දස වස්තුක මිත්‍යා දෘෂ්ඨිය
1 . ‘නත්ථි දින්නං’
දුන් දේ විපාකයක් නෑ කියලා කෙනෙක් හිතනවා නම් එය මිථ්‍යා දෘෂ්ඨියක්.
2. ‘නත්ථි යිට්ඨං’
පූජා සත්කාර වැඳුම් පිදුම් කිරීමේ විපාකයක් නෑ කියලා හිතනවා නම් එය මිථ්‍යා දෘෂ්ඨියක්.
3. ‘නත්ථි හුතං’
මහා පරිමාණයෙන් කරන පූජා සත්කාර ආදියේ ආනිශංස නෑ කියලා හිතනවා නම් එය මිථ්‍යා දෘෂ්ඨියක්.
4. ‘නත්ථි සුකට දුක්කටානං කම්මානං ඵලං විපාකෝ’
හොඳක් කළොත් හොඳ විපාක. නරකක් කළොත් නරක විපාක නෑ කියලා හිතනවානම් එය මිථ්‍යා දෘෂ්ඨියක්.
5. ‘නත්ථි අයං ලෝකෝ’
අපට ලෝකයක් නෑ, ඒ කියන්නේ මේ ලෝකය සදාකාලිකයි .මේ ලෝකයේ අප ඉන්න ටිකේ හොඳට කාලා බීලා සතුටින් ඉමු කිය කියා හිත හිතා කටයුතු කරනවා නම් එතැන තියෙන්නේ මිථ්‍යා දෘෂ්ඨියක්.
6. ‘නත්ථි පරලෝකෝ’
මේ ලෝකයට පස්සේ අපට නැවත උප්පත්තියක්, පරලොවක් නෑ කියලා හිතනවා නම් එයත් මිථ්‍යා දෘෂ්ඨියක්.
7. ‘නත්ථි මාතා’
අම්මාට උපස්ථාන කිරීමෙන් අපට ආනිශංස නෑ. අපට වැඩක් නෑ ප්‍රයෝජනයක් නෑ. කියලා හිතනවා නම් එයත් මිථ්‍යා දෘෂ්ටියක්.
8. ‘නත්ථි පිතා’
පියාණන්ට උදව් කිරීමෙන්, උපස්ථාන කිරීමෙන් අපට ප්‍රයෝජනයක් නෑ. විපාකයක් නෑ කියලා හිතනවා නම්, එයත් මිථ්‍යා දෘෂ්ඨියක්.
9. ‘නත්ථි සත්තා ඕපපාතිකා’
මේ ලෝකයේ ඕපපාතික සත්වයන් නෑ කියලා හිතනවා නම් , විශේෂයෙන් ම ඕපපාතික දෙවියන්, ඕපපාතික බ්‍රහ්මයන්, ඕපපාතික අසුරයන්, ඕපපාතික නාගයන්, ඕපපාතික නිරයගත සතුන් පිලිබඳවත්, විශේෂයෙන් මනුස්සයන් ගැනත් විශ්වාසයක් නැත්නම් එයද මිථ්‍යා දෘෂ්ඨියක්. අපේ බුද්ධ කාලයේ ඕපපාතික ලෙස දෙන්නෙක් පහළ වෙලා තිබෙනවා. චිංචිමානවිකාව පහළ වුණේ සැවැත්නුවර සියඹලා ගසක් යට. අම්බපාලි ගණිකාව විශාලා මහනුවර ලිච්ඡවී දරුවන්ට අයිති අඹ උද්‍යානයේ තිබෙන අඹ ගසක් යට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැතිව අවුරුදු 16-18 කියන තරුණ වයසේ දී පහළ වුණා. මෙන්න මේක තමයි ඕපපාතික උප්පත්තිය. එතකොට ඒවාගේ උප්පත්තියක් ගැන විශ්වාසයක් නැතිනම් මිථ්‍යා දෘෂ්ඨියක්.
10. 'නත්ථි ලෝකේ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමංච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ජිකත්වා පවේදේති'
මේ ලෝකයේ යහපත් මග කියාදෙන නිවැරැදි මාර්ගය පෙන්වා දෙන සිල්වත්, ගුණවත්, උතුමන් බ්‍රාහ්මණයන් නෑ කියලා කෙනෙක් හිතනවා නම් එයත් මිථ්‍යා දෘෂ්ඨියක්.
(මජ්ඣිමනිකාය – උපරිපණ්ණාසකො – අනුපදවග්ගො – මහාචත්තාරීසක සුත්තං)
වැඩි විස්තර සඳහා පිවිසෙන්න
https://www.thripitakaya.org/sutta/index/216