ද්විමාන තලයෙන් ඔබ්බට...(3)
RealD 3D
ඉහත Polarization 3D ක්රමයම වේ. එක ප්රක්ෂේපන යන්ත්‍රයක් ප්‍රමාණවත් වේ. ප්රක්ෂේපන යන්ත්‍රය ඉදිරියෙන් විශේෂ කොටසක් සවි කිරිමෙන් ඉන් නික්මෙන ආලෝකයේ ධ්‍රැවීයතාවය ඉතාම සංවේදීව පාලනය කරයි. එය භ්‍රමණය වන ධ්‍රැවීයතා පෙරණ වලින් යුක්තය. මේවා වම් හා දකුණත් වශයෙන් රූපරාමු වෙන්කරයි.ඉහල සංඛ්‍යාත හා අධික විභේදන බලයක් යොදා ගැනීමෙන් හා ඇතැම්විට ප්රක්ෂේපන යන්ත්‍ර මගින් එකම රුප රාමුව තෙවරක් ප්රක්ෂේපනය කිරීමෙන් දීප්තිය අඩු වීමේ දෝෂය හා තියුණු බව අඩුවීමේ දෝෂය අඩු කර ගනී. හිමිකම හා පාලනය RealD Inc.සමාගම සතුය. නුතන ත්‍රිමාණ චිත්‍රපට රැසක් මේ ක්‍රමය උපයෝගී කරගෙන ඇත. ඇස් දෙකට වෙන වෙනම ආලෝකය බෙදී යන නිසා දීප්තිය අඩු මලානික දර්ශන ලබාදෙන බව මෙයට ඇති එක චෝදනාවකි.
MasterImage 3D
ඉහත ක්‍රමයට සමානය. නමුත් ප්රක්ෂේපණ යන්ත්‍රය ඉදිරියෙන් සවිකරන, දක්ෂිණාවර්ත හා වාමාවර්ත ධ්‍රැවනය ඇතිකිරීමට සමත් පෙරණ තරමක් වෙනස් ය.විශාලය. රුප රාමු හා සුසර වෙමින් අදාළ පෙරණ වේගයෙන් භ්‍රමණය වේ.( rotating circular polarizing filter). මේවා වම් හා දකුණත් වශයෙන් රූපරාමු වෙන්කරයි. ඒ හැරුණු විට මුලික සිද්ධාන්තය එකම වේ.
හිමිකම හා පාලනය MasterImage 3D Inc. සතුය. (LCD හා LED තිර මගින්උපැස් රහිතව නැරඹිය හැකි ත්‍රිමාණ ක්‍රමවේද හඳුන්වා දෙන ආයතනයකි. එම ක්‍රමද MasterImage 3D ලෙස හැඳින්වුවද සිනමාව සඳහා භාවිත කරන ක්‍රමය ඉහත ක්රමයම වේ.පටලවා නොගත යුතුය.) මෙහිදී ද වැඩ හොඳ දර්ශන සඳහා එකම රූපරාමුව තෙවරක් දර්ශනය කරවීම හෙවත් triple flash ක්‍රමය යොදාගැනේ.
******
සිනමා කර්මාන්තය තවදුරටත් දියුණුවෙමින් පවතී.විවිධ සමාගම් රැසක් තරඟකාරී ලෙස ප්රක්ෂේපන යන්ත්‍ර හා උපැස්වල දියුණු කරමින් වෙළඳපොළට ලබාදේ. අනෙක් අතට ලෝකයේ ඉදිවන නව සිනමා ශාලා ඉතාම විසල් තිර සහිතව නියම තාක්ෂණයට ඉදිවේ.උදාහරණයක් ලෙස 70mm යොදා ගන්නා අධික විභේදන බලයකින් යුතු දර්ශන සමග හඳුන්වාදුන් IMAX තාක්ෂණය අද ඉන්දියාව වැනි තුන්වන ලෝකයේ රටවලට පවා ව්‍යාප්ත වී ඇත. 3D සිනමා පටවල IMAX සංස්කරණ ඉතාම තාත්වික දර්ශන ලබාදෙනු ඇත. සමහරක් සිනමා ශාලා ත්රිමානකරණයට අමතරව එය තුලදී නරබන දර්ශනයට අනුකුල වන පරිදි උණුසුම,වර්ෂාව, කම්පන හා ගැස්සීම්, ආලෝකය,ගඳ-සුවඳ ආදියද ප්‍රේක්ෂකයාට විඳිනු හැකිවනසේ නිර්මාණය කර ඇත. මෙවැනි චිත්‍රපට 4D, 5D ආදි ලෙස නම් කිරීමට වෙළඳ ප්රචාරක ආයතන උත්සාහ කරයි. මේවා සුපිරි සිනමා අත්දැකීමක් ලබාදේ. කෙසේ නමුත් මෙම තාක්ෂණ සියල්ල ඉතාම මිල අධික බව කිව යුතුය. එබැවින් බොහොමයක් චිත්‍රපට නිර්මාණ ශිල්පීහු ද්විමානව පටිගත කල චිත්‍රපට පරිගණක හා වෙනත් සුක්ෂම ක්‍රම යොදා ත්රිමානකරනය කරයි. ඇතැම් චිත්‍රපට නිපදවන පුද්ගලයින් ත්‍රිමාණ තාක්ෂණය මගින් ඇතිකළ හැක්කේ සුළු අමතර වින්දනයක් බවත් ඒ වෙනුවෙන් ඉමහත් මුදලක් වැය කිරීම නිරර්ථක බවත් චෝදනා කරයි. නමුත් මුල සිටම ත්‍රිමානව පටිගත කල James Camaronගේ Avatar ( 2009) චිත්‍රපටය සිය වියදම් ඉක්මවා ගොස් අතිවිශාල ආදායමක් වාර්තා කර ඇත. ආදායම ඩොලර් බිලියන 2.04 ක්පමණ වේ. වියදම ඩොලර් බිලියන 0.237 කි.එය මෙතෙක් නිපදවා ඇති ජනප්‍රියම හා වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටයයි. ඔස්කාර් සම්මාන 3 ක්ද දිනා ගත් මෙය ත්‍රිමාන තාක්ෂනයේ අග්‍ර ඵලයක් බව කිව යුතුය.
3. වෙනත් ක්‍රම
ඉහත සඳහන් ක්‍රම හැරුණු විට සිනමාව තුලට කැපී පෙනෙන වෙනසක් ගෙන ඒමට පර්යේෂකයන් උත්සාහ දරයි. නමුත් තවමත් සිනමා කර්මාන්තය ඉහත ක්‍රම මත යැපෙන බව කිව යුතුය. නමුත් රුපවාහිනී හා පරිගණක තිර සඳහා නම් ඉහත ක්‍රම යොදා ගැනීම ප්‍රායෝගිකව අසීරුය. මන්ද,මෙම තිර ප්‍රමාණයෙන් කුඩාය. බරින් අඩුය.කුඩා ඉඩක යෙදිය හැකි උපකරණ විය යුතුය.එබැවින් දැන් පවත්නා රුපවාහිනී හා පරිගණක මොනිටරවලට අවම වෙනසක් කිරීමෙන් ත්‍රිමාණ බව මවා පෑමට ඇති හැකියාව සහිත ක්‍රම ගැන වැඩ අවධානය යොමුව තිබේ. කුමන ක්‍රමය යටතේ වුවද නමුත් ප්‍රේක්ෂකයා නොඅඩුව මෙම තාක්ෂණය අත්විඳිය යුතුය. එබැවින් වඩා හොඳ 3D TV, ඩිජිටල් කැමරා, ජංගම දුරකථන, Tab යන්ත්‍ර හා මොනිටර නිෂ්පාදනය සඳහා සමාගම් අතර ඇත්තේ තරඟයකි.
මෙවැනි තිර සඳහා යොදාගන්නා ක්‍රම කිහිපයක් සලකා බැලිය යුතුය.නමුත් සැලකිය යුතු කරුණක් වන්නේ මුලිකව මෙවැනි කුඩා තිර සඳහා නිර්මාණය කලද, සුළු සුළු වෙනස්කම් සහිතව, කුඩා ප්‍රමාණයේ චිත්‍රපට ශාලාවල හා නිවෙස්වල භාවිත කරන Home theatre Systems වල මෙම ක්රමයන් භාවිත කල හැකි බවය. මේවා විනෝදාස්වාදය සඳහා වූ කුමන හෝ පද්ධතියකට සීමා වෙයි නම් ඒ ඒවායේ ඇති දුර්වලතා නිසාවෙන්මය.
උපුටා ගැනීම ටෙක්නිකල් හංදිය වෙබ් අඩවියෙනි.