ගල් ගුහා පරිශ්‍රයේ සිරවී සිටින දරුවන් මුදවා ගැනීමේ මෙහෙයුමේ අද දිනයේ අදියර මේ වනවිට සමාප්ත කිරීමට තායි බළධාරීන් තීරණය කර තිබෙනවා ..... අඳුර වැටීම, ගුහා සංකීර්ණයේ ජලයෙන් පිරී පවතින ප්‍රදේශ වල, ජලයේ ඌෂ්ණත්වය පහළ යෑම, කිමිදුම් කරුවන් අධික ලෙස වෙහෙසට පත්ව සිටීම සහ එම මෙහෙයුම සඳහා ගෙනවුත් තිබෙන ඔක්සිජන් භාවිතා කර අවසන් වීම මෙයට හේතුවයි....
තවත් පැය 10 ත් 20 ත් අතර කාළයක් තුල මෙම මෙහෙයුම් යළි ඇරඹෙනු ඇති......
"වයිල්ඩ් බෝර්ස්" පාපන්දු කණ්ඩායම සහ ඔවුන්ගේ පුහුණුකරුවා මෙලෙස අතුරුදහන් වූයේ පසුගිය ජූනි 23 වැනිදා.....දින ගණනක් තිස්සේ 1056 ක් පමණ වන පිරිසක් විසින් කරන ලද මෙහෙයුම් වලින් පසුව පසුගිය සඳුදා දිනයේ බ්‍රිතාන්‍ය කිමිදුම් කරුවන් දෙපළක් විසින් මෙම පිරිස සොයා ගනු ලැබුවා......
ඔවුන්ගේ කණ්ඩායමේ එක් සාමාජිකයෙකුගේ උපන් දිනය සමරා යන ලද මේ ගමනේ, ඔවුන් සිරවූ පසුව සොයාගන්නා තෙක් ජීවත්වී ඇත්තේ උපන් දින සාදය සඳහා රැගෙන ගිය ආහාර අනුභව කිරීමෙන්.....
ගල් ගුහා පරිශ්‍රය තුළ තව සති කිහිපයක් කාළයක් දරුවන් තැබීමට සිදුවෙතැයි මුලදී බොහෝ දෙනෙකු සිතුවත්, ඇදහැලෙන මෝසම් වැස්සේ තාවකාළික සමනයක් ඇතිවීම, මෙන්ම, ගුහා අභ්‍යන්තරයේ ඔක්සිජන් මට්ටම 20% ට වඩා ( සිකුරාදා රාත්‍රිය වනවිට 15%) පහළ වැටීම මෙම මෙහෙයුම අද දිනයේ සිදු කළ යුතු බවට තීරණය කරන්නට මුල් වූ සාධක වශයෙන් සැලකෙනවා....
බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ උපදේශකයන් විසින් සකස් කරන ලද වායු නළ මාර්ගයක් මගින් උමඟෙහි දරුවන් සිටින කොටසේ ඔක්සිජන් ප්‍රතිශතය වැඩි කිරීමට කටයුතු කළත්, එය එතරම් කාළයක් පවත්වා ගත හැකි ක්‍රමයක් නොවේ.....
ඊට සමගාමීව ගුහාව තුළ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතයද ඉහළ යමින් පවතිනවා......( අද දිනයේ යම් පිරිසක් මුදා ගැනීමත් සමග කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අන්තරාදායක ලෙස ඉහළ යෑම හෝ ඔක්සිජන් ප්‍රතිශතය මොළයේ ක්‍රියාකාරීත්වයට හානි දායක මට්ටම හෙවත් 12% කට වඩා පහළ යෑම සිදු නොවනු ඇති බව විශේෂඥයන්ගේ මතයයි ) ....
සුප්‍රකට ස්පේස් එක්ස් සමාගමේ නිර්මාතෘ ඊලොන් මස්ක් මහතා විසින් කරන ලද "ඉන්ෆ්ලේටඩ් ටනල්", "රෙස්කියු පොඩ් " යෝජනාවන් සහ "දරුවෙකුගේ ශරීරයේ තරමට සාදන ලද කුඩා සබ්මැරීනයක් යෙදවීමේ" යෝජනාව ප්‍රායෝගික නොවන බව විශේෂඥ මතය වී ඇතැයි, ඇතැම් වාර්ථා සඳහන් කරනවා..... ගල් ගුහාවේ සිට පිටතට පැමිණීමට ඇති කිලෝමීටර් 3 ක පමණ මගෙහි ඉතාම පටු ස්ථාන තිබීම මෙයට හේතුවයි.......කෙසේ වෙතත් එබඳු සබ්මැරීනයක් සෑදීමට තම ඉන්ජිනේරුවන් යොදවා ඇති බව ඊලොන් මස්ක් මහතා සඳහන් කර තිබෙනවා...