දළදා_වහන්සේ_වැඩමවන්න
--------------------------------------------------------------------------------------------------------------------------
මෙය 100% උපුටගන්නේ ලද එකකි....මෙහෙ අයිතිය The Last Row එකෙ වයලීනෝ සතුවේ....

අපි ලංකාවේ බොදුනුවන්ගේ මුදුන් මල්කඩ කියලා හඳුන් වන්නේ, අවසරයි ශ්‍රී දළාදා වහන්සේ. මේ දළදා වහන්සේ රාජ්‍යත්වයේ සංකේතයක් උනා. දැනුත් ඒවගේම තමයි. රාජාවලිය ඉවර වෙලා ඉතින් වැඩවසම් යුගයත් ඉවරවෙලා ඔක්කොම ඉවරෙටම ඉවර උනාම දළදා හාමුදුරුවන්ගේ භාරකාරත්වය අවසරයි, අස්ගිරි මල්වතු නාහිමිවරුන්ට සහ දියවඩන නිලමේ තුමාට නිල වශයෙන්ම භාර වෙනවා. දළාදා කරඬුවට යතුරු තුනක් තියෙනවා කියලා තමයි මම අහලා තියෙන්නේ. මහා නායක හාමුදුරුවන් දෙනමටත් දියවඩන නිලමේ තුමාටත් මේ යතුරු තුන භාර වෙනවා. දළදා වහන්සේ කරඬුවෙන් ඉවතට වැඩමවන්න ඕනෑනම් මේ යතුරු තුන එකතුවෙන්න ඕන. මෙහෙම කරන්න ඇත්තේ දළදා වහන්සේගේ ආරක්ෂාවට වෙන්න ඇති. කොහොමහරි ඉතින් ඒ තුන්දෙනාට තියෙන පින් අපිට කොයින්ද. දළදා කරඬුව ඈතින් ඉඳලා බලලා වැඳලා සා….ධු කියල යනවා මිස සිරිපතුල නමදිනවා වගේ දළදා කරඬුවට නළල තියන්නවත් වාසනාවක් නෑනේ.
දළදා කරඬුව ස්පර්ශ කරන්න මනුස්ස අපිට බැරි උනත් තිරිසන් ආත්මයක් ලබාගත්ත ඇතෙක්ට පෙරහැර කරඬුව පිටේ හොවාගෙන රාජ තේජසින්, අස්පයා පිටින් , ආ නෑ නෑ පාවාඩය පිටින් නුවර වැව වටේ රවුමක් ගිහන් එන්න වාසනාව තියෙනවා.
අපි තරම් පව් නොකලත් කරපු පොඩි පවකට තිරිසන් කුලයේ ඉපදුන ගම්පහ නැදුන්ගමුවේ රාජා ඇතා ගැන තමයි මම මේ කියන්න යන්නේ.
“පිළියන්දල නීලම්මහර වෙද හාමුදුරුවෝ ගැන ඔයාලා අහලා ඇති. 1960 දශකයේ ලංකාවේ වැඩසිටි ස්නායු රෝග සම්බන්දව සිංහල වෙදකමෙන් පරතෙරටම ගිය මෙතුමන් වහන්සේ පිළිබඳව දේශ දේශාන්තර වලත් ප්‍රසිද්ධයි.
මේ කාලයේ ඉන්දියාවේ මහාරාජ කෙනෙක්ගේ දුවෙක්ට පොඩ්ඩක් වයර් වෙලා මැන්ටල් රෝගයක් හැදෙනවා. අනේ ඉන්දියාවේ බෙහෙතට මේ වයර් කේස් එක ෆික්ස් කරන්න බැරිවෙනවා. මේ මහාරාජා නීලම්මහර හාමුදුරුවෝ ගැන දැනගෙන වයර් දුවවත් අරගෙන ලංකාවට එනවා. ඉතින් අපේ නීලම්මහර හාමුදුරුවෝ ඉන්දියාවම කොර කරලා මේ වයර් දුවව වයර්ලස් කරලා සනීප කරනවා.මහාරාජාට ෆුල් හැපී .
මහා රජා අහනවා හාමුදුරුවන්ගෙන්, ඒ වෙනුවෙන් දෙන්න වෙදපඬුරු ගැන. හාමුදුරුවෝ සල්ලි ගන්නේ නෑ. ඉල්ලන්නේ දල ඇත් පැටියෙක්. මහරාජා ඉන්දියාවට ගිහින් දල ඇත් පැටවු දෙන්නෙක්ම ලංකාවට එවනවා.
මේ දෙන්නා නීලම්මහර ඇත් බාන කියලා ලංකාවේ ප්‍රසිද්ද වෙනවා. මෙයින් එක්කෙනෙක් ටිකක් ලොකුයි. එයා නීලම්මහර ලොකු ඇතා.අනිත් එක්කෙනා නීලම්මහර පොඩි ඇතා.
ගම්පහ ඉන්නවා පඬුවාවල කියලා වෙද පරපුරක්. ඒ පරපුරේ හිටපු දක්ෂ වෙද මහත්තයෙක් තමා ධර්මවිජය වෙද මහතා. මේ ධර්මවිජය වෙද මහත්තයට හිටියා අලි ඇත්තු පිරිසක් ඉන්න ඇත් පන්තියක්.මේකේ තව උතුම් ලක්ෂණ තියෙන ඇත්තු බෝ කරගන්න මේ නීලම්මහර ලොකු ඇතාව ධර්මවිජය වෙද මහත්තයා නීලම්මහර වෙද හාමුදුරුවන්ගෙන් මිලදී ගන්නවා.
ඔන්න ඔහොම පිළියන්දල නීලම්මහර ගමේ හිටපු ලොකු ඇතා ගම්පහ නැදුන්ගමුවේ ධර්ම විජය වලව්වට එනවා.
ධර්මවිජය නමෙන් විජය නම දාලා විජයරාජා කියලා ඔන්න නම තීන්දු කළා. එදා ඉඳන් මෙයා විජය රාජා.
පොඩි ඇතා එච්චර හොඳ බුලට් එකක් නෙවේ. මිනිහා නාහෙට අහන්නේ නැති එකා. එයාව මිලදී ගන්නේ හුණුපිටිය ගංගාරාමයේ ගලබොඩ ඥානිස්සර හාමුදුරුවෝ. ගංගාරාමෙට ආවම තමා මෙයා දැහැමෙන් සෙමෙන් ජීවත් වෙන්න පටන්ගන්නේ.පස්සේ කාලේදී මේ පොඩි ඇතාව හැඳින්වුණේ නවම් රාජා කියලා.
නවම් රජා අවරුදු 50ක් 52ක් විතර ඉඳලා දැනට අවරුද්දකට විතර කලින් හුණුපිටියේ වීහාර පරිශ්‍රයේදී අවසන් සුසුම් හෙළනවා. ඉතින් දැන් ඉතුරුවෙලා ඉන්නේ මේ අපේ ගම්පහ නැදුන්ගමුවේ ඉන්න නීලම්මහර ඇත බානේ ලොකු ඇතා වන නැදුන්ගමුවේ විජය රාජා විතරයි.
මේ ජෝඩුව ඉපදිලා තියෙන්නේ ඉන්දියාවේ මයිසුර් ප්‍රාන්තයේ.පශු විද්‍යාව කරන කස්ටිය කියන්නේ මේ දෙන්නම තායිලන්තයේ ඉන්න ඇත් උප විශේෂයකට අයිති වෙනවා කියලා.කුම්බස්තලය ඉදිරියට හොඳට නෙරලා තියෙනවා.පාටත් ටිකක් ලංකාවේ ඇත්තුන්ට වඩා වෙනස් වගේ.ගෝමර / කබර ලා රෝස පාටක් ගන්නවා.එක නිසා තමයි තායිලන්තයේ උප විශේෂයකට අයත් වෙනවා කියන්නේ.
ඇත් කුල අතරින් උතුම් කුලය වන්නේ ඡද්දන්ත කුලය.මේ ඡද්දන්ත කුලයේ ඇත්තු දැන් නෑ කියලා තමයි අලිබලන මාමලා කියන්නේ.එයාල කරන රස්සාව මිනිස්සු එච්චර ගණන් ගත්තේ නැතත් එයාලටත් පාරම්පරික මෙව්වා එකක් තියෙනවා.ඒ කිව්වේ දැනුමක්. එයාල ශ්ලෝක මන්තර වගේ දේවලුත් දන්නවා.
ඡද්දන්ත කුලේ ඇත්තු නෑ කිව්වත් ඊට ආසන්න ඒ ලක්ෂණ තියෙන ඇත්තු ඉන්නවා. මේ විජය රාජත් ඒ වගේ ලක්ෂණ තියෙන ඇතෙක්. මේ ලක්ෂණවලින් මුලික වෙන්නේ දේහයේ ස්ථාන හතක් බිම ගෑවීම.කකුල් හතර, හොඩය , වලිගය සහ ලිංගය කියන මේ හත තමා එහෙම බිම ගෑවෙන්න ඕන.
විජය රාජාගේත් මේ හතම දෙයියනේ කියලා බිම ගෑවෙනවා.හොඳ උසක් තියෙනවා.ඒ වගේම වත පුටුව බඳින්න පුළුවන් හොඳ පළල් පිටක් තියෙනවා.ඇස්වහක් කටවහක් නෑ එල කිරි දල දෙකක් තියෙනවා.ඉතින් එයත් හෙන පොරක් උනා.
දළදාව වැඩමවීම කරන්න ගොඩක් ප්‍රසිද්ද උනේ දළදාමාලිගාවේ රාජා ඇතා
අනේ ඉතින් එයා මැරුණා. ඊට පස්සේ තවත් ඇත්තු දළදාව වැඩම කලත් මේ විජය රාජා තමා පොර වෙලා දළාදා වහන්සේ වැඩමවන්න ඉදිරිපත් උනේ.
මේ විස්තරේ කිව්වේ දවසක් (අවරුදු 5කට 6කට කලින්) දළාදා පෙරහැර ටීවී එකේ බලනකොට එකේ විස්තර ප්‍රචාරය කරපු සුනිල් රඹුක්පොත මහතා. මීට වඩා හොඳ වචනවලින් එතුමා ඒ විස්තරේ ඉදිරිපත් කළා.
අලි ඇත්තු ගැන පිස්සුවක් තියෙන නිසා වෙන්නැති මට ඕක හොඳට මතක තිබුනා.
සමන්දේවාලේ පෙරහරට මේ ඇතා ඇවිත් හිටයා දැක්කම මට මාර හැපියක් ආවා.මට ඇතාව බලන මාමාව කතාවට අල්ලගෙන විස්තර ටිකක් අහගන්න, ඇතාගෙ ලඟින් ටිකක් ඉන්න සහ ඇතාව පොඩ්ඩක් ආශ්‍රය කරන්න ආසා හිතුනා.එත් බයයි හෆ්ෆා. මේ අලි ඇත්තු බලන කස්ටිය හෙන නපුරුයි කියලා තමා මම අහලා තින්නේ.මම අවරුදු තුන හතරක්ම මේ කතා කිරිල්ල මග ඇරියා බයටම.
2012 පෙරහරට ඇතා ඇවිත් හිටියා දැකලා පහුවෙනිදා මම තනියමම ආයෙත් පෙරහැර බලන්න ගියා. යාලුවෝ එක්ක ගියාම මහ අවුල්. උන් කෑලි කොටුකරලා රවුම් කරන්න ගත්තම මගේ වැඩේ හබක්.(මම කරන්නේ ත්‍රිකෝණ කරලා රවුම් කරන එක ) .ඒකනිසා උන් එකෙක්වත් එක්ක නොයා මම තනියම ගේමට බැස්සා.ගිහින් නැකතට කරඬුව තියන, පෙරහැර පටන්ගන්න ඒවා අනංමනං ඔක්කොම බලන් ඉඳලා පෙරහරත් බලලා ඉවරවෙලා කරඬුව දේවාලෙට වැඩමනකොට දේවාලේ ගාවට වෙලා හිටියා. ඇතා දැන් ෆ්‍රී.
මට බයත් එක්ක. ඒත් ඕන එකක් කියලා ඒ මාම එක්ක කතා කරා.(මාමා කිව්වට සීය කෙනෙක්).
ඒ මාමා (සීයා) කිව්වේ මෙහෙම කතාවක්.
( මේ පොස්ටුව ඔන්න දැන් මාගලේ සීමාව පහු කරගෙන යනවා. සමාවෙලා කියවන්න ඕන ඉතින් හොඳේ )
” රාජා නිසා තමයි මහත්තයෝ මමයි මගේ දරුපවුලයි රැකෙන්නේ.ජයසේනලා ජීවත්වෙන්නෙත් ඇතාට වැඩකරලා රාලහාමිගෙන් ගන්න පඩියෙන්.මොනවා උනත් රාලහාමි ඇතාට වගේම අපිටත් හොඳට සලකනවා.මම වලව්වේ ඇත්පන්තියෙ වැඩට ආවේ 1973 1974 විතර කාලේ.වලව්වේ ඇතින්නක් තමා මම මුලින්ම බලාගත්තේ.ඒ ඇතින්න ටික කාලෙකින් මැරුනා.පස්සේ තමයි මට මේ ඇතාව භාර කරේ.ඉක්මනටම ඇතා මට හුරු වුනා.දැන් මගේ ජීවිතෙන් වැඩි කාලයක් ගෙවෙන්නේ මෙයා එක්කම තමයි.නොවැම්බර මාසෙ ඉඳලා පෙබරෙවාරි විතර වෙනකන් මෙයාගෙ කන් තෙමෙනවා (මද කිපෙනවා).ඒ කාලෙට මෙයාට ලංවෙන්න බෑ.අපි ඈතින් ඉඳන් මෙයාට කෑම වතුර දෙනවා.සිහිය ආවම (මද කිපීම අවසන්විට) ඉතින් ආයෙ මද කිපෙනකන් පොඩි දරැවෙක් වගේ.
රාලහාමි ඇතාට පනටත් වඩා ලෙංගතුයි.මෙයා තමයි දන්න ඇත්තුන්ගෙන් උසම ඇතා.කොහොමත් අඩි එකොලහාමාරක් උසයි.දවසට පොල්අතු 40ක්,කිතුල්කොට භාගයක් විතර කනවා.රාලහාමි ඇතාව වාහනේට නග්ගන්න කැමති නෑ.බර වැඩි නිසා වෙන්න ඕන.ඒකනිසා ඇතයි අපියි ගම්පහ ඉඳන් නුවර යන්නේ පයින්.දවස් 6ක් 7ක්වත් යනවා.මග නැවති නැවති තමයි යන්නේ.කෑම බීම ගැන හොයලා බලන්න, අපිට තේ කහට ටිකක් අරගෙන රාලහාමි අපි ඉන්න තැන්වලට එනවා.සමහර දවසට අපි ඇතා ඉන්න තැන පොල් අතු උඩත් නිදා ගන්නවා.ඇතාව මුල කාලෙනම් කඩුගන්නාව නග්ගගන්න අපිට ගොඩක් වෑයම් කරන්න උනා.කන්ද දැක්කම නගින්න හොරයි.දැන් නම් පුරුදු නිසා හොදයි.රෑට යනකොට කන්ද පේන්නේ නැතිනිසා ඔහේ යනවා.පැය 4ක් 5ක් නානවා .දැනට අව්රැදු දෙකකට තුනකට කලින් මෙහේ පෙරහැරේ ( සමන් දේවාලේ ) අලි කුලප්පු උනාම දුවපු අලිත් හිටියා.ඒත් මෙයා දිව්වේ නෑ.මම කිව්වම පාර අයිනටවෙලා ඔහේ බලාගෙන හිටියා.
අපි අව්රුද්දේ ඉස්සෙල්ලම යන්නේ මාලිගාවේ පෙරහැරට.ඊට පස්සේ ලුනාව,බෙල්ලන්විල,කෝට්ටේ,කැළණිය, ඊට පස්සේ මෙහේ එනවා.අන්තිමටම යන්නේ වාලුකාරාමේ පෙරහැරට.ඊට පස්සේ ආයෙත් ගම්පහ වලව්වට යනවා.ඒ ගමන් ඔක්කොම පයින් තමයි.මිල්ලන්ගොඩ රාලහාමිගෙ ඇතත් පයින් ගියේ.දැන් නම් මෙයා විතරයි.රාලහාමි වෙදෙක් නිසා ඇතාව හොඳට බලාගන්නවා.දැන් මෙයාට අව්රුදු 56ක් විතර වෙනවා.ඉඳලා හිටලා බඩේ අමාරුවක් තුවාලයක් හැදුනොත් මිස වෙන ලෙඩක්නම් නෑ.මේ ඇතා අපිට දෙයියෙක් මහත්තයෝ“…..
( මෙහෙම කියන ගමන් මාමා ඇතාගේ කකුල්වල දාලා තිබ්බ දම්වැලක් ලෙහලා අරගෙන ඇතාගේ දලදෙක උඩින් දෙපැත්තට වැටෙන්න තිබ්බා. ඇතා මේ දම්වැල හොඩෙන් අරගෙන කර උඩට වීසි කරා. පළවෙනි පාර බිමට වැටුනා. මාම ආයෙත් දම්වැල අරගෙන තිබ්බම, රාජා ගානට ඒක කරට දාගත්තා. මාමටත් ඉතින් උස මදිනේ ඇතාගේ කරට දම්වැල දාන්න. රාජා එහෙම දම්වැල කරේ දාගන්න ට්‍රයි කරනකොට ඇතා ගැන මාරම එකක් හිතට දැනුනා (පව්) )
මේ ඇතා බලන මාමාගේ නම කොඩිතුවක්කු.ජයසේන කියන්නේ සහායකයා.
මෙන්න මෙහෙම තමයි කොඩිතුවක්කු මාමා ඇතා ගැන කිව්වේ.තව කිව්වා, එත් ඔවාම ආයේ ආයේ රිපීට් කලේ. කොඩිතුවක්කු මාමා ඉතා කුඩා දේහයක් තියෙන වයසක කෙනෙක්. එත් මේ වගේ ඇතෙක් මෙල්ල කරන් ඉන්න එක මාරම ලොකු වැඩක්.හෙන්ඩුවේ සිහින් තුඩට මේ සද්දන්තයි බයයි.ඇතාගේ හොඩය ගෑවුනත් ඇති මේ මාමා තීන්දු ගමන් යන්න. ඇතත් මේ මාමට ආදරේ ඇති මෙච්චරකල් එහෙම නොවෙන්න වගබලා ගන්න.
මෙහෙම තනියම පෙරහැර බලන්න ගිහින් මම මාර කතා ටිකක් අහගත්තා යාලුවන්ගෙන්. මම තනියම කෑලි කොටු කරන්න ගියා කියලා. හඃ මම මේ සැරේ කොටු කලේ ඇත් කෑල්ලක් බොලව්.( ආඩම්බරෙන් )
දැන් මේ ඇතා අයිති ධර්මවිජය වෙද මහත්තයාගේ පුතා , පඩුවාවල වෙද පරපුරේ වත්මන් පුරුක වන හර්ෂ ධර්මවිජය මහතාට.
හර්ෂ ධර්ම විජය මහතා ටීවී එකේ දවසක් සමන් දේවාලේ ඇත් පන්තිය ගැන වැඩසටහනකදී, ඇතාව පා ගමනින් යාම ගැන ඇහුවම කිව්වේ,
“මගේ ඇතා තමයි ලංකාවේ හීලෑ අලිඇතුන්ගෙන් නිරෝගීම.සාමාන්‍ය අලියෙක් උනත් දවසකට කිලෝමීටර් 15ක් විතර ඇවිදිනවා.මගේ ඇතත් පයින් යවන්නේ ඒක නිසා තමයි“.
මේක අහලා මටත් ඇඩුනා මේ මිනිස්සු මේ සතාට කොච්චර ආදරේද කියලා. දළදා වහන්සේ වැඩමවන මේ ඇතා අපිට සම්පතක්.
විජය රාජා දැහැමෙන් සෙමෙන් ගම්පහ ප්‍රදේශයේ අදටත් ජීවත් වෙනවා. මහලොකු ලෙඩක් නැතත් විජයරාජාගේ පිටේ පොඩි තුවාලයක් තියෙනවා දැකලා හිතට මහා…… දුකක් දැනුනා.ඒවගේම වතපුටුව බඳින එක කොයි ඇතාගේත් පෙනහළු සහ උදරකුහරයට යෙදෙන අමතර පීඩනයක්.වතපුටුව ගලවපු ගමන් ඇතාගේ පිටට අත්වලින් තදින් පීඩනයක් දීලා පිට මසාජ් කරනවා, ටිකක් හරි වේදනාව අඩුකරන්න කියලා හිතාගෙන.
ඒ වේදනා වින්දත් රාජා අපිත් එක්ක තරහා නැතුව ඇති.මොකද මුළුමහත් ජාතියක් නමස්කාරකරන , ලොව්තුරා බුදුරාජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩමකරවන්න තමාව තෝරගත්ත නිසා.
ලාස්ට් රෝවේ අපි, මියගිය නවම් රාජාට නිවන්සුව ලබේවා කියලා ප්‍රර්ථනා කරමු.
ඒවගේම ගම්පහ නැදුන්ගමුවේ විජය රාජාට නිරෝගී සුවයෙන් තව ගොඩක් කල් දළදා වහන්සේ වැඩමවන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරමු…

Last edited: