ඕකට වග කියන්න ඕනෙ මෙ කාළකණ්ණි තරඟකාරි අධ්‍යාපන ක්‍රමය බන්.ආණ්ඩුවකින් පියවරක් නොගත්තොත් තව අවුරුදු ගාණකින් දහම්පාසල් නැතිවෙලා යාවි.
දහම් පාසල කියන්නෙත් ලමයින්ව තරඟයකට සූදානම් කරන තැනක් මිස ගුණදහම් කියා දීල යහපත් පුරවැසියන් කරන තැනක් නෙවෙයි. දහම් පාසලින් එලියට එද්දි ලමයි තුල දැනුම තිබ්බට ගුනදහම් නෑ.
එහෙම කියන්නෙ ඇයි
ඒ කතාව වැරදියි
දහම් පාසල් යන ලමයෙකුයි දහම් පාසල් නොයන ලමයෙකුයි ගත්තොත් කවුද හොඳ?


දහම් පාසල් යන ලමය සාපේක්ශව හොඳයි තමයි.ඒත් මම කියන්නෙ දහම් පාසල තුල ප්‍රමුඛත්වය දෙන්න ඕනෙ විශය නිර්දේශයක් උගන්නල විභාග වලට සූදානම් කරන එකට, තරඟයට යොමු කරන එකට වඩා ලමයින් තුල ගුණදහම් වර්ධනය කරල ඔවුන්ගෙ අධ්‍යාත්මය උසස් තත්වයට පත් කරන වැඩපිලිවෙලකට කියන එකයි.දැනට එහෙම කරන තැන් තියෙන්නෙ අතලොස්සක් විරයි.
අනිත් දේ තමයි ධර්මයේ නාමයෙන් අද ලමයින්ගෙ ඔලුවලට දාන්නෙ පසුකාල වල සාහිත්‍ය කාරයො ලියපු අත්බූත විකාර දේවල්.සැබෑ ධර්මය ලැබෙනවනම් කිසිම ලමයෙක් නොමග යන්නෙ නෑ.
ඔව් ඔව් මොන දහම් පන්සල් ද , මිවල පලානේ හාමුදුරුවන්ගේ පද පරම බණ ටිකක් අහන්න තිබ්බම මදැයි. ඔව් ඔව් මොන දහම් පන්සල් ද , මිවල පලානේ හාමුදුරුවන්ගේ පද පරම බණ ටිකක් අහන්න තිබ්බම මදැයි.
ඔහොම ගරහන්න ගිහිල්ල ස්කයිලාක්ට උන දේ ඇස්පනාපිටම දැක්ක නේද ? ඔයත් එහෙම සිහිය විකල් කරගන්න කැමතිද ?
ගැරහුවාම නෙවෙයි , මම ඕක දැම්මේ ඔබතුමන් පන්සලේ , පාසලේ බුදුදහම ලෙස උගන්වන්නේ විකෘති වූ බුදුදහමක් යන අදහසක් ඉදිරිපත් කල නිසා. මම හිතනවා ඔබතුමන් සැබෑ ධර්මය ලැබෙනා ක්‍රමය සදහන් කලා නම් බොහෝ දෙනෙකුගේ හිත සුව පිණිස වෙයි කියල.