2000 වසරේදී රැස් වූ එක්සත් ජාතීන්ගේ සහශ්‍ර සමුළුවේදී ගන්නා ලද තීරණයක් අනුව 2015 වසරේදී සපුරා ගැනීමට අපේක්ෂිත දිළිඳුකම පිටුදැකීම, ආහාර සුරක්ෂිතභාවයන් ඇතුළු ඉහත සදහන් සහශ්‍ර සංවර්ධන ඉලක්ක 08 ජයගැනීම සඳහා වන වැඩපිළිවෙලේ “Millenium Goals” ප්‍රගතිය හා එම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ ලෝක මට්ටෙම් ක්‍රියාත්මක සැලැස්මක් සකස්කර ගැනීමේ සමුළුව එක්සත් ජාතින්ගේ 65 වන මහ සමුළුවට සමගාමී ව 2010 සැප්තැම්බර් 22 දින පැවැත්වූයේය.
ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එම එක්සත් ජාතීන්ගේ සහශ්‍ර සංවර්ධන ඉලක්ක සපුරාගැනීම සඳහා වන විශේෂ සැසිවාරය අමතුවේය. මෙම සමුළුවේදී මෙරට ජනාධිපතිවරයා විසින් සංවර්ධන ඉලක්ක සපුරාගැනීම සඳහා වූ සුවිශේෂී කරුණු කිහිපයක් පිළිබඳව සමුළුවේ අවධානය යොමු කරේය.
ශ්‍රී ලංකාව ඉතා වේගවත් ලෙස සහශ්‍ර සංවර්ධන ඉලක්ක කරා ළඟාවෙමින් සිටින අතර මේ වනවිට එකී ඉලක්කයන්ගෙන් සමහරක් සපුරාලීමට සමත්ව තිබේ. අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන දෙඅංශයන්ගෙන් මෙම ඉලක්ක කරා ළඟාවීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිඛෙන අතර දුප්පත්කම තුරන් කිරලීමේ ක්‍රියාවලියේද ඉතා සාර්ථක ජයග්‍රහණ රැසක් ලබා තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිත්‍ය නීයෝජිත නීල් බූනේ මහතා විසින් සැප්තැම්බර් මස 20 වැනිදා එළි දැක්වූ සහශ්‍ර සංවර්ධන ඉලක්ක පිළිබඳ දෙවන වාර්තාවෙන් මේ බැව් අනාවරණය කර තිබේ. ඊට අමතරව ජන හා සංඛ්‍ය ලේඛන දෙපාර්තමේන්තුවෙන් 2010 වර්ෂයේ දෙවන කාර්තුවට අදාලව එළි දැක්වූ වාර්තාවෙන්ද 2010 මහා බැංකු වාර්තාවෙන්ද මෙම සංවර්ධන ජයග්‍රහණ පිළිබඳ කරුණු රැසක් අනාවරණය කර තිබේ. මේ එකී ජයග්රහණයන් කිහිපයකි.
අග්නිදිග ආසියාතික රටවල් අතරින් ශ්‍රීලංකාව අඩුම මාතෘ මරණ අනුපාතිකය වාර්තා කරයි.
ශ්‍රීලංකාව ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ විශ්ව ප්‍රමිතියට අදාල ඉලක්කය සපුරාලයි.
ශ්‍රීලංකාව ළදරු මරණ අනුපාතිකය පහත හෙළයි.
2010 වර්ෂයේ එල්ල වූ අභියෝග රැසක් මැද වුව 2009 වසරට සාපේක්ෂව කෘෂිකර්ම අංශය සියයට 7 කින්ද කර්මාන්ත අංශය සියයට 7.5 කින්ද සේවා අංශය සියයට 8 කින්ද වර්ධනය වී තිබේ. කෘෂිකර්මය, කර්මාන්ත හා සේවා යන අංශවල ගුණාත්මක වර්ධනයක් වාර්තා කළ මෙරට ආර්ථිකය 2010 අවසන් කාර්තුවේ දී පමණක් සියයට 8.6ක ඉහළම වර්ධන වේගයක් සනිටුහන් කර ඇත.
විදුලිය, ගෑස් සහ ජල පහසුකම් යන උප අංශ වර්ධනයක් වාර්තා කරයි.
ඉදිකිරීම් අංශය 9.3% ක වර්ධනයක් වාර්තා කරයි.. අලූත් වාහන ලියාපදිංචිය වර්ධනයක් වාර්තා කරයි.
මෙරට ඉතිහාසයේ සංචාරක පැමිණීමේ ඉහළම අගය 2010 වසරේදී වාර්තා වූ අතර එය සංඛ්‍යාත්මකව 560000 ක් විය.
මෙතෙක් ළඟා වූ ඉහළම වර්ධනය වාර්තා කළ විදෙස් සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 6.6 ක් දක්වා ඉහළ ගියේය.විදෙස් සංචිත ප්රතමාණය 2009 වසරේදී ඩොලර් බිලියන 5 ක් විය. මේ සඳහා ජාත්ය්න්තර සහයෝගය මත ලැබුණු සංවර්ධන ආධාර මෙන්ම මහින්ද චින්තනය මගින් ක්‍රියාත්මක සංවර්ධන සංග්රාසමය සඳහා කෙරෙන ආයෝජනද ඍජුව බලපා ඇත.
මේ වන විට ලෝකයේ දැවැන්තම සමාගම් ලෙස සැලකෙන ෆෝචූන් 500 සාමාගම් අතරින් 10 ක් ශ්‍රීලංකාව තුළ සිය කර්මාන්ත ශාලා ස්ථාපිත කරමින් අති විශාල ආයෝජනයක් සිදු කිරීමට කැමැත්ත පළ කර තිබීම සහශ්‍ර සංවර්ධන ඉලක්ක කරා අප රට පහසුවෙන් ළඟා කරවීමට බලපාන තවත් ප්රළභල සාධකයකි. තවද ඉතිහාසයේ පෙරනොවූ විරූ පරිදි කොටස් වෙළඳ පළ අගයන් වාර්තාගත ලෙස ඉහළ යාමද සහශ්‍ර සංවර්ධන ඉලක්ක කරා අප යන ගමන වේගවත් කරන්නකි. කොළඹ කොටස් වෙළෙඳ පොළ ගෝලීය කොටස් වෙළෙඳ පොළ අතර ප්‍රථම ස්ථානයට පත්වීමත් පසුගිය වසරේ ලද විශිෂ්ටතම වූ වර්ධනයකි.