Copied from Sri lankan traffic violations fb page
Accident 1st fb page
දහසය හැවිරිදි පුතාට බලපත් නොමැතිව බස් රථය මාර්ගයේ ධාවනය කිරීමට ඉඩදුන් තාත්තා
_______________________________
ආසන 54 කින් යුත් මගී සේවයේ යොදවන විශාල බස් රථයක් මහාමාර්ගයේ ධාවනය කළ දහසය හැවිරිදි පාසල් සිසුවෙකු මිද්දෙණිය පොලිසිය විසින් පසුගිය දිනෙක අත්අඩංගුවට ගැනුන අතර එම සිසුවාට බස් රථය ධාවනය කිරීමට ඉඩකඩ සලසා දුන් ඔහුගේ පියාට ද නීතිමය කටයුතු කිරීමට මිද්දෙණිය පොලිසිය පියවර ගැනුනා.
වීරකැටියේ සිට මිද්දෙණිය දක්වා බස් රථය ධාවනය කරමින් පැමිණි පහළොස් හැවිරිදි පාසල් සිසුවා මිදෙණිය නගරයේ රථවාහන පරීක්ෂක්ෂාවේ යෙදී සිටි නිලධාරීන් විසින් සිය භාරයට ගැනුනා.
පසුව කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ ඔහු පාසල් වියේ පසුවන අ.පො.ස. සාමාන්‍ය පෙළට මුහුණ දුන් දහසය හැවිරිදි සිසුවෙකු බවත් ඔහු සතුව රිය බලපත්‍රයක් හෝ නොමැති බවත්ය. පසුව පොලිසිය මේ සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරු වූ සිසුවාගේ පියා පොලිසියට කැඳවා ඔහුගෙන් ද ප්‍රකාශ ලබාගෙන පොලිස් ඇප මත දෙදෙනා ම මුදාහැරුන අතර, බාල වයස්කාර හා බලපත්‍රයක් නොමැති අයකුට බස් රථයක් ධාවනය කිරීමට ඉඩ සැලැස්වීම මත සිසුවාගේ පියාට චෝදනා එල්ල කළ පොලිසිය වලංගු රිය බලපත්‍රයක් නොමැතිව බසය ධාවනය කිරීමේ වරදට සැකකාර සිසුවාට චෝදනා ගොනුකෙරුනා.
#ACCIDENT_1ST
මේක නෙවෙයි ලොකුම ප්‍රශ්නෙ. මෙන්න මේක
View attachment 119483
පිටරටක උනා නං වෙන දේත් කියලා.. 

හිනා වෙන්නද අඬන්නද කියලා හිතාගන්න බෑ. 