දැන්ඉතිංබඩුහරිනේ......

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    දැන්ඉතිංබඩුහරිනේ......


    දැන් ඉතිං බඩු හරිනේ......

    අපේ ගෙදර කවූරුත්ම නෑ
    මම තට්ට තනියම.........
    වේලාව දවල් දොළහයි
    වෙන්දා රෑට......,
    ඒත් අද කවූරුත් නෑ
    මම ඒක ගෙන්න ගියා
    පට්ට දවල්ම.....,


    අතේ තිබ්බෙත් එක නෝට්ටුවයි
    ඒත් ඉතිං දවල්ට හැමදාම කියලා ඈ....
    මම ගියා බඩුව තියන තැනට
    බය නැතුව ඉල්ලුවා.....
    මට ඉතිං පුරුදු නැති දෙයක් ඈ...
    මුලින් එකක් පෙන්නුවා
    මම ඒක එපා කියලා
    අනිත් එක ඉල්ලුවා....


    අම්මෝ.......
    ඒක දැක්කහම හිතට දැනුන ගතිය....
    මහත ගාන....
    බරත් නියමයි
    පෙනුම මරු...කියලා වැඩක් නා
    දිළිසෙනවා
    බලන්න ලස්සනේ බෑ...,
    ඉතිං මම දුන්නා නෝටුව....
    ඉල්ලුවා සුදු රවුමකුත්.....


    මෙන්න අයිතිකාරයා කියපි
    ගාණ මදි කියලා...
    මම හැමදාම ගන්නේ මේ ගාණටනේ ඉතිං
    දැන් ඉතිං මොනවා කරන්නද....
    මේ අපිම කොර ගත්තුවා තමයි....
    යුතුකම ඉෂ්ට කලානේ....

    දැන පාන් 48 යි...
    මම කොහොමද බිත්තරයක් ගන්නේ
    ඉතිරි රුපියල් 2න්...?
    දැන් ගෙදර ගිහින් 18 ට
    හුල්ලලා.....කමූ පාන්...
    පොගවලා වතුරෙන්...
    දැන් ඉතිං බඩු හරිනේ......


    whitebreadloaf.jpg

    හොදයිනම් දන්නවනේ ඉතිං
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    දැන් රටේ තත්වේ ගැන හොද නිර්මානයක් කොල්ලා...හ්ම්.........දැන් ඉතින් පානුයි ලුකයි කාලා හරි ජීවත් වෙමු සහෝදරා......ලබන සැරේ පඉ දෙමුකො බැටේ
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    පාං කෑවාම ලෙඩ වෙන හින්දනේ බං පාං වල මිල වැඩි කරලා තියන්නේ............
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: