දානය රැගෙන ආපු කෙල්ලටත් ලිංගික අතවර
පසුගිය දිනට යෙදී තිබූ බිනර පොහොය වෙනුවෙන් සිල් ගැනීමට විහාරස්ථානය වෙත ගොස් සිටි සිය මිත්තණියට දානය රැගෙන පන්සලට ගිය දස හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් එම විහාරස්ථානයේ වැඩවිසූ හිමිනමක් දඹුල්ල පොලිසිය මඟින් අත්අඩංගුවයට ගෙන තිබේ.
දඹුල්ල ප්‍රදේශයේ බෞද්ධ මධ්‍යස්ථානයක වැඩි විසූ 39 වියැති මෙම හිමි නම තම දියණියට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බවට එම දියණියගේ මවුපියන් දඹුල්ල පොලිසියට කළ පැමිණිලි කර ඇත.
මෙම හිමිනම විසින් දැරිය ආවාස ගෙට කැඳවාගෙන ගොස් ලැප්ටොප් පරිගණකය පෙන්වා සිප වැලඳ ගෙන ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් මවුපියන් දඹුල්ල පොලිසියට පැමිණිලි කරමින් පවසා තිබේ.
සිද්ධියට මුහුණ දී ඇතැයි පැවැසෙන දැරිය එදිනම රෝහල්ගත කර ඇති අතර ඇය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ද යොමු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.