දහතුන් දෙදෙනා බෙිරාගැනිමෙි මෙහෙයුම

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    36769731_10155511405802478_3775250238567088128_n.jpg
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    ගල් ගුහා පරිශ්‍රයේ සිරවී සිටින දරුවන් මුදවා ගැනීමේ මෙහෙයුමේ අද දිනයේ අදියර මේ වනවිට සමාප්ත කිරීමට තායි බළධාරීන් තීරණය කර තිබෙනවා ..... අඳුර වැටීම, ගුහා සංකීර්ණයේ ජලයෙන් පිරී පවතින ප්‍රදේශ වල, ජලයේ ඌෂ්ණත්වය පහළ යෑම, කිමිදුම් කරුවන් අධික ලෙස වෙහෙසට පත්ව සිටීම සහ එම මෙහෙයුම සඳහා ගෙනවුත් තිබෙන ඔක්සිජන් භාවිතා කර අවසන් වීම මෙයට හේතුවයි....

    තවත් පැය 10 ත් 20 ත් අතර කාළයක් තුල මෙම මෙහෙයුම් යළි ඇරඹෙනු ඇති......

    "වයිල්ඩ් බෝර්ස්" පාපන්දු කණ්ඩායම සහ ඔවුන්ගේ පුහුණුකරුවා මෙලෙස අතුරුදහන් වූයේ පසුගිය ජූනි 23 වැනිදා.....දින ගණනක් තිස්සේ 1056 ක් පමණ වන පිරිසක් විසින් කරන ලද මෙහෙයුම් වලින් පසුව පසුගිය සඳුදා දිනයේ බ්‍රිතාන්‍ය කිමිදුම් කරුවන් දෙපළක් විසින් මෙම පිරිස සොයා ගනු ලැබුවා......

    ඔවුන්ගේ කණ්ඩායමේ එක් සාමාජිකයෙකුගේ උපන් දිනය සමරා යන ලද මේ ගමනේ, ඔවුන් සිරවූ පසුව සොයාගන්නා තෙක් ජීවත්වී ඇත්තේ උපන් දින සාදය සඳහා රැගෙන ගිය ආහාර අනුභව කිරීමෙන්.....

    ගල් ගුහා පරිශ්‍රය තුළ තව සති කිහිපයක් කාළයක් දරුවන් තැබීමට සිදුවෙතැයි මුලදී බොහෝ දෙනෙකු සිතුවත්, ඇදහැලෙන මෝසම් වැස්සේ තාවකාළික සමනයක් ඇතිවීම, මෙන්ම, ගුහා අභ්‍යන්තරයේ ඔක්සිජන් මට්ටම 20% ට වඩා ( සිකුරාදා රාත්‍රිය වනවිට 15%) පහළ වැටීම මෙම මෙහෙයුම අද දිනයේ සිදු කළ යුතු බවට තීරණය කරන්නට මුල් වූ සාධක වශයෙන් සැලකෙනවා....

    බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ උපදේශකයන් විසින් සකස් කරන ලද වායු නළ මාර්ගයක් මගින් උමඟෙහි දරුවන් සිටින කොටසේ ඔක්සිජන් ප්‍රතිශතය වැඩි කිරීමට කටයුතු කළත්, එය එතරම් කාළයක් පවත්වා ගත හැකි ක්‍රමයක් නොවේ.....

    ඊට සමගාමීව ගුහාව තුළ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතයද ඉහළ යමින් පවතිනවා......( අද දිනයේ යම් පිරිසක් මුදා ගැනීමත් සමග කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අන්තරාදායක ලෙස ඉහළ යෑම හෝ ඔක්සිජන් ප්‍රතිශතය මොළයේ ක්‍රියාකාරීත්වයට හානි දායක මට්ටම හෙවත් 12% කට වඩා පහළ යෑම සිදු නොවනු ඇති බව විශේෂඥයන්ගේ මතයයි ) ....

    සුප්‍රකට ස්පේස් එක්ස් සමාගමේ නිර්මාතෘ ඊලොන් මස්ක් මහතා විසින් කරන ලද "ඉන්ෆ්ලේටඩ් ටනල්", "රෙස්කියු පොඩ් " යෝජනාවන් සහ "දරුවෙකුගේ ශරීරයේ තරමට සාදන ලද කුඩා සබ්මැරීනයක් යෙදවීමේ" යෝජනාව ප්‍රායෝගික නොවන බව විශේෂඥ මතය වී ඇතැයි, ඇතැම් වාර්ථා සඳහන් කරනවා..... ගල් ගුහාවේ සිට පිටතට පැමිණීමට ඇති කිලෝමීටර් 3 ක පමණ මගෙහි ඉතාම පටු ස්ථාන තිබීම මෙයට හේතුවයි.......කෙසේ වෙතත් එබඳු සබ්මැරීනයක් සෑදීමට තම ඉන්ජිනේරුවන් යොදවා ඇති බව ඊලොන් මස්ක් මහතා සඳහන් කර තිබෙනවා...
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    තවම 9 දෙනෙක් කේව් එක ඇතුලෙ. ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම නැවත ඇරඹෙන්නේ හෙට උදේ (තව පැය 9කින් පමණ).
    ඉතාම සෙන්සිටිව් කරුනක් උනත්, මුලින්ම බේරාගෙන ඇත්තේ ශක්තිමත්ම හා නිරෝගීම දරුවනුයි (ඔවුන් ජිව්ත්වීමේ සම්භාවිතාවය ඉහල නිසා). දරුවන් බේරාගන්නේ මේ විදිහට ශක්තිමත් හා නිරෝගී බවේ අනුපිලිවෙලටයි. ඒ අනුව දුර්වලම දරුවන් බේරාගන්නේ අවසානයටයි..
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    තායිලන්තයේ විශාල ගුහාවක් තුළ සති දෙකකට වැඩි කාලයක් සිරවී සිටින පාපන්දු ක්‍රණ්ඩායමක දරුවන් පිරිස ලිපි යොමු කරමින් ඔවුන් සියලු දෙනා ශක්තිවන්ත බවත්, බිය නොවී සිටින ලෙසත් දෙමවුපියන්ගෙන් ඉල්ලා තිබේ.
    මෙම දරුවන් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යන කිමිදුම්කරුවන්ගේ මාර්ගයෙන් අතින් ලියූ මෙම ලිපි ඔවුන් දෙමවුපියන් වෙත ලැබීමට සලස්වා ඇති අතර, ඇතැම් ලිපිවල ඔවුන් කෑමට ආසා කරන ආහාර ද්‍රව්‍ය ගැනද සඳහන් කර ඇත.
    “මට බැදපු කුකුල් මස් කන්න ආසයි…”
    “ටීචර්.. මට ගොඩක් ගෙදර වැඩ නම් දීල තියන්න එපා…”
    “අම්මේ දුක්වෙන්න එපා…” ආදී වශයෙන් වූ සටහන් දරුවන්ගේ ලිපිවල වූ බව සඳහන් වෙයි.
    මේ අතර, දරුවන්ගේ පාපන්දු පුහුණුකරු වන 25 හැවිරිදි එක්කාපෝල් චන්ටාවොන්ග් ලිපියකින් සියලු දරුවන්ගේ දෙමවුපියන් අමතා ඇත.
    “ආදරණීය දරුවන්ගේ දෙමවුපියනි… දැන් අපි සියලු දෙනා හොඳින් ඉන්නවා… මුදාගැනීමේ කණ්ඩායම් අපට හොඳින් සලකනවා…
    මට පුළුවන් උපරිම ආකාරයෙන් දරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට මා පොරොන්දු වෙනවා. අපේ උදව්වට පැමිණි ඔබ සියලු දෙනාට ස්තූතියි…
    ඒ වගේම, දරුවන්ගේ දෙමවුපියන් වෙත මගේ බලවත් කනගාටුවද ප්‍රකාශ කර සිටිනවා…” ඒ වගේම ඔහු ජාතියෙන් සමාව අයද ඇති බවද සඳහන් වේ.
    මෙම දරු පිරිස වෙත ඔවුන්ගේ දෙමවුපියන්ගෙන් ලැබුණු ලිපිවලට පිළිතුරු ලිපි ලෙස ඔවුන් මේවා ලියා යවා ඇත.
    පසුගිය ජූනි මස 23දා මෙම දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු චියෑන්ග් රායි පළාතේ පිහිටි තාම් ලුආන්ග් නොන් ගුහා සංකීර්ණය නැරඹීමට ගිය අවස්ථාවේ හදිසියේ ඇති වූ වර්ෂාවත් සමග ගුහා සංකීර්ණය ජලයෙන් යටවීම නිසා එහි සිරවිය.
    මේ වනවිට ඔවුන් ගුහාවට ඇතුළු වූ ස්ථානයේ සිට කිලෝමීටර් 4ක් පමණ දුරින් වූ ගොඩැල්ලක රැඳී සිටින මෙම දරුවන් ඉන් දින 9කට පසුව බ්‍රිතාන්‍ය ජාතික විශේෂ කිමිදුම් කණ්ඩායමක් විසින් සොයාගනු ලැබිණි.
    එතැන් පටන් දරුවන් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යාම කිමිදුම්කරුවන් මාර්ගයෙන් සිදුවුවත්, තායිලන්තයේ හිටපු කිමිදුම් නාවික සෙබලෙකු මෙම මෙහෙයුම් අතරදී ජීවිතයෙන්ද සමුගත්තේය.
    මුලදී මෙම දරුවන් මුදාගැනීමේ කටයුතු වර්ෂා කාලය අවසන් වී තවත් මාස කිහිපයකින් සිදුකිරීමට බලධාරීන් සැලසුම් කර තිබුණද, මෝසම් වර්ෂාව වැඩිවන බැවින් ඔවුන් රැඳී සිටින ස්ථාන පවා යළිත් ජලයෙන් යටවනු ඇතැයි යන බිය නිසා දරුවන් හා පුහුණුකරු මුදාගැනීමේ මෙහෙයුම් කඩිනම් කර ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
    ඒ අනුව මේ වනවිට අද දින තුළ මෙහෙයුම කෙසේ හෝ අවසන් කිරීමේ අධිටනින් ක්‍රියා කරන නාවික හමුදා භටයන් ළමුන් හතර දෙනෙකු පමණ බේරාගෙන රෝහල් ගත කර ඇති බවත් අනෙක් අයත් කෙසේ හෝ අද දිනයේ එලියට ගෙන එන බවත් පවසයි. ඇතැම් වාර්තා සඳහන් කරන පරිදි මේ වනවිට බේරාගෙන ඇති සංඛ්‍යාව ළමයි හයක් බව පැවසේ.
     
    • Like
    Reactions: MihiCherub

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    තවම 9 දෙනෙක් කේව් එක ඇතුලෙ. ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම නැවත ඇරඹෙන්නේ හෙට උදේ (තව පැය 9කින් පමණ).
    ඉතාම සෙන්සිටිව් කරුනක් උනත්, මුලින්ම බේරාගෙන ඇත්තේ ශක්තිමත්ම හා නිරෝගීම දරුවනුයි (ඔවුන් ජිව්ත්වීමේ සම්භාවිතාවය ඉහල නිසා). දරුවන් බේරාගන්නේ මේ විදිහට ශක්තිමත් හා නිරෝගී බවේ අනුපිලිවෙලටයි. ඒ අනුව දුර්වලම දරුවන් බේරාගන්නේ අවසානයටයි..

    මේකෙ අනිත් පැත්ත නෙමෙයිද බන් කරන්නෙ. Weak සෙට් එක නේද මුලින්ම එලියට ගන්නෙ
     
    • Like
    Reactions: CONCORDE777

    Brewz

    Member
    Jul 9, 2018
    3
    0
    0
    තවම 9 දෙනෙක් කේව් එක ඇතුලෙ. ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම නැවත ඇරඹෙන්නේ හෙට උදේ (තව පැය 9කින් පමණ).
    ඉතාම සෙන්සිටිව් කරුනක් උනත්, මුලින්ම බේරාගෙන ඇත්තේ ශක්තිමත්ම හා නිරෝගීම දරුවනුයි (ඔවුන් ජිව්ත්වීමේ සම්භාවිතාවය ඉහල නිසා). දරුවන් බේරාගන්නේ මේ විදිහට ශක්තිමත් හා නිරෝගී බවේ අනුපිලිවෙලටයි. ඒ අනුව දුර්වලම දරුවන් බේරාගන්නේ අවසානයටයි..

    බිබ්සි එකේ එහෙම නං තිබ්බේ ඉස්සෙල්ලා බේර ගත්තු ළමයි 4 දෙනා එතන හිටපු දුර්වලම අය කියලයි.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,382
    12,659
    113
    Piliyandala
    කරදයක් උනාම මිනිස්සු මිනිසුන්ටම උදව් කරගන්න විදිහ දැක්කහම පට්ට සතුටුයි බන්... ජාති වර්ණ ආගම භේද නැතුව හැමෝම ගේමට බැහැල ඉන්නවා දැක්කහම පට්ට. ඉක්මනට ළමයි ටිකයි පුහුනුකරුයි එලියට එන්න ලැබේවා.......!
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    කරදයක් උනාම මිනිස්සු මිනිසුන්ටම උදව් කරගන්න විදිහ දැක්කහම පට්ට සතුටුයි බන්... ජාති වර්ණ ආගම භේද නැතුව හැමෝම ගේමට බැහැල ඉන්නවා දැක්කහම පට්ට. ඉක්මනට ළමයි ටිකයි පුහුනුකරුයි එලියට එන්න ලැබේවා.......!

    :yes::yes::yes::yes::love::love:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කරදයක් උනාම මිනිස්සු මිනිසුන්ටම උදව් කරගන්න විදිහ දැක්කහම පට්ට සතුටුයි බන්... ජාති වර්ණ ආගම භේද නැතුව හැමෝම ගේමට බැහැල ඉන්නවා දැක්කහම පට්ට. ඉක්මනට ළමයි ටිකයි පුහුනුකරුයි එලියට එන්න ලැබේවා.......!

    :yes::yes::love::love:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කරදයක් උනාම මිනිස්සු මිනිසුන්ටම උදව් කරගන්න විදිහ දැක්කහම පට්ට සතුටුයි බන්... ජාති වර්ණ ආගම භේද නැතුව හැමෝම ගේමට බැහැල ඉන්නවා දැක්කහම පට්ට. ඉක්මනට ළමයි ටිකයි පුහුනුකරුයි එලියට එන්න ලැබේවා.......!

    :yes::love: