සිද්ධියෙ වගකීම කියල කිව්වෙ, ඔහොම සුදු කොඩි අරන් කොටි නායකයින් බාර වෙන්න ආවනම් උන්ව මරපු එකද?
මගෙ අදහස උන් එහෙම ආවනම් ඒත් උන්ව මරන්න ඕනෙ කියන එකයි. බලෙන් අල්ලන් ගිහින් ත්‍රස්තවාදියෙක් බවට පත් කල පුද්ගලයෙකුව වුණත් යුද්ධ කරන වෙලේ බේර බේර ඉන්න විදිහක් නැහැ. බෝම්බ බැඳගෙන එන ත්රස්තවාදියා ළමයෙක්ද, කෙල්ලෙක්ද, වයසක ස්ත්‍රියක්ද කියල තෝර තෝර ඉන්න බැහැ. එහෙමනම් ඔවුන් ඒ තත්ත්වෙට ඇද දැමූ ත්‍රස්ත නායකයන් ඉතුරු කරන්නේ අහවල් කෙංගෙඩියකටද?
ආයුධයක් අතට දීල යුද්දෙට යවපු ත්‍රස්තවාදියෙකුව ඉතුරු කරන එකේ සහ නායකයින් ඉතුරු කරන එකේ වෙනසක් තියෙනව. බටහිර චිත්‍රපටිවල වගේ නායකයන් ඉතුරු කරන්න ගියොත් අගේට හිටී. උන් තමයි ටිකක් කල් හති ඇරල ආයෙමත් ත්‍රස්තවාදය ඇති කරන්නෙ. විනාශ කළ යුත්තේ ත්‍රස්ත නායකත්වය තමයි.
මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඊනියා මානව හිමිකම් ගැන කතා කරන උන්දලා සහ බටහිර රටවල් බලං ඉන්නෙ ඔහොම පොයින්ට් එකක් අල්ලා ගැනීමට වීම. ඒ නිසා ඔය වගේ කතා ඇත්තටම වුණත් එළියට දාන්න බැහැ.
මේ ප්‍රකාශය ජෙනරාල්තුමා කළ එකේ වරදත් ඔන්න ඔය නායකත්වය සම්බන්ධ හේතුවම තමයි. නිකම් සෝල්ජර් කෙනෙක් ඔය කතාව කියන එකෙත් වරදක් තියෙනවා-නමුත් ජෙනරාල්තුමා කියන එකේ බර ඊට වැඩියි. ඒ නිසා කටකතා මගින් තමන්ට අහන්න ලැබුණු දෙයක් පත්තරේකට කියන්න ඉස්සර දෙවරක් සිතිය යුතුයි. කැන්ටිමේදි යාලුවො එක්ක ඕපදූප කියන එක වෙනයි; පත්තරේක පළ කරන්න යනකොට එහි කර්තෘලත් ඔයිට වඩා වගකීමකින් කටයුතු කළ යුතුයි.
මාධ්‍යවල පළ වන දේ පිළිබඳ පාලනයක් අත්‍යවශ්‍යයි.
ow macho madya nisha hari pasnayak wune.


