දහ අට සන්නිය ගැන අළුත් යමක්

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    දහ අට සන්නිය ගැන අළුත් යමක්

    428541_209468449173440_1414349200_n.jpg



    දහ අට සන්නිය ගැන අපි අහල තියෙනවනේ. හැබැයි දැකල ඇත්තේ ටික දෙනයි. නොදන්න අයට දැන ගන්නත් එක්ක දහ අට සන්නිය ගැන ටිකක් කියන්න හිතුන. දහ අට සන්නි කියල හඳුන්වන්නේ මහා කෝල සන්නි යකාගේ පිරිවර දහ අට දෙනා. සන්නි කියල කියන්නේ දේශීය වෙදකමේ හැටියට රෝග විශේෂයක්. මේ එක එක යකාට එක් එක් රෝගය ආදේශ කරලා තියෙනවා. මේ රෝග රඟ දක්වන එක තමයි දහ අට සන්නියෙන් කෙරෙන්නේ. ඒ එක එක සන්නි යකුන්ව ගෙන්වල, ඒ යකුන්ට දොලපිදේනි දීමෙන් එම රෝග සුව වනවා කියල ගම්මුන් විශ්වාස කලා. එම රඟ දැක්වීම සංවාදශීලි ස්වරුපයක් ගන්නා අතර හාස්‍යජනක, කුරිරු, ජුගුප්සා ජනක දේ මෙහිදී කතා කෙරෙනවා. අවසානේ ආතුරයාට සෙත් පතල යකා නික්ම යනවා. සන්නි යකුන් දහ අට දෙනා ගෙන්වීමෙන් පස්සේ මේ යක්කුන්ගේ නායකයා වන මහා කෝල යකා පැමිණෙනවා. එවිට යකා අතුරය දෙසට යන්න උත්සාහ කරනවා. නාථ, පත්තිනි, සමන් දෙවිවරුන්ගේ අණ කිරීමෙන් මුර සෙබළුන් මෝල්ගස් රැගෙන යකා යන මග අහුරනවා. විවිධ උත්සාහයන් වලින් අසමත් වන යකාට බුදුරදුන්ගෙන් තල්පතක් රැගෙන එන මෙන් පවසනවා. යකා එවැනි තල්පතක් රැගෙන විත් එම තල්පත හිස මත තබා පිළිගන්වයි. යකාට මනු ලොවට යාමට ඉඩ දෙන නමුත් නරබිලි ගැනීම තහනම් කර ඇති බව ඒ තල්පතේ සඳහන් වෙයි. එමෙන්ම රෝගීන්ගේ රෝග සුව කළයුතු බව මෙම තල්පතෙහි සඳහන් වෙයි. අවසානයේ ආතුරයා වෙත යන යකා තමාට කැප කර දෙන දොළ පිදේනි සියල්ල ඉන බැඳි තටුවට අසුරාගෙන කුකුළෙකුද බිලි පුදට දුන් විට එයද රැගෙන ආතුරයාට සෙත් පතා යකා පිටව යයි.

    දහ අට සන්නි මෙසේය: (ඉහත පින්තුරේ දෙවැනි පේලියේ වමේ සිට දකුණට පිළිවලට බලන් ගියාම පහත සඳහන් යක්කු ටික බල ගණන් පුළුවන්)

    1. මරු සන්නි යකා: ප්‍රථමයෙන් රඟ දක්වයි. භයානක යක්ෂයෙකි. කළු පැහැතිය. හිසකෙස් රැළි ගැසී ඇත. උල් දත් සහ දළ ඇත. යටිකය කෝල අතු වලින් වැසි ඇත. විලක්කු දල්වාගෙන පැමිණෙයි.

    2. අමුක්කු සන්නි යකා: අමුක්කු සන්නිය යනු අංශභාග රෝග තත්වයකි. මෙම යකාගේ මුහුණෙහි කට ඇදවී, විරූපීවී තිබේ. දළ ඇත. අතේ මුගුරක් ඇත.

    3. වෙඩි සන්නි යකා: බෙහෙත් කොටන තුවක්කුවක් අතේ ඇත. (අතීතයේ මුගුරක් තිබී ඇත) මුහුණ කොළ පැහැතිය. හාස්‍ය උපදවයි.

    4. කණ සන්නි යකා: මේ යකාගේ දෑස් නොපෙනේ. සැරයටියක් අතින් ගෙන ඇත. මුඛය පළලය. දත් රැසක් ඇත. ඇස නොපෙනන විට කන් හොඳින් ඇසෙන බව පෙන්වීමට කන් විශාලය. නාසය විශාලය.

    5. බිහිරි සන්නි යකා: මේ යකාගේ මුහුණ බියකරු නැත. ඇස මානව විවෘතව ඇත. හාස්‍ය ජනක සංවාදයේ යෙදේ.

    6. ගොළු සන්නි යකා: මුඛය වටා වූ රැළි වලින් ගොළු බව නිරූපනය වේ. දෙකන් විශාලය, නළල රැළි තුනක් ඇත. අතින් පයින් ආදී අභිනය විලාශයෙන් රංගනයේ යෙදේ.එහෙත් දොළ පිදේනි කැප කළ පසු රෝගය දුරලන ගොළු සන්නි යකා අවසානයේ කථා කරයි.

    7. කොර සන්නි යකා: මුහුණ එක පැත්තකට ඇලවී ඇත. කොළ පැහැතිය. දෙතොල් රත් පැහැ වන අතර පළල්ය. නපුරු ගතියක් ඇත. දකුණතේ යමගුරකි. වමතට අතු කැටියකි.

    8. මුර්තු සන්නි යකා: වාතයෙන් හට ගන්නා රෝග සඳහා මේ යකා පැමිණේ. මුහුණ රෝගී ස්වරුපයක් ගනී. ඇස් දිගටිය. මුව මද වශයෙන් වැසි ඇත.

    9. ගුල්ම සන්නි යකා: මුහුණ රවුම්ය. ලා කහ පැහැතිය. මුඛය කන්දෙක දෙසට දික්වී ඇත. ඇස් රවුම්ය. දළ දෙකක් ඇත. බඩේ අමාරුව, පණු රෝග වැනි දේ සඳහා මෙම යකා පැමිණේ.

    10. ජල සන්නි යකා: එකිනෙක පූට්ටු වූ දත් දේපලක් ඇත. මූණ දෙපසේ රැවුලකි. නළලේ නයි පෙනයකි.

    11. අග්නි සන්නි යකා: දෙනෙත් රවුම්ය, දත් ඉතා දිගය, පළලට අරුණු මුඛයෙහි දිග දත් ගිණි දළු විලසින් දැක්වේ.

    12. පිස්සු සන්නි යකා: පිස්සු ගතිය පෙන්වයි. හාස්‍ය උපදවයි. තැන තැන රවුල් කොට ඇත. දත් රතු පැහැතිය. හිස කෙස් නොමැත.

    13.
    වාත සන්නි යකා: වෙස් මුහුණ කොළ පැහැ ගැන්වී ඇත. එය නොයිවසිලි ස්වභාවයක් ගනී.

    14. බුත සන්නි යකා: නපුරු ස්වභාවයක් ගනී. කොළ පැහැතිය. මුඛයේ එක් පැත්තකින් දිව එලියට පැමිණ ඇත. දත් සුදු පැහැතිය. නාසය විශාලය.

    15. පිත් සන්නි යකා: මුහුණ වේදනාකාරී ස්වභාවයක් ඇත. රවුම් ඇස් සහ කළු කෙස් ඇත. මුහුණේ ඉදිමුණු ස්වරූපයකි. මුවේ උඩ දත් පේලිය පමණක් දැක්වේ.

    16. අභූත සන්නි යකා: ගුවනේ සිට බිමට බැස රෝග ඇති කරවයි.

    17. දේව සන්නි යකා: අන් සියලු යකුන්ගේ මුහුණු වලට වැඩ වෙනස්ය. ඔටුන්නක් පැළඳගෙන සිටි. මුහුණ රන්පහතිය. විකාර රූපී නැත.

    18. කෝල සන්නි යකා: උල්වූ තළල්ලක්, රුදුරු දෙනෙතක්, යටි තාළ නොමැතිව උල් දත් කිහිපයක් ඇති මුඛයක් මේ යකාට ඇත.



    - ඇතැම් ඡායාරුප ලංකාදීප පුවත්පතෙන්-