මම ඉන්නේ එංගලන්තේ.නමුත් ඇමරිකාවටත් මට ග්‍රීන් කාඩ් එකක් තියෙනවා.පාස්පෝට් දෙකක් තියෙනවා.එකක් බ්‍රිටිෂ්.අනිත් එක ශ්‍රී ලන්කන්.ඒක නිසා මේ නීතිය සෑහෙන කොටසකට බලපානවා.ශ්‍රී ලාංකිකයි ලක්ෂ විස්සක් විතර ඩුවල් තියෙන අය ඉන්නවා.එයාලගේ අයිතිය කප්පාදු කරන්න දෙන්න බෑ.දෙවැනි එක මෛත්‍රීව දිනවන්න විවිධ බහු ජන සංවිධාන ,සිවිල් සංවිධාන,රාජ්‍ය නොවන සංවිධාන සෑහෙන ගනනක් දායක වුනා.මේ වගේ ඉන්න අයටත් ඩුවල් තියෙනවා.එයාලගේ අයිතියකුත් කප්පාදු වෙනවා.අනිත් එක විදේශ රටවල සිට ක්‍රියාත්මක වෙන වෙබ් මීඩියා කාරයොත් ඩුවල් අය.එයාලා තමයි අන්තර් ජාලය තුල සහ ඒ හරහා රට තුල මෛත්‍රීව දිනවන්න රැල්ල ඇති කරේ.මතවාදය ජනිත කරේ.එයාලගේ අයිතිවාසිකමකුත් කප්පාදු වෙනවා.

