දැන්ම වාහනයක් ගන්නවාද, තව කල් බලනවාද?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,849
    113
    ඉස්සරලාම ප්‍රෙමියෝ එකක් driving දුන්න මගේ යාලුවෙක් බීලා වැඩි වෙලා. මමත් ගහලා හිටියේ.ඇරියා 100 ට. පනාගොඩ පොලීසියෙන් ඇල්ලුවා. අපි දෙන්නම කිව්වා බීලා ඉන්නේ, පනාගොඩ කෑම්ප් එකෙන් බීවේ. යන්න දෙනවා නම් හෙට කරදර වෙන්නේ නෑ "අපිට" කියලා. පොලීසියේ කෙනා කිව්වා ඔයාලගේ කරදර "අපට "/"මට" එපා ඔයාලා යන්න කියලා. අපි එයාලා ට ඉතුරු කොටේකුත් දීලා ආවා. 2010 කතාවක් 😅🤣
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    ඉස්සරලාම ප්‍රෙමියෝ එකක් driving දුන්න මගේ යාලුවෙක් බීලා වැඩි වෙලා. මමත් ගහලා හිටියේ.ඇරියා 100 ට. පනාගොඩ පොලීසියෙන් ඇල්ලුවා. අපි දෙන්නම කිව්වා බීලා ඉන්නේ, පනාගොඩ කෑම්ප් එකෙන් බීවේ. යන්න දෙනවා නම් හෙට කරදර වෙන්නේ නෑ "අපිට" කියලා. පොලීසියේ කෙනා කිව්වා ඔයාලගේ කරදර "අපට "/"මට" එපා ඔයාලා යන්න කියලා. අපි එයාලා ට ඉතුරු කොටේකුත් දීලා ආවා. 2010 කතාවක් 😅🤣

    ඔබට තව ලෝකෙ ගැන ඉගෙන ගන්න දේවල් බොහෝමයි දරුවා.. 😂 😂 😂
     

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    මචන් වාහන අපිට දෙන්න කැමති ownersla හොයාගන්න ටිප්ස් ටිකක් දීපන්.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇමතිලාගේ ලෑන්ඩ් කෲසර් , ස ගේ රේන්ජ් රෝවර්, රජාගේ බෙන්ස් බලල සතුටු වෙමු. අපෙ සල්ලි වලින් සැප විදිනවානේ කියලා
     
    • Like
    Reactions: windows_ubuntu

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113


    මේ තියෙන ආර්ථිකයෙ හැටියට අපි වගේ මධ්‍යම පාන්තිකයො තමන්ගෙම කියල වාහනයක් ගන්න එක මෝඩ වැඩක් බං. ගන්න පුළුවන් බජට් එකේ වාහන සේරම බොහෝම බේසික්. යාන්තම්වත් හොඳ සේරම ගොඩක් යූස් කරපුවා. හොඳයි වගේ පේන, හැබැයි අඩුවට හම්බෙන ගොඩක් ඒවා ලෙඩ ගොඩවල්.

    ඉතින් හොඳම වැඩේ හොඳ වාහන තියෙන, ඩ්‍රයිවින් ගැන වැඩි උනන්දුවක් නැති සෙට් එකක් හදා ගන්න එක. ඉඳලා හිටලා ඉල්ලගෙන ඩ්‍රයිව් පාරක් දාල එන්න තියෙන්නෙ. එතකොට නඩත්තු, ලීසිං ගෙවන එක ගැන අපිට වද වෙන්න දෙයක් නෑ.

    එහෙම කිව්වාම හිනා ගියාද? මමත් ඉස්සර හිතන් හිටියෙ කට්ටිය තමන් ගත්ත වාහනේ එහෙම එක එකාට පදින්න දෙන් නැහැ කියලා. ඒත් එහෙම නෑ බං. අරගෙන අවුරුද්දක් දෙකක් යනකොට ගමනට බිමනට විතරයි පාවිච්චි කරන්නෙ. ශේප් එකේ වචනෙ දැම්මාම කැමති කරගන්න පුළුවන්.

    මේ කියන්නෙ ජීවිත කාලෙම කට්ට කාල යාන්තම් ගත්ත වාහන ගැන නෙවෙයි ඉතින්. ඒවා කොහොමත් තැනකින් තැනකට යන්න මිසක් ඩ්‍රයිව් කරලා විනෝද වෙන්න හොඳ වාහනත් නෙවෙයිනෙ. මම කියන්නෙ ගේමක් නැතිව ලීසිං එක ගෙවා ගන්න පුළුවන්, හොඳ වාහන තියෙන පොරවල් ගැන.

    එකපාරටම දෙන්න ෂුවර් නැති ඩයල් එකක් නම් මුල් සැරේ දෙකේ පොරවත් දාගෙනම ගමනක් ගියාම හරි. ටික කාලයක් යද්දි තනියම වුණත් අරන් යන්න දෙනවා. හොඳ වාහනයක් වුණාම ගැරේජ් එකයි, ඔෆිස් එකයි අතරෙ විතරක් පැදල හරි යන් නෑනෙ. ඉඳල හිටල හරි වාහනේට දැනෙන්න ඩ්‍රයිව් කරන්න ඕන.

    හැබැයි විශ්වාසය ආරක්ෂා කර ගන්නත් මතක තියා ගන්නම ඕන. අනිත් කෙනාගෙ වාහනේ බව හැම වෙලාවෙම ඔලුව තියෙන්න ඕන. කලින් කී පාරක් පැදල තිබුණත් නොකියා පදින එක, යන තැන්වල තමන්ගෙ බූදලේ වගේ පේන්න ඉන්න එක ඌට අප්පිරියා වෙන වෙන වැඩ. කරන දෙයක් හැම වෙලාවකම අයිතිකාරයා දැනුවත් කරලා කරන්න ඕන.

    අනිත් එක තමයි වාහනේ ආපහු දෙනකොට තියෙන කොමන් කර්ටසි. සීට් එක, ස්ටිරින් වීල් එක තිබ්බ පොසිෂන් එකට හදලා, කාපට් සුද්ද කරලා, ෆුල් ටෑන්ක්ම නැතත් ගේජ් එකෙන් පේන තරමට තෙල් ටිකක් ගහලා, මඩ එහෙම වැදිලා නම් වොෂ් එකක් දාලා පරිස්සමින් ආපහු දෙන එක හරිම වැදගත්. අනුන්ගෙ වාහන බව, ආපහු තිබුණ විදිහටම බාර දෙන්න ඕන බව දිගටම ඔලුවෙ තියා ගන්න ඕන. දුන්නෙ අපරාදෙ කියල නොහිතෙන්න ආපහු භාර දෙන්න.

    ආ තව දෙයක්, දැන් ගොඩක් අයිතිකාරයො ආසයි ඩෑෂ් කෑම් එක දිගටම ඔන් එකේ තියා ගන්නවට. එතකොට පස්සෙ පොරට වුණත් අපේ ඩ්‍රයිවින් බලන්න පුළුවන්නෙ. වාහනේ දෙන්න අදිමදි කරන පොරකට වුණත් ඩෑෂ් කැම් එක දාගෙන යනවා කිව්වාම ඉන්ටරෙස්ට් එකක් එනවා.

    දැන් මේක කිව්වා කියල දන්න හැම එකාගෙන්ම වාහන ඉල්ලගෙන යන්න එපා. පළවෙනියටම පටන් ගන්නකොට කොයි දේත් අමාරුයි. හදිස්සි වෙලා වැඩ අනා ගන්න හොඳ නෑ. ඉවසීමෙන් ගමන යන්න ඕන. ටික ටික රෙපියුටේෂන් එක හැදෙනවා. එතකොට වැඩි මහන්සියක් වෙන්න අවශ්‍ය නෑ. ඕන වෙලාවක ඩ්‍රයිව් පාරක් දාල එන්න තරම් කන්ටෑක්ට් ලිස්ට් එකක් හැදෙනවා. ඩ්‍රයිවින් ඇත්තටම හොඳ නම්, සේෆ් නම් ඒකට මහා ලොකු කාලයක් යන්නෙත් නෑ.

    ඩ්‍රයිවින් හොඳට ඉගෙන ගන්න ටිකක් රිසර්ච් කරන එක වැදගත්. හැබැයි තැපෑලෙන් පීනන්න ඉගෙන ගන්නවා වගේම ඒකම විතරක් හරි යන්නෙක් නෑ. සමහරු සහජයෙන්ම හොඳ ඩ්‍රයිවර්ස්ලා. සමහරු ප්‍රැක්ටිස් එකෙන් ඒක ඉගෙන ගන්නවා. අත් කකුල් ටික හරියට තියෙනවා නම් ඕනම කෙනෙකුට බැහැ කියල දෙයක් නෑ. හැබැයි උවමනාවකින් නොනවත්වා ඉගෙන ගන්න ඕන.

    මේක ඇහුවාම සමහරු නම් කියයි තමන්ගෙම වාහනයක් තියෙන තරම් අනුන්ගෙ වාහන පැද්දට හරි යන් නෑ කියල. ඒ ගැන වද නොවෙන මට්ටමට හිත හදා ගන්න ඕන. අතේ ගාණට තියෙන බේසික් වාහන කටු නඩත්තු කර කර තියාගන්න කන්න වෙන කට්ට ගැන හිතලා, ගරාජ් එක හිස්ව තියෙනවා දකිනකොට දුකක් එනවා නම් ඒක පාලනය කරගන්න ඕන.

    එහෙම කරන්න මොළේ හදා ගන්න හැමෝටම බැහැ. ඒක අනිවාර්යයෙන්ම පිළි ගන්නවා. ඒත් ඒක පුළුවන් නම් බොරුවට ලීසිං කොම්පැණි පොහොසත් නොකර, වගකීම් ගැන ගොඩක් වද වෙන් නැතිව ඩ්‍රයිවින් ෆන් එක උපරිමයෙන්ම ගන්න පුළුවන්.

    P. S. මේ කිව්වෙ යකඩ වාහන ගැන නෙවෙයි ඉතින්. අද අපේ රටේ industry එකේ ගොඩක් අළුත් අය භාවිතයට ගන්නෙත් මේ ක්‍රමයම තමයි. හොඳ වාහන ඔහේ තියෙනවා. හවුලේ භාවිතා කරනවා.

    Thread එක New Artist එකට අදාළ අැයි කියල තේරුම් යන්නෙ මෙතනට වෙනකල්ම කියවපු අයට විතරයි. 😂
    බස් එකේ යන්න සල්ලි නැතිව ඒකාලේ මූ දීලා තියෙන පකේ ටෝක් :rofl: