ද්විමාන තලයෙන් ඔබ්බට...(2) - Polarization 3D
2. ආලෝකයේ ධ්‍රැවනය භාවිතයෙන් ත්‍රිමාණ රූපකරණය.( Polarization 3D)
ආලෝක තරංග යනු විද්‍යුත් චුම්බක තරංග විශේෂයකි. සාමාන්‍ය ආලෝකය සිය ප්‍රගමන දිශාවට ලම්බක වන සෑම තලයකම පාහේ කම්පනය වනු ඇත. එනම් ආලෝකය තුල අඩංගු විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර අනන්ත වූ තල රාශියක කම්පනය වේ. එලෙස එයට ඕනෑම දිශාවක් එල්ලේ දෙපසට කම්පනය විය හැකිය.නමුත් එම සියලු කම්පනවල විස්තාර සමාන වන අතර සමකලාවේද පිහිටයි. මෙවැනි ආලෝක තරංගයක් සාමාන්‍ය ආලෝක තරංගයක් හෙවත් අධ්‍රැවිත (unpolarized) ආලෝකය යයි කියනු ලැබේ. විදුලි පහනකින් හෝ හිරුඑලිය වශයෙන් හෝ පැමිණෙන්නේ මෙම අධ්‍රැවිත ආලෝකයයි. මෙවැනි අධ්‍රැවිත ආලෝක තරංගයක සිය ප්‍රගමන දිශාවට ලම්බකව කම්පනය වන අයුරු පහත රුපයෙන් දැක්වේ.
මෙම සියලු කම්පන x හා y දිශාවන්ට විභේදනය කිරීමෙන් එකිනෙකට ලම්බ තල දෙකකට අදාළ වන සංරචක දෙකක්ගොඩ නගා ගත හැකිය. එලෙසින් විශ්ලේෂණයේ පහසුව තකා ගොඩනගාගත් ආකෘතියක් පහත රුපයෙන් දැක්වේ.
ඉහත දක්වා ඇති අයුරින් ඇති ආලෝකය පෝලරොයිඩ් ( Polaroid) නම් වූ සුවිශේෂී ස්ඵටික තුලින් යැවීම මගින් මෙම ලම්භක තල දෙකින් එකකට පමණක් අදාළ වන ආලෝකය වෙන් කරගත හැකි බව සොයාගෙන ඇත. එනම් පෝලරොයිඩ මගින් එක නිශ්චිත දිශාවක් ඔස්සේ සිදුවන කම්පනවල ආලෝකය අවශෝෂණය කරන අතර ඊට ලම්බකව සිදුවන කම්පන වල ආලෝකයට යාමට ඉඩදෙයි. මේ සඳහා යම් පෝලරොයිඩ් තහඩුවක් තැබිය යුතු නිශ්චිත දිශානතියක් ඇත. එම දිශානතියට ලම්බක වනසේ හැරවූ විට කලින් අවස්ථාවේ කපා හැරි ආලෝකය දැන් නිදහස් වේ. ඒ වෙනුවට කලින් අවස්ථාවේ පැමිණි ආලෝකය දැන් ඉවත්ව ගොස් ඇති බව පෙනේ. මෙය පෝලරොයිඩවල ස්වභාවයයි.
පෝලරොයිඩ මෙලෙස හැසිරෙනුයේ ඇයිදැයි විමසා බැලිය යුතුව ඇත.ඊට හේතු වන්නේ මේවායේ ඇති අණුක ව්‍යූහයයි. මෙවැනි පෝලරොයිඩ තුල තිරස් හෝ සිරස් දිශාවලට විහිදුන දිගු දාම අණු පවතී. එම දාම සියල්ල එකිනෙකට සමාන්තර වේ. එනම් සිරස් හෝ තිරස් දිශා වලට කම්බි ගැසූ රාමුවක් වැන්න.එවැනි කම්බි අතරින් රිංගා යා හැක්කේ එම කම්බි ඇදී පවතින දිශාවලට සමාන්තරව පමණි. කම්බි අතර ඇතිවන හිදැස්ද ඊට සමාන්තර වන බැවිනි.එබැවින් සෑම අතටම කම්පනය වන ආලෝකය මෙවැනි තහඩුවක් තුලින් රිංගා යාමේදී අනුක දාම වලට සමාන්තරව කම්පනය වන ආලෝකය පමණක් විනාශ නොවී පිටතට පැමිණේ. දැන් පෝලරොයිඩ තහඩුව අංශක 90 කින් හැරවූ විට පෙර අවස්ථාවේ රිංගා ආ ආලෝකයට ලම්බ තලයක කම්පන වලට පමණක් රිංගා යාමට අවස්ථාව ලැබෙන අයුරු තේරුම්ගත හැකිය. පහත රුප සටහන් දෙස බලන්න.
ඉහත රුපය අනුව සිරස් දිශානතියකට හරවන ලද (සිරස් අතට අණු විහිදී ඇති ඇති)පෝලරොයිඩ තහඩුවක් තුලින් යවන ලද සාමාන්‍ය අධ්‍රැවිත ආලෝකයේ සිරස් අතට කම්පනය වන ආලෝකය පමණක් නිදහස් වෙනු දැකිය හැකිය. ඉන්පසුව එම අධ්‍රැවිත ආලෝක කදම්භයම අංශක 90 කින් හැරවූ පෝලරොයිඩ් තහඩුව තුලින් යැවීමේදී පහත රුපයේ ඇති අයුරින් තිරස් අතට කම්පනය වන ආලෝකය පමනක් නිදහස් වනු දැකිය හැකිය.
මෙලෙස යම් කිසි දිශාවකට පමණක් කම්පනය වන ආලෝකය ධ්‍රැවිත ආලෝකය( හෝ තල-ධ්‍රැවිත ආලෝකය) යයි හඳුන්වනු ලබයි.
තවද ඉහත පරිදි අංශක 90 කින් හැරවූ පොලරොයිඩ් තහඩු දෙකක් තුලින් ඉහත පරිදි අධ්‍රැවිත ආලෝකය යැවූ විට තිරස් හා සිරස් යන සියලු සංරචක කැපී යන හෙයින් කිසිදු ආලෝකයක් නිදහස් නොවනු ඇත. ( cross-polarization) මෙය ආලෝකය තරංගයක් බව ඔප්පු කිරීමටද යොදාගෙන ඇත.
පෝලරොයිඩ තහඩු
එසේ නම් අපි ත්‍රිමාණ තාක්ෂණයට මෙහි දායකත්වය පිලිඹද විමසා බලමු. පළමුව යම් දර්ශනයක් පෙර කී පරිදි සුළු වෙනසක් සහිත රූප රාමු 2 කට සාදාගනු ලැබේ.මේ සඳහා කැමරාවල මෙන්ම පරිගණක මෘදුකාංගවලද සහාය ලබාගැනේ. ඉන්පසුව එම රූප රාමු 2 එක එකක් එකිනෙකට ලම්බක ධ්‍රැවන තලවල කම්පනය වන ආලෝක කදම්භ 2 ක් ලෙස වෙන වෙනම ප්‍රේක්ෂකයා වෙත සපයනු ලැබේ. මෙය ප්රක්ෂේපන යන්ත්‍ර දෙකක් මගින් චිත්‍රපට දෙකක් එකවර පෙන්වීමක් වැනිය. මෙහිදී එකිනෙකට අංශක 90 ක වෙනසක් සහිත වනසේ හැරවූ (බොහෝ දුරට අංශක 45 ක් හා 135 ක් වශයෙන්) පෝලරයිඩ යෙදු උපැස් දෙකක් ඇස දෙකට වෙන වෙනම පිහිටන පරිදි නිපැයූ කන්නාඩියක් ප්‍රේක්ෂකයාට සපයා තිබිය යුතු වේ.එවිට එකිනෙකට වෙනස් දර්ශන 2 ක් අඩංගු වන ප්‍රක්ෂේපිත ආලෝක කදම්බ යුගලෙන් එකක් ප්‍රේක්ෂකයෙකුගේ වම් ඇසටත් අනෙක දකුණු ඇසටත් ඇතුළු වේ. එක් ඇසකින් දකින රූපයත් අනෙකින් දකින රූපයත් අතර සුළු වෙනස හේතු කොටගෙන ත්‍රිමාණ රුපයක් අත් විඳිය හැක.
කෙසේ නමුත් ඉහත විස්තර කල පරිදි නිවැරදිව ආලෝකය පුර්ණ වශයෙන් ධ්‍රැවනය වීමට නම් ආලෝකය ප්‍රේක්ෂකයාගේ ඇස පැලඳි කන්නාඩිය වෙත ලම්බකව පැමිණිය යුතුය.එනම් සිනමා ශාලාව තුලදී ඔබ එක එල්ලේ තිරය දෙස බලා සිටිය යුතුය. හිස සුළුවෙන් හෝ හැරවීමෙන් නැවතත් අතාත්වික අභව්‍ය දර්ශන හෙවත් ghost හටගැනීමත්, රුප යුගල සේ පෙනීමත්, අඳුරු වීමත් සිදුවේ. හිස එක් ඉරියව්වකින් තබාගැනීම ඉතාම අපහසු වන්නකි.එබැවින් මෙම සම්ප්‍රදායික ක්රමයේ ප්‍රධාන දුර්වලතාව වූ මෙය වලකාගැනීම සඳහා භාවිතයට පැමිණි විකල්ප ක්රමයකි චක්‍රීය ධ්‍රැවිත ආලෝකය ( Circular polarized light) භාවිතය. අපි දැන් ඒ පිළිබදව අවධානය යොමු කරමු.
පළමුව නැවත සිහියට නගා ගත යුත්තේ ආලෝකය යනු අනෙකුත් විද්‍යුත් චුම්බක තරංග මෙන්ම කම්පනය වන විද්‍යුත් ආරෝපණ බවයි. සාමාන්‍ය ආලෝකය තුල විද්‍යුත් ක්ෂේත්රය, x හා y අක්ෂ ඔස්සේ සමකලාවේ කම්පනය වන සංරචක දෙකකින් යුක්තවේ. ධ්‍රැවීය ආලෝකයතුල විද්‍යුත් ක්ෂේත්‍ර සංරචක දෙකින් එකක් පමණක් පවතී. එය කම්පනය වන්නේ නිශ්චිත තලයක රේඛියව පමණක්ම වේ. එනම් සාමාන්‍ය තල ධ්‍රැවිත ආලෝකය රේඛිය ධ්‍රැවිත ආලෝකය වේ.
නමෙහි සඳහන් අයුරින්ම චක්‍රීය ධ්‍රැවිත ආලෝකය, මුලින් හඳුන්වා දුන් රේඛිය ධ්‍රැවිත ආලෝකය මෙන් නොව වක්‍රාකාරව කැරකෙමින් ඉදිරියට ගමන් කරන්නකි.එනම් සමස්ත වශයෙන් තරංගය හෙලික්සයක් බඳුය. මෙය සිදු වන්නේ ආලෝකයේ විද්‍යුත් ක්ෂේත්රයේ දිශාව කාලයත් සමග අරීයව වෙනස් වීමෙනි.නමුත් කිසිවිටෙක ක්ෂේත්රයේ විශාලත්වය වෙනස් නොවේ. ඉහතින් දැක්වෙන රූපයේ ඊ තල මගින් විද්‍යුත් ක්ෂේත්‍ර දෛශිකය නිරූපනය කරයි. ( රුපයේ දක්වා නැති වුවද සැමවිටම විද්‍යුත් ක්ෂේත්‍ර දෛශිකයට ලම්බකව චුම්බක ක්ෂේත්‍ර දෛශිකයද පවතී. ) මෙවැනි චක්‍රීය ධ්‍රැවිත ආලෝකය එක්කෝ වාමාවර්තව, නැතහොත් දක්ෂිණාවර්තව කැරකෙමින් ඉදිරියට ගමන් කරයි. එය සිදුවනුයේ විද්‍යුත් ක්ෂේත්‍ර දෛශිකය භ්‍රමණය කරවනු ලබන දිශාවට අනුවයි.
චක්‍රීය ධ්‍රැවිත ආලෝකය සෑදෙන අයුරු මෙසේය. සාමාන්‍ය ආලෝකයේ විද්‍යුත් ක්ෂේත්රයේ xහා y සංරචක කම්පනය වන්නේ සමකලාවේය. මෙම සංරචක දෙකෙහි කම්පන අතර අංශක 90 වක කලා වෙනසක් ඇතිකිරීම මගින් ලැබෙන සම්ප්‍රයුක්තය ලෙස අපට අවශ්‍ය චක්‍රීය කම්පන තරංගය ලැබේ.මෙම කලා වෙනස ඇතිකිරීම සඳහා එක සංරචකයක් අනෙකට වඩා පමා කල යුතුය. ඒ සඳහා විවිධ ක්‍රම භාවිතයට ගනු ලැබේ. සරලම ක්‍රමයක් වන්නේ සාමාන්‍ය ආලෝකය ධ්‍රැවිත ආලෝකයට හරවා එය වර්තනාංකය වෙනස් වන මාධයක් තුලින් යැවීමයි.එවිට සාමාන්‍ය වර්තනයේදී මෙන් නොව ආලෝකය වක්‍රාකාරව හැරේ.එනම් විද්‍යුත් ක්ෂේත්රය තුල එකිනෙකට ලම්බ දිශා දෙකක් ඔස්සේ පවතින කම්පන සංරචක දෙකින් එකකට අනෙකට වඩා පමා වීමට සිදුවේ.මෙම මාධ්‍යය එක් තලයක කම්පන වල ප්රගමනයට වඩාත් බාධා කරන බැවින් ඊට සෙමින් ගමන් කිරීමට සිදුවේ. මෙම ක්‍රියාව අංශක 90 ක කලා වෙනස ලැබෙනතුරු පමණක් කල යුතුයා. ඒ සඳහා තරංගය, මාධ්‍යයේ කොපමණ වෙලාවක් කොපමණ දුරක් යා යුතුදැයි තීරණය කෙරෙනුයේ මාධ්‍යයේ ඝනකම මගිනි. එම කලා වෙනස +90 හෝ -90 විය හැකිය. කෙසේ නමුත් ප්‍රතිඵලය චක්‍රීය ධ්‍රැවිත ආලෝකයයි.
තවද කලා වෙනස +90 හා -90 වීම මත දක්ෂිණාවර්ත හා වාමාවර්ත ලෙස භ්‍රමණය වන චක්‍රීය ධ්‍රැවිත ආලෝකයේ හඳුනාගත හැකි ප්‍රභේද යුගලක් නිර්මාණය කරගත හැකිය.
මෙවැනි ආලෝක කදම්භයක් නිර්මාණය කිරීම සඳහා වෙනත් ක්‍රම රාශියක් පවතී.කොටින්ම ඒ සඳහා අර්ධ-සන්නායක භාවිත කරමින් පවා නිපැයූ උපකරණ ඇත.ත්‍රිමාණ රූප මැවීමට පමණක් නොව මෙම ආලෝක කදම්භවල වෙනත් ප්‍රයෝජන රැසක්ද ඇත. තවද ක්වන්ටම් විද්‍යාව තුල වැදගත් සංකල්ප රාශියකට මුලික වේ.
ත්‍රිමාණ තාක්ෂණයේ මුලික කරුණු අනුව ඒ සඳහා එකිනෙකට වෙනස් දර්ශන දෙකක් අවැසි වේ.මෙය කුමන ආකාරයේ වෙනසක්ද යන්නත් දැන් ඔබ දනී.එසේ නම් එම රුප දෙක වෙන වෙනම දක්ෂිණාවර්ත හා වාමාවර්ත චක්‍රීය ධ්‍රැවිත ආලෝක කදම්භ දෙකක් ලෙස වෙන වෙනම ප්රක්ෂේපනය කෙරේ.එය එකම දර්ශනයට අදාල වෙනස් රුප රාමු දෙකින් එකක් පළමුවත් අනෙක පසුවත් වශයෙන් හෝ එකට හෝ ප්රක්ෂේපනය කල හැකිය මෙහි මුලින් සඳහන් ක්‍රමය වඩා හොඳ තියුණු දර්ශන ලබාදේ.මන්ද ප්රක්ෂේපනය වන තිරයේ විභේදන ප්‍රමාණය උපරිම ලෙස, රූපරාමු දෙකම සඳහා භාවිත වන බැවිනි.දෙවැනි ක්‍රමයේදී තිරය සතු විභේදන ප්‍රමාණය රූපරාමු දෙකක් සඳහා භාවිත කිරීමට සිදුවන හෙයින් මුළු රූපයේ ගුණාත්මකභාවය අඩුවේ.නමුත් මුල් ක්‍රමයේදී එකම දර්ශනය සඳහා ප්රක්ෂේපන යන්ත්‍රය චක්‍ර දෙකක් ක්‍රියාත්මක කලයුතු හෙයින් සංඛ්‍යාතය දෙකට බෙදේ.එය මග හරිනු වස් එය බාධාවක් නොවන සේ ඉතාම ඉහල සංඛ්‍යාත වලින් මෙම ප්රක්ෂේපන යන්ත්‍ර ක්‍රියා කරයි.මෙහිදී භාවිත වන ඇතැම් ප්රක්ෂේපන යන්ත්‍රවල සංඛ්‍යාතය 144Hz පමණ ඉහල වේ.
ඉහත ලෙස ප්රක්ෂේපන යන්ත්‍රයකින් නික්මෙන ආලෝකය ප්‍රේක්ෂකයා ඉදිරියේ ඇති තිරයක් මගින් පරාවර්තනය කිරීමෙනි ඇස වෙත පැමිණෙන්නේ.මෙහිදී මෙම තිරය විසින්, නියමිත පරිදි ප්රක්ෂේපන යන්ත්‍රයේ සිට පැමිණෙන ආලෝකයේ ධ්‍රැවීයතාවයන්, කිසිදු වෙනසකට ලක් නොකළ යුතුය.සාමාන්‍ය තිර මගින් ධ්රැවීයතාවන් විනාශ කරනු ලබන හෙයින් රිදී පැහැ ලෝහමය මතුපිටක් සහිත තිරයක් භාවිත කල යුතුමය.
ප්‍රේක්ෂකයාට සපයා ඇත්තේ මෙම චක්‍රිය ආලෝක යුගල වෙන වෙනම එක් එක් ඇස වෙත පෙරා යැවිය හැකි කන්නාඩි යුගලයකි.දැන් හිස හැරවුවද එතරම් වෙනසක් නැත.නමුත් දර්ශනවල දීප්තිය අඩුය.
රූපගත කිරීම් වලට යොදා ගන්නා කැමරා, කාච යුගලයකින් යුතුය.එකම දර්ශනයකට අදාල රූපරාමු දෙක වෙන වෙනම පටිගත වේ.
උපුටා ගැනීම ටෙක්නිකල් හංදිය වෙබ් අඩවියෙනි.