දළඳා lore...

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,904
    99,193
    113
    දළඳා lore...

    මේ ඔක්කොම පටන්ගන්නේ ශාක්‍යමුණිගේ පිරිනිවනින්...බුද්ධ දේහය ආදාහනය වෙනකොට ඒ සිරුරෙන් වාම යටි දළඳාව ඛේම නම් රහතෙකු හරහා නැගෙනහිර ඉන්දියාවේ කාලිංග රාජ්‍යයට ලැබුණු බව කියවෙනවා...

    කාලිංගයේ බුදුන්ගේ දළඳාව යුග යුග ගණනාවක් දන්තපුරයේ වන්දනාවට ලක්වෙනවා..ඒත් උතුරුකරයෙන් ඇෆ්ගන් නිම්නයේ කිදාර රජුන්ගේ ආක්‍රමණ නිසා ජගන්නාථයන්ගේ භූමියෙන් දළඳාව සිංහලයට අරන් එනවා...

    බුදුන්ගේ සූඅසූදහසක් ධර්මස්කන්ධයේ ස්පර්ශය ලැබූ බැවින් දළඳාව ලක්දිව රාජ්‍යත්වයේ පරම සංකේතය වෙනවා..ආගමිකත්වයෙන් ඔබ්බට ගිය දේශපාලන වස්තුවක් වෙනවා...

    දළඳාව සහ වර්ෂාව සහසම්බන්ධ වුණේ මොන යුගයේද කියන එක ප්‍රශ්නයක්..නමුත් ඒක ලංකාගමනයත් සමඟම වුණාදෝ කියලා හිතෙනවා දළඳාවේ මුල්ම නවාතැන්පොළ බවට මේඝගිරි නම් වැසි දෙවියන් පුදලැබූ බවට අනුමාන කෙරෙන විහාරයක් පත්වීම වගේ කතා එක්ක...

    දළඳාව මුල් යුගයේදී පවතින්නේ අභයගිරි වාසීන් සතු වස්තුවක් විදිහට.එනිසාම මහාවිහාරික වංශකතා දළඳාව ගැන ඔය කාලයේ නිහඬ වෙනවා. නමුත් අභයගිරියට එන ෆාහියන් වැනි භික්ෂූන් දළඳා පෙරහැර ප්‍රදර්ශන ගැන වාර්තා පවා තියනවා.මහානාම රජදවසේ චීන අධිරාජ්‍යයාට දළඳා මාලිගයේ ආකෘති යැවෙනවා...

    මිංයුවාන් (Ming yuen) වගේ භික්ෂූන් දළඳාවහන්සේව දළඳා මාලිගයෙන් උස්සන්න උත්සාහ ගන්නවා...

    යිජින් (Yi jing) හිමියන් දොරවල් ගොඩකින් ආරක්ෂා කෙරුණු,නිලධාරීන් පස්දෙනෙකුගේ සලකුණු එකතුකරලා විතරක් අරින්න පුලුවන් මුද්‍රාවකින් අගුලු දාලා තිබුණු දළදා කුටියේ ආරක්ෂාව ගැන සටහන් තියනවා. ලංකා පොළොවෙන් නික්මුණොත් රාක්ෂයන්ට අයිතිවෙන බවත් එහෙම නැතිනම් ලංකා පොළොවෙන් නික්මුණොත් මේ දළඳාව චීන රටට ගමන් කරන බවත් චීන භික්ෂූන් විශ්වාස කරන්න ගන්නවා...

    කාලය ගෙවෙනවා..දළඳාව විවිධ රජවරුන්ගෙන් පූජා ලබනවා.දළඳා පූජාවලියේ විදිහට ඒ අතරේ චෝලයන් දළඳාව පැහැරගන්නවා. පැසුළු සිරිසඟබෝ නම් රජෙක් සේනා අරන් ගිහින් දළඳාව සුරක්ෂිතව අරන් එනවා...

    මානවම්ම,දෙවෙනි සේන,හතරවෙනි මිහිදු..මේ වගේ ගොඩක් රජවරු කළ දළඳා පූජා ගැන වංශකතාවල ලියවෙනවා...

    රාජධානි මාරු වෙනවා..ශිෂ්ටාචාරය පුලනාරුවට කේන්ද්‍ර වෙනවා..වේලෙක්කාර දකුණු ඉන්දීය සෙබලුන්ගේ රැකවරණය දළඳාවට දෙන්න විජයබාහු රජු තීරණය කරනවා...

    කාලයත් එක්ක පැනනැගින ආරවුල් එක්ක දළඳාව රුහුණේ සුගලා දේවිටත් එතැනින් නැවත පරාක්‍රමබාහුටත් අතමාරු වෙනවා. ඉන්පස්සේ කාලිංග වංශයෙන් රජවෙන නිශ්ශංකමල්ල දළඳාව වෙනුවෙන් පැය හැටෙන් දළඳාගෙයක් හදනවා.මේ තමා හැටදාගෙය...

    පොළොන්නරුවේ බිඳවැටීමත් කාලිංග මාඝගේ ආක්‍රමණත් එක්ක දළඳා වහන්සෙ කොත්මලේට ගොස් හංගපු බවට,රටින් එළියට අරන් ගිය බව වාර්තාවල කියවෙනවා.කෙසේහෝ නැවත බෙලිගල තැන්පත් කෙරෙන මේ දළඳාවට දෙවෙනි පරාක්‍රමබාහු රජුන්ගෙන් රන්,මැණික්,රිදී කරඬු පූජා කෙරෙනවා.දළඳාව ගැන සැක කළ රජුගේ අතට දළඳාව වැඩි බව කතා ලියවෙනවා.ඔය යුගයේම විෂ හී විදින යන්ත්‍ර අරන් දළඳාවත් වෙනුවෙන් ජාවා රටින් චන්ද්‍රභානු ආක්‍රමණයක් දියත් කරනවා.මේ යුගයේ ලංකාවේ වෙඩිබෙහෙත් ආයුධ භාවිත වුණු හැටි දඹදෙනි අස්නේ ලියවෙනවා. ලංකාවට වැඩිබෙහෙත් ආවේ චන්ද්‍රභානුගේ හී විදින එක්කද?

    දඹදෙණියෙන් යාපහුවට ශිෂ්ටාචාරය මාරුවෙනවා.උතුරු ඉන්දියාවෙන් ආ ආර්‍ය රාජ්පුත් සේනාවේ ඨාකූරක ප්‍රමුඛ නම් දරන්නෝ දළඳාව රකින්න පෙරමුණ ගන්නවා...

    යාපහු යුගයේදි පාණ්ඩ්‍යයේ ආර්‍ය චක්‍රවර්තී දළඳාව අරන් පඬිරට කුලශේඛරන් රජුට ලබාදෙනවා.ඒ එක්ක එකල ලෝකයේ බලගතුම අධිරාජ්‍යයා කුබ්ලායි ඛාන් දළඳාව තමන් සතු කරගන්න මාර්කෝ පොලෝ ප්‍රමුඛ දූතයන් එවනවා.මේ අර්බුද දෙකම කළමණාකරණය කරගෙන තුන්වෙනි පරාක්‍රමබාහු දළදාව නැවත අරන් එනවා...

    කුරුණෑගල..ගම්පොළ..යුග ගෙවෙනවා. කෝට්ටේ රාජධානියට අඩිතාලම හැදුණු යුගයේ චීනයේ චෙංහෝ සෙන්පතියා අලකේශ්වරව අල්ලන් යනකොට දළඳාවත් මිං අධිරාජ්‍යයට පෙන්නන්න චීනෙට අරන් ගිහින් නැවත ලංකාවට එවපු බව චීන මූලාශ්‍රවල එනවා.ඒත් ලංකාවේ මූලාශ්‍ර අනුව එහෙම චෙංහෝ දළඳාව අරන් ගිය බවට ලියවිලා නෑ...

    1505..ටෝඩිසිලාස් ගිවිසුමෙන් පෙරදිගට ආ පරංගි ලංකාවට එනවා...කාලය ගෙවෙනවා.පෘතුගීසි වාර්තාවල විදිහට පෘතුගීසි කෝට්ටේ නගරයේ තුන්මහල් දළඳා මැදුර විනාස කරලා දළඳාව ගිනිතියලා අලු හුළඟේ පාකරලා අරිනවා...

    ඒත් අපේ ජනප්‍රවාදවල විදිහට පෘතුගිසී දළඳාව විනාස කරන්ට කලින් හිරිපිටියේ රාළට හීනෙන් දෙවියෙක් ඇවිත් "කෝට්ටේ කළාලෙ කිසිල්ලේ දත මැද ගන්න රාලේ" කියලා අනතුරු අඟවනවා. මේ දෙවියෝ වක්‍රව කියන්නේ දළඳාවට එන අනතුරක් ගැන වග තේරුම් ගන්න මිනිහා හොරෙන් ගිහින් ව්‍යාජ දළඳාවක් තියලා ඇත්ත දළඳාව අරන් සීතාවකට පැනලා යනවා...

    ඒ අතරේ මේ පෘතුගිසි 1561 දී ගෝවට අරන් ගිහින් විනාශ කරන දළඳාව ඇත්තටම යාපනය රාජධානියේ මන්නාරම සෑයක ආරක්ෂිතව තිබුණු එකක් බවට ජාවෝ රුබෙයිරෝගේ (Joao Ribeyro-1680) වාර්තා සනාථ කරනවා.1560 දී යාපනය ආක්‍රමණය කරන ඩොන් කන්ස්තන්තීනු ඩි බ්‍රැගන්සා (Don Constantine de Braganza) තමා මේක හොයාගෙන ගෝවට යවන්නේ...

    මේක ගෝවට ගිය බව ආරංචි වුණ ඒකාලයේ මියන්මාරයේ පේගු රාජ්‍යයේ රජතුමා ගෝවට ධූතයෙක් එවනවා කෘසාඩෝ හාරලක්ෂයක් විතර ගෙවලා මේ දළඳාව ලබාගෙන මියන්මාරෙට අරන් යන්න.නමුත් ජෙසුයිට් නිකායේ දැඩි බලපෑම මත මේක ගිනිතියලා අලු හුළඟේ පාකරලා හරිනවා...

    යාපනේට දළඳාවක් ගියේ කොහොමද? ඒ ප්‍රශ්නයට මගෙ මතය වෙන්නේ වීදියේ බණ්ඩාර.වීදියේ බණ්ඩාර තමන් සතුව දළඳාවේ අනුරුවක් තියන් හිටපු 1555දි වගෙ යාපනයේදි මියගිය කෙනෙක්.ඒ මරණය වැරදි වැටහීමක් නිසා වුණු ඛේදවාචකයක් වූ නිසා සංකිලි රජතුමා වීදියේ බණ්ඩාරට ගෞරවයක් විදිහට වීදියේ බණ්ඩාරගේ දළඳා අනුරුව යාපනේ තැන්පත් කරන් හිටියා වෙන්න පුලුවන්...

    සීතාවක යුගයේ වැඩිකාලයක් කෝට්ටෙන් ආපු දළඳාව තැන්පත් වෙන්නේ දෙල්ගමු විහාරයේ.සීතාවක බිඳවැටීමත් උඩරට පිබිදීමත් එක්ක දළඳාව දෙල්ගමු විහාරයේ කුරහන් ගලක ඉඳන් වර්තමාන ගමනාන්තය වුණු මහනුවරට වඩිනවා...

    පළමු විමලධර්මසූරිය මහනුවර මැදුරක ස්ථාපනය කරන දළඳාව සෙනරත් මැදමහනුවරට අරන් යනවා. මරණාසන්නයේ ඉන්න සෙනරත් රජු දළඳාව ඉදිරියේ සෝදුපත් ඇදලා තමන්ගේ පුත්තු අතරේ උඩරට පාලනය බෙදනවා...

    නැවත නුවරට වඩින දළඳාව දෙවෙනි රාජසිංහ හදපු දෙවෙනි නුවර දළඳා මැදුරේ තැන්පත් වෙනවා. නරේන්ද්‍රසිංහ යුගයේ රිදී පර්වතයක් තරම් ලස්සන බව කියවෙන තුන්වෙනි දළඳා මැදුරක් මහනුවර ඉදිවෙනවා.වර්තමානයේ දළඳාව වැඩ ඉන්නේ එහෙම බැලුවොත් හතරවෙනි මාළිගාවේ...

    ඒ අතරේ උඩරට නායක්කර්වරුන්ගේ පාලනය ස්ථාපිත වෙනවා. පළමු රජු වුණු විජය රාජසිංහ කරඬුව ඇරලා දළඳාව සියතට අරන් මහජන ප්‍රදර්ශනයක් කරනවා...

    ඉන්පස්සේ රජවෙන කීර්ති ශ්‍රි රාජසිංහ දළඳාව කෙරේ දැක්වූවේ දැඩි භක්තියක්.ඔහුගේ යුගයේ අලුත් තේවාවක් එකතුවෙනවා.ඔහු තමන්ගේ කෙස්වැටිය කපලා දූවිලි පිස්නයක් හදලා දළඳාවට පුදනවා.ඔහුගේ මව කපාදුන් ඇගේ කොණ්ඩෙට රන් බෝල දවටලා මාලයක් කරඬුවට පළදිනවා. ඔහු රනින් කළ මහා දියමන්තියක් සහ දියමන්ති 160ක්,පුෂ්පරාග 171ක්,නිල්කැට 585ක්,රතුමැනික් 4880ක් සහ මුතු 788ක් යොදපු කරඬුවක් දළඳාව තැන්පත් කරන්න හදනවා...

    ඒවගේම සතරදේවාල පෙරහැරට පළමු වතාවට දළඳා පෙරහැරක් එකතුකෙරෙනවා.නමුත් ඒ දළඳාව සහිතව නෙවේ කීර්ති ශ්‍රී රාජසිංහ පූජාකරපු සීවලි රහතුන්ගේ ධාතූන් රැගත් සීවලි කරඬුව වඩම්වමින්.ඔය අතරේ ලන්දේසි ගැටුම් එක්ක අවුල් වියවුල් මැද දළඳාව කෙටිකාලෙකට මහනුවරින් හඟුරන්කෙතට වැඩම කෙරෙනවා.ලන්දේසි උඩරට ගැටුම් අහවර වීම එක්ක නැවත මහනුවරට දළඳාව වැඩමවෙනවා...

    ඊටපස්සේ එළඹෙනවා රාජාධිරාජසිංහ යුගය...ජනප්‍රවාද අනුව ඔය යුගයේ ග්‍රහ යුද්ධයකින් සිකුරුගේ කුණ්ඩලාභරණය කුණ්ඩසාලයට වැටෙනවා. එහි අයිතිය වෙනුවෙන් කොත්මලේ ගණිතයාත් බමුණෙකුත් අතර වූ ගැටුමේ අවසන් ඵලය ලෙස මේ කුණ්ඩලාභරණයෙන් දළඳාව වෙනුවෙන් පලාපෙත්තක් හැදෙනවා...

    ඊළඟට එළඹෙනවා ශ්‍රී වික්‍රම රාජසිංහ යුගය. මහනුවරම වෙනස් වෙනවා අලුත් වෙනවා. අලුත් වලව් ඉදිවෙනවා. කිරිමුහුද හැදෙනවා.දළදා මැදුරේ "ඉඳන් බලන්නට "පාර්ත්ත ඉරුප්පු නොහොත් පත්තිරිප්පුව හැදෙනවා...

    ඊටපස්සේ එළඹෙන්නේ ලංකාවට බ්‍රිතාන්‍ය කොඩියට යටත්වුණු යුගය........

    තව දිගට වර්තමානය වෙනකන්ම කියන්නනම් කතා ගොඩයි..මගහැරපු කතා ගොඩයි..මොකද ඒ තරම් මේ දළඳාව ලංකා ඉතිහාසයේ ආගමේ සහ දේශපාලනයේ තියලා තියෙන සලකුණ ප්‍රබලයි...

    අර පහුගිය දවසක ශෙයාවුණු ටික්ටොක් එකේ විදිහට කීවොත්

    "What is දළඳාව worth?"

    "Nothing..."

    "Everything..."

    ඒ කතාවේ වැරැද්දක් නැති බව ඉස්සරහට එන්න තියෙන දවස් කිහිපයේදී මහනුවර සාක්ෂි දෙයි.

    Kavitha Mahawatta
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,904
    99,193
    113
    action film එකක අන්තිම විනාඩි 20 වගේ ලියලා තියෙන්නේ
    boss battle එකක්... plot twists පවා තියෙනවා 🥴
    TV Series වලට එහෙම මරු ප්ලොට් ටිකක් තියෙනව. වෙනම Universe එකක් හදන්න පුළුවන් ඇත්තම Event වලින්.