දානයෙහි අනුසස්

shaggy_123

Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    දානයෙහි අනුසස්

    අපේ ගොඩක් අය ඉන්න දෙයක් තමා පින් කරන්න නම් සල්ලි ඕනේ කියන එක. පින් කරන්න අපිට කො සල්ලි. ඇත්ටට්ම අපිට පින් කරන්න නම් සල්ලි ඕනමද? අපි බලමු බුදුරජාණන් වහන්සේ ඒ ගැන කියල තියෙන්නේ මොකක්ද කියල. බුදුරජාණන් වහන්සේ එක දවසක් උන් වහන්සේ බෝධිසත්ව කාලේදී කරපු පින් කමක් ගැන කියල තියෙනවා. ඒ කලේ උන් වහන්සේ සිටුවරයෙක් විදියට උත්පත්තිය ලබල තියෙන්නේ. එතකොට සිටුවරයට සියලු දේ ගැන කල කිරිල තමාට අයිතිව තියන සියලු දේ දන් දීල තියෙනවා. මෙහෙදී උන් වහන්සේ තමන් දැන් දුන්න දේවල් ගැන පොඩි විස්තරයක් කරලා තියෙනවා.
    රත්තරන් බාජන 84000 ක් රිදී පුරවල ඒවා සියල්ල දන් දුන්නලු තව රිදී බාජන 84000 ක් රත්තරන් පුරවල දන් දුන්නලු. හස්තීන් 84000 ක් රත්තරන් රිදී අබරණ වලින් සරසල දන් දුන්නලු, තව ලස්සන අශ්වයන් හතක් යොදපු අශ්ව කරත්ත 84000 රත්තරන් රිදී වලින් සරසල දන් දුන්නලු, මේ විදියට මැණික් වර්ග රත්තරන් රිදී ආභරණ වගේ නොයෙක් අපිට සිත ගන්නවත් බැරි තරම් දේවල් දැන් දුන්නලු. මේක කියල බුදුරජාණන් වහන්සේ කියනවා නමුත් මහණෙනි යමෙක් එක සෝවාන් වෙච්ච කෙනෙක්ට දෙන දානයක් අර සියලු දානයන්ට වැඩ මහත් පලයි මහානිසංසයි කියල . එතකොට බලන්න දානයක් දෙනකොට දෙන කෙනා වගේම එක ලබන කෙනා ගැනත් හිතල බලන්න ඕනේ නේද. එක ලබන කෙනා ගුණයෙන් ධර්මයෙන් යුක්ත නම් දානයෙන් ලැබෙන විපාකයත් වැඩි.
    ඊට පස්සේ උන් වහන්සේ කියනවා මහණෙනි සෝවාන් උන අය සිය දෙනෙකුට දෙන දනයට වැඩ එක සකුර්දගාමී එක කෙනෙක්ට දෙන දානය මහත් පලයි මහානිසංසයි කියල. ඒ වගේම සකුර්දගාමී අය සිය දෙනෙක්ට දෙන දානයට වඩා එක අනාගාමී කෙනෙක්ට දෙන දානය මහත් පලයි මහානිසංසයි. ඒ වගේම අනාගාමී අය සිය දෙනෙක්ට දෙන දානයට වඩ එක රහතන් වහන්සේ නමකට දෙන දානය මහත් පලයි මහානිසංසයි. ඒ වගේම රහතන් වහන්සේලා සිය නමකට දෙන දානයට වඩා මහත් පලයි මහානිසන්ස්සයි එක පසේ බුදු නමකට දෙන දානය. ඒ වගේම පසේ බුදු වරයන් වහන්සේලා සිය නමකට දෙන දානයටත් වඩා මහත් පලයි මහානිසන්ස්සයි එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානය. එක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානය ටත් වඩා මහත් පලයි මහනිසස්න්සයි කියනවා බුදුරජාණන් වහන්සේ ප්‍රමුක මහා සඟ රත්නයට දෙන ලබන දානය. ඒ වගේම ඊටත් වඩා පිනක් ලු සතර දෙසින් එන සංගය වහන්සේ ලාට ආවාස ගෙයක් හරි කුටියක් හරි හදල දෙන එක. ඊට පස්සේ උන් වහන්සේ කියනවා මහණෙනි ඊට වඩා මහත් පලයි මහානිසන්ස්සයි යමෙක් මලක් සිබින කාලයක් මෙයිත්රී බවනවා කරනවා නම්. මෙහි බලක සිබින කාලයක් කාලයක් කියල කිවේ ඉතා කුඩා කාලයක් කියන අර්ථයෙන්. ඊට පස්සේ උන් වහන්සේ කියනවා මහණෙනි ඊටත් වඩා මහත් පලයි මහානිසංසයි කියනවා යමෙක් අසුරු සැනක් ගහන කාලයක් අනිත්‍ය බවනවා කරනවා නම්.
    දැන් බලන්න අපිට පින් කරන්න නම් සල්ලි ඕනේ ද කියල. අපිට කොච්චර පින් කරන්න අවස්ථාව තියෙනවද. අපි ඔක්කොම ගොඩක් පින් කරල ඉන්න අය. එකයි අපි මේ ආත්මයේ මනුෂ්‍ය අතම බවයක් ලබල තියෙන්නේ. ඒ වගේම අපි ශ්‍රී සද්ධර්මය ත් මුණ ගැහිලා තියෙනවා. ඒ වගේම ධර්මය තේරුම් ගන්න පුළුවන් විදියට නුවන හසුරුවන්නත් පුළුවන්. මේවා සියල්ල අපිට ඉතාම කලා තුරුකිනි. එක නිසා මේකට කියන්නේ ක්ෂණ සම්පත්තිය කියල. යමේකට ක්ෂණ සම්පත්තියක් ලැබේ නම් ඔහු තරම වාසනාවන්තයෙක් තවත් නැ. එක නිසා අපි හෙම විටම උත්සහ කරන්න ඕනේ මේ ධර්ම මාර්ගයේ පුලවන් විදියට හරි ගමන් කරන්නයි. ඔබ හැමෝටම එහෙනම බුදු සරණයි.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔබ මේ ලිපිය මගින් කර ගත්තේ ධර්ම දානයකි.
    සියළු සත්වයින් හට නිදුක්,නිරෝගී සුවපත් බව පතන මෛත්‍රීය කරන මාර්ගයක් ලැබීම පවා පිනකි.
    ඔබට පින්....
    +
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    user246936pic3305126942.gif
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    සතර දෙසින් එන සංගය වහන්සේ ලා යන්න තවත් පහදිලි කරන්න පුලුවන්ද?
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔබ මේ ලිපිය මගින් කර ගත්තේ ධර්ම දානයකි.
    සියළු සත්වයින් හට නිදුක්,නිරෝගී සුවපත් බව පතන මෛත්‍රීය කරන මාර්ගයක් ලැබීම පවා පිනකි.
    ඔබට පින්....
    +
     

    imcreations

    Member
    Nov 10, 2011
    13
    0
    0
    ඔබත් මේ දුන්නා වු දැනුම් දානය නිවනට යාමට හේතු වාසනා වේවා ! බුදු සරණයි !
     

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    ඔබ මේ ලිපිය මගින් කර ගත්තේ ධර්ම දානයකි.
    සියළු සත්වයින් හට නිදුක්,නිරෝගී සුවපත් බව පතන මෛත්‍රීය කරන මාර්ගයක් ලැබීම පවා පිනකි.
    ඔබට පින්....
    REP 4+
    :) :) :)