දළදා වතුර - 1828

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    424560_349132275125956_193218727383979_904885_1238954075_n.jpg


    ◄◄දළදා වතුර-දළදා වහන්සේගේ ප්‍රාතිහාර්යමය බලගතු මහිමය►►


    1818 – 1827 යන කාල වකවානුවේ ඉංගී‍්‍රසි ආණ්ඩුව දළදා පෙරහර හෝ දළදා ප‍්‍රදර්ශන පැවැත්වීම සම්පූර්ණයෙන් ම තහනම් කොට නියෝග පනවා තිබුණි. වර්ෂ 1827 – 1828 යන කාල වකවානුවේ දිවයින පුරා දැඩි නියඟයක් පැවැතුණි. මේ නියඟයෙන් ඇළ දොළ ගංගා සිඳී භවභෝග විනාශ වී වසංගත රෝග දසත පැතිර ගියේය. මෙයට මූලික සැලැකිය යුතු කාලයක් දළදා පෙරහරක් හෝ දළදා ප‍්‍රදර්ශනයක් (දළදා පින්කම) නොපැවැත්වීම යන අදහස ගිහි පැවිදි සියලු දනන් අතර මුල් බැසගෙන තිබුණි. එබැවින් භික්ෂුන් වහන්සේලා හා උඩරට නායකයන් විසින් මේ වග ඉංගී‍්‍රසි ආණ්ඩුකාරවරයා හට දන්වා සිටින ලදී. ඒ අනුව ශී‍්‍රමත් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා විසින් වර්ෂ 1828 මැයි මස 29 දින යෙදුණු වෙසක් පුන් පොහො දින දළදා ප‍්‍රදර්ශනයක් සහිත දළදා පෙරහරක් පැවැත්වීමට නිල අවසරය ලබා දුන්නේය. ඒ අනුව වර්ෂ 1828 මැයි මස 29 වන දිනට යෙදුණු වෙසක් පුන් පොහෝ දින පවත්වන ලද දළදා පෙරහර හා දළදා ප‍්‍රදර්ශනය (මෙය වූ කලි ඉංගී‍්‍රසි ආණ්ඩුව යටතේ පවත්වන ලද පළමු දළදා ප‍්‍රදර්ශනය ලෙස ඉතිහාසගත වේ.) අවසානයේදී මහනුවර ප‍්‍රදේශයට ඇදහැලුණු මහා ධාරානිපාත වර්ෂාවෙන් මුළුමහත් නගරයම ජලයෙන් යටවූ බව කියැවේ. මේ මහා ධාරානිපාත වර්ෂාව මින් පෙර නොවූ විරූ එකක් වූ අතර දිගු නියඟය අවසන් කිරීමේ දළදා ප‍්‍රාතිහාර්ය මහජනතාව විසින් හඳුන්වන ලද්දේ ‘දළදා වතුර’ යන නමිනි.

    මීට වසර 119කට පසු 1947දී පලමු දළදා වතුරට නොදෙවෙනි ආකාරයෙන් මහනුවර වැව දෙවන වතාවටත් උතුරා පිටාර ගැලූ බව ජනප්‍රවාදයේ සදහන් වේ ,මේ ඡායාරූපයෙන් ඒ අවස්ථාව නිරූපනය වේ.


    Source : http://www.facebook.com/photo.php?f...776994774.43033.193218727383979&type=1&ref=nf
     

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    විශ්වාසය විශ්වාස කරන තරමට ප්‍රතිඵළදායකයි..
    වටින නූලක්..!

    :nerd: