සමාජ ශාලාවේ ගැටුම ගැන පරීක්ෂණයක් : දහම් ඉඳල නෑ
ටවුන්හොල් හි පිහිටි “ක්ලික්” නැමැති රාත්‍රී සමාජ ශාලාවේ පෙරේදා (07) වැනිදා ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිසියට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
මේවන විට තායිලන්තයේ සංචාරයකට එක්ව සිටින ඒ මහතා එහි සිට මේ නියෝගය කර ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ගැටුම ඇතිවූ අවස්ථාවේ ජනපති පුත් දහම් සිරිසේන මහතා එහි සිට නොමැති බවයි.
ගැටුම ඇතිවූ දින රාත්‍රී 7.00ට පමණ දහම් එම සමාජ ශාලාවට පැමිණ ඇති අතර ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් බොහෝ වේලාවකට පසුව මේ ගැටුම ඇතිව තිබේ.
සිරිසේන මහතා, වැඩිවේලා එහි නොසිට පිටව ගොස් ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ කිට්ටුම යහළුවන් පිරිසක් එහි පැමිණීම නිසා බව පැවසේ.
මීට දින දෙකකට පෙරද දහම් අදාළ සමාජ ශාලාවට ගොස් ඇති අතර එදිනද රොහිතගේ මිතුරන් එහි සිට ඇති බැවින් දහම් ඔවුන් මඟ හැර ඉක්මනින් පිටව ගොස් අති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය විසින් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්, එහි වාර්තාව ද ජනපතිවරයාට ලබාදීමට නියමිත බව පැවසේ.