අධික වේගයෙන් ගමන් ගත් මෝටර් රථයක් නතර කල පොලිස් නිලධාරියා රියැදුරා එලියට බස්සව ගත්තේය...
"වේගය සීයත් පැනල ..ගන්නවා බලන්න ඔහේගෙ ලයිසන් එක..."
"මට ලයිසන් නෑ රාළහාමි..."
"එහෙනම් මේකේ ඉන්ෂුවරන්ස් එහෙම ගන්නවා බලන්න..."
"ඒවත් නෑ...මේක හොරකම් කරපු එකක්..."
"මොනවා ඔහේ මොකටද මේක හොරකම් කලේ... උතුරට විකුණන්නද?"
"නෑ ..මිනියක් මරන්න යන්න...අන්න මිනිය ඩිකියේ ඇති..."
මේ තොරතුරු අසු පොලිස් නිලධාරියා තම උසස් නිලධාරියෙකුට රේඩියෝ පණිවිඩයක් දුන්නේය..මොහොතකින් උසස් නිලධාරියා පැමිණ රියදුරුගෙන් ප්‍රශ්න කිරීමට පටන් ගත්තේය...
"ඔහේට ලයිසන් නෑ කියන්නේ ඇත්තද?"
"බොරු සර් මේ තියෙන්නේ ලයිසන් එක..."(රියැදුරා ලයිසන් එක ඉදිරිපත් කරයි)
"මේ කාර් එක කාගේද?"
"මගේ සර්.. මේ තියෙන්නේ ලයිසන් ඉන්ෂුවරන්ස් ඔක්කොම..."
"කරුණාකරලා ඩිකිය අරිනවද ?...එකේ මිනියක් තියෙනවා කියල ආරංචි.."
"ප්‍රශ්නයක් නෑ සර් මේ බලන්න..."(ඩිකිය ඇර පෙන්වයි ...එහි කිසිවක් නැත...)
"මට මේ මුකුත් තේරෙන්නේ නෑ...මේ නිලධාරිය මට කිව්වා,මේකේ ලයිසන් නෑ, ඒ මදිවට හොරකම් කරපු කාර් එකක්,ඩිකියේ මිනියකුත් තියෙනවා කියල.."
"දැක්කද සර් තව ටිකකින් ඔය රාළහාමි කියයි මම අධික වේගයෙන් රිය පදෙව්වත් කියල"
repotnam srry wewa... dakke naha wage yanna tiyenne OK
repost repost kiyala type nokara 


