දහ අට සන්නියේ එන සන්නි දහ අට part 02

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දහ අට සන්නියේ එන සන්නි දහ අට part 02

    මේ කොටස කියවීමට පෙර සන්නි දහාටේ ආරම්ඹය සඳහා පලමු කොටස බලන්න..

    දහ අට සන්නියේ එන සන්නි දහ අට part 01
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    සන්නි යකුන් යාගය හෙවත් දහ අට සන්නියේ එන සන්නි දහ අට

    daha_ata_sanniya_2sfw.jpg


    එසේ මහා කෝළ සන්නි යක්ෂයා විසින් මවන්නට යෙදුන යක්ෂයින් දහ අට දෙනා ඔහු විසින් තම මව මැරූ පළිය ගැනීම සඳහා යොදාගන්නා ලදී. ඔහු යක්ෂයින් දහ අට දෙනාව මිනිසාට ලෙඩ බෝ කිරීම සඳහා බෙදාගත් ආකාරය උපත් කථාවේ මෙසේ සඳහන් වෙනවා.

    "මළ කඳ ඇතුලෙන් ඉපදුන කුමරෙකි
    උණද සෙළෙස්මා වෙන් එක් ගොල්ලකි
    වායු පිතෙන් එහි හටගත් සෙනගකි
    අතුරු නහරයෙන් හටගත් සෙනගකි

    ඉසේ ලෙඩට පස් දෙනෙක් සාදා ගති
    කඳේ ලෙඩට අට දෙනෙක් සාදා ගති
    සන්ධි වලට දහ අටට බෙදා ගති
    දවසට දහසක් මිනී මරා ගති"


    මෙම සන්නි යකුන්ට පුද පූජා නොලැබුණු කල ඔවුන් සාමාන්‍ය මිනිසුන්ට ආවේශ වී මිනිසුන් ලෙඩ කරවයි. එම ලෙඩ සුව කිරීම සඳහා දහ අට සන්නි ශාන්ති කර්මය පවත්වයි. එසේ පවත්වන ශාන්ති කර්ම වලදී ලෙබෙන පුද පූජා වලින් සන්නි යකුන් දහ අට දෙනා ජීවත් වන බව ජනප්‍රවාදයේ සඳහන් වේ.
    එම
    සන්නි යකුන් යාගය හෙවත් දහ අට සන්නියේ එන සන්නි දහ අට මෙසේ වෙයි.

    01. බුත සන්නිය
    02 අබුත සන්නිය
    03. අමුක්කු සන්නිය
    04. වෙඩි සන්නිය
    05. වාත සන්නිය
    06 ගොලු සන්නිය
    07. කණ සන්නිය
    08. පිත් සන්නිය
    09. බිහිරි සන්නිය
    10. මුර්තු සන්නිය
    11. දෙමළ සන්නිය
    12. නාග සන්නිය
    13. කොර සන්නිය
    14. ගිනිජල් සන්නිය
    15. ගුල්ම සන්නිය
    16. සීතල සන්නිය
    17. දේව සන්නිය
    18. කෝල සන්නිය

    දැන් අපි බලමු ඒ එක එක සන්නියක් පිළිබඳ සවිස්තර විස්තරයක්...


    භුත සන්නිය


    බුත සන්නිය නිසා පුද්ගලයෙකුට ඇති වන රෝග ලක්ෂණ මෙසේය. වාතය හා පිත කිපිමෙන් ඇඟ සිතල වී ඇති වන අතපයවල අමාරුව, සිහිනෙන් බයවිම, ආහාර අරුචිය,බඩ පෙරලුම,ඇඟ කැසිම ආදිය ඇති වෙන රෝග ලක්ෂණයි.මෙවැනි රෝග ලක්ෂණ බුත සන්නිය ඉදිරිපත් කරන නඵවා කවියෙන් ඉදිරිපත් කරයි.

    "අඳුරු දිගින් අයිලක් සර සාලා
    සොඳුරු විලස සැරසිලි නිම කරලා
    ඇදුරු කියන කවි මන්තර අසලා
    බුත සන්නි පුදගත් ලෙඩ හැරලා"



    අබුත සන්නිය


    අබුත සන්නිය පවනට බඳු වේගයෙන් රඟමඬලට පැමිණෙන අතර කඩිසර ගමන සුළ‍ඟේ සංකේතය ලෙස දක්වයි. වාතය මුල් කරගෙන අබුත සන්නියට අයත් රෝග ඇති වන බවට විශ්වාස කරයි.රඟදැක්මට පලඳින වෙස්මුහුණෙන්ද එය පෙනේ. නිතරම දනවෝ දනවෝ යනුවෙන් උඩ පනිමින් කෑගසයි.

    "වාත ගුවන් තල බැස ඇවිදිල්ලා
    බීත කරයි දුටු නරයින් අල්ලා
    ශිත කරයි ඇඟ යටින් ඇවිල්ලා
    අබුත සන්නිය එයි පුද ඉල්ලා"



    අමුක්කු සන්නිය


    අමුක්කු සන්නියෙන් පෙන්වන්නේ බඩේ හට ගන්නා අසනිපයක් පිළිබදවයි.වමනය,බඩ බුරුලෙන් යාම,ආදීය රෝග ලක්ෂණ වේ.අමුක්කු සන්නිය බැලු බැල්මට පිළිකුල් සහගත බවක් පෙන්වයි.

    "පපුවේ ගිනි ජල් නිබද කරන්නේ
    නෙත් දෙක රතු වී හිස රිදවන්නේ
    රුචි නැති කෑමට බඩ පෙරලන්නේ
    අමුක්කු සන්නිය ලෙඩ දැන ගන්නේ"



    වෙඩි සන්නිය


    වෙඩි සන්නිය විකට ස්වරුපයක් ගනි.නිතරම විකට සංවාදයේ යෙදෙන අතර ප්‍රේක්ෂකයා හිනස්සවයි.කන යට ගෙඩි හට ගෙන ඉන් ලේ සාරය නම් මුහුණ ගිනි ජාලාවකින් වෙලුණු අයුරක් දැනේ නම් දෑත දෙපයේ දාඩිය වේ නම් එවා වෙඩි සන්නියට අයත් රෝග ලක්ෂණ ලෙස හැදින්වේ.

    "නඩි අරගෙන තුම්මංසල ඉන්නේ
    උඩ අර මුගුරක් පුරන දරන්නේ
    ගඩු නන්වා ඇඟ සලිත කරන්නේ
    වෙඩි සන්නිය පුද ඉල්ලා එන්නේ"



    වාත සන්නිය


    වාත රෝගියෙකුගේ ලක්ෂණ පෙන්වමින් වේදිකාවට පිවිසේ.සුව නොවන හිසරදය,ඉදිමුම,ඇඟ වේව්ලිම,අත් පා සිතලව සන්ධි රිදුම,කොර බව රෝග ලක්ෂණ වේ.

    "ඈත විශාලා නුවර උපන්නේ
    වාත රෝගයෙන් ලෙඩ කරන්නේ
    සීතල අතපය සන්ධි රිදෙන්නේ
    වාත සන්නි පුද ඉල්ලා සිටින්නේ"



    ගොලු සන්නිය


    මෙම සන්නිය රග දැක්වද්දී ගොඵ බව පෙන්වමින් රංගන ශිල්පියා උත්සහා දරයි.ගොඵ මුහුණේ ඉරියව්වලින් පෙන්නුම් කරයි.ඉවරයක් නොමැති බඩේ අමාරුව,එළි වන විට නිදිමත ගතිය පෙන්වීම රෝග ලක්ෂණ වේ.

    "කලු ඇදගෙන සිහිනෙන් පෙනුනෝතින්
    කලු පාට්න් බත් ගොටු දෙක දිපන්
    රලු නෑ රේවත මුනි අත දැනගන්
    ගොලු සන්නිය කළ ලෙඩ හැර පලයන්"



    කණ සන්නිය


    අන්ධයෙකුගේ චරිතය නිරෑපණය කරන අතර චරිත නිරෑපණයේදි හණ දණ්ඩක් අතින් දරාසිට්,කණ සන්නියේ රෝග ලක්ෂණ ලෙස ශරිරය කැසීම,හිසරදය ,සිහිමද ගතිය දැක්වේ.

    "වන පිළියෙල් අතපය කොට විමට
    උණ ගිනි ජල් ඇස් දෙක නොපෙනිමට
    එන කල කිරි ගොටු දෙන්නේ දෑතට
    කණ සන්නිය කළ ලෙඩ නැත අද සිට"



    පිත් සන්නිය



    මින් පෙන්නුම් කරන්නේ උමතු රෝගියෙකුගේ විලාසයයි. නිතර බිය වු ස්වභාවයක් පෙන්වයි.සිනාසේ,මුහුණ කහ පැහැතිය,නිතර ශරිරයේ පලු නගින්නේ නම්,ඔක්කාරය ඇති වේ නම්,බඩේ අමාරුව නම් එ පිස්සු ස්වභාවයෙන් ඇව්දි නම් පිස්සු නොහොත් පිත් සන්නියේ රෝග ලක්ෂණ වේ.

    "පිත් කිපෙමින් ඔල්මාද කරන්නේ
    කන් කිලාස ඇඟ ගඩු නංවන්නේ
    තිස් පැය සිහිනෙන් බිය කරවන්නේ
    පිස්සු සන්නි අතු ඉල්ලා එන්නේ"



    බිහිරි සන්නිය


    බිරි සන්නිය රඟදක්වද්දි ප්‍රේක්ෂකයාට බීරි බව වැටහෙන ආකාරයට එය රඟදක්වයි.රෝග ලක්ෂණ ලෙස ප්‍රධාන වශයෙන් පෙනෙන්නේ බිහිරි බවයි.ඊට අමතරව හිසරදය,කලබලකාරි බව සෙසු රෝග ලක්ෂණ වේ.

    "බිහිරි සන්නි පුද ඉල්ලා ආ විට
    රිරි පුලුටු ගෙ‍ාටු දෙක දෙන් දෑතට
    රේවත මුනිදුගෙ අනුහස් බලයට
    බිහිරි සන්නි කළ ලෙඩ නැත අද සිට"



    මුර්තු සන්නිය

    8-mruthu-sanniya.jpg

    මුහුණේ එක් ඇසකුත් කටේ එක් පැත්තකුත් ඇදයකුත් සහිතව ඇති මෙම සන්නි රෝගයේ රෝග ලක්ෂණ වන්නේ සිහි නැතිවීම,සහි නැති වී වැටිමයි.

    "ගුවන් තලේ සත් මතට ගිහිල්ලා
    රජුන් සමගවෙසමුණි දොර සොල්ලා
    අගුල්ලාපු දොර යතුරු උගුල්ලා
    මුර්තු සන්නි යකු එයි පුද ඉල්ලා"



    දෙමළ සන්නිය


    මෙම සන්නියේ දක්නට ලැබෙන්නේ ද්‍රවිඩ නිර්මණයන්ය නිතර හිස කසන ගතිය,බඩේ රුදාව සමග වමනය යන ගතිය දෙමළ සන්නියේ රෝගයි.

    "සියලු දෝෂවල ගොටු ගෙන දෙන්නේ
    ඇඹුල සදුන් දිය ගොටු ගෙන දෙන්නේ
    නැඹුලු තෙදැති පුල්වන් දෙවියන්නේ
    දෙමළ සන්නි කළ ලෙඩ හැර යන්නේ"



    නාග සන්නිය


    නාග ඇදුමකින් සැරසී නාග මුහුණක් සහිත පෙනයක්ද පැලඳ සිටි.රංගනයේ යෙදෙන්නේද එ ආකාරයටයි.

    මේදව ඇඟපත සන්නි රිදී මෙන
    වේග වෙලා ඇස් දෙක රතු වීගෙන
    රෝග මුලා කරමින් මොරගා එන
    නාග සන්නි එයි පුද ඉල්ලා ගෙන



    කොර සන්නිය


    අබ්බගාතයෙකුගේ ස්වරූපය දැක්වෙන මුහුණක් පැලැඳ සිටියි.පයක් කොර ගසමින් අතක් සොත්ති කරමින් හිඟන්නෙකු සේ කරළියට පැමිණෙයි.සන්ධි කොරවීම,සන්ධි රුදාව,අත් පා කොරවී තිබිම රෝග ලක්ෂණ වේ.

    "සුරතින් යව මුගුරක් ගෙන අල්ලා
    වමතින් අතු නැටියක් ගෙන අල්ලා
    සරොසින් රූ සිහිනෙන් ගෙන අල්ලා
    කොර සන්නියෙ යකු එයි පුද ඉල්ලා"



    ගිනිජල් සන්නිය



    උණ රෝගියෙකුගේ චරිත ලක්ෂණ පෙන්නුම් කරන අතර උණ රෝගයෙන් අසධ්‍ය බව පෙන්වයි.කෙඳිරිගායි,උඩු කය පොරෝනයකින් වසා සිටී.සෙසු රෝග ලෙස හිසරදය,ආහාර අරුචිය,බඩ පෙරලුම දැක්වේ.

    "උණ ගිනියම් ඇඟ යට වෙව්ලිල්ලා
    කන බොන දේවල් රුචි නොකරල්ලා
    දින තද කරමින් නන් දෙඩ විල්ලා
    ගිනිජල් සන්නිය එයි පුඳ ඉල්ලා"



    ගුල්ම සන්නිය


    ගුල්ම පණුවා නිසා හට ගන්නා ගුල්ම අමාරුව ගුල්ම කැක්කුම ආදී ලෙඩරෝග මෙයින් පිළිබිඹු කර ඇත.බඩේ කැක්කුම ඇති බව නිතර පෙන්වයි

    "ගුල්ම සන්නි පුද ඉල්ලා ආ විට
    ඇල් හාලේ බත් ගොටු දෙති දෑතට
    පුල්වන් සුරිඳුගෙ අනුහස් සිහි කොට
    ගුල්ම සන්නි කළ‍ ලෙඩ නැත අද සිට"



    සිතල සන්නිය


    බිය සුලු ගතියකින් යුක්තව නියපොතු සපමින් බිම වැටි වැටී දඟලමින් ඉදිරිපත් කරයි.උණ රෝග ලක්ෂණ ඔහුගෙන් දිස්වේ.

    "ශිත කරයි ඇග යටින් ඇවිල්ලා
    ඈත නිතර නියපොතු සැපිල්ලා
    භිත කරමින් වැටි වැටී දැඟිලිල්ලා
    ශිතල සන්නිය එයි පුද ඉල්ලා"



    දේව සන්නිය


    දේව සන්නිය මුහුණ ශාන්ත මුහුණකින් යුක්තය ශාන්ත බවින් යුතු වුවත් තේජාන්විතය.දේව සන්නිය නරක අතට හැරුණු විටදී දොස් ඇති වන අතර හොද අතට හැරුණු විටදි සහනය ගෙන දෙයි.අවසානයේ නටන සන්නිය දේව සන්නියයි.මෙය නැටිමෙන් සියලු වස්දොස් දුරු වන බවත් ඉන් මහත් සෙත් ශාන්තියක් අත්වන බවත් විශ්වාස කෙරේ.

    "අහසේ පොළොවේ සැම දෙවියන්නේ
    මෙරටට සැම තැන දිවැස් බලන්නේ
    නරලොව උවඳුරු දුරු කරන්නේ
    නර ලෙඩ දුරලන් සන්නි යකුන්නේ"



    කෝල සන්නිය


    කෝල සන්නියෙන් දැක්වෙන රෝග ලක්ෂණ වන්නේ උගුරේ ගෙඩි සෑදිම,යටි බඩේ කැක්කුම සහ හිනපෙනිමත් කෝල සන්නියේ මුහුණ දෙයාකාරයකින් පෙනේ.එය විටක වෙනත් මුහුණක් ලෙසද තවත් විටක සන්නි මුහුණේ දත් අටක් සහිතවද සකසා ඇත.

    "කෝළ වෙලා උඩ බිම බලමින්නේ
    ලීල නොකර බඩ ලෙඩ කරවන්නේ
    දෑල උගුරෙ ගෙඩි දෙක හට ගන්නේ
    කෝළ සන්නි පුද ඉල්ලා එන්නේ"

     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සන්නි යකුන් ගෙන්වා ඔවුන්ට නියමිත දොළ පිදේනි ඇප කැප කර දීම දහ අට සන්නිය නැටීමෙන් අපෙක්ෂා කරන දෙයයි. එම සාර්ථකව ඉටුකළ විට දහ අටක් වූ සන්නි රෝග සුව වන බව ගැමියන්ගේ විශ්වාසය විය.
    සන්නි යකුන් රග මඩලට පැමිණි විට සංවාදයේ යෙදෙයි. ඔවුන් බොහෝ විට පැමිණේනනේ බියකරු ස්වභාවයක් මවා පෙන්වමිනි. මළ, හත්තිලව්වයි, ආදී වචන කියමින් කෑ ගසයි. ඉතා ග‍්‍රාමීය වූ භාෂාවකින් සන්නි යකු සහ ඇදුරන් අතර සංවාදය සිදුවෙයි. බොහෝ වට එය සෘජුව වදන් නොකියා පද පෙරැුළි ඇතිව පැවසීම තුළින් හාස්‍ය දනවන්නක් වෙයි. වැරදි වචන නිවැරදි කරමින් ගුරුන්නාන්සේ සංවාදය ඉදිරයට කරගෙන යයි. යක්ෂයාගේ කුරිරු නපුරු අදහස්ද මේ සංවාදයේ ගැබ්ව තිබේ. ඇතැම් විට ජුගුප්සා ජනක හැ`ගීම් ද මතු කරයි. මේ සංවාදයන් සන්නි දහ අටේදීම මූලික වශයෙන් එකම ආකාරයක් ගනී.
    අවසානයේ ආතුරයාටද සෙත් පතා යකා නික්ම යයි.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    1 මරු සන්නි යකා

    මහත් භයානක යක්ෂයකු වන මරු සන්නි යකා දැනට ඇතැම් ප‍්‍රදේශ වල සන්නි යකුමි ප‍්‍රථමයෙන් රග දක්වයි. මරු සන්නිය කාල වර්ණ පැහැ වෙයි. ඉසකේ සැඩපලූ ගෙතී ඇත. දිග රුදුරු දත් හා දළ වලින් යුතු මුවක් තිබේ. කොළ අතු වලින් යටිකය සරසා ගෙන දල්වන ලද දුනු පන්දමක් අතකින් ගෙන පැමිණේ. ඇතැම් පළාත්හි මෙම සන්නියට කළු වැදි සන්නිය යැයි ව්‍යවහාර කැරේ.


    2 අමුක්කු සන්නි යකා

    අමුක්කු සන්නිය යනු මුහුණ කට ඇදවීමෙන් සෑදෙන රෝගයකි. කථාව ගොළු වී, දෙ ඇස් ඇඳිරිවී, කටින් කෙළ වැගිරෙන මෙම රෝගයේදී අංශ භාගය නම් වාත රෝගය වැළදෙන බව පැවැසේ.
    අමුක්කු සන්නි යකාගේ මුහුණ එම රෝගයේදී මෙන් එක පැත්තකට ඇදවී විරූපී වී තිබෙ. මුවේ දළ ඇත. දෙ ඇස් අඳුරු පැහැතිය. අතෙහි මුගුරක් වේ.
    යෝගාරත්නාකරය නැමැති වෙද කම් ගැන සඳහන් වන පුරාණ ග‍්‍රන්ථයෙහි අමුක්කු සන්නිය දැක්වෙන්නේ මේ ආකාරයෙනි.


    3 වෙඩි සන්නි යකා

    අතීතයේ මුගුරක් අතැතිව ආ වෙඩි සන්නි යකාගේ අතේ දැන් ඇත්තේ බෙහෙත් කොටන තුවක්කුවකි. එයට බෙහෙත් කොටන ආකාරය දක්වමින් හාස්‍ය උපදවන රංගනයක යෙදෙන වෙඩි සන්නි යකා ර`ග මඩලට ගෙන්වන්නේ මේ කවියෙනි.
    නපුරු ගතිය ඉස්මතු කරන ඇස් වලින් යුතු වෙඩි සන්නි යකාගේ මුහුණ කොළ පැහැතිය.
    මුව රැඳුණු දත් කිහිපයක් ද වෙයි.


    4 කණ සන්නි යකා

    සැරයටියක් අතින් ගෙන වේදිකාවට එන මේ යකාගේ දෑස් නොපෙනේ. අන්ධ සන්නිය ලෙස වෛද්‍ය ග‍්‍රන්ථවල දක්වා තිබෙන මෙම සන්නිය සඳහා පළඳවන වෙස් මුහුණ තරමක් පළල්ව සාදා ඇති අතර අන්ධ බව දැක්වීමට සුදු ඉංගිරියාව පුළුල්ව පෙන්වා තිබේ.
    පළල් මුඛයේ දත් රැසක් ද වේ. කන් දෙකද විශාලය. ඇස් අන්ධ වූ විට වඩා හොඳින් ඇසෙන බව පෙන්වීමට විශාල කන් යොදා ගන්නට ඇත. නාසයද විශාලව සාදා තිබේ.




     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    5 බිහිරි සන්නි යකා

    මහත් වේගයකින් වේදිකාවට පැමිණෙන බිහිරි සන්නි යකා උණ, කථාව, අධිකව පැවැතීම , බිහිරි බව , උඩට හුස්ම ගැනීම, වෙව්ලීම, සීතල, හිතේ තැවීම, කම්මුලේ ගෙඩි මතුවීම ආදිය මේ සන්නි යකාගෙන් සෑදෙන රෝග ලෙස දේශීය වෙදකමේ සඳහන් වන්නේ මෙලෙසිනි
    බිහිරි සන්නියේ මුහුණේ බියකරු දත් නැත. මුහුණ පියවී ඇත. දෙ ඇස් මනාව විවෘතව ඇත. කන් දෙකට පහතින් ඇති රේඛා දෙකකින් බිහිරි බව පෙන්නුම් කරයි. කන බිහිරි නිසා සංවාදයේදී නැවත නැවතත් කීමට සිදුවීම හාස්‍ය උත්පාදක අවස්ථාවකි.


    6 ගොළු සන්නි යකා

    කළු පැහැයෙන් සැරසුණු යකෙකුට භිය වීමෙන් ආතුරයා ගොළු බවට පත්කැරෙන මේ ආබාධය හේතුවෙන් නිදිමත ගතිය ඇතිවේ. ශරීරයේ උෂ්ණාධික ගතිය හා ආමාශයේ අර්බුද ඇති වේ
    ගොළු සන්නියට පළඳින වෙස් මුහුණ දෙස බල විට එහි මුඛයේ ස්වරූපය වඩාත් කැපී පෙනෙන අයුරින් සකස් කොට ඇත. මුඛය වටා වූ රැළි වලින් ගොළු බව නිරූපනය වේ. දෙකන් විශාලය, නළල රැුළි තුනකින් යුතුය.
    මේ ගොළු සන්නි යකා ර`ග මඩලට පැමිණි පසු සංවාදයේ යෙදෙන්නේ අතින් පයින් ආදී අභිනය විලාශයෙනි. එහෙත් දොළ පිදේනි කැප කළ පසු රෝගය දුරලන ගොළු සන්නි යකා අවසානයේ කථා කර විස්තර කියයි.


    7 කොර සන්නි යකා

    බෙල්ලෙන් උඩ කොර වීම, සන්ධිවල උෂ්ණාධික බව, රාතී‍්‍ර නිදිමත අධික බව, ඇතුළු ශරීරයේ අත පා කොරවීම, ආදී රෝග ඇති කරන කොර සන්නි යකා වේදිකාවට ගෙන්වීමේදී මෙම කවිය ගායනා කැරේ.
    කොර සන්නි යකාගේ මුහුණ කොර ගතිය විදහා පාන ආකාරයෙන් සකසා තිබේ. ඒ මුහුණ එක් පැත්තකට ඇලවී ඇත. මුහුණ නපුරු ගතියකින් යුතු වේ. කොළ පැහැතිය. පළල් රතු දෙතොලකි. දකුණතේ යමගුරකි. වමතට අතු කැටියකි.


    8 මුර්තු සන්නි යකා



    මේ සන්නි යකාගෙන් ඇති වන්නේ මර්ජාව සමග වාතයෙන් හටගන්නා රෝගයකි. මෙම යකාගේ වෙස් මුහුණේ රෝගී භාවය නිරූපිතය. වෙනත් යක්ෂ මුහුණු වලට වඩා මේ මුහුණේ ඇස් වෙනස් කැර ඇත. ඒවා දිගටිය. මූඛය ද මද වශයෙන් දත් පෙනෙන ලෙස පියවී තිබේ.



     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    9 ගුල්ම සන්නි යකා

    ගුල්ම සන්නි යකාගෙන් වැළඳෙන මූලික රෝගය වන්නේ බඬේ අමාරුවයි. මෙය පණුවන්ට සම්බන්ධ රෝගයකි. වමනය, බඩරුජාව, කැවිලි නොකෑ, පිළිරස මිශ‍්‍ර පැණි රස කෑමට කැමැති වීම මෙහි රෝග ලක්ෂණ වේ.
    මෙම සන්නි යකාගේ මුහුණ රවුම් හැඩයක් ගනී. ලා කහ වර්ණයෙන් යුක්ත එහි මුඛය කන් දෙක දෙසට දික්ව ඇත. මුව දෙපස දළ දෙකක්ද තිබේ. රෝගී ස්වභාවයක් පෙන්වන රවුම් ඇස් ද ඇත.


    10 ජල සන්නි යකා

    ජල සන්නිය යනු ප‍්‍රකට රෝගයකි. ඔක්කාරය, වමනය, ඇග පළු ගැන්වීම බඩපුරවා දමා යෑම යන රෝග ලක්ෂණ ඇති මෙම රෝග ලක්ෂණ ඇති කරන ජල සන්නි යකා රගමඩලට ගෙන්වන්නේ මෙය ගායනා කිරීමෙනි.
    ඔක්කාරය සහ වමනය වන්නේ තිස්පැය ඇගපළු නිබඳ ගැසෙන්නේ උත්තිල බඩ ලෙඩයෙනි පණ යන්නේ ජල සන්නිය ලෙඩ ඉන් දැන ගන්නේ මෙම සන්නි යකාට ඇත්තේ එකිනෙක පූට්ටු වූ දත් දෙපළකි. මූණ දෙපසේ රැවුලකි. නළලේ නයි පෙනයකි.


    11 අග්නි සන්නි යකා

    ඇගපත වෙව්ලීම, කෑම බීම අරුචිය, කන් ලෙඩවීම, තද උණ ගැනීම ආදිය මෙම සන්නි රෝගයේ ලක්ෂණ වේ. මේ සන්නි යකු එන්නේ කොන්තායුධ ගනිමින් ගිනි සැර විහිදුවමිනි.
    අග්නි සන්නි යකා විකෘති ලක්ෂණ වලින් යුතුය. රවුම් දෙනෙත, ඉතා දිග දත්, පළලට අරුණු මුඛය එහි දක්නට ඇත. මුඛයේ දිග දත් ගිණි දළු විලසින් දැක්වේ.


    12 පිස්සු සන්නි යකා

    උම්මත්ක බව හෙවත් පිස්සු ඇති කරන්නේ පිස්සු සන්නි යකා විසිනි. උණ, බිණීම, නුවන අහිමි වීම ඉන්ද්‍රිය පාලනයකින් තොරවීම, ඇ`ග පලූ නැගීම, ආදී රෝග ඇති කරන්නේ පිස්සු සන්නි යකා විසිනි.
    පිස්සු සන්නි යකා වේදිකාවට පැමිණි විට තම පිස්සු ගතිය පෙන්වයි. විකට රසයෙන් යුතු සංවාදයේ යෙදේ. නපුරු ගතියක් පෙනෙන රවුම් ඇස් සහ තැන තැන කොට රැුවුල් ගස් ඇති මුහුණේ දළ රහිත රතු දත් පෙළකි. හිසකෙස් නොමැත.


    13 වාත සන්නි යකා

    වා, පිත්, සෙම් යන ති‍්‍රදෝෂයන් රෝගවලට හේතු වන්නේ වාත සන්නි යකුය.
    වෙස් මුහුණ කොළ පැහැ ගැන්වී ඇත. එය නොයිවසිලි ස්වභාවයක් ගනී.


    14 බූත සන්නි යකා

    මේ යකු වාසය කරන්නේ ඈත ගුවන් තලයේය. රාතී‍්‍ර කාලයේ පෘථිවි තලයට බැස හොල්මන් කරයි. රෝගියාගේ මිනිස් ගති ගුණ වෙනත් අතකට හැරවීම මෙම රෝගයෙන් දැක්වෙන නිසා විකාර කිරීම යන අර්ථය ඇතිව බූත සන්නි යකා ලෙස නම් තබා තිබේ.
    ඉතා නපුරු ස්වභාවයක් ගන්නා වෙස් මුහුණකි. කොළ පැහැති වර්ණයෙන් යුතු වන අතර මුඛයේ එක් පැත්තකින් දිව මදක් එළියට පැමිණ ඇත. ඇස් දෙකට පහළින් රේඛා තුනක් දැක්වේ. සුදු පැහැති දත් දෙපළකි. නාසය විශාලය









     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    15 පිත් සන්නි යකා

    පිත අධික වීමෙන් හටගන්නා වූ බඩ ගිණි ගතිය ඇතිවීම, ?ට සිහිනෙන් භියවීම, ආදිය ඇතිවීම පිත් සන්නි යකා නිසා සිදුවේ. පිත කිපුණු කාලයේ ඔල්මාද ගතිය පවා ඇතිවේ.
    රවුම් ඇස් සහ කළු කෙස් ඇත. මුහුණේ ඉදිමුණු ස්වරූපයකි. මුවේ උඩ දත් පේලිය පමණක් දැක්වේ.


    16 අභූත සන්නි යකා

    දෙකම්මුල් ඉදිමීම, ඇග සෙම් ගෙඩි හට ගැනීම, සන්ධිපත් රුජාව , ආදිය අභූත සන්නි යකාගෙන් සිදුවේ. දුටුවන් භිය පත් කරවන මේ සන්නි යකු ද ගුවනේ සිට බිමට බැස රෝග ඇති කරවයි.



    17 දේව සන්නි යකා

    ගම් රටවල් පාළු කරමින් ගම්වලට වැදී මිනිස් සිරුර ක්ෂය කර දමයි. ශරීර රුදා ඇති කරවයි. හත් දවසකින් මය යන රෝගයක් ඇති කරවයි. එය විසාල මහ නුවර ඇතිවූ අභිගාතක රෝගය යැයි විශ්වාස කැරේ.


    මෙම සන්නි යකාගේ වෙස් මුහුණ අනෙක් සියලූ සන්නි යකුන්ගේ මුහුණු වලට වඩා වෙනස් ස්වභායක් ගනී. එහි හිසට ඔටුන්නකි. මුහුණ රන් පැහැතිය. මුහුණේ විකාර රූපී ස්වභාය අඩුය. ඒ හේතුවන් දුටු විට ගරු සරු බියක් ඇති කරවා තිබේ.




    18 කෝල සන්නි යකා


    සිහංල වෙදකමේ කෝළ දහ අටක් ගැන සඳහන් වේ. මේවා ඇතිකරන සන්නි යකා කෝල සන්නි යකා ලෙස හැඳින්වේ. උගුර දෙපැත්තේගෙඩි හට ගන්නා කථාව නැතිව රෝගී වන තත්ත්වයක් හටගනී. ආමාශගත අමාරුවව ද හටගනී.
    උල්වූ තළල්ලක්, රුදුරු දෙනෙතක්, යටි තාළ නොමැතිව උල් දත් කිහිපයක් ඇති මුඛයක් මෙම සන්නි යකාගේ ස්වරූපය වෙයි.


    මේ සන්නි දහ අට අවසානයේ දහ අටක් වූ සන්නි යක්ෂයන්ගේ නායකයා වන මහා කෝළ සන්නි යක්ෂයා එයි. ඔහුගේ හිසේ ගොක් ගොක්කොළ වලින් සෑදූ ඔටුන්නකි. එහි නයි පෙන පහක් ද දැක්වේ. යටි කයට කළු සුදු මුසු සේලයක් ද කාල වර්ණ ලොම් වලින්යුතු හැට්යක් උඩු කයටද ද හැඳ ඉන වටා කෙසෙල් හා ගොක් පතින් සෑදූ හතරැස් තට්ටුවක් ද පළඳී.
    මෙම යකුට පැමිණීමට ආරාධනා කිරීමෙන් අනතුරුව සන්නි යකා පැමිණේ. යකා ආතුරයා දෙසට යන මග බාධාවකි. නාථ, සමන්, පත්තිනි දෙවි වරුනුගේ ආඥාව අනුව මුර සෙබළු මෝල් ගස් දෙකක් කතිර හැඩයට තබා අල්ලාගෙන යකාට යන්නට නොදෙති.
    සැර පරුෂ කර බලෙන් යාමට උත්සාහ ගන්නා යකා පසුව කෙසෙල් හා කැවිළි වර්ග දෙන බව කියා යාමට අවසර ඉල්ලයි. අවසානයේ මේ කඩවත බුදුරදුගේ කඩවතක් බව මුර සෙබළු පවසති.
    බුදු රදුන්ගේ සන්නසක් ගෙන ආවොත් යන්නට දෙන බව කියූ පසු යක්ෂයා තල්පතක් ගෙන කකුලේ ඇගිල්ල මත තබා එය දෙයි. එය පිළිගත නොහැකි බවත් ගරු සරු ඇතිව දිය යුතු බවත් මුර භටයෝ කියති. එවිට යකා දණහිස, උරහිස, නාසය මත තබා සන්නස භාර දී ඒ කිසි අයුරකට එකග නොවීම නිසා අවසානයේ හිස මත තබා භාර දෙයි. එවිට එහි ඇති දෙය කියවන ලෙස කියා සිටී. එවිට යක්ෂයා හඩන්නට පටන් ගනී. බුදුහිමි තමන්ට මිනිස් ලොවට යාමට අවසර දී ඇතත් නරබිලි ගැනීම තහනම් කැර ඇති බව යකා පවසයි. මනුලොව රෝගීන් වෙනුවෙන් දොළ පුදගෙන රෝග දුරු කිරීමට බුදුන් නියම කැර ඇතැයි ද කියයි. ඉන්පසු යක්ෂයාගේ නපුරු ස්වභාවය අඩුවේ. කඩදොරින් යන්නට දෙයි.
    ආතුරයා වෙත යන යක්ෂයා. තමාට කැප කර දෙන දෙල පිදේනි සියල්ල ඉන බැඳි තටුවට අසුරාගෙන කුකුළෙකුද බිලි පුදට දුන් විට එයද රැගෙන ආතුරයාට සෙත් පතා යකා නික්මයයි.
    එතැනින් දහ අට සන්නිය අවසන් වේ.




    Source:
    Code:
    http://www.lankadeepa.lk