හදි හුනියම්

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    යම් අයෙකු ඔබගේ සිත රිදවුවහොත් , ශාරිරික පිඩාවක් කලහොත් , ඔබේ විශ්වාසය ආදරය නැති කලොත් ඔයා කෝපයට පත් වෙනවා නේද ? 😠😠කොල්ලෙක් නං ගහන්න පුලුවන් එකෙක්ට නං ගහයි.. හොද දෙකක් නෙමෙයි දන්න වචන දාලා පදමට බනි.👹 එහෙම බැරිනං හෙන ගහපං කියලා හිතයි..💀 කෙල්ලෙක් නං , කියලා වැඩක් නෑ බහුතරය වැලහින්න වගේ අඩයි.. 😂😂වැඩිම වුනොත් ටිකක් කෑගහයි.. ( පොඩි දෙයක් කියන්නම් කොල්ලනේ ගැණු වෛර බැන්දොත් ආයේ ජන්මෙන් ජන්මේ පලි ගන්නවාලු , පරිස්සමෙන් ) 🛇🛇එ කෙසේ වෙතත් ලොකු වෛරයක් වුනොත් හුගක් අය එක්කො පාතාලේ එකෙක්ට කන්ට්‍රැක් එකක් දෙයි නැත්නම් ගුප්ත විද්‍යාව තමා... එක්කෝ පොල් ගහයි,මිරිස් අඹරයි, හදි හුනියම් කරයි.

    මොනවද මේ හදි හුනියම් කියන්නේ...?

    හදි හුනියම් කියන්නේ යම් පුද්ගලයෙකුට වේදනාත්මක මරණයක් පවා දිය හැකි ලොව ඇති පාපී දෙයක්.. එ වගේම පුද්ගලයෙක් ආර්ථික සමාජිය හා සෞඛ්‍ය මට්ටමෙන් බිද හෙලිය හැකි දෙයක්.. හදි හුනියමක් විද්‍යාත්මකව ගත්තොත් හුනියමට ලක්වෙන කෙනාගේ හා ඔහුගේ පරිසරයේ පංච මහා භුතයන්ගේ අසමතුලිත බවක් ඇති කිරිම හො ආගන්තුකව යමක් එක් කිරිම..🤔🤔

    ලංකාවේ හුනියම් වර්ග විසි පහයි.. එවා නම්🤔🤔

    1. මරළු පැන්නුම
    2. දළ රීරි වටය
    3. මහසොහොන් ගිනි මරළුව
    4. රීරි කුප්පය
    5. මේඝ පාතාල ඕඞ්ඩි බන්ධනය
    6. බධ දීෂ්ඨි බන්ධනය
    7. කළු රීරි මුර්තුව
    8. සන්නි කළු කුමාර මුර්තුව
    9. දිරියක් මුර්තුව
    10 .වටයක් මුර්තුව
    11. මදන කුමාර මුර්තුව
    12. සන්නි දැපන බන්දනය
    13. සොහොන් ගිනි බන්ධනය
    14. මදන සොහොන් බන්ධනය
    15. කඩවර ඉරි පැන්නුම
    16. ගොළු කීල බන්ධනය
    17. මදන සංගිලි බන්ධනය
    18. වැදි බන්දු ජිවම
    19. රත්නිවිති වැලේ පැන්නුම
    20. විජ්ජා පාලූ
    21. කමුරු බන්ධන
    22. රීරි කුමුරුව
    23. ඔඞ්ඩි රීරි බන්ධනය
    24. කල්ළු කර්ප බන්ධනය
    25. ජල රාම බන්ධන යන එවායි... හුනියමක් කරන්න ලේසියි.. එත් අයින් කරන්න හුගක් අමාරුයි .😫😫මොකද හුනියමට ලක් වෙන කෙනා හුගක් වෙලාවට දන්නේ නෑ තමන්ට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. දැන ගත්තත් හුනියමට බැදුණ ආත්ම එය අයින් කරන්න දෙන්නේ නෑ ලේසියෙන්. හුනියම් ගැන කියනකොට මල්සරා රජ කියලා රජෙක්ගේ කතාවක් කියැවෙනවා එකට අනුව මේ රජුට දිගින් සැට රියනක් ද පළලින් හත් වියතක් වු තඹ කොළයක කටු ගැසුම් 64 ක් ද , දුණු විජ්ජා 900ක් ද, 500ක් ගොපළු විජ්ජා ද , විස විජ්ජා 400ක් ද , ආගම් 18 ක් ද ලියා රජුට එවා ඇත... හම්මේ ඉතිං නේහ් .
    ඊට අමතරව මල්සරා යන්ත්‍රයේ ඇති ලෙස පෙර කී යන්තරයේ 3800 ක් ක්‍රේම සුනියම් ක්‍රම ද , කටු ගැසිම් 31 ද , පැතලි ගිනියම් 108ක් ද , දුණු ඇට පිළිද 64 ක් ද, යක්ගැටහිර , පිල්ලු , සුනියම් , ගිනියම් සුනියම් වු බව සදහන් වේ.

    මෙවැනි සුනියම් වින කර්ම වලට ( මීට වඩා හුගක් තියෙනවා) ප්‍රතිකර්ම ලෙසද බන්ධන කැපුම් 40 ක් ද , ජිවම් පිට පෙරලුම් 9 ක් ද , ආගම් පෙරලුම් 12 ක් ද , පිල්ලි නැවත ආපිට යැවිම් 12 ක් ද , සතර කොන ආරක්ශා කිරිම් 24 ක් ද වේ.

    ලොකු දැනුමක් ඔන නෑනේ හුනියම් ගැන ඔය ඇති...

    පිල්ලි, නිකං ඇහුවම මොකක්ද මතක් වෙන්නේ ?

    Zombie

    ඔව් පිල්ලි වලට ඉංග්‍රිසියෙන් zombie තමා කියන්නේ.

    පැරණි ගුප්ත ශාස්ත‍්‍රය තුළ පිල්ලි වර්ග 21 දැකගත හැකි වෙනවා.

    1. ඊරි පිල්ලිය
    2. නාග පිල්ලිය
    3. කුමාර පිල්ලිය
    4. කෝලි පිල්ලිය
    5. කන්‍යා පිල්ලිය
    6. කනමැදිරි පිල්ලිය
    7. ගරුඩ පිල්ලිය
    8. කුරුමිණි පිල්ලිය
    9. මළ පිල්ලිය
    10 .මහ සොහොන් පිල්ලිය
    11. ඔඞ්ඩි පිල්ලිය
    12. දෙබර පිල්ලිය
    13. බඹර පිල්ලිය
    14. වඩිග පිල්ලිය
    15. සිංහ පිල්ලිය
    16. ගජ පිල්ලිය
    17. ගිනි පිල්ලිය
    18. නීච කුල පිල්ලිය
    19. දෙමල පිල්ලිය
    20. කඩවර පිල්ලිය
    21. තුන් කුළුදුල් පිල්ලිය

    ඔන්න පිල්ලි විසි එක. ( Resident Evil එකට වඩා ජාති ඉන්නවා නේ)..

    පැරණි ගුප්ත ශාස්ත‍්‍රය තුළ සතුරා විනාශ කිරිම උදෙසා වැඩි වශයෙන්ම උපයෝගී කර ගත් ක‍්‍රමයක් වන්නේ පිල්ලී යැවීමය . පිල්ලියක් යනු මන්ත‍්‍ර ශාස්ත‍්‍රය හරහා නිර්මාණය කරනු ලබන යම් බලවේගයකි. පිල්ලි උදෙසා බහුල වශයෙන්ම උපයෝගි කර ගනු ලැබුවේ ස්වාභාවික පරිසරය තුළ බහුල ලෙසින් ගැවසේන සතුන්ය. එසේ තෝරාගනු ලබන සතා හෝ සතාගේ ස්වරුපයට මලයක්ෂ ආත්මයක් බන්දනය කරනු ලබයි. එම මලගිය ආත්මයේ කාර්යය වනුයේ ලබා දෙන ඉලක්කය වෙත ගොස් අදාල පුද්ගලයා තුළට මංත‍්‍රමය විෂ ඇතුලූ කිරිමයි. මෙම පිල්ලි වල පවතින විශේෂත්වය වනුයේ ඉලක්කය කරා ගමන් කිරිමට ඇති වන අදෘශමාන භාධා ප‍්‍රමාණය අවම වීමයි.

    පැරණි ගුප්ත ශාස්ත‍්‍රය තුළ මෙන්ම මලයාලම් භූත ශාස්ත‍්‍රය තුළද මෙම පිල්ලි යැවීම බහුල ලෙස දැකගත හැකි වෙයි .පිල්ලියකට මැදිවන අයෙකුට ඉන් මිදිමට ඇති අවස්ථාව ඉතා අල්පය. එයට හේතු වනුයේ පිල්ලියක් තුළට අසිමිත විනාශ කිරිමේ බලයක් අන්තර්ගත කිරිමයි. සාමාන්‍ය කොඩිවිනයකට වඩා සංකිරණ වු පිල්ලියක් නිර්මාණය කිරිමට යකදුරෙකු ඉදිරිපත් වනුයේ හතුරා විනාශ කිරිමේ එකායන අරමුණින් පමණි.
    විශේෂයෙන් පිල්ලි වර්ග සතරකි. 1. කුළුදුල් දරුවාගේ මළ කඳෙන් යවන පිල්ලිය. 2. ජීවම් කිරීමෙන් මළ කඳට ප්‍රාණය දීම, 3. පිල්ලි යකා බැඳි මළකඳ ආරූඪ කිරීම, 4. පුද දී යකාගේ අදහස ඉටුකර ගැනීමට උපයෝගී කර ගන්නා ක්‍රමයන් ය.

    (උපුටා දැක්විමක්)
    ක්‍රි. වර්ෂ 1910 ශ්‍රී ලංකාවට පැමිණි සුප්‍රකට මහා විද්‍යාඥයකු වන ආචාර්ය ඔපර් වෝල්ඩ් මහතා පිල්ලි පිළිබඳ බොහෝ වැදගත් කරුණු රාශියක්‌ අධ්‍යයනය කළ අයෙකි. එතුමා ඉන්දියානු සඟරාවක පිල්ලි පිළිබඳ විස්‌තරයක්‌ මේ අයුරින් සනිටුහන් තබා ඇත.

    ප්‍රථමයෙන් කුළු ඳුල් තරුණියක්‌ යයි දැනගත් මන්ත්‍රක රුවකු විසින් ඇගේ නම ඌරු දතකින් බුලත් කොලයක ලියා පිට පැත්තේ රුව ඇඳ ඒ තරුණිය විසින් හපා කෑ බුලත් හපය ද ඇඳිවත නූල්, කුණු, නිය, කෙස්‌ ආදී පංච මල පහේ කොටස්‌ කොළයෙහි ඔතා තරුණියට උඩින් පැනෙන ලෙස වළලා දින තුනකින් පසු ගෙන නයි තුඹසක්‌ තුළ දින තුනක්‌ තබා ආපසු සඟවා තබා ඒ තරුණිය කවදා හෝ විවාහ වී ගැබ්බර වී සිටින විට බුලත් කොලය නැවත ඇයට උඩින් පන්නවා ගනී. ඉන් පසු ඇයට මහත් බියකරු හීන පෙනේ. මේ තත්ත්වය උග්‍ර වී දරුණු අතට හැරී බලා සිටියදී ඇගේ ශරීරය කෘෂ වේ. දරුවා බිහි කරන විට ඇගේ කුස තුළට යක්‍ෂ ආරූඪය ඇති වී ඇය මළ දරුවකු බිහි කරයි. එවිට ඇදුරාගේ සිතට සතුට උපදී. මේ සියල්ල දෙස ඇස ගසා සිටි මන්ත්‍රකරු පිරිසිදු වී රහසින් ගිනි කබලක්‌ ගෙන මල් දම් පැළඳ රතු රෙද්දක්‌ පොරවාගෙන කෙස්‌ වැටිය පිට කොන්ද තෙක්‌ කඩා මුදා හැර දොළ තටු පුද දී මහා සොහොන් යකා බන්දනය කරයි.

    ඉන්පසු ඇදුරා වළ දමා ඇති මළ මිනිය රහසින් ගොඩ ගෙන රාත්‍රි 12 ට තොටුපලකට ගෙන ගොස්‌ නහවා බඩ පලා රිදී කෙන්දක්‌ ඇතුළු කර දිවි හමකින් වසා හිසේ තලප්පාවක්‌ පළඳවා නූල් පොටකින් අත ද බඳියි. මේ සඳහා සමයන් තටු 3 ක්‌ සාදා එහි සුරුහම් කළ මළමිනිය රැගෙන පාළු නිවසකට ගොස්‌ තබා රතු රෙද්දකින් වසා බිත්තර, ලේ ගොටු, මස්‌, රතු මල් වර්ග ඇතුළු පූර්ණ පිදේනි තටු තබා සුදු පිරුවටයක්‌ එලා ඒ මත වාඩි වී අදාළ පිල්ලි මන්තර වලින් ජීවම් කිරීම අරඹයි. එවිට මහා භයංකාර ලෙසින් මළ මිනිය සෙළවෙයි. පිල්ලි යකා නටයි. එවිට ඒ යක්‍ෂයාගෙන් තමාට අවශ්‍ය ඕනෑම වැඩක්‌ කර ගත හැකිය.

    මෙසේ ප්‍රාණ කරන පිල්ලි වලින් එකක්‌ මෙසේය. පාද නොකැඩෙන අයුරින් ගරුඬකු අල්ලා මැරෙන තුරු භාජනයක්‌ තුළට දමා මියගිය ගරුඬාට තුන් කුළුඳුල් බිල්ල දී පිල්ලිය ලබා ගෙන දොළ තටු පුදා නිසි වේලාවට සතුරාගේ නිවසට යාබද සොහොනකදී පිල්ලි යකා ආරූඪ කර පත්තෑයා සොහොනෙහි හිටුවා ඇති කෝටුව දිගේ ඉහළට යන්න අණ කරයි. එවිට පත්තෑයා නොපෙනී යයි. විදුලියක වේගයෙන් සතුරා ළඟට ගොස්‌ ආපසු එයි. එවිට කෝටුවෙන් පහරක්‌ ගසා පත්තෑයා මල් ගොටුවට දා ගනී. එයින් පහර කෑ අයකු කොතරම් වෙදකම් කළත් සුවයක්‌ නොවී මැරී යයි. එය පත්තෑ පිල්ලියයි.

    භාරතීය ඉන්දියාවේ එක්‌ එක්‌ ප්‍රාන්තවල එක්‌ එක්‌ ගෝත්‍රිකයන් සිටියද, භාෂාවෙන් වෙන් වුවද, ආගමික වශයෙන් වෙනස්‌ වුවද, ඒ හැම ගෝත්‍රිකයන්ම ඔවුන්ගේ භාෂාවෙන් භාවිතා කරන යන්ත්‍ර මන්ත්‍රවල විශ්වාසයක්‌ අදත් පවතී. එමෙන්ම ඔවුන් අතර ගුප්ත විද්‍යාවට අයත් ප්‍රබල පිල්ලි ඇත. මේවා අති බියකරුයි. ඒ පිල්ලි වලට මෙම නම් භාවිතා කරයි. මහ සොහොන් පිල්ලිය, ගිනි පිල්ලිය, නාග පිල්ලි, බලු පිල්ලි, බළල් පිල්ලි, වවුල් පිල්ලි, දිවි පිල්ලි, මළ පිල්ලි, කුරුමිණි පිල්ලි, වඩිග පිල්ලි ආදී නාමයන්ගෙන් හැඳින්වේ. මේවා ඉතා දරුණු ඒවාය.
    අද අප රටේ වෙසෙන ඇදුරන් බොහෝ දෙනෙකු විසින් පිල්ලි යෑවීම සඳහා භාවිතා කරන්නේ කල්ලු, මලයාලි ආදී මන්ත්‍ර විධිය. මේ ඉන්දියානු ගෝත්‍රිකයන්ගෙන් ලබා ගත් ආභාසයන් අනුවද පිල්ලි යවයි.

    පිල්ලි යෑවීම හා පිල්ලි වලින් පල ලබා ගන්නා සැටිත් කබලෑ පටුන නම් මන්ත්‍ර පොතේ මෙසේ සඳහන් වන පිල්ලි වල විස්‌තර අනුව අපට පිල්ලි පිළිබඳව විශ්වාසයක්‌ තැබිය හැකිය. ඉන් කවි කීපයක්‌ මෙසේය.

    එදා මුළු සූනියම්න

    පිල්ලි දහ අට නියමින

    අංගං විසි සතර කින

    පැමිණි පිළිවෙළ කියන් මෙලෙසින

    දිගිනුත් ඔඩ්ඩිස පොත වඩු රියන යි

    පුලුලින් පත් ඉරු වග්ගුස්‌ කාල යි

    පෙලින් ලියූ පෙලවල් කුරු දොළහ යි

    තදින් බැඳපු පොත වට බැමි දොළහ යි

    පිල්ලිමෙ දහ අට අංගං දෙතිස යි

    ජීවන් දහඅට රූකඩ දොළස යි

    කටුසර ජීවන් දෙසිය අසූව යි

    ඉනා දෙනා තෙල් මන්න්ත්‍රා දොළහ යි

    මිනී මරන්නට උපත කියන් නේ

    කුරුමිණි ඔළුවේ ගිතෙල් උලන් නේ

    ජපකර සොහොනා යවපන් නේ

    දුර්ජන සතුරා මැරී වැටෙන් නේ

    මෙවන් ගුරුකම් රැසක්‌ මේ පොතේ සඳහන්ව ඇත.

    පිල්ලි යෑවීමේදී හෝ මන්ත්‍ර ආදියෙන් දිෂ්ඨ§ කර බන්දන කිරීමේදී මන්ත්‍ර වේදියාට ඇදුරාට යම් විධියකින් වැරැදුනහොත් ඇදුරාගෙන් පමණක්‌ නොව ඔහුගේ අඹු දරුවන්ගෙන් පවා පළි ගනී. සිය පවුලම වනසා මරා දමයි. මෙයයි එහි බිහිසුණුම තත්ත්වය. එම පොතේම එය මෙසේ සඳහන්ව ඇත.

    නියම සූනියම් පොතකි බොලන්නේ

    මිනී මරන්නට උපත කියන් නේ

    දැන කළහොත් තම දිවි ගැලවෙන්නේ

    නොදැන කළොත් වරිගෙත් නැති වෙන්නේ.

    කළොත් අපායේ වැටෙයි කියන් නේ

    ඒ පොත් ඉරු පිට පෙරලා පන් නේ

    වානේ කටු ගැසූ තැනට බලන් නේ

    කුමාර පිල්ලිය එතන තියෙන් නේ

    එහෙත් කොතරම් පිල්ලි එව්වත් තෙරුවන් වඳින දෙවියන් පුදන, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, කේලම්, නොකියන කට ඇරියොත්, බොරු නොකියන, මස්‌ මාංශයෙන් තොර කිසිදු සත්පුරුෂයකුට පිල්ලියක්‌ යවා විනාශ කිරීමට බැරිය. එවන් අය ළඟට පිල්ලිය ගොස්‌ ආපසු ඇවිත් ඇදුරා පිටින් යයි.

    ඕනෑම අංගමක්‌, පිල්ලියක්‌ ව්‍යාපාරික ස්‌ථානයට හෝ නිවසට තමාගේ ශරීර ආරක්‍ෂාවට හා සියලු භූමි ආරක්‍ෂාවට හූණු බිත්තර, මකුළු බිත්තර, අබිං, කංසා, බේඳුරු මුල් මල් දුම්මල තෙළින් අඹරා ගම් බිත්තර කටුවක්‌ තුළට දමා තිරිවානා ගල් තුනක්‌ මත තබා පස්‌ පැඟිරි දරින් රත්කර සිඳුවා සුරයක හෝ කුප්පියක, හෙප්පුවක බහා ළඟ තබා ගන්න. මෙයට බලු කෙළ හා ගැරැඬි සැවද අඹරා මිශ්‍ර කරන්න. සියල්ලම මල් බුලත් පුටුව සකසා එහි තබා රවි දිනක රවි හෝරාවෙන් මේ මන්තරයෙන් 3008 වරක්‌ ජප කරගන්න.

    ඕං හ්‍රSං රාම ගිනි ජල නලඹු ආරූඪ ගිනි ගිනි සුරැකැල ප්‍රේත හන්තු ජෝගිනි නල්ලා හේ හේ විෂ්ණු තයිනාර ශිලම්බු කාලී වල්ලි අම්මා දේව මැණියනි ඔඩ්ඩිවාරේ කේ කදිර දේව වේලා මයුම් කන්නි වේලාමනේ ගනපති සරස්‌වතී වා ගිනි කාලි වා වා ශ්‍රියා කානතාවේන් වා වා දුක්‌ඛ නෛයිනාක්‌ කඹල් එන්නප් පේරුම් කඩල් ආදිත්‍ය හනුමන්තා වර කුමාර මූක වේලාමනේ මූදු මුල්ලිජපොරොන්දු හිර මුද්‍ර සුරුංඩු කංඩාල් අංගං පිල්ලි කෛ කට්‌ටු මෙහොගනී ගිනි දැල් පූට්‌ටු.

    දිවි ඇතිතෙක්‌ අන වින කොඩිවින අංගං පිල්ලි, යක්‍ෂ භූත ප්‍රේත අමනුෂ්‍ය බලවේග ඇඟට ළඟට ළං නොවේ.

    (පැරැණි පුස්‌කොල පත් ඉරුවෙන් උපුටා ගත් මන්ත්‍රයකි)

    කවදාවත් හුනියම් නම් කරන්න එපා.😬😬

    තව දෙයක් මේ පොස්ට් ගැන ප්‍රශ්ණ අහන්න.එත් ළදරු මෝංගල් ප්‍රශ්න අහන්න එපා.යම් කෙනෙක්ට ගුරුකම් කරනවා නම් පක්ශි ග්‍රහා තත්ත්ව අවශ්‍ය වේ.

    සටහන හා උපුටා දැක්විම
    ෂේන් ස්මිත් ගමගේ


    Real Ghost Stories (සත්‍ය හොල්මන් කථා)
     

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    ඔය රෑ තනියම සොහොනක් මැද්දේ ඉදල තියෙනවද ?
    ඔය මේ වගේ වැඩ කරන්න හවුල් වෙලා තියෙනවද ?
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    ඔව්වා ඇත්තනම් මෙහෙ ඉදන් ඉස්සර ප්‍රභාකරන් සෙත්තපෝච්චි කරන්න තිබ්බා..බොරු වෙන්ඩැති බන්Z
    ඇයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න හැතිකරේටත් කොරන්න එපැයි එහෙනම් හැඳිගෑවිලාම යන්න..අපිව හූරන් කනවට ආණ්ඩු/විපක්ෂෙ කියලා බෙදීගෙන
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඔව්වා ඇත්තනම් මෙහෙ ඉදන් ඉස්සර ප්‍රභාකරන් සෙත්තපෝච්චි කරන්න තිබ්බා..බොරු වෙන්ඩැති බන්Z
    ඇයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න හැතිකරේටත් කොරන්න එපැයි එහෙනම් හැඳිගෑවිලාම යන්න..අපිව හූරන් කනවට ආණ්ඩු/විපක්ෂෙ කියලා බෙදීගෙන


    ඔය ප්‍රභාකරන් ගේ කතවේදී නම් ඕවා කරන්න බැරි උනේ යුද්දෙදි මිනි මැරෙද්දි ඒවාට ආස සෙට් එකක් ඉන්නවලු නේ ඉතින් ඔහොම ඒවා කරන්න බැලූ උන් නිසා :baffled::baffled:

    ඕවගේ ඇත්ත නැත්ත නම් හරියටම කියන්න බෑ හැබැයි පවුලේ කෙනෙක්ට ඔහොම දෙයක් උන නිසා පොඩි අත්දැකීමක් නම් තියනවා :yes::sorry:
     
    • Like
    Reactions: බෙන් 10

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,854
    40,594
    113
    ඔව්වා ඇත්තනම් මෙහෙ ඉදන් ඉස්සර ප්‍රභාකරන් සෙත්තපෝච්චි කරන්න තිබ්බා..බොරු වෙන්ඩැති බන්Z
    ඇයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න හැතිකරේටත් කොරන්න එපැයි එහෙනම් හැඳිගෑවිලාම යන්න..අපිව හූරන් කනවට ආණ්ඩු/විපක්ෂෙ කියලා බෙදීගෙන

    E kale okkoma hangila hitiye :yes::yes:
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,337
    1,539
    113
    32
    Earth-Cj025
    ඔව්වා ඇත්තනම් මෙහෙ ඉදන් ඉස්සර ප්‍රභාකරන් සෙත්තපෝච්චි කරන්න තිබ්බා..බොරු වෙන්ඩැති බන්Z
    ඇයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න හැතිකරේටත් කොරන්න එපැයි එහෙනම් හැඳිගෑවිලාම යන්න..අපිව හූරන් කනවට ආණ්ඩු/විපක්ෂෙ කියලා බෙදීගෙන

    සොහොන;23154440 said:
    හ්ම් පොඩ් ලමයි බයකරන්න හොදයි ...

     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මෙච්චර වැඩ කෑලි තියන ben 10 ලත් හදි හූනියම් වලට යොමු වෙනවා කියන්නෙ ඇත්තක් ඇති 😂
     
    • Like
    Reactions: බෙන් 10