දහ අට සන්නියේ එන සන්නි දහ අට part 02
මේ කොටස කියවීමට පෙර සන්නි දහාටේ ආරම්ඹය සඳහා පලමු කොටස බලන්න..
දහ අට සන්නියේ එන සන්නි දහ අට part 01
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සන්නි යකුන් යාගය හෙවත් දහ අට සන්නියේ එන සන්නි දහ අට
එසේ මහා කෝළ සන්නි යක්ෂයා විසින් මවන්නට යෙදුන යක්ෂයින් දහ අට දෙනා ඔහු විසින් තම මව මැරූ පළිය ගැනීම සඳහා යොදාගන්නා ලදී. ඔහු යක්ෂයින් දහ අට දෙනාව මිනිසාට ලෙඩ බෝ කිරීම සඳහා බෙදාගත් ආකාරය උපත් කථාවේ මෙසේ සඳහන් වෙනවා.
"මළ කඳ ඇතුලෙන් ඉපදුන කුමරෙකි
උණද සෙළෙස්මා වෙන් එක් ගොල්ලකි
වායු පිතෙන් එහි හටගත් සෙනගකි
අතුරු නහරයෙන් හටගත් සෙනගකි
ඉසේ ලෙඩට පස් දෙනෙක් සාදා ගති
කඳේ ලෙඩට අට දෙනෙක් සාදා ගති
සන්ධි වලට දහ අටට බෙදා ගති
දවසට දහසක් මිනී මරා ගති"
මෙම සන්නි යකුන්ට පුද පූජා නොලැබුණු කල ඔවුන් සාමාන්‍ය මිනිසුන්ට ආවේශ වී මිනිසුන් ලෙඩ කරවයි. එම ලෙඩ සුව කිරීම සඳහා දහ අට සන්නි ශාන්ති කර්මය පවත්වයි. එසේ පවත්වන ශාන්ති කර්ම වලදී ලෙබෙන පුද පූජා වලින් සන්නි යකුන් දහ අට දෙනා ජීවත් වන බව ජනප්රවාදයේ සඳහන් වේ.
එම සන්නි යකුන් යාගය හෙවත් දහ අට සන්නියේ එන සන්නි දහ අට මෙසේ වෙයි.
01. බුත සන්නිය
02 අබුත සන්නිය
03. අමුක්කු සන්නිය
04. වෙඩි සන්නිය
05. වාත සන්නිය
06 ගොලු සන්නිය
07. කණ සන්නිය
08. පිත් සන්නිය
09. බිහිරි සන්නිය
10. මුර්තු සන්නිය
11. දෙමළ සන්නිය
12. නාග සන්නිය
13. කොර සන්නිය
14. ගිනිජල් සන්නිය
15. ගුල්ම සන්නිය
16. සීතල සන්නිය
17. දේව සන්නිය
18. කෝල සන්නිය
දැන් අපි බලමු ඒ එක එක සන්නියක් පිළිබඳ සවිස්තර විස්තරයක්...
භුත සන්නිය
බුත සන්නිය නිසා පුද්ගලයෙකුට ඇති වන රෝග ලක්ෂණ මෙසේය. වාතය හා පිත කිපිමෙන් ඇඟ සිතල වී ඇති වන අතපයවල අමාරුව, සිහිනෙන් බයවිම, ආහාර අරුචිය,බඩ පෙරලුම,ඇඟ කැසිම ආදිය ඇති වෙන රෝග ලක්ෂණයි.මෙවැනි රෝග ලක්ෂණ බුත සන්නිය ඉදිරිපත් කරන නඵවා කවියෙන් ඉදිරිපත් කරයි.
"අඳුරු දිගින් අයිලක් සර සාලා
සොඳුරු විලස සැරසිලි නිම කරලා
ඇදුරු කියන කවි මන්තර අසලා
බුත සන්නි පුදගත් ලෙඩ හැරලා"
අබුත සන්නිය
අබුත සන්නිය පවනට බඳු වේගයෙන් රඟමඬලට පැමිණෙන අතර කඩිසර ගමන සුළඟේ සංකේතය ලෙස දක්වයි. වාතය මුල් කරගෙන අබුත සන්නියට අයත් රෝග ඇති වන බවට විශ්වාස කරයි.රඟදැක්මට පලඳින වෙස්මුහුණෙන්ද එය පෙනේ. නිතරම දනවෝ දනවෝ යනුවෙන් උඩ පනිමින් කෑගසයි.
"වාත ගුවන් තල බැස ඇවිදිල්ලා
බීත කරයි දුටු නරයින් අල්ලා
ශිත කරයි ඇඟ යටින් ඇවිල්ලා
අබුත සන්නිය එයි පුද ඉල්ලා"
අමුක්කු සන්නිය
අමුක්කු සන්නියෙන් පෙන්වන්නේ බඩේ හට ගන්නා අසනිපයක් පිළිබදවයි.වමනය,බඩ බුරුලෙන් යාම,ආදීය රෝග ලක්ෂණ වේ.අමුක්කු සන්නිය බැලු බැල්මට පිළිකුල් සහගත බවක් පෙන්වයි.
"පපුවේ ගිනි ජල් නිබද කරන්නේ
නෙත් දෙක රතු වී හිස රිදවන්නේ
රුචි නැති කෑමට බඩ පෙරලන්නේ
අමුක්කු සන්නිය ලෙඩ දැන ගන්නේ"
වෙඩි සන්නිය
වෙඩි සන්නිය විකට ස්වරුපයක් ගනි.නිතරම විකට සංවාදයේ යෙදෙන අතර ප්‍රේක්ෂකයා හිනස්සවයි.කන යට ගෙඩි හට ගෙන ඉන් ලේ සාරය නම් මුහුණ ගිනි ජාලාවකින් වෙලුණු අයුරක් දැනේ නම් දෑත දෙපයේ දාඩිය වේ නම් එවා වෙඩි සන්නියට අයත් රෝග ලක්ෂණ ලෙස හැදින්වේ.
"නඩි අරගෙන තුම්මංසල ඉන්නේ
උඩ අර මුගුරක් පුරන දරන්නේ
ගඩු නන්වා ඇඟ සලිත කරන්නේ
වෙඩි සන්නිය පුද ඉල්ලා එන්නේ"
වාත සන්නිය
වාත රෝගියෙකුගේ ලක්ෂණ පෙන්වමින් වේදිකාවට පිවිසේ.සුව නොවන හිසරදය,ඉදිමුම,ඇඟ වේව්ලිම,අත් පා සිතලව සන්ධි රිදුම,කොර බව රෝග ලක්ෂණ වේ.
"ඈත විශාලා නුවර උපන්නේ
වාත රෝගයෙන් ලෙඩ කරන්නේ
සීතල අතපය සන්ධි රිදෙන්නේ
වාත සන්නි පුද ඉල්ලා සිටින්නේ"
ගොලු සන්නිය
මෙම සන්නිය රග දැක්වද්දී ගොඵ බව පෙන්වමින් රංගන ශිල්පියා උත්සහා දරයි.ගොඵ මුහුණේ ඉරියව්වලින් පෙන්නුම් කරයි.ඉවරයක් නොමැති බඩේ අමාරුව,එළි වන විට නිදිමත ගතිය පෙන්වීම රෝග ලක්ෂණ වේ.
"කලු ඇදගෙන සිහිනෙන් පෙනුනෝතින්
කලු පාට්න් බත් ගොටු දෙක දිපන්
රලු නෑ රේවත මුනි අත දැනගන්
ගොලු සන්නිය කළ ලෙඩ හැර පලයන්"
කණ සන්නිය
අන්ධයෙකුගේ චරිතය නිරෑපණය කරන අතර චරිත නිරෑපණයේදි හණ දණ්ඩක් අතින් දරාසිට්,කණ සන්නියේ රෝග ලක්ෂණ ලෙස ශරිරය කැසීම,හිසරදය ,සිහිමද ගතිය දැක්වේ.
"වන පිළියෙල් අතපය කොට විමට
උණ ගිනි ජල් ඇස් දෙක නොපෙනිමට
එන කල කිරි ගොටු දෙන්නේ දෑතට
කණ සන්නිය කළ ලෙඩ නැත අද සිට"
පිත් සන්නිය
මින් පෙන්නුම් කරන්නේ උමතු රෝගියෙකුගේ විලාසයයි. නිතර බිය වු ස්වභාවයක් පෙන්වයි.සිනාසේ,මුහුණ කහ පැහැතිය,නිතර ශරිරයේ පලු නගින්නේ නම්,ඔක්කාරය ඇති වේ නම්,බඩේ අමාරුව නම් එ පිස්සු ස්වභාවයෙන් ඇව්දි නම් පිස්සු නොහොත් පිත් සන්නියේ රෝග ලක්ෂණ වේ.
"පිත් කිපෙමින් ඔල්මාද කරන්නේ
කන් කිලාස ඇඟ ගඩු නංවන්නේ
තිස් පැය සිහිනෙන් බිය කරවන්නේ
පිස්සු සන්නි අතු ඉල්ලා එන්නේ"
බිහිරි සන්නිය
බිරි සන්නිය රඟදක්වද්දි ප්‍රේක්ෂකයාට බීරි බව වැටහෙන ආකාරයට එය රඟදක්වයි.රෝග ලක්ෂණ ලෙස ප්‍රධාන වශයෙන් පෙනෙන්නේ බිහිරි බවයි.ඊට අමතරව හිසරදය,කලබලකාරි බව සෙසු රෝග ලක්ෂණ වේ.
"බිහිරි සන්නි පුද ඉල්ලා ආ විට
රිරි පුලුටු ගොටු දෙක දෙන් දෑතට
රේවත මුනිදුගෙ අනුහස් බලයට
බිහිරි සන්නි කළ ලෙඩ නැත අද සිට"
මුර්තු සන්නිය
මුහුණේ එක් ඇසකුත් කටේ එක් පැත්තකුත් ඇදයකුත් සහිතව ඇති මෙම සන්නි රෝගයේ රෝග ලක්ෂණ වන්නේ සිහි නැතිවීම,සහි නැති වී වැටිමයි.
"ගුවන් තලේ සත් මතට ගිහිල්ලා
රජුන් සමගවෙසමුණි දොර සොල්ලා
අගුල්ලාපු දොර යතුරු උගුල්ලා
මුර්තු සන්නි යකු එයි පුද ඉල්ලා"
දෙමළ සන්නිය
මෙම සන්නියේ දක්නට ලැබෙන්නේ ද්‍රවිඩ නිර්මණයන්ය නිතර හිස කසන ගතිය,බඩේ රුදාව සමග වමනය යන ගතිය දෙමළ සන්නියේ රෝගයි.
"සියලු දෝෂවල ගොටු ගෙන දෙන්නේ
ඇඹුල සදුන් දිය ගොටු ගෙන දෙන්නේ
නැඹුලු තෙදැති පුල්වන් දෙවියන්නේ
දෙමළ සන්නි කළ ලෙඩ හැර යන්නේ"
නාග සන්නිය
නාග ඇදුමකින් සැරසී නාග මුහුණක් සහිත පෙනයක්ද පැලඳ සිටි.රංගනයේ යෙදෙන්නේද එ ආකාරයටයි.
මේදව ඇඟපත සන්නි රිදී මෙන
වේග වෙලා ඇස් දෙක රතු වීගෙන
රෝග මුලා කරමින් මොරගා එන
නාග සන්නි එයි පුද ඉල්ලා ගෙන
කොර සන්නිය
අබ්බගාතයෙකුගේ ස්වරූපය දැක්වෙන මුහුණක් පැලැඳ සිටියි.පයක් කොර ගසමින් අතක් සොත්ති කරමින් හිඟන්නෙකු සේ කරළියට පැමිණෙයි.සන්ධි කොරවීම,සන්ධි රුදාව,අත් පා කොරවී තිබිම රෝග ලක්ෂණ වේ.
"සුරතින් යව මුගුරක් ගෙන අල්ලා
වමතින් අතු නැටියක් ගෙන අල්ලා
සරොසින් රූ සිහිනෙන් ගෙන අල්ලා
කොර සන්නියෙ යකු එයි පුද ඉල්ලා"
ගිනිජල් සන්නිය
උණ රෝගියෙකුගේ චරිත ලක්ෂණ පෙන්නුම් කරන අතර උණ රෝගයෙන් අසධ්‍ය බව පෙන්වයි.කෙඳිරිගායි,උඩු කය පොරෝනයකින් වසා සිටී.සෙසු රෝග ලෙස හිසරදය,ආහාර අරුචිය,බඩ පෙරලුම දැක්වේ.
"උණ ගිනියම් ඇඟ යට වෙව්ලිල්ලා
කන බොන දේවල් රුචි නොකරල්ලා
දින තද කරමින් නන් දෙඩ විල්ලා
ගිනිජල් සන්නිය එයි පුඳ ඉල්ලා"
ගුල්ම සන්නිය
ගුල්ම පණුවා නිසා හට ගන්නා ගුල්ම අමාරුව ගුල්ම කැක්කුම ආදී ලෙඩරෝග මෙයින් පිළිබිඹු කර ඇත.බඩේ කැක්කුම ඇති බව නිතර පෙන්වයි
"ගුල්ම සන්නි පුද ඉල්ලා ආ විට
ඇල් හාලේ බත් ගොටු දෙති දෑතට
පුල්වන් සුරිඳුගෙ අනුහස් සිහි කොට
ගුල්ම සන්නි කළ ලෙඩ නැත අද සිට"
සිතල සන්නිය
බිය සුලු ගතියකින් යුක්තව නියපොතු සපමින් බිම වැටි වැටී දඟලමින් ඉදිරිපත් කරයි.උණ රෝග ලක්ෂණ ඔහුගෙන් දිස්වේ.
"ශිත කරයි ඇග යටින් ඇවිල්ලා
ඈත නිතර නියපොතු සැපිල්ලා
භිත කරමින් වැටි වැටී දැඟිලිල්ලා
ශිතල සන්නිය එයි පුද ඉල්ලා"
දේව සන්නිය
දේව සන්නිය මුහුණ ශාන්ත මුහුණකින් යුක්තය ශාන්ත බවින් යුතු වුවත් තේජාන්විතය.දේව සන්නිය නරක අතට හැරුණු විටදී දොස් ඇති වන අතර හොද අතට හැරුණු විටදි සහනය ගෙන දෙයි.අවසානයේ නටන සන්නිය දේව සන්නියයි.මෙය නැටිමෙන් සියලු වස්දොස් දුරු වන බවත් ඉන් මහත් සෙත් ශාන්තියක් අත්වන බවත් විශ්වාස කෙරේ.
"අහසේ පොළොවේ සැම දෙවියන්නේ
මෙරටට සැම තැන දිවැස් බලන්නේ
නරලොව උවඳුරු දුරු කරන්නේ
නර ලෙඩ දුරලන් සන්නි යකුන්නේ"
කෝල සන්නිය
කෝල සන්නියෙන් දැක්වෙන රෝග ලක්ෂණ වන්නේ උගුරේ ගෙඩි සෑදිම,යටි බඩේ කැක්කුම සහ හිනපෙනිමත් කෝල සන්නියේ මුහුණ දෙයාකාරයකින් පෙනේ.එය විටක වෙනත් මුහුණක් ලෙසද තවත් විටක සන්නි මුහුණේ දත් අටක් සහිතවද සකසා ඇත.
"කෝළ වෙලා උඩ බිම බලමින්නේ
ලීල නොකර බඩ ලෙඩ කරවන්නේ
දෑල උගුරෙ ගෙඩි දෙක හට ගන්නේ
කෝළ සන්නි පුද ඉල්ලා එන්නේ"

Last edited: