධර්මය දැක්වීමෙන් හෝ හොඳින් කතා කිරීමෙන් හෝ ඔහුගෙන් ගැලවිය නොහැකිය. යහපත ඔහුට රුචි නැත. ඔහු කෙරෙහි පරාක්රමයම යෙදිය යුතුය. පුරා අවුරුදු විසි පහකට අධික කාලයක් මෙරටෙහි පැවැති ම්ලේච්ඡ කොටි කුරිරු ත්රස්තවාදයට විසඳුම් සෙවීමේදී මෙම ගාථා ධර්මයේ අරුත මැනවින් දැක ගත හැකි විය.

    මට පෙනෙන විදිහට මෙම ගාථාවෙ අර්ථ පටලවා ගෙන හැඩයි (හරි තේරුම මාත් දන්නේ නැත). නමුත් අර්ථ වැරදි බවට මට හේතු කිව හැක, ඒ මන්ද උන්වහන්සේ විසින් පහත දේශණාව පැහැදිලි ලෙසම මහ ප්‍රජාපති ගොතමී මෙහෙණින් වහන්සේ ඇසු ප්‍රශණයකට පිළිතුරක් වශයෙන් දුන් නිසාය.

    "යමක් ඇසුරු කරන විට ලෝභක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය වන බව දැනේ නම් එය බුද්ධ දේශණාව ලෙස ගන්න"

    ඒ නිසා තව කෙනෙකුට ද්වේශයක් නැගෙන දෙයක් උන්වහන්සේගෙ මුවින් කවදාවත් පිටවිය නොහැක.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මේක ලියලා තියෙන්නේ නීතිඥයෙක්න..එයා එයාගේ මතයන් මෙතන rationalize කිරීමක් නේද කරලා තියෙන්නෙ..
     

    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa
    ඔව්, ඔබ හරි..

    ඒත් මම ඉහත පොස්ට් එක දැම්මේ, බලන කෙනෙකුට "ඒ මචං, බුදුහාමුදුරුවෝ තරහකාරයෙකුට (දුෂ්ඨයකුට) ගැහුවට, බැන්නට කමක් නැහැ කියළා තියෙනවානෙ බං" කියන හැඟීම නැති කරන්නයි.
     

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    Ow me gathawe arthaya patalawagena.. Dasaraja dharmaya thula hinsawak adangu wenne naha. E wagemai budupiyanan deshana kale shinenwath dwesha sahagatha deyak (Akusal) karanna epa kiyalai.
    Gathawe arthaya patalawagena thiyenne "Parakramaya yediya yuthui" kiyana thana. Budu dahame Parakramaya yedawenne Thadana Peedana Hinsa ho Dwesh sahagatha kriya walin neme. E sandaha Budu Sasuna thula Sarwa awihinsawadi Dhandana kramayak yedawune...
    Ex:- Brahma Dhandanaya wage dewal...
    (And my friends i must tell you this. Brahma dandanaya is the greatest way to make someone understand of his crimes and errors. Believe me, you never want that punishment if it has given to you once.. )
     

    wmsaneera

    Member
    Nov 21, 2009
    503
    94
    0
    දසරාජ ධර්මයට අනුව සමගියෙන් ඉන්න තියනවානං හොදයි..:)

    ඒත් අර අන්තිමට තියන කොටසනං බුදුදහමට පටහැනී. අර නොබා පෙරලා බහර දිය යුතුයි කියන එක. වෛරයෙන් වෛරය සන්සිදෙන් නෑනෙ..:no:

    :yes: ඒක යලිත් වසන්ත මනහර විජේසුරේන්ද්රගෙ අදහසක්. යුද්ද්ය වුනත් ධාර්මික වියයුතුයි.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    :yes: ඒක යලිත් වසන්ත මනහර විජේසුරේන්ද්රගෙ අදහසක්. යුද්ද්ය වුනත් ධාර්මික වියයුතුයි.

    දැන් කාලේ ධර්මයේ නමින් අධර්මය පැතිර යනවා නිකං හතු පිපෙනවවා වගේ වේගෙන්..:frown: හරිදේ තෝරගන්න බුද්ධිමත් වෙන්න ඕනි..:yes: