දළදා තේවාව - Dalada Thewawa

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    2.jpg




    ලක්දිව දළදා වහන්සේ වැඩම වීමෙන් පසුව කිත්සිරි මෙවන් රජතුමා පටන් වත් පිළිවෙත් රැසක් ආරම්භ විය. දළදා වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන වසර දෙදහසකට වඩා පැරණි මෙම වත් පිළිවෙත් තුළින් බෞද්ධාගමික අනන්‍යතාවයන් හා අපූර්වතම ජාතික උරුමයක් මෙන්ම විවිධ සමාජ ස්ථරයනයන්නේ ස්වභාවය ඉස්මතු කොට දක්වයි. මෙලෙස දළදා වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන පූජාවන් හදුන්වනු ලබන්නේ දීතේවාව” යනුවෙනි.

    ආහාර ගිලන්පස තෙල්මල් පහන් යනාදියෙන් දිනපතාම අලුයම් කාලයේ තේවාවද මධ්‍යහන හා සන්ධ්‍යා භාගයේ තේවාවන් ද පැවැත්වේ. අතීතයේ දෛනිකව දළදා මාලිගාව තුළ උදේ හවස පවත්වනු ලබන වතාවත් සදහා රජු විසින් ම පත් කළ වෙනමම පුද්ගල කොටස් විය. එලෙස දළදා වහන්සේ වෙනුවෙන් දෛනිකව තෙවරක් වත් පිළිවෙත් පවත්වන ලද බව විවිධ වංසකතා වල මෙන්ම විවිධ දේශාටන වාර්තාවලින් තොරතුරු රැසක් හමුවේ.

    දෛනිකව කෙරෙන එම තේවාව කිසියම් ව්‍යවස්ථාවකට අනුකූලව කළ යුතු බවට ඒ ඒ යුගයන්හි රජවරුන් විසින් පනවන ලද විවිධ නීති මාලාවක් ද දක්නට ලැබෙි. එම අතීත විධි විධාන අනුව යමින් වර්තමානයේ ද එම තත්වය ඒ අයුරින්ම පාරම්පරික වත්පිළිවෙත් වලට අනුකූලව සිදු කරන බව පෙනේ. අලුයම පූජාව, දවල් පූජාව ,සන්ධ්‍යා පූජාව යනුවෙන් අවස්ථා තුනකදී පැවැත්වෙන මෙම තේවාව තූළ පැහැදිළිවම පුරුෂ පාර්ශවය පමණක් යොදාගන්නා අතර වතාවත් පැවැත්වීම හා ඒ සම්බන්ධ සියලුම කටයුතු භාරවනුයේ ඉහළ යයි සම්මත කුලවල අයටය.

    දළදා මාලිගයේ වතාවත් සදහා පිරිමි හා භික්ෂූන් පමණක් යොදාගැනීම අතීතයේ සිදුවූවකි.

    අලුයම තේවාව

    අලුයම පූජාව සදහා සංසක්කාර මුහන්දිරම්ගේ අනුග්‍රහය ඇතිව පත් කරන ලද සිව්දෙනකු විසින් එම පූජාව පවත්වනු ලැබේ. මොවුන් ඉහළ කුලයන් නියෝජනය කරන පුද්ගලයන් විය. විශේෂයෙන් මොවුන් නියෝජනය කළේ ගොවිගම කුලයයි. ඓතිහාසික වාර්තාවලට අනුව පෙනී යන කරුණක් වන්නේ මහනුවර දළදා මාලිගාවේ සිදුකරන අභ්‍යන්තර කටයුතු භාරව උසස් හා පහත් ලෙස කොටස් දෙකකින් බෙදී සිටි බවය.

    මෙම බෙදීමට භික්ෂූන් වහන්සේලා අයත් වූ බවක් නොපෙනේ. භික්ෂුන් හැර සෙසු පුද්ගලයන් මේ යටතට ගැනෙයි. හේතුව සමාජයේ වැදගත් තැනක් එදා භික්ෂූන් වහන්සේට හිමිව තිබීමයි. භික්ෂූන් වහන්සේලාට අමතරව සෙසු පුද්ගලයන්ගෙන් බොහෝවිට දළදා වහන්සේට සමීප කටයුතු කිරීමට උසස් යැයි සම්මත කුලීනයන් යොදා ගත් බව පෙනේ. ඉහත උදෑසන පූජාවට යොදා ගන්නා වට්ටෝරුරාළ ගෙපරාල මෙන්ම මධ්‍යම පූජාව සදහා යොදාගන්නා කත්තිය රාළද ඉහළ කුලයකින් තෝරා ගනු ලබයි.

    දහවල් තේවාව

    දහවල් පූජාවේදී මුල්තැන් ගේ පිසින ලද ව්‍යංජන 32් සහිත දානය කත්තිය රාළ විසින් ඉහළ මාලයට ගෙනගොස් ගොවිරාලට භාර දෙයි .ඔහු විසින් එය භික්ෂූන්ට පිරිනමනු ලබයි. භික්ෂූූන් විසින් එය දළදා වහන්සේ වෙනුවෙන් පූජා කරනු ලබයි. එලෙස පූජා පවත්වන විටදී අඛන්ඩව බෙර වාදනයේ යෙදෙන පිරිසක් සිටී.


    හවස තේවාව

    හවස තේවාවද භික්ෂූන් ප‍්‍රමුඛ වට්ටෝරු රාළගේ ආධාර ඇතිව දොරවල් විවෘත කර හේවිසි හඬ මධ්‍යයේ සිදුකරනු ලබන්නේ ගිලන් පස පූජාවයි.


    දළදා වහන්සේ වෙනුවෙන් මෙලෙස දෛනිකව සිදුකළ තේවා කටයුතු දෙස බලන විට මුල්කාලීනව එහි රාජකාරීමය බලය භික්ෂූන් වහන්සේලාට හා පිරිමි ගිහියන්ට පැවරී තිබූ බව පෙනේ. එම භික්ෂූන් වහන්සේලා තෝරාගනු ලැබුවේ අස්ගිරි හෝ මල්වතු විහාර පාර්ශවයන්ට අයත් භික්ෂූන්ගෙනි. එනිසාම සෙසු භික්ෂූන් වහන්සේලාට වඩා වැඩි ගෞරවයක් හිමිව තිබූ බව පැහැදිලිය,් මුල් කාලීනව දළදා වහන්සේ සම්බන්ධ වතාවත් කිරීමේදී සියලු කටයුතු කිරීමේි රාජකාරිය පැවරීමේ අයිතිය රජු සතු විය. නමුත් වර්තමානය වන විට මෙය වෙනස් වී ඇති බව පෙනෙයි. එය අස්ගිරි මල්වතු භික්ෂූන් හා දියවඩන නිළමේ විසින් සිිදුකරනු දක්නට ලැබේ.

    ‍ක්‍රි.ව 1815 බි‍්‍රතාන්‍යයන්ට උඩරට රාජ්‍යය යටත් වීමත් සමග ඇති වූ යම් යම් ව්‍යාකූලතාවයන් හේතුකොට ගෙන දළදා වහන්සේ විවිධ තැන්වල ස්ථානගත කෙරිණි. එතැන් සිට 1828 වන තෙක් දසකයකට ආසන්න කාලයක් කිසිදු දළදා පෙරහැරක් හෝ ප‍්‍රදර්ශනය නොපැවැත්වුන අතර දළදා වහන්සේ වෙනුවෙන් නිති තේවා කටයුතු නිසිලෙස ඉටුකිරීමට අවස්ථාවක් තිබුණේද යන්න සැක සහිතය. හේතුව 1828 බ‍්‍රවුංරිග් ආණ්ඩුකාරවරයාගේ මූලිකත්වයෙන් බ‍්‍රිතාන්‍යය විසින් දළදා පෙරහැර පවත්වන තුරු දළදා වහන්සේ ඔවුන්ගේ ආරක්ෂාව යටතේ පැවතීමයි.

    1818 ඇති කළ කැරැුල්ල හේතුවෙන් ඔවුන් එසේ කළ බව සඳහන් වේ. කෙසේ වෙතත් 1853 සිට දළදා වහන්සේගේ සම්පූර්ණ භාරකාරත්වය අස්ගිරි මල්වතු උභය මහා විහාරස්ථානවල මහා නායක ස්වාමීන් වහන්සේලාට හා දියවඩන නිලමේතුමන්ට භාරකොට ඇත. එතැන් පටන් දළදා වහන්සේ වෙනුවෙන් කෙරෙන තේවා කටයුතු ඔවුන් විසින් අඛන්ඩව වර්්තමානය දක්වා පවත්වාගෙන එනු ලබයි. සෑම වසරකව උපසම්පදා භික්ෂුන් වහන්සේලා වස් එලඹෙන දිනයේදී මෙම උභය විහාරික භික්ෂූන් වහන්සේලා අතර මුර මාරුවීම හෙවත් තේවා භාරකාරීත්වය වෙනස් වේ.




    ඔබගෙ දෑන ගෑනිම සදහා මෙය උපුටා ගෑනිමක් බව සලකන්න..



    හොදයි නම් + rep දාලම යන්න

     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    mama nam maligawe gahana hewisi ahanda marama asi..samahara dawasla iwara wenakanma maligawata ela ahagena innawa....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතාමත් හොද වැඩක් සහෝදරයා. මම දන්නා කාරනා දෙකක් ද පවසන්නම්.

    1. දළදා සමිදුන් ගේ තේවාව සදහා හේවිසි නාද පවත්වනු ලබන තාල කිසිදු තැනක ලියැවී නොමැත. එය පරම්පරානුගත ව පැවත එයි. හේවිසි වාදන බාර නීලගම වාදකයන් පවසන්නේ එය තම පියවරුන් වයනු අසා සිටි බවත් පසුව තමා තේවාව සදහා වාදනය කරන විට නිතැතින් ම එය වාදනය වන බවත්ය.

    2. දළදා සමිදුන් භාරව සිටින ගිහි නායකයාණන් -ගරු දියවඩන නිළමේ තුමා- යනු රජතුමා ගේ ආහාර අනුභවය සදහා අතට පැන්වත්කිරීමේ වාසල රාජකාරිය නියම වූ නිලධාරියාය. ඔහුට දළදා සමිදුන් ගේ භාර කාරීත්වය ලබා දී ඇත්තේ ඇයි? පැරණි චාරිත්‍රානුකූලව රජු ගේ ආහාරය අගු බලන නිලමේ විසින් කලින් අනුභව කොට වරදක් හෝ වස විසක් නැති බවට රජුට දැනුම් දේ. මින් පසුව ය රජු ආහාර අනුභව කරන්නේ. මේ නිසා රජුට යම් හාණිදායක දෙයක් කල හැක්කේ-වස දිය හැක්කේ- බොජුන් මේසය අසල සිටින දියවඩන නිළමේට පමණි. මේ නිසා දියවඩන නිළමේ යනු රජු ගේ අතිශය විශ්වසනීය රාජකීය නිලමක්කාරයා වේ. අති විශ්වසනීය දියවඩන නිළමේ හට දළදා සමිදුන් ගේ භාරකාරීත්වය ලැබෙන්නේ එහෙයිනි.


    දළදා සමිදු පිහිටයි!!!!
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ඉතාමත් හොද වැඩක් සහෝදරයා. මම දන්නා කාරනා දෙකක් ද පවසන්නම්.

    1. දළදා සමිදුන් ගේ තේවාව සදහා හේවිසි නාද පවත්වනු ලබන තාල කිසිදු තැනක ලියැවී නොමැත. එය පරම්පරානුගත ව පැවත එයි. හේවිසි වාදන බාර නීලගම වාදකයන් පවසන්නේ එය තම පියවරුන් වයනු අසා සිටි බවත් පසුව තමා තේවාව සදහා වාදනය කරන විට නිතැතින් ම එය වාදනය වන බවත්ය.

    2. දළදා සමිදුන් භාරව සිටින ගිහි නායකයාණන් -ගරු දියවඩන නිළමේ තුමා- යනු රජතුමා ගේ ආහාර අනුභවය සදහා අතට පැන්වත්කිරීමේ වාසල රාජකාරිය නියම වූ නිලධාරියාය. ඔහුට දළදා සමිදුන් ගේ භාර කාරීත්වය ලබා දී ඇත්තේ ඇයි? පැරණි චාරිත්‍රානුකූලව රජු ගේ ආහාරය අගු බලන නිලමේ විසින් කලින් අනුභව කොට වරදක් හෝ වස විසක් නැති බවට රජුට දැනුම් දේ. මින් පසුව ය රජු ආහාර අනුභව කරන්නේ. මේ නිසා රජුට යම් හාණිදායක දෙයක් කල හැක්කේ-වස දිය හැක්කේ- බොජුන් මේසය අසල සිටින දියවඩන නිළමේට පමණි. මේ නිසා දියවඩන නිළමේ යනු රජු ගේ අතිශය විශ්වසනීය රාජකීය නිලමක්කාරයා වේ. අති විශ්වසනීය දියවඩන නිළමේ හට දළදා සමිදුන් ගේ භාරකාරීත්වය ලැබෙන්නේ එහෙයිනි.


    දළදා සමිදු පිහිටයි!!!!

    thanx machoo