දැනට ඉන්න උන්ට සාපේක්ෂව මහින්ද හොඳ nadda

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    දැනට ඉන්න උන්ට සාපේක්ෂව මහින්ද හොඳ nadda

    11951916_976706879034127_5316349367031368765_n.jpg


    අර ඉඳුවද මොකාද වගේ මන් නම් උබෙ පුතෙක් නෙමේ මහත්තයො! ඒ වගේමයි උඹ මයෙ අප්පොච්චත් නෙමේ..මන් මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක්!

    අපි ඉපදිල යමක් කමක් තේරෙද්දි අපි දැක්කෙ උබෙ ආණ්ඩුව..උබෙ ඇමතිල..උබෙ කෙරුවාවල්.. උබෙ රාජ්‍ය නාලිකා..උබේ වැරදි..

    මොලේ තියෙන මට උබේ වැරදිම රසකරල කියන්ට ඕනි නෑ.කතන්දර වගේ.
    මොකද අපි ඉපදෙන්ට කලිනුත් මේ රටේ දේසපාලනේ තිබ්බ..
    අම්මල ආච්චිල කියන ඒව විතරක් මට නම් මදි වුණා උබ ගැන තීරණේකට එන්න මොකද ඉඳුවට වඩා ප්‍රායෝගික වෙන්ට ඕනි හින්ද..

    රටේ ඉතිහාසෙ කියෙව්වම මන් නම් උබ වගේ එකෙක් දැක්කෙ D S සේනානායක විතරයි අම්මප..
    කට හැකර කමට ඉදුව පොඩි එකා වගේ කියෙව්වට ඌ දන්නෙ ඌ ඉපදිලා දැක්ක ඒව විතරයි කියල හිතුවම මට හිතුන පොඩි එකාගේ දැනුමනෙ කියල..

    උගෙ කාලෙ ඉපදිච්ච අපිට මතක නෑ ඒ කාලේ රනිල් මහත්තය අපේ මාමල නැන්දල කණුවක් කණුවක් ගානේ එල්ලල තිබ්බ හැටි...
    ඌ ඉතින් දැක්කෙ මහින්ද බෝඩ් විතරම නෙව..

    ITN රූපවාහිනී ගැන කියවන ඌ දන්නෙ නෑ ඒ කාලෙ පත්තර වල තිබ්බ ඒව..මොකෝ ඉන්ටර්නෙට් එකෙන් ඔය හැමදේම බලන්ට බෑ නෙව..

    පවුල් වාදය කියවන බොලාට අමතක වුණා උගේ ඇන්ටිව.. ඇන්ටිගෙ බණ්ඩාරනායක පවුල ගැන.. එතකොට දැන් ඌ වීරයෙක් කොරගත්ත සරත් ෆොන්සේකාව..

    ඒකාධිපතිය හොරා ගාල ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලුවෙ උන්මලුනෙ...දැන් උන් ඉල්ලපු යහපාලනේ ප්‍රජාතන්ත්‍රවාදය දැක්කම අම්මප හිනායන්නෙ පස්ස පැත්තෙන්... ඇමතිවරු ටොයිලට් යන්නෙත් සිරිසේන මැතිදුන්ගෙ අවසර අරන්..
    ඒ තරමට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බේරෙනව රෙද්ද අස්සෙන්..

    ආමි එකේ අපේ කොල්ලො දිවි පුදල බේරගත්ත මේ රට රනිල් අන්කල් CHANNEL 4 එකට බදු දෙද්දි.. මිලේනියම් සිටි සීන් එකේදි ඉදුව හිටියෙ මොන්ටිසෝරියකද කියල හිතුනෙ නැතුවම නෙමේ..

    හැම ආමි කෑම්ප් එකකටම ගිහින් කව්ද මේ කව්ද මේ අහ අහ අපේ කොල්ලන්ව යුධ අපරාධ වලට හිර කරන්න සාක්ෂි හොයන්න කැලම් මැක්‍රේට කඩේ යන සිරිසේන ගැන..
    උඹ නොදන්නව ඇති..

    රට පුරා ප්‍රා කණ්ඩායම් කියාගෙන මිනිස්සු මරපු කල්ලි මෙහෙයවපු රනිල් ප්‍රේමදාස ගැන ඉදුව දන්නෙ නැතුව ඇති...

    කොල්ලන්ගෙ ඇස් ගලවල මිරිස් දාලා..
    ලිංගය කපල කොල්ලො මරපු...
    කැම්පස් කෙල්ලන්ව බස් පිටින් ගෙනල්ල නිරුවත් කරල දූෂණය කරල පියයුරු වලින් එල්ලපු හැටි..
    අහපන් වැඩිහිටියෙක්ගෙන්...

    උබේ චන්ද්‍රිකා නෝනා මේ රටේ අවුරුදු 12ක් කෑව හැටි උබ නොදන්නව ඇති..
    ඒත් උබෙ අප්පච්චි හොරා කෑව හරි නොකෑව හරි..මේ රටට කරපු සංවර්ධනය අපි දැක්ක බොල..
    පාතාලෙ පැන්නුව හැටි අපි දැක්ක බොල..
    අවුරුදු 30ක් රට වෙලාගත්ත ගින්නෙන් ඌ අපිව බේරගත්ත බොල...
    උබලගෙ මාම වගේ සාම ගිවිසුම් ගහල මේ රට බෙදන්න හැදුවෙ නෑ..
    ඉන්දියාවට නැමෙන්න ගියෙ නෑ..

    ජනවාරි 9 ඉඳන්.....

    කොටියට නැගිටින්න හමුදාව පස්සට ගත්තෙ නෑ..
    ප්‍රභාකරන්ගෙ ප්‍රතිමාව හදන විශ්වකලා ලට අපේ ආමි කොල්ලන්ගෙන් ගාඩ් එක දුන්නෙ නෑ..
    හසකල ගාමිණීල එපා කිව්වෙ නෑ..
    කොටින්ගෙ WEB එක Tamilnet ලෝකෙට මුදා හැරියෙ නෑ..
    ප්‍රභාකරන් වීරයෙක් කරන frontline සඟරාව ආයි එලියට දැම්මෙ නෑ..
    අද වෙද්දි ඕමන්තෙ කඳවුරෙන් අපේ උන් අයින් කලේ නෑ..

    Tv එකේ අගෝස්තු 18 ප්‍රතිඵලය යද්දි අපි හොයගත්ත කොම්පියුටර් ජිල්මාට් TV වල ගියෙ නෑ..
    හැම ප්‍රතිඵලයකම රටාවක් තියෙද්දි උබෙ අප්පච්චි ඒවට කෑගැහුවෙ නෑ..
    වලංගු චන්ද වලට වඩා ප්‍රකාශිත චන්ද වැඩි වෙද්දි උබල ඒව දැක්කෙ නෑ..

    මේ ඔක්කොම කමක් නෑ..උබල වීරයෙක් කරල කෑගැහුව මැකෝ මහින්දව නොමර මරපු "රාවය' පත්තරේ කතුවරයාගෙ සහෝදරයා කියල උබල දන්නෙ නෑ..

    රට චීනෙට වික්ක කිව්වට මොකෝ අපේ රටයි හැදුනෙ. අපේ උනුයි ඒවගෙ අගේ ගත්තෙ..
    අන්න ඒකයි රට කොටියට දීල යුද්දෙ යුද්දෙ කියල හම්බ නොකර රට බේරගත්තට ඌ මේ රටෙන් හොරාකෑවත් කමක් නෑ කිව්වෙ..

    උබට තව කියනවනම් කිව්ව හැකි..ඒත් වැඩක් නෑ.මොකද පුහු මොලයක් තියෙන ප්‍රසිද්ධ වෙන්න එක එක පින්තූර හදන උබලට වඩා රට ගැන කැක්කුමක් තියෙන උන් මේ රටේ ඉන්නව ඉදුවො..

    උබේ කාලෙ ඉපදිච්ච උබට වඩා ප්‍රායෝගිකව හිතන්න පුලුවන් කාගෙවත් පුතෙක් නොවෙන කොල්ලෙක් මං... ඒ වගේමයි හොඳ අලි පවුලක ඉප්දිලා ලෝකය සාපෙක්ශව දැක්ක කොල්ලෙක් මන්

    හැමදාමත් මන් කිව්වෙ දැනට ඉන්න උන්ට සාපේක්ෂව මහින්ද හොඳ බව විතරයි —