දහම් ලිපි එකතුව

sachcha123

Active member
  • Jul 12, 2008
    336
    148
    43
    දහම් ලිපි එකතුව

    සාධු සාධු සාධු !!!

    640px-The_Buddha_at_Mihintale%2C_Sri_Lanka.JPG



    මා විසින් කියවන ලද දහම් ලිපි මේ ත්‍රෙඩ් එක ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.මෙහි සඳහන් දහම් ලිපි මවිසින් උපුටාගන්නා ලද ඒවා බැවින් ඒවා උපුටාගත් මුලාශ්‍රය එහි සඳහන් කරමි.ඔබට තෙරුවණ් සරණයි................!!!!!!!!

    220px-Dharma_Wheel.svg.png





    භික්ඛවේ,අප්පමාදෙන සම්පාදේථ, දුල්ලභෝ බුද්ධුප්පදෝ ලෝකස්මි, දුල්ලභෝ මනුස්සත්ත පටිලාභෝ, දුල්ලභා ඛණ්සම්පත්ති, දුල්ලභා පබ්බජ්ජා,දුල්ලභං ස්ද්ධම්මසවනනං

    මේ බුදුන්වහන්සේ දිනපතාම කරන අනුශාසනයකි.එහි තේරුම මෙසේය.මහණෙනි,අප්‍රමාදයෙන් උක්තවව්.ලෝකයෙහි බුද්ධෝත්පාදය දුර්ලභය.මිනිසත් බව ලැබීම දුර්ලබය.ක්ෂණ සම්පත්තිය දුර්ලභය(ක්ෂණ සම්පත්තිය යනු කුමක්දැයි පසුව විස්තර කෙරේ).ප්‍රව්‍රජ්‍යාව දුර්ලභය.සද්ධර්ම ශ්‍රවණය දුර්ලබය.

    ලොව්තුරා බුදුවීම ලෝකයහි ඇති වැඩවලින් සියල්ලටම වැඩ දුෂ්කර දෙයය. බුදුබව ලැබිය හැක්කේ පුත්‍රදාරාවන් හා ධනය ද ශරීරාවයවයන් ද ජීවිතය ද පරිත්‍යාග කරමින් ඉතාම අඩු ගණනින් සාරාසංක්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරීමට සමත් කෙනෙකුන් විසින්ය. එබදු පුද්ගලයන් ලෝකයෙහි සුලභ නොවන බැවින් සමහරවිට කල්ප කොටි ගණනකින් ලෝකයෙහි බුදුවරයෙක් පහල නොවේ.එබැවින් බුද්ධෝත්පාදය දුර්ලභය.

    අපයයෝ වනාහි පින් කිරීමට ඉඩ නැත්ත වූ ස්ථානයෝය.අපායෙහි උපන් සත්වයාට පින් කිරීම පිළිබඳ නුවණක් ද ඇති නොවේ.එබැවින් ඇපයට ගිය සත්වය එහිදී ද පව්කම් ම කොට නැවත නැවතත් අපහිම උපදින්නේය.වරක් ඇපයට ගිය සත්වයකුට නැවත මිනිසකු වන්නට ලැබෙන්නේ ඉතා දීර්ඝ කාලයකිනි.මිනිසත් බැව්හි දුර්ලභත්වය තථාගතයන් වහන්සේ විසින් උපමාවකින් වදාරා තිබෙන්නේ මෙසේය.

    "මහණෙනි,පුරුෂයෙක් එක සිදුරක් ඇති වියදඬු කඩක් මහ මුහුදට දමන්නේය. සමුද්‍රගත වූ වියදඬු නැගෙනහිරින් එන සුළගින් බස්නාහිරට ගෙන යනු ලබයි. බස්නාහිරින් එන සුළඟින් නැගෙනහිරට ගෙනයනු ලබයි.උතුරෙන් එන සුළගින් දකුණට ගෙනයනු ලබයි.දකුණින් එන සුළඟින් උතුරට ගෙන යනු ලබයි.සමුද්‍රයෙහි වෙසෙන කණ කස්බවෙක් ද වර්ෂ සියයකට වරක් මුහුදු දියෙන් අහසට හිස දිගු කරයි.මහණෙනි,කිමෙක්ද,ඒ කණ කැස්බෑවාගේ හිස අර වියදඬු සිදුරට ඇතුළුවේ ද?"
    මෙසේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන්ගෙන් විචාල සේක.


    එකල්හි භික්ෂුහු "ස්වාමිනි,භාග්‍යවතුන් වහන්ස,දීර්ඝ කාලයක් ගතවන කල්හි එය සිදුවන්නට ද ඉඩ තිබෙය ය" යි සලකලෝය.

    එකල භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක "මහණෙනි,කණ කැස්බෑවාගේ හිස ඉක්මනින් වියසිදුරට ඇතුළු වන්නේය.පව්කම් කොට වරක් ඇපයට ගිය බාලයා හට මිනිස් ලොවට පැමිණීමට එයට වඩා දුර්ලභ වන්නේය" යි වලා සේක.මිනිසත් බවේ දුර්ලබත්වය ඒ දේශනාවෙන් දත යුතුය.

    සත්වයනට පින් කිරීමට දුෂ්කර වූ ද කල් අටක් ඇත්තේය.සසර සැරිසරන සත්වයනට බොහෝ සෙයින් සිදුවන්නේ පින් කිරීමට දුෂ්කර අවස්ථාවලට හසු වී සිටීමටය "ක්ෂනසම්පත්තිය"යි කියනුයේ පින් කිරීමට දුෂ්කර අවස්ථා අටෙන් අන්‍ය වූ අවස්ථාවටය.එය ලැබෙන්නේ කලාතුරකිනි.නොකළ අට මතු දක්වනු ලැබේ.

    බුදුසස්නෙහි පැවිද්ද ලැබිය හැක්කේ බුද්ධෝත්පාදය ය,මිනිසත් බව ය,ක්ෂනසම්පත්තිය ය යන දුර්ලභ කරුණු තුන ම ලද තැනැත්තාටය.ඒ තුනම ලද ද පැවිද්දට සිත නැමෙන්නේ ඉතාම ටික දෙනෙකුගේය.එබැවින් පැවිද්ද දුර්ලභ දෙයකි.

    තථාගතයන් වහන්සේ විසින් දේශිත සද්ධර්මය බුද්ධෝත්පාද කාලයෙහි ම මිස අන් කලෙක අසන්නට නොලැබෙන්නේය දුර්ලභ වූ බුද්ධෝත්පාදය හා මිනිසත්බව ලැබූ සැමට ම දහම් අසන්නට නොලැබේ.අද ලෝකයේ දහම් අසන්නට නොලබන්නෝ බොහෝය.ලදත් නොඅසන්නෝ ම බොහෝය.ධර්මය ආදරයෙන් අසන්නෝ ඉතාම ටික දෙනෙකි.එබැවින් සද්ධර්ම ශ්‍රවණය දුර්ලභය යි වදාළ සේක.

    පින් කිරීමට අනවකාශ කල් අට

    නරකයට වැටී සිටි කාලය ය,තිරිසන්ව සිටින කාලය ය,ප්‍රේතව සිටින කාලයය,සිත නැති කය පමණක් ඇති අසංජ භාවයට පැමිණ සිටින කාලය ය.බුදුවරයන් බුද්ධශ්‍රාවකයන් නොපැමිණෙන ප්‍රත්‍යන්ත ප්‍රදේශවල ඉපිද සිටින කාලයය.මිථ්‍යාදෘෂ්ටිය ගෙන සිටින කාලය ය,හොඳ නරක තේරුම් ගත නොහැකි මෝඩයකු වී සිටින කාලය ය.අබුද්ධෝත්පාද කාලයය යන මේ කාල අට පින් කිරීමට අවකාශ නො ලැබෙන කාලයෝ ය.මේ බුද්ධෝත්පාද කාලයේ මිනිසත් බව ලබා බුදුසස්න පවත්නා ප්‍රදේශවල වාසය කරන පින්වත්හු දුර්ලභ වූ අවස්ථාව හිස්ව ඉක්ම යන්නට නොදී සම දෙනාම එඉන් ප්‍රයෝජන ගැනීම් වශයෙන් යහපත් ක්‍රියාවල දී සඟමොක් සැප ලබත්වා..!!!!!!!!!

    ~~රේරුකානේ චන්ද්‍රවිමල මහා නාහිමි ගේ බෞද්ධයාගේ අත්පොත කෘතියෙන් උපුටාගන්නා ලදී~~

    ප.ලි - අප සමහර බෞද්ධයන්ගේ මා දකින එක දුර්වල කමක් නම් ඔවුන් බටහිර විද්‍යාව සහ බුදුදහම සංසන්දනය කිරීමට යාමය.ඔවුන් විසින් අවබෝධකරගත යුතු දෙයක් නම් බුදුදහම යනු බටහිර විද්‍යාවට වඩා එහා ගිය ගැඹුරු දහමක් බවය. ගුරුත්වාකර්ෂණ නියම පිළිගන්නා සමහර බෞද්ධයා මනසේ බලයෙන් යමක් චලනය කළ හැකි බව නොපිළිගනී. ගුරුත්වාකර්ෂණය ඇතිවන හැටි ඔබ දනීද?ඔබ එය සොයාගතහොත් ඔබට නොබෙල් තෑග්ග ලැබෙනවා නියතය. මන්ද ගුරුත්වාකර්ෂණය ඇතිවන ආකාරය කවුරුත් නොදනී. මහැදුරු ඇල්බර්ට් අයින්ස්ටින් ට අනුව නම් ගුරුත්වාකර්ෂණය කියා දෙයක් නැත.එවිට ඇපල් ගෙඩිය බිම වැටෙන්නේ කෙසේද? අයින්ස්ටින්ද අනුව එය සිදු වන්නේ අවකාශ කාලයේ නැම්මක් ඇතිවීම නිසාය.(තේරුනේ නෑ නේද?) මා මෙය පවසනුයේ ගුරුත්වාකර්ෂණය කියා දෙයක් ඇත්ද නැද්ද යි පසක් කිරීමට නොව.අප සමහර බෞද්ධයන්ගේ විකාර අදහස් දුරු කිරීමටය.දැනට සොයාගෙන නැති ගුරුත්වකර්ශනයක් පිළිගන්නා ඔබ බුදුදහමේ එන මා ඉහත සඳහන් කළ ආකාරයේ දෑ නොපිලිගන්නේ නම් එය මහා විහිළුවකි.

    සමහර බෞද්ධයන් තුල මෙවැනි මත ඇත්තේ විද්‍යාව තුලින් සොයාගත් සමහර දෑ බුදුරජාණන් වහන්සේ විසින් මෙට අවුරුදු 2600 කට පෙර දේශනා කර ඇති නිසා යි වෙන්නට පුළුවන. එහෙත් අප දැනගත යුතු තවත් දෙයක් නම් බටහිර විද්‍යාව තුලින් සොයා නොගත් දෑ තවත් බොහෝ ඇති බව අප පසක් කරගත යුතුය.මේ ගැන කතා කරනවානම් එය වෙනමම මාතෘකාවකි.ඒ නිසා ඒ ගැන කිවීම මා මෙතනින් නතර කරමි.මේ ගැන කතා කිරීමට මගේ දැනුම ප්‍රමාණවත් නොවේ.


    මෙය type කිරීමේදී යම්කිසි දෝෂයක් වී ඇත්නම් සමාවනු මැනවි.

    ඔබට සැමට තෙරුවන් සරණයි......!!!
     
    Last edited:
    • Like
    Reactions: MSaman

    champi159

    Member
    May 23, 2011
    178
    9
    0
    ප.ලි - අප සමහර බෞද්ධයන්ගේ මා දකින එක දුර්වල කමක් නම් ඔවුන් බටහිර විද්‍යාව සහ බුදුදහම සංසන්දනය කිරීමට යාමය.ඔවුන් විසින් අවබෝධකරගත යුතු දෙයක් නම් බුදුදහම යනු බටහිර විද්‍යාවට වඩා එහා ගිය ගැඹුරු දහමක් බවය.

    me kathawa aththa thamai.:yes::yes:
    thamath api ape dharmaya hariyata awabo karaganna uthsaha karala nane. :sorry:
     

    MSaman

    Active member
  • Jul 30, 2008
    438
    47
    28
    ප.ලි - අප සමහර බෞද්ධයන්ගේ මා දකින එක දුර්වල කමක් නම් ඔවුන් බටහිර විද්‍යාව සහ බුදුදහම සංසන්දනය කිරීමට යාමය.ඔවුන් විසින් අවබෝධකරගත යුතු දෙයක් නම් බුදුදහම යනු බටහිර විද්‍යාවට වඩා එහා ගිය ගැඹුරු දහමක් බවය.


    :yes::yes:
    හොද ලිපියක්
     

    Similar threads