දළදා මාලිගාවේ දියවඩන නිලමේට දූෂණ චෝදනා

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    දළදා මාලිගාවේ දියවඩන නිලමේට දූෂණ චෝදනා

    දළදා මාලිගාවේ දියවඩන නිලමේට දූෂණ චෝදනා

    PND.jpg

    ‘සුරකිමු දළදා ජාතික ව්‍යාපාරය‘ විසින් මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල බණ්ඩාරට එරෙහිව මහනුවර වැඩ බලන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

    2005 ජුලි මස ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ හා ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකාර දියවඩන නිලමේ තනතුරට පත්වූ ඔහු 2009 සිට දළදා මාලිගාවේ අර්ධ වාර්ෂික අයවැය බෞද්ධ කටයුතු කොමසාරිස්ට ඉදිරිපත් නොකළැයි චෝදනා කරමින් එම පැමිණිල්ල ගොනු කර තිබෙන්නේ

    මල්වතු අස්ගිරි මහානාහිමිරුන්ගේ ද අත්සන් ඇතිව මේ අයවැය ඉදිරිපත් නොකිරීමේ රහසක් ඇතැයි, පෙත්සම ඉදිරිපත් කළ රසික සුදන්ත පුංචි බණ්ඩාර සේනානායක හා නා.මු. අශෝක බණ්ඩාර මහත්වරු පවසනවා.

    මෑතක පැවැත්වුනු ඔහුගේ විවාහ මංගල්‍යයේ මංගල රථය ලෙස එංගලන්තයෙන් ගෙන්වාගත් කොටස් වලින් සැකසූ මිනි කූපර් රථයේ බෆර් දෙකෙහි රත්තරන් ආලේප කිරීම සඳහා මාලිගාවේ රත්තරන් යොදා ගත්බවටද චෝදනා එල්ලවී තිබෙනවා.

    මාලිගාවේ රත්තරන් තම පෞද්ගලික අවශ්‍යතාවයන් සඳහා යොදාගත්තාට අමතරව මෙම රත්තරන් ආලේප කිරීමේ වියදමද මාලිගාවේ ගිණුමට බැර කර තිබෙන බවයි වාර්තා වෙන්නේ. එම මිනි කූපර් රථය එකලස් කිරීමට එංගලන්තයේ සිට පැමිණි ඉංජිනේරුවන් දෙදෙනාගේ වියදමද මාලිගාවේ මුදලින් ගෙවා දමා දමා තිබෙනවා.

    දළදා මාලිගාවට දිනකට අති විශාල මුදල් ප්‍රමාණයක් ලැබෙන අතර එම මුදල් අයථා ලෙස පාවිච්චි කිරීම් ඇතුළුව මොහුට විරුද්ධව විශාල ප‍්‍රමාණයක් දූෂණ චෝදනා ඇති බවත් ‘සුරකිමු සිරි දළදා’ නම් ව්‍යාපාරයක් මගින් ඊට එරෙහිව නීතිමය කටයුතු කිරීමටත්, ජනතාව දැනුවත් කිරීමටත් අවශ්‍ය පියවරයන් ගනිමින් සිටින බවට වාර්තා වෙනවා.

    "සුරකිමු සිරි දළදා" ජාතික ව්‍යාපාරය මහනුවරදි 2011 නොවෑම්බර් මස පිහිටුවාගන්නා ලද අතර එය දළදා මාලිගාවට හෝ එහි ශ්‍රී නාමයට, චිරානුගත සම්ප්‍රදායන්ට හෝ, නිශ්චල චංචල ද්පලට හානි වන්නාවූ හෝ, සම්ප්‍රදායන් වෙනස් කිරීම හෝ ශ්‍රී දළදා මාලිගාවේ රාජකාරී හෝ ඊට සම්බන්ධ මොනයම් නිලයකින් හෝ ලැබෙන වරප්‍රසාද මාලිගාවේ ශ්‍රී නාමයට හානි වන ලෙසින් තම පෞද්ගලික අභිමතාර්ථ මුදුන් පමුනුවා ගන්නන්ට එරෙහිව ක්‍රියාත්මක වීමටත් එම අවස්ථාවලදී අදාල අංශ දැනුවත් කිරීමත් අරමුණු කරගන පිහිටුවාගන ඇති බවයි පැවසෙන්නේ.

    mini-coopper.jpg

    මෙහි දැක්වෙන්නේ දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල තමන්ගේ විවාහ මංගල්‍යයේ පලමු ගමනට යොදාගෑනිම සඳහා මාලිගාවේ වියදමෙන් මිළට ගත් බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මිනි කුපර් කාර් රථයයි. මෙහි රත්‍රං ආලේප කර ඇත්තේ දළදා මාලිගාවේ රත්‍රං වලින් වන අතර මෙම රථය විවාහ උත්සවයෙන් පසු මාලිගාව පිටුවපස නිළ නිවසේ (රාජා ඈතාගේ සොහොන උඩ) ගාල් කර ඇත.

    ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ වන ප‍්‍රදීප් නිලංග දෑල බණ්ඩාරට ඇති දූෂණ චෝදනා ලැයිස්තුව මෙතනින්

    and read this also
    Code:
    http://bandaragama.wordpress.com/2009/07/30/02-4/
    Source :
    Code:
    gossip9/internet
     
    Last edited:
    • Like
    Reactions: gcj

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අනේ මන්දා මේවානම්,ඔහොම දෙයක් ඇත්තටම කොරලා තියනවා නම් කැතයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලංකවේ කවදාවත් වෙච්ච දේවල්ද මේ වෙන්නෙ
    කවුරුත් ආදරේ කරන රටේ මුදුන් මල්කඩේ වෙන දේවල්ද මෙවා ලැජ්ජයි ලංකා
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේවා නං පිලිගන්න ටිකක් අමාරුයි. ඔය කාර් එක හදන්න එංගලන්තෙන් බාස්ලා ගේන්න ඕනෙ වෙන්නෙ නෑ මොනම හේතුවකට වත්.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේවා නං පිලිගන්න ටිකක් අමාරුයි. ඔය කාර් එක හදන්න එංගලන්තෙන් බාස්ලා ගේන්න ඕනෙ වෙන්නෙ නෑ මොනම හේතුවකට වත්.

    :yes::yes: එක ඇත්ත,ඔවාගේ චොදනා ඔයිට කලින් හිටපු දියවඩන නිළමේටත් තිබුනා,එවුනාට මම නම් හිතන්නෙ එවා බොහෝ දුරට පෞද්ගලික තරහ පිරි මහ ගන්න ගොතපු එවා වෙන්න ඔනේ කියලයි,ෂුවර් නැ එහෙම හිතෙනවා,අපේ මිනිස්සු හරිම දක්ෂයි නේ මිනිස්සුන්ට මඩ ගහන්න,මේකත් එහෙම දෙයක් වෙන්න බැරි නැ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes: එක ඇත්ත,ඔවාගේ චොදනා ඔයිට කලින් හිටපු දියවඩන නිළමේටත් තිබුනා,එවුනාට මම නම් හිතන්නෙ එවා බොහෝ දුරට පෞද්ගලික තරහ පිරි මහ ගන්න ගොතපු එවා වෙන්න ඔනේ කියලයි,ෂුවර් නැ එහෙම හිතෙනවා,අපේ මිනිස්සු හරිම දක්ෂයි නේ මිනිස්සුන්ට මඩ ගහන්න,මේකත් එහෙම දෙයක් වෙන්න බැරි නැ
    ow ehema wennath puluwan
    hebei meya hitapu school eke OBU eke seen wagekatath meya nondi wela inne
    parana purudda maligawatath aran giyada danne ne hebei
    7.gif
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ෂික්..දළදා හාමුදුරුවන්ටත් වංචා කරන එවුන්..මුන්ට ඉතිං හරියයිද. අපි මාලිගාවට අඩියක් උනත් තියන්නෙ කොච්චර ගරුත්වයකින්ද :(
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,599
    6,172
    113
    දළදා මාලිගාවේ දියවඩන නිලමේට දූෂණ චෝදනා

    දළදා මාලිගාවේ දියවඩන නිලමේට දූෂණ චෝදනා

    PND.jpg

    ‘සුරකිමු දළදා ජාතික ව්‍යාපාරය‘ විසින් මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල බණ්ඩාරට එරෙහිව මහනුවර වැඩ බලන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

    2005 ජුලි මස ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ හා ශ්‍රී දළදා මාලිගාවේ ගිහි භාරකාර දියවඩන නිලමේ තනතුරට පත්වූ ඔහු 2009 සිට දළදා මාලිගාවේ අර්ධ වාර්ෂික අයවැය බෞද්ධ කටයුතු කොමසාරිස්ට ඉදිරිපත් නොකළැයි චෝදනා කරමින් එම පැමිණිල්ල ගොනු කර තිබෙන්නේ

    මල්වතු අස්ගිරි මහානාහිමිරුන්ගේ ද අත්සන් ඇතිව මේ අයවැය ඉදිරිපත් නොකිරීමේ රහසක් ඇතැයි, පෙත්සම ඉදිරිපත් කළ රසික සුදන්ත පුංචි බණ්ඩාර සේනානායක හා නා.මු. අශෝක බණ්ඩාර මහත්වරු පවසනවා.

    මෑතක පැවැත්වුනු ඔහුගේ විවාහ මංගල්‍යයේ මංගල රථය ලෙස එංගලන්තයෙන් ගෙන්වාගත් කොටස් වලින් සැකසූ මිනි කූපර් රථයේ බෆර් දෙකෙහි රත්තරන් ආලේප කිරීම සඳහා මාලිගාවේ රත්තරන් යොදා ගත්බවටද චෝදනා එල්ලවී තිබෙනවා.

    මාලිගාවේ රත්තරන් තම පෞද්ගලික අවශ්‍යතාවයන් සඳහා යොදාගත්තාට අමතරව මෙම රත්තරන් ආලේප කිරීමේ වියදමද මාලිගාවේ ගිණුමට බැර කර තිබෙන බවයි වාර්තා වෙන්නේ. එම මිනි කූපර් රථය එකලස් කිරීමට එංගලන්තයේ සිට පැමිණි ඉංජිනේරුවන් දෙදෙනාගේ වියදමද මාලිගාවේ මුදලින් ගෙවා දමා දමා තිබෙනවා.

    දළදා මාලිගාවට දිනකට අති විශාල මුදල් ප්‍රමාණයක් ලැබෙන අතර එම මුදල් අයථා ලෙස පාවිච්චි කිරීම් ඇතුළුව මොහුට විරුද්ධව විශාල ප‍්‍රමාණයක් දූෂණ චෝදනා ඇති බවත් ‘සුරකිමු සිරි දළදා’ නම් ව්‍යාපාරයක් මගින් ඊට එරෙහිව නීතිමය කටයුතු කිරීමටත්, ජනතාව දැනුවත් කිරීමටත් අවශ්‍ය පියවරයන් ගනිමින් සිටින බවට වාර්තා වෙනවා.

    "සුරකිමු සිරි දළදා" ජාතික ව්‍යාපාරය මහනුවරදි 2011 නොවෑම්බර් මස පිහිටුවාගන්නා ලද අතර එය දළදා මාලිගාවට හෝ එහි ශ්‍රී නාමයට, චිරානුගත සම්ප්‍රදායන්ට හෝ, නිශ්චල චංචල ද්පලට හානි වන්නාවූ හෝ, සම්ප්‍රදායන් වෙනස් කිරීම හෝ ශ්‍රී දළදා මාලිගාවේ රාජකාරී හෝ ඊට සම්බන්ධ මොනයම් නිලයකින් හෝ ලැබෙන වරප්‍රසාද මාලිගාවේ ශ්‍රී නාමයට හානි වන ලෙසින් තම පෞද්ගලික අභිමතාර්ථ මුදුන් පමුනුවා ගන්නන්ට එරෙහිව ක්‍රියාත්මක වීමටත් එම අවස්ථාවලදී අදාල අංශ දැනුවත් කිරීමත් අරමුණු කරගන පිහිටුවාගන ඇති බවයි පැවසෙන්නේ.

    mini-coopper.jpg

    මෙහි දැක්වෙන්නේ දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල තමන්ගේ විවාහ මංගල්‍යයේ පලමු ගමනට යොදාගෑනිම සඳහා මාලිගාවේ වියදමෙන් මිළට ගත් බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මිනි කුපර් කාර් රථයයි. මෙහි රත්‍රං ආලේප කර ඇත්තේ දළදා මාලිගාවේ රත්‍රං වලින් වන අතර මෙම රථය විවාහ උත්සවයෙන් පසු මාලිගාව පිටුවපස නිළ නිවසේ (රාජා ඈතාගේ සොහොන උඩ) ගාල් කර ඇත.

    ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ වන ප‍්‍රදීප් නිලංග දෑල බණ්ඩාරට ඇති දූෂණ චෝදනා ලැයිස්තුව මෙතනින්

    and read this also
    Code:
    http://bandaragama.wordpress.com/2009/07/30/02-4/
    Source :
    Code:
    gossip9/internet
    Bump
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    මේවා නං පිලිගන්න ටිකක් අමාරුයි. ඔය කාර් එක හදන්න එංගලන්තෙන් බාස්ලා ගේන්න ඕනෙ වෙන්නෙ නෑ මොනම හේතුවකට වත්.
    Ow ow amraui Piligana 😂