දානයක් දුටු විට ඔබටත්, ඔබටත් නොදැනීම වෛරය හට ගන්නේ ද?

hpalpola

Well-known member
  • දානයක් දුටු විට ඔබටත්, ඔබටත් නොදැනීම වෛරය හට ගන්නේ ද?

    ලෝකයේ සිදු වන්නේ අපි කැමැති දේ ම පමණක් නොවේ. අකමැති දේ ද සිදු වෙයි. නොහිතනා අය සමඟ එක් වීමට සිදු වෙයි. කැමැති අයගෙන් නොසිතූ ලෙසින් වෙන් වීමට සිදු වෙයි. එය ලෝකයේ ස්වභාවයයි. ධම්මචක්ක සූත්‍රයේ දී බුදුරජාණන්වහන්සේ පැහැදිලිව මේ ගැන දේශනා කර දක්වන්නට යෙදුනේ ඒ සියල්ල දුක ලෙසිනි. කෙසේවෙතත් බුදුරජාණන්වහන්සේ දුකේ ම ගැලී ඉන්නට කියා අපට දේශනා කලේ නැත. ඒ වෙනුවට බුදුරජාණන්වහන්සේ දේශනා කලේ දුකෙන් ඉවත්වීමේ මාර්ගය යි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි.

    පුඤ්ඤකිරියවත්ථු සූත්‍රයට අනුව බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ මෙලෙසිනි.

    "මහණෙනි, මේ පුණ්‍ය ක්‍රියා වස්තූහු තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක්ද යත්? දානමය පුණ්‍යක්‍රියා වස්තුවය, ශීලමය පුණ්‍ය ක්‍රියා වස්තුවය, භාවනාමය පුණ්‍ය ක්‍රියා වස්තුවය යන මොහුයි."

    දානය නොයෙක් ආකාරයට සිදු කිරීමේ හැකියාව පවතී. කෙසේවෙතත් දානයෙන් ලැබෙන ප්‍රතිඵල එකනෙකට වෙනස්⁣ වේ. ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර වේලාම සූත්‍රයෙන් ඉගෙන ගත හැක. දුන් දෙයෙහි විපාක නැත, පූජායෙහි පලක් නැත ආදී මත මිථ්‍යා මත බව දසුත්තර සූත්‍රයේ දී දැක් වේ. මෙනිසා දානය කුමනාකාරයෙන් සිදු කලත් ප්‍රයෝජන ලැබෙන බව සිත් හි තබා ගැනීම වැදගත් ය.

    බුදුරජාණන්වහන්සේගේ දානයේ පින් මහත් අතර ඒ පිනේ බලය කෙතරම් ද යත් අදත් බුදුරජාණන්වහන්සේගේ නමට දානය පූජා කෙරේ. එය පිනේ ආනිශංසය ය. එසේම කර්මානුරූපව පුද්ගලයෝ එකිනෙක සමාජ තල වල උපදිති. සමහරු දුක්ඛිත තලයේ උපදිති. සමහරු මධ්‍යම තලයේ උපදිති. සමහරු උසස් සැප යයි පිළිගන්නා තලයේ උපදිති. කෙනෙක් කා බී ඉතිරිව විසි කිරීමට තරම් වස්තුව සහිතව උපදිද්දී සමහරු උපදින්නේ එදා වේල සරි කර ගැනීමට හෝ නොහැකිව ය. සියළු සත්වයෝ කර්මය දායාද කර ඇත්තෝය යන බුද්ධ දේශනාව අනුව මෙහිදී සිතිය හැක්කේ ඔවුන්ගේ කර්මය හේතුවෙන් මෙවැනි විවිධ තල වල උපදින්නට ඇතිය ලෙසිනි.

    පෙර කී ලෙස දානයේ ප්‍රතිඵල විවිධාකාරය. එය දායකයාගේ සිතුවිලි මෙන්ම දානය ලබන්නාගේ සිතුවිලි අනුවත් බැඳී පවතී. මදකට හිතන්න. ඔබ කෑම වේලක් නැති අයකුට කෑම වේලක් දන් දෙයි. ඒ කෙනා බලාසිටින්නේ විකුණා ගැනීම සඳහා කෑම වේලක් ලැබෙන තුරු වංචනික සිතෙනි. දානය දෙන්නාට ප්‍රතිඵල ලැබෙන ප්‍රතිඵලයත් දානය ලබාගන්නාට ලැබෙන ප්‍රතිඵලයත් එකිනෙකට වෙනස් ය. සෑම දානයකදීම මේ තත්ත්වය දක්නට ලැබේ.

    එවැනි තත්ත්වයකදී ඔබේ මතය සමඟ නොගැලපෙන මතයක් දරන්නකු විසින් ලබා දෙන දානයක් නිසා ඔබේ සිතේ අකුසල් උපදවාගන්නේ ඇයි ද කියා කැමැති නම් ඔබට ආපසු සිතිය හැක.

    බුදුරජාණන්වහන්සේගේ කාලයේදීත් බුදුරජාණන්වහන්සේ දේශනා කළ දෙයට වඩා වෙනස් මත දරන්නන් කරනා කියනා දේ තිබිණි. උන්වහන්සේ ඒ අයට නිවැරදි මාර්ගය පෙන්වා දෙනු ලැබීය. නමුත් තමන් තුළ ද්වේශයක් ඇති කර ගත්තේ නැත. ඔබත් එවැනි ආකාරයේ විවේචනයක් කරන්නේ නම් ඔබට අකුසල් ඇති නොවේ. නමුත් ඔබේ විවේචනය, අනුන්ගේ දානය ඔබේ දානයත් සමඟ නොගැලපීම හේතුවෙන් නම් ඔබටත් නොදැනීම වංචක අකුසල් ක්ලේශයක් ඔබ තුල ක්‍රියාත්මක වනවා විය හැක.

    නැවතත් ඇරඹුමට යමු. ඔබ කැමැති දේ නොලැබීම නැත්නම් ඔබට අවශ්‍ය දේ සිදු නොවීම දුකකි. ඇහෙන් නැත්නම් කණෙන් එම දුක උත්පාදනය වේ. දෙයක් කරන්නා යමකින් ලබන ප්‍රතිඵලය කුමක් වුවත් ඔබ එය දුකට හේතුවක් කර ගත යුතු නැත. මෙනිසා දානයක් දුටු විට ඔබටත්, ඔබටත් නොදැනීම ඔබ තුළ අවඥාව නැත්නම් වෛරය හට ගන්නේ නම් බුදුරජාණන්වහන්සේ වදාළ මාර්ගයෙන් ඔබ පිට පැන ඇති බව කණගාටුවෙන් යුතු ව වුවද කීමට සිදු වේ.
     
    • Love
    Reactions: hodakolla