දහසය හැවිරිදි බස් රියදුරු..

shenat

Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    Copied from Sri lankan traffic violations fb page
    Accident 1st fb page

    දහසය හැවිරිදි පුතාට බලපත් නොමැතිව බස් රථය මාර්ගයේ ධාවනය කිරීමට ඉඩදුන් තාත්තා
    _______________________________

    ආසන 54 කින් යුත් මගී සේවයේ යොදවන විශාල බස් රථයක් මහාමාර්ගයේ ධාවනය කළ දහසය හැවිරිදි පාසල් සිසුවෙකු මිද්දෙණිය පොලිසිය විසින් පසුගිය දිනෙක අත්අඩංගුවට ගැනුන අතර එම සිසුවාට බස් රථය ධාවනය කිරීමට ඉඩකඩ සලසා දුන් ඔහුගේ පියාට ද නීතිමය කටයුතු කිරීමට මිද්දෙණිය පොලිසිය පියවර ගැනුනා.

    වීරකැටියේ සිට මිද්දෙණිය දක්වා බස් රථය ධාවනය කරමින් පැමිණි පහළොස් හැවිරිදි පාසල් සිසුවා මිදෙණිය නගරයේ රථවාහන පරීක්ෂක්ෂාවේ යෙදී සිටි නිලධාරීන් විසින් සිය භාරයට ගැනුනා.
    පසුව කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ ඔහු පාසල් වියේ පසුවන අ.පො.ස. සාමාන්‍ය පෙළට මුහුණ දුන් දහසය හැවිරිදි සිසුවෙකු බවත් ඔහු සතුව රිය බලපත්‍රයක් හෝ නොමැති බවත්ය. පසුව පොලිසිය මේ සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරු වූ සිසුවාගේ පියා පොලිසියට කැඳවා ඔහුගෙන් ද ප්‍රකාශ ලබාගෙන පොලිස් ඇප මත දෙදෙනා ම මුදාහැරුන අතර, බාල වයස්කාර හා බලපත්‍රයක් නොමැති අයකුට බස් රථයක් ධාවනය කිරීමට ඉඩ සැලැස්වීම මත සිසුවාගේ පියාට චෝදනා එල්ල කළ පොලිසිය වලංගු රිය බලපත්‍රයක් නොමැතිව බසය ධාවනය කිරීමේ වරදට සැකකාර සිසුවාට චෝදනා ගොනුකෙරුනා.

    #ACCIDENT_1ST ✔️

    මේක නෙවෙයි ලොකුම ප්‍රශ්නෙ. මෙන්න මේක 👇

    FB_IMG_1617870175166.jpg

    පිටරටක උනා නං වෙන දේත් කියලා.. 🤭🤭
    හිනා වෙන්නද අඬන්නද කියලා හිතාගන්න බෑ.
    😐😐
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    පිටරටක වුනානම් ලයිෆ් ටයිම් ලයිසන් කැන්සල් පුතාගෙයි, තාත්තාගෙයි. මුං අගහරු ලොකේ ගැන වෙන්නැ කියන්නේ පිටරට කියලා
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    උබට කියන්න මන් මාසෙකට කලින් 99 බේරැනේ..පොඩි එකාට 15 විතර ඇති..තාත්තා පුතාට 6 වීල් ටිපර් drive කරන්න උගන්නව...නවත්තලා අම්මගෙන් පටන් ගත්තේ..මූ පාරේ කග වෙනා වගේ drive කරන්නේ පාරත් පටුයි..යන්තන් කැලේට දාල බේරැනේ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,021
    113
    34
    Kalutara
    මේකේ කමෙන්ට් කියවහන්කෝ. මුන් නම් සේරම යවන්න ඕන බදුල්ල බස් එකක අර ප්‍රපාතෙට වැටිලා මැරෙන්න.

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Copied from Sri lankan traffic violations fb page
    Accident 1st fb page

    දහසය හැවිරිදි පුතාට බලපත් නොමැතිව බස් රථය මාර්ගයේ ධාවනය කිරීමට ඉඩදුන් තාත්තා
    _______________________________

    ආසන 54 කින් යුත් මගී සේවයේ යොදවන විශාල බස් රථයක් මහාමාර්ගයේ ධාවනය කළ දහසය හැවිරිදි පාසල් සිසුවෙකු මිද්දෙණිය පොලිසිය විසින් පසුගිය දිනෙක අත්අඩංගුවට ගැනුන අතර එම සිසුවාට බස් රථය ධාවනය කිරීමට ඉඩකඩ සලසා දුන් ඔහුගේ පියාට ද නීතිමය කටයුතු කිරීමට මිද්දෙණිය පොලිසිය පියවර ගැනුනා.

    වීරකැටියේ සිට මිද්දෙණිය දක්වා බස් රථය ධාවනය කරමින් පැමිණි පහළොස් හැවිරිදි පාසල් සිසුවා මිදෙණිය නගරයේ රථවාහන පරීක්ෂක්ෂාවේ යෙදී සිටි නිලධාරීන් විසින් සිය භාරයට ගැනුනා.
    පසුව කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ ඔහු පාසල් වියේ පසුවන අ.පො.ස. සාමාන්‍ය පෙළට මුහුණ දුන් දහසය හැවිරිදි සිසුවෙකු බවත් ඔහු සතුව රිය බලපත්‍රයක් හෝ නොමැති බවත්ය. පසුව පොලිසිය මේ සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරු වූ සිසුවාගේ පියා පොලිසියට කැඳවා ඔහුගෙන් ද ප්‍රකාශ ලබාගෙන පොලිස් ඇප මත දෙදෙනා ම මුදාහැරුන අතර, බාල වයස්කාර හා බලපත්‍රයක් නොමැති අයකුට බස් රථයක් ධාවනය කිරීමට ඉඩ සැලැස්වීම මත සිසුවාගේ පියාට චෝදනා එල්ල කළ පොලිසිය වලංගු රිය බලපත්‍රයක් නොමැතිව බසය ධාවනය කිරීමේ වරදට සැකකාර සිසුවාට චෝදනා ගොනුකෙරුනා.

    #ACCIDENT_1ST ✔️

    මේක නෙවෙයි ලොකුම ප්‍රශ්නෙ. මෙන්න මේක 👇

    View attachment 119483

    පිටරටක උනා නං වෙන දේත් කියලා.. 🤭🤭
    හිනා වෙන්නද අඬන්නද කියලා හිතාගන්න බෑ.
    😐😐
    මේකේ ලින්ක් එක දීපන්කෝ බලන්න පොඩ්ඩක්... :unsure: :unsure:
     
    • Like
    Reactions: shenat