සසර දුකින් නිදහස් වීමේ පිළිවෙතට අයත් ආරම්භක ප්රඥාසම්පත්තියට පත්වීම සිදුවන්නේ සම්‍යක් දෘෂ්ටියේ පිහිටීමෙන්ය. එබැවින් එය ආර්ය මාර්ගයේ පූර්වංගම කරුණ සම්‍යක්දෘෂ්ටිය බැවින් එය සියල්ලටම පූර්ව අංගය
සම්‍යක් දෘෂ්ටිය ආශ්‍රව සහිත පින් පැත්තට යොමු වූ ප්‍රතිවිපාක සහිත සම්‍යක්දෘෂ්ටිය හා ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංගයක් වූ සම්‍යක් දෘෂ්ටිය යනුවෙන් කොටස් දෙකක් යටතේ දැක්වේ. දසවත්ථුක සම්මාදිට්ඨි හා චතුසච්ච සම්මාදිට්ඨි යනුවෙන්ද එය හඳුන්වනු ලැබේ.
දස වස්තුක සම්මාදිට්ඨි නම් මෙසේය.
(1)දන් දීමෙහි විපාක ඇත. (අත්ථි දින්නං)
(2)උතුමන්ට පූජා කිරීමෙහි විපාක ඇත (අත්ථි යිට්ඨං)
(3)ගුණවතුන්ට පුදපඬුරු පිදීමේ විපාක ඇත (අත්ථි හුතං)
(4)හොඳ නරක ක්‍රියාවලට විපාක ඇත.
(අත්ථි සුකට දුක්කටකම්මානං ඵලං විපාකෝ)
(5)පරලොව ගියවුන් මෙලොවට පැමිණීමක් ඇත.
අත්ති අයං ලෝකෝ)
(6)මෙලොව සිටිනවුන්ට පරලොවක් ඇත.
(අත්ථි පරෝ ලෝකෝ)
(7)මවට කරන හොඳ නරක ක්‍රියාවලට විපාක ඇත. (අත්ථි මාතා)
(8)පියාට කරන හොඳ නරක ක්‍රියාවලට විපාක ඇත. (අත්ථි පිතා)
(9)මව්පියන් නොමැතිව පහළ වන සත්වයෝ ඇත
(අත්ථි සත්තා ඕපපාතිකා )
(10)යහපත් මාර්ගයට පිළිපන් මෙලොව පරලොව සත්‍යය ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ඒ පිළිබඳව ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලොව ඇත. (අත්ථි ලෝකෝ සමණ බ්රාහ්මණා සමග්ගතා සම්මා පටිප්නනා යේ ඉමං ච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති)
...
මෙසේ මෙලොව, පරලොව, කර්මය කර්ම ඵලය, පින පව, කුසලය අකුසලය ආදිය පිළිබඳව නිවැරදි දැක්ම, නිවැරදි දැනීම දසවස්තුක සම්මා දිට්ඨිය නම් වේ.
...
1. අත්ථි දින්නං
ශ්‍රමණබ්‍රාහ්මණ දුගී මගී යාචකාදීන්ට පින් සලකා පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් හෝ ආහාර පාන වස්ත්‍රාදි වස්තූන් පරිත්‍යාග කිරීමෙන් එසේ කරන්නා වූ තැනැත්තා හට අනාගතයෙහි බොහෝ සැප සම්පත් ලැබෙන බව ස්වශක්තියෙන් ම හෝ අන්‍යයන්ගෙන් ඇසීමෙන් හෝ දැන ඒ බව විශ්වාස කිරීම අත්ථිදින්නං යනුවෙන් දැක්වෙන්නා වූ සම්‍යග්දෘෂ්ටිය යි. දන් දීමෙන් දෙන තැනැත්තාගේ වස්තුව නැතිවීම මිස එයින් මතු ලැබෙන ඵලයක් නැතය යි වරදවා පිළිගැනීම මිථ්‍යා දෘෂ්ටියකි.
2. අත්ථි යිට්ඨං
“යිට්ඨ” යනු මහා පූජා මහා දානයන්ට නමෙකි. බොහෝ මල් පහන් ආහාර පාන වස්ත්‍රාදිය ගෙන පවත්වන්නා වූ මහා පූජාවන්ගෙන් ද සිය ගණන් දහස් ගණන් ප්‍රතිග්‍රාහකයන් විෂයෙහි පවත්වන්නා වූ මහා දානයන්ගෙන් ද ඒවා කරන්නවුන්ට මතු දිව්‍ය මනුෂ්‍ය ලෝක දෙක්හි බොහෝ සම්පත් ලැබෙන බව දැනගැනීම පිළිගැනීම අත්ථි යිට්ඨ යනුවෙන් දැක්වෙන සම්‍යග් දෘෂ්ටිය යි. ඇතැම්හු බොහෝ මල් පිදීමෙන් වනුයේ විහාරවල කසළ ගොඩ වීම පමණකැයි ද, බොහෝ පහන් පිදීමෙන් වනුයේ තෙල් විනාශ වීම පමණකැයි ද, විහාරවලට චෛත්‍යවලට ආහාරපාන පිදීමෙන් වනුයේ ආහාරපාන රාශියක් විනාශවීම පමණකැයි ද, මහා දන් දීමෙන් වනුයේ වස්තු රාශියක් විනාශ වීම පමණකැයි ද, ඒවායින් පූජා කරන්නවුන්ට මතු වන වැඩෙක් නැතැයි ද වරදවා පිළිගනිති. එය මිථ්‍යාදෘෂ්ටියකි.
...
3. අත්ථි හුතං
පින් සලකා ගුණවතුන් වෙත ආහාර පානාදි වස්තූන් පඬුරු කොට යැවීම මරණින් මතු ඉෂ්ට ඵල විපාක ගෙන දෙන්නා වූ පුණ්‍ය කර්මයක් බව පිළිගැනීම අත්ථි හුතං යනුවෙන් දැක්වෙන සම්‍යග් දෘෂ්ටිය යි. එයින් මතු ලැබෙන ඵලයක් නැතැ යි ගැනීම මිථ්‍යා දෘෂ්ටියකි.
...
4. අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො
යහපත් ක්‍රියාවෝ ය යි කියනු ලබන විහාර දාගැබ් දහම් හල් පොත්ගුල් කිරීම කරවීම පින් සලකා අන්‍යයන්ගේ ප්‍රයෝජනය පිණිස ළිං පොකුණු අම්බලම් කිරීම, කරවීම, අන්‍යයන් ගේ ප්‍රයෝජනය පිණිස මල් ඵල හට ගන්නා ගස් වැල් රෝපණය කිරීම, කරවීම, ගිලනුන්ට, දුබලයන්ට, මහල්ලන්ට, දිළිඳුන්ට උපකාර කිරීම, බණ කීම, බණ කියවීම, බණ ඇසීම, ඇස්වීම, පන්සිල් රැකීම, පොහොය අටසිල් රැකීම, දසසිල් රැකීම, පැවිදිවීම, භාවනා කිරීම යනාදියෙන් ඒවා කරන්නවුන්ට මතු භවයන්හි ලැබෙන්නා වූ ඉෂ්ට විපාකයන් ඒකාන්තයෙන් ඇත්තේ ය. එසේ ම නො මනා ක්‍රියාවෝ යයි කියනු ලබන ප්‍රාණඝාතාදි කර්මයන්ගෙන් ද, ඒවා කරන්නවුන්ට ඒවායින් මතු භවයන්හි ලැබෙන අනිෂ්ට විපාකයන් ද ඒකාන්තයෙන් ඇත්තේ ය. මෙසේ යහපත් වූ ද, අයහපත් වූ ද, කර්මයන්ගෙන් මතු ලබන ඵල-විපාක ඇති බව දැන ගැනීම විශ්වාස කිරීම අත්ථි සුකට දුක්කටානං කම්මානං ඵලං විපාකො යනුවෙන් දැක්වෙන සම්‍යක්දෘෂ්ටිය යි. මෙලොව දී කුමක් කළත් ඒවායින් මරණින් මතු පරලොව දී ලබන ඵල-විපාකයක් නැත ය යන පිළිගැනීම මිථ්‍යාදෘෂ්ටිය කි.
....
5. අත්ථි අයං ලොකො
අප වාසය කරන්නා වූ මේ ලෝකය හැර අපේ ලෝකයට සම වූ සැප දුක් ඇත්තා වූ අපේ ලෝකයට බොහෝ වෙනස් වූ සැප දුක් ඇත්තා වූ, තවත් බොහෝ ලෝකයෝ ඇත්තාහු ය. ලෝකවල වෙසෙන සත්ත්වයෝ වනාහි සෑම කල්හි ම එක ලෝකයක ම වාසය කරන්නෝ නොවෙති. ඔවුහු නොයෙක් වර තම තමා සිටින ලෝකවලින් චුත ව තමා වසන ලෝකයෙන් ඉතා දුර පිහිටි ලෝකයන්ට ද පැමිණෙන්නාහු ය. එබැවින් අපේ ලෝකයෙන් පිටත අන්‍ය ලෝකයන්හි වෙසෙන්නා වූ සත්ත්වයෝ ඒ ලෝකවලින් චුතව අප වාසය කරන්නා වූ මේ ලෝකයට එන්නාහු ය. එසේ අපේ ලෝකයෙන් ඈත ලෝකයෙහි සිටින සත්ත්වයන් හට ඉපදීම් වශයෙන් පැමිණීමට අපේ ලෝකය ද ඇති බව කියනු ලැබේ. එය එසේ දැන ගැනීම, පිළිගැනීම, අත්ථි අයං ලෝකෝ යනුවෙන් දැක්වෙන සම්‍යග් දෘෂ්ටිය යි. එක ලෝකයක සිටින සත්ත්වයෙක් තවත් ලෝකයකට නො යන්නේ ය. අපේ ලෝකයෙන් පිටත ලෝකවල සත්ත්වයෝ ඒ ඒ ලෝකවලට ම වාසය කරන්නාහු මිස මේ ලෝකයට නො එන්නාහු ය යි ගැනීම මිථ්‍යාදෘෂ්ටියකි.
...
6. අත්ති පරො ලොකො
මෙලොව වාසය කරන්නා වූ සත්ත්වයා ද මෙලොවින් චුතව මේ ලෝකයට ඉතා දුරින් පිහිටි අපාය ලෝකාදි අන්‍ය ලෝකයන්ට ඉපදීම් වශයෙන් පැමිණෙන්නේ ය. එබැවින් මෙලොව සිටින්නා වූ සත්ත්වයාට ද ඉපදීම් වශයෙන් පැමිණෙන්නට පරලොවක් ඒකාන්තයෙන් ඇති බව අත්ථි පරො ලොකො යනුවෙන් දැක්වෙන සම්‍යග්දෘෂ්ටියයි. ඇතැම්හු මෙලොව සිටින්නා වූ සත්ත්වයෝ මෙලොව ම උපදනාහු නමුත් මේ ලෝකයෙන් අන්‍ය ලෝකයකට නො යන්නාහු ය. එසේ ඉපදීම් වශයෙන් පැමිණීමට මෙලොවින් පිටත තවත් ලෝකයක් නැත. අපායත් මේ ලෝකයේ ම ය, දෙව්ලොවත් මේ ලෝකයේ ම ය, බඹලොවත් මේ ලෝකයේ ම යයි වරදවා පිළිගනිති. එය මිථ්‍යාදෘෂ්ටියකි.
7. අත්ථි මාතා
මව්වරුන්ට කරන්නා වූ උපකාරාපකාරයන් නිසා දරුවන්ට අනාගතයෙහි ඉෂ්ට වූ ද අනිෂ්ට වූ ද විපාක කොටසක් ඒකාන්තයෙන් ලැබෙන්නේ ය. ඒ බව එසේ ම දැන ගැනීම පිළිගැනීම අත්ථිමාතා යනුවෙන් දැක්වෙන සම්‍යක් දෘෂ්ටියයි. මව්වරුන්ට කරන දේවලට ඵල-විපාකයක් නැත ය යි ගැනීම මිථ්‍යා දෘෂ්ටියකි.
....
8. අත්ථි පිතා
පියවරුන්ට කරන උපකාරාපකාරයන් නිසා මතු භවයන්හි දරුවන්ට ලැබෙන්නා වූ ඉෂ්ට වූ ද අනිෂ්ට වූ ද, ඵල-විපාකයන් ඇති බව පිළිගැනීම අත්ථි පිතා යනුවෙන් දැක්වෙන සම්‍යක් දෘෂ්ටියයි. පියවරුන්ට කරන උපකාරාපකාරයන්ට ලැබෙන ඵල විපාකයන් නැතය යි ගැනීම මිථ්‍යාදෘෂ්ටියකි.
...
9. අත්ථි සත්තා ඕපපාතිකා
මැරෙන සත්ත්වයන් එයින් කෙළවර නො වී තෘෂ්ණාව ප්රහාණය කරන තුරු කර්මානුරූපව සසර නැවත නැවතත් උපදනා බව පිළිගැනීම අත්ථි සත්තා ඕපපාතිකා යනුවෙන් දැක්වෙන සම්‍යග් දෘෂ්ටිය යි. තවත් ක්‍රමයකින් කියත හොත් ලෝකයෙහි මවක පියකු නොමැතිව කර්ම ශක්තියෙන් සර්වාංග ප්‍රත්‍යංග පරිපූර්ණත්වයෙන් පහළවීම් වශයෙන් උපදනා වූ සත්ත්ව කොටසක් ඇත්තේ ය. ඔවුන්ට ඕපපාතික සත්ත්වයෝ යයි කියනු ලැබේ. නරකයන්හි හා දිව්‍යලෝක බ්‍රහ්ම ලෝකයන්හි ඇත්තේ ඒ වර්ගයට අයත් සත්ත්වයෝ ය. ඕපපාතික නම් වූ එබඳු කොටසක් ඇති බව දැන ගැනීම පිළිගැනීම සම්‍යක් දෘෂ්ටිය යි.
“ඇතැම්හු දෙවියෝ ය, බ්‍රහ්මයෝ ය කියා සත්ත්ව කොටසක් සත්‍ය වශයෙන් නැත. ඔවුහු මනුෂ්‍යයන් විසින් සිතින් මවා, ඇති සේ ප්‍රකාශ කරනු ලබන සත්ත්ව කොටසක් ය. ඔවුන් ඇත්තේ මෝඩ මිනිසුන්ගේ සිත්වල පමණක් ය යි කියමින් ද, තවත් සමහරු දිව්‍ය බ්‍රහ්මයෝ නම් පෙර ඒ නම් වලින් විසුවා වූ මනුෂ්‍යයෝ ම ය, මනුෂ්‍යයන් හැර අමුතු ලෝකයක වෙසෙන දිව්‍ය බ්‍රහ්මාදීහු ය යි කියනු ලබන අමුතු ආනුභාවයක් ඇති මිනිසුන්ට නො පෙනෙන අමුතු සත්ත්ව කොටසක් නැත ය යි කියමින් ද ඕපපාතික සත්ත්වයන් නැත” ය යි වරදවා පිළිගනිති. එය මිථ්‍යාදෘෂ්ටියකි.
....
10. අත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සමග්ගතා සම්මා පටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති.
සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ සිහිනුවණට වඩා විශිෂ්ට වූ සිහි නුවණ හා කොතරම් අමාරු දෙයකට වුවත් නො පසුබස්නා වීර්‍ය්‍යය ද කොතරම් දුකක් වුවත් ඉවසන්නා වූ ස්වභාවය ද, උත්පත්තියෙන් ම පිහිටන්නා වූ උත්තම පුරුෂයෝ ලෝකයෙහි කලාතුරකින් උපදනාහු ය. එබඳු උත්තම පුරුෂයන්ගෙන් සමහර කෙනෙක් පැවිදිව මහත් වූ උත්සාහයෙන් ධ්‍යාන වඩා සාමාන්‍ය මනුෂ්‍යයන් විසින් ඇසේ උපකාරයෙන් දක්නා දේවල් ඇසේ උපකාරය නොමැතිව දැකිය හැකි වන්නා වූ ද, සාමාන්‍ය මනුෂ්‍යයන් විසින් කනින් අසා දැන ගන්නා වූ දේවල් කනින් නො අසා ම දත හැකි වන්නා වූ ද, පෙර ජාති වල දී පවා සිටි සැටි හා කළ කී දේ සිහි කළ හැකි වන්නා වූ ද, මැරෙන්නා වූ සත්ත්වයන්ගේ ඒ ඒ තැන්වල ඉපදීව කිය හැකි වන්නා වූ ද අභිඥාව ය යි කියනු ලබන විශිෂ්ට ඥානය උපදවා ගනිති.
ඒ ඥානය උපදවා ගත්තා වූ මහෝත්තමයෝ එයින් මිනිසුන්ගේ ප්‍රකෘති ඇසින් නො දැකිය හැකි සූක්ෂ්ම ශරීර ඇත්තා වූ දිව්‍ය බ්‍රහ්මාදි සත්ත්වයන් ඇසින් දක්නාක් මෙන් ම දක්නාහු ය. අපගේ ලෝකයට ඉතා දුරින් පිහිටි අපාය ලෝක හා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ද ඒ තැන්වලට පැමිණ බලන්නකු විසින් දක්නා පරිද්දෙන් පිරිසිදුව දක්නාහු ය. නොයෙක් ආකාර සැප දුක් ඇති ඒ ඒ ලෝකවල ඉපිද සිටින සත්ත්වයන්ගේ උත්පත්තියට හේතු වූ කර්ම ද දක්නාහු ය. එසේ දක්නා වූ ඒ මහෝත්තමයෝ තමාගේ දැකීම පරිදි දිව්‍ය බ්‍රහ්මයන් ඇති බව ද ප්‍රේතයන් හා නේරයික සත්ත්වයන් ඇති බව ද ඔවුන්ගේ සැටි හා ඔවුන් විඳිනා සැප දුක් ද ඔවුන්ගේ වාසස්ථාන වූ ලෝක ද ප්‍රකාශ කරන්නා හ. පින් පව් ඇති බව ද පින් පව්වල ඵල-විපාක ඇති බව ද ප්‍රකාශ කරන්නාහු ය.
ලෝකයෙහි ඉතා දීර්ඝ කාලයකින් පහළ වන්නා වූ සමහර උත්තම පුද්ගලයෝ ඒ අභිඥා සංඛ්‍යාත ඥානය අර්හත්වයත් සමග සියල්ල දක්නා ඥානයත් සමග ද උපදවා ගන්නාහු ය. එබඳු පුද්ගලයන්ට බුදුවරයෝ ය යි කියනු ලැබේ. බුදුවරයෝ වනාහි අභිඥාව පමණක් උපදවා ගත්තවුන්ට නො පෙනෙන්නා වූ ඉතා දුර පිහිටි ලෝකයන් හා නිර්වාණයත් නිර්වාණ මාර්ගයත් සියල්ල දැන විශිෂ්ට වූ ධර්මයක් දේශනා කරන්නාහු ය. ඒ විශිෂ්ට ඥානය ඇති කරගෙන සිටින්නා වූ මහෝත්තමයන්ට එබඳු ඥානයක් ඇති බව පිළිගැනීම ද, උන් වහන්සේලා විසින් පවසන පරිදි තවත් ලෝක ඇති බව පිළිගැනීම ද, දිව්‍ය බ්‍රහ්මාදි වූ මිනිස් ඇසින් දැකිය නොහෙන ඕපපාතික සත්ත්වයන් ඇති බව පිළිගැනීම ද සතර මාර්ග සතර ඵල නිර්වාණ සංඛ්‍යාත නවලෝකෝත්තර ධර්මය ඇති බව පිළිගැනීම ද නිර්වාණයට පැමිණිය හැකි ප්‍රතිපත්ති හා ඒ ප්‍රතිපත්තියෙන් නිවනට පැමිණිය හැකි බව පිළිගැනීම ද අත්ථි ලොකෙ සමණ බ්රාහ්මණා-පෙ-පවෙදෙන්ති යනුවෙන් දැක්වෙන සම්‍යක් දෘෂ්ටිය යි.