දස_මාර_සේනාව

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දස මාර සේනාව

    1. කාම සේනාව
    පංචකාමය (පංච ඉන්ද්‍රියන්.., ඇස, කණ, නාසය, දිව, ශරීරය පිනවීමට ඇති කැමැත්ත)
    මෙය වක්‍රාකාරයෙන් ද ක්‍රියාත්මක වේ. එනම් මෛත්‍රියේ මුවාවෙන් ද කෘතගුණ සැලකීමේ මුවාවෙන් ද පිංකම්වල මුවාවෙන් ද ආදි යහපත් කටයුතු මාර්ගයෙන් ද පංචකාමයෙහි යෙදීම ආදිය සිදු විය හැකි ය.

    2. අරතිය
    කුසල් දහම් දියුණු කිරීමට ඇති අකමැත්ත, එනම්, පිං කිරීමට, භාවනාවට, සිල් ගැනීමට ආදියට ඇති අකමැත්ත වේ.

    3. පිපාසය, බඩගින්න

    කුසල් දහම් වැඩීම මේ හේතුවෙන් පසෙක දමයි.

    4. තණ්හාව
    මෙය වක්‍රාකාරයෙන් ද ක්‍රියාත්මක වේ. එනම් කීර්ති, ප්‍රශංසාවලට ආශාවෙන් අනිත් අයට කරන උදව් (චාගය) මුවාවෙන් ද තණ්හාව වර්ධනය කර ගත හැකි ය. පරිත්‍යාගය, අත හැරීමේ මුවාවෙන් ද තණ්හාව ක්‍රියාත්මක විය හැකි ය. ප්‍රසිද්ධිය උදෙසා නිර්මාංශ වීම ආදිය ද තණ්හාව ය.

    5. ථින මිද්ධය

    නිදිමත, අලසකම, කායික වශයෙන් ඇති වන කම්මැලිකම.
    මෙය වක්‍රාකාරයෙන් ද ක්‍රියාත්මක වේ. එනම් සමාධි ස්වරූපයෙන් ද ක්‍රියාත්මක වේ. නුවණ ලෙස ක්‍රියාත්මක වන විට භාවනා කරලා වැඩක් නැහැ, තව ඉගෙන ගන්න ඕනෙ ආදිය පැවසෙන්නේ ය. පරීක්ෂා කරන මුවාවෙන් ද ඇති වේ. එවිට භාවනා කරන්න කලිං හොයලා බලන්න ඕනෙ ආදිය පැවසෙන්නේ ය. ආත්ම ගෞරවයේ, ආරක්ෂාවේ ස්වරූපයෙන් ද ක්‍රියාත්මක වේ. එවිට ඔය තැන්වලට ගිහිං භාවනා කරලා වැඩක් නැහැ, අභිධර්මය උගන්වන තැනකට යන්න ඕනෙ ආදිය පැවසෙන්නේ ය.

    6. බිය
    එනම් ධර්මයේ හැසිරීමට අධ්‍යාත්මික වශයෙන් ද බාහිර වශයෙන් ද ඇති බිය ය. එනම් භාවනා කරන්න ගියොත් පිස්සු හැදෙයි, සිල්වත් වෙන්න, සමාධි වඩන්න බය වුව ද කෙලෙස් පිළිබදව හෝ සසර ගැන හෝ බියක් නැත.

    7. විචිකිච්ඡාව
    එනම් බුදු රජාණන් වහන්සේ , දහම් මාර්ගය , සංඝයා වහන්සේ, පටිච්ච සමුප්පාදය ආදිය පිළිබද ව ද ඇති වන සැකය යි. මෙය නිසා ආර්ය මාර්ගය නො වැඩේ.

    8. ගුණමකුකම හා සිතේ ඇති දැඩිබව
    ගුණමකුකම තුළින් අනිත් අයගේ ගුණයන් මකා දමමින් කථා කරයි. ඊරිසියාව සිතෙහි ක්‍රියාත්මක වීම නිසා සිදු වේ. තමාගේ සිත පිරිසිදු නො වේ නම් තමා තුළ ආර්ය මාර්ගය නිවැරදි ව නො වැඩෙන්නේ කෙසේ ද යත් අපිරිසිදු රෙදි කඩකට හොදින් සායම් නොඅල්ලන්නා සේය. දැඩිබව හේතුවෙන් නම්‍යශීලි නො වීම නිසා ධර්මය නො වැඩේ. බුදු රජාණන් වහන්සේට ද නො නැමේ.

    9. ලාභ, කීර්ති, ප්‍රශංසා සහ බොරුවෙන් ලැබෙන යසස

    හුදකලා වූ විට ස්ත්‍රියකට හසු වීමට වඩා මේවාට හසු වීම භයානක වන්නේ ය. අද ධර්මය විකෘති කරන්නන් තමාගේ නම සකසා ගැනීමට මහා අකුසල් කරන්නේ මේ දේවල්වලට හසු වීම නිසා ය.

    10. මානය
    තමන් උසස් කර අනිත් අය පහත් කිරීම ආදිය සිදු වන්නේ මානය නිසාය. මෙය ද ඉතා සියුම් ලෙස ක්‍රියාත්මක වේ. නිහතමානි විධියෙන් ද මානය ක්‍රියාත්මක වේ.

    මාරයා යනු මෙම කරුණු 10 ලෙස වරදවා වටහා නො ගත යුතුයි. ශක්‍ර පදවිය මෙන් ම වසවර්ති මාර දිව්‍ය රාජ පුත්‍ර පදවියක් ද ඇත්තේ ය. බෝසතාණන් වහන්සේට බුදු වීමට බාධා ඇති කිරීමට උත්සාහ කරන ලද්දේත්, බුදු රජාණන් වහන්සේට පිරිනිවන් පෑමට ආරාධනා කළෙත් එම මාරයා විසිනි. එසේ ඔහුට අප හමු වීමට අවශ්‍ය නො වන්නේ ඉහත කෙලෙස් ධර්ම අප තුළ නො අඩු බැවින්/ අප ආර්ය මාර්ගයට නොපිළිපන් බැවිනි.


    "සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා "
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    උඹට ගොඩක් පිං.... මේක කියවනකොට තමයි තේරුනේ මම ලඟ මේව කොච්චර තියෙනවද කියලා
     
    • Like
    Reactions: chathupatiya