දැන් කාලෙ පොඩි එවුන්ට තියෙන ප්‍රශ්න

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    දැන් කාලෙ පොඩි එවුන්ට තියෙන ප්‍රශ්න

    අපි හැමෝටම පුංචි කාලෙ ප්‍රශ්න තිබුනා. ඇයි තන්ඩර් කැට්ස්ලා ඤාව් කියන්නෙ නැත්තෙ?, ඊයෙ ඉතුරු කරල ගිය චොකලට් කෑලි දෙක කවුද කෑවෙ?, අද විද්‍යාව මිස් එන්නෙ නැති වෙයිද?,බුද්ධ පූජාව කෑවෙ අපි කියල මාට්ටු වෙයිද?, ඔළුවෙ කැක්කුමයි කිවුවෙ බොරුවට කියලා දොස්තර ගාවදි අම්මා ගහයිද?, අක්කගෙ බෑග් එකට දාපු කටුස්සො දෙන්නා දැන් මොනවා කරනව ඇද්ද?, අද දවල්ට මසුයි අල බැදුමුයි පොල් සම්බෝලයි තියෙයිද?, දොස්තර හොඳහිතව අදවත් අහුවෙයිද? ඇයි මේ මුහුදු මංකොල්ලකාරයො රොබින්සන් පවුල මරන්නෙ නැත්තෙ, ඊයෙ මට වැදිච්ච කරන්ට් එක පූසට වැදුනොත් මොකක් වෙයිද? වගේ ප්‍රශ්න තමයි අපිට අවුරුදු දහයෙදි දොළහෙදි තිබ්බෙ. ඒකටත් එක්ක දැන්. දැන් පොඩි එවුන්ට තියෙන්නෙ ජාත්‍යන්තර ප්‍රශ්න. එවුව විග්‍රහ කරන එක අවුල් වුනත් අපි මේ එයින් ටිකක් ලිවුව.

    1. වෙහිකල් සේල්ස්



    PresentKids-aniwa-01.gif


    මොනාද බං බලහං මම තාත්තට කියල හොරෙන් අවුරුදු දාසයෙදි ලයිසන් එක හදවගෙන වාහනයක් පදින්න හිටියා මදැයි. ප්‍රියස් ගණන් ගිහිල්ලලු. ඊල‍ඟ අවුරුදු හතරෙදි කොහොමහරි ගාණ අඩු වුනොත් හොඳයි. මං වාහන වැඩි කරපු ගමන් මුදල් ඇමතියට බැනල ලිවුව රැපක්. කිවුව ලෙසටම. ලයික්ම තියෙනව හැට පහක්.

    2. ලයික්ස්



    PresentKids-aniwa-02-768x403.jpg


    බලපං ඊයෙ මගේ සෙල්ෆියට ෂාමිකය ලයික් එකක් දාලා නෑ බං. උඹලා ෂේප් කරන්න කිවුවට ඌ අනිවා ඊයෙ ඔන්ලයින් ආව කියල මට ෂුවර්. යද්දි ඩේටා කාඩ් එකක් අරගෙනයි ගියේ. ඌට කොහොමත් අවුල මම උගේ නංගිට ට්‍රයි කරන හින්දා. නංගිලගෙ කේස් අදාල නෑනෙ බං කොල්ලො කොල්ලොනෙ.

    3. නෝ ෆිල්ම්ස්



    PresentKids-aniwa-03-768x403.jpg


    බලන්න කියල හරිහමං ෆිල්ම් එකක් නෑ බං. අනිවා එකේ ආටිකල් එක කියෙවුවම මෝටර් බයිසිකල් බලන්න හිතුනා ඒත් අයිය කිවුව හැම ෆිල්ම් එකම ව‍ගේ ඕකත් තව ටික දවසකන් ඩීවීඩී එකක් දායි කියලා. මායා බලල වැඩක් නෑ, කිසිම සීන් එකක්වත් නැහැලු. රෑබි එකට දාලා අලුත් එකක් බලන්න යංද? එදාටත් හෝල් මැනේජරය වයස මදියි කිවුවොත් නං මං ගහනව මූණ කුඩු වෙන්න. මොකද්ද බං අපි ඕවද බලල තියෙන්නෙ. අනිවාර්යෙන්ම වැඩිහිටියන්ට පමණයි එවුව පෙන්නන වයස 13 සිට ඉහලට කරන්න ඕනමයි.

    4. රැප්ස්



    PresentKids-aniwa-04-768x403.jpg


    දෙකයි පනහෙ කෑලි දාලා බැස්සත් ලොකු වන්ඩී
    මගේ බයිසිකලේ ගාව කොයි කවුරැත් නොන්ඩී
    ඊයෙ හවස ගනං මිස්ට දුන්න නම්බර් එක
    මේක දැකල පිනා එන්න කිවුව අම්මට…
    ලොකු ජාති නැති වුනත් මගෙ අතේ
    චූටි මැණික ඉන්නව රත්තරං මගෙ හිතේ
    ලොකු අයිය බනිනවලු මට හිතුමතේ
    මල්ලිගෙ වැඩ දැක්කොත් ඌ සලංහන්තේ


    6. තෙල් කෝ



    PresentKids-aniwa-05-768x403.jpg


    මං ඊයෙ දවසම කේන්තියෙන් බං හිටියෙ. අපේ අයියලට තාත්තලට ගානක්වත් නැහැ මේ පෙට්‍රල් ගාණ ගැන. ඇයි බං බොරතෙල් බැරල් එක දැන් හෙණ අඩුවට යන්නෙ. ඒවුනාට අපේ උන්දලා තාම ජුන්ඩක් ගාන අඩු කරලා රට්ටු ෂේප් කරනවා. අපේ තාත්තලත් අහුවෙනවනෙ බං ඕවට. හෙට පෙළපාලියක් තියෙනවලු. යමුද තාත්තලට උණ ගැනෙන්නත් එක්ක.

    7. දාලා ගියා… අයියෝ!



    PresentKids-aniwa-06.gif


    සුදු නංගියේ ඇයි දාලා ගියේ. මේ හදවත පැතුවෙම ඔයාව විතරයි. අපේ නංගිගෙ යාළුවො දෙන්නෙක්ම මට නෝට් ලියල දෙන්න පස්සෙන් එද්දි මං නෝට් ලියව ගත්තෙ ඔයාට කියල විතරයි. දැන් ඔයාගෙ අම්ම ‍හදන පොල් සම්බෝලෙ නොකා මං ඉන්නෙ කොහොමද? මං චූටි කැරපොත්තෙක් වගේ මැරිලා යයි. හෙට වෙද්දිවත් කැමතියි නොකිවුවොත් අම්මපා කෙහෙල් ගහේ එල්ලිලා මැරෙනවා සත්තයි. සිහිනෙන් ඔබ මට පෙනෙනව නං කොට්ටෙ පුළුන් කන්නං. කිසිදා ඔබෙ අත නොලැබේ නම් මෙට්ටෙ කොහුත් කන්නං.

    8. ක්ලෑන් ඔෆ්ද ඉයර්



    PresentKids-aniwa-07.gif


    කවුද අඩෝ අපේ ක්ලෑන් එකට ඇවිත් ලොකු ටෝකක් දාල ගියේ? අද ඊයේ ක්ලෑෂ් ඔෆ් ක්ලෑන් ගහන්න පටන් අරගෙන මුන්ගෙ සද්ද බලපල්ලකො. එවපන් බලන්න උඹේ ටවුන් හෝල් එකේ ස්ක්‍රීන් ෂොට් එකක්. මට එකවුන්ට් හතරක් තියනව හතරම ටවුන්හෝල් එකොලහ ෆුල් මැක්ස්. දැනගෙන හැප්පියන් හරිද?

    http://www.aniwa.lk/2016/10/09/1610091-new-generation-kids-problems/

    :lol: :lol: :lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේවා දැක්කම හිනා වෙන්න නෙමේ අඩන්නයි ඕනේ.. අද කාලේ පොඩි උන්ට වෙලා තියන දේ දැක්කම :angry:
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    මේවා දැක්කම හිනා වෙන්න නෙමේ අඩන්නයි ඕනේ.. අද කාලේ පොඩි උන්ට වෙලා තියන දේ දැක්කම :angry:

    එක ඇත්ත. හැබැයි එක පැත්තකින් ගොඩක් සතුටුයි බන්. මොකද මට සුන්දර ළමා කාලයක් තිබුන නිසා...... :yes: :yes: :yes:
     

    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1


    කවුද අඩෝ අපේ ක්ලෑන් එකට ඇවිත් ලොකු ටෝකක් දාල ගියේ? අද ඊයේ ක්ලෑෂ් ඔෆ් ක්ලෑන් ගහන්න පටන් අරගෙන මුන්ගෙ සද්ද බලපල්ලකො. එවපන් බලන්න උඹේ ටවුන් හෝල් එකේ ස්ක්‍රීන් ෂොට් එකක්. මට එකවුන්ට් හතරක් තියනව හතරම ටවුන්හෝල් එකොලහ ෆුල් මැක්ස්. දැනගෙන හැප්පියන් හරිද?

    http://www.aniwa.lk/2016/10/09/1610091-new-generation-kids-problems/

    :lol: :lol: :lol:


    siraa ban mama inne eketh 9 wasare kollo tikak innawa un ade 9-c ekata aluthen kellek awa neda bn kiyaddi mama danne mun 9 wasare kiyala bn