දැන් කාලේ සිස්සත්වේ කරන උන්ගේ ටෝක්ස්

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    එකෙක් කියනව ගෙදර ගිහිල O level වලට පාඩම් කරනවලු 😂 cari samajee
    ai yako kellek kiynne 190ta wada wadiyen athi kiyala.... haminei kiwwalu mun nm :lol:

    6 wasaredi ape panthiye hitaya 180k wage gattu dial ekak...
    mn hithnne panthiye okkogenma wadima lakunu uge e kale, 2000 :D
    oka mn hithnne O/L kaleth na hariyata. A/L kalema nadda koheda ghn uge aiyala ekka pissu kelinna athi.. ekko kudu hari mkak hari seen ekak.
    aparade itn..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,173
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොහොම හරි මහන්සිවෙලා හොඳ ඉස්කෝල හම්බුනාම ප්‍රශ්ණ අඩුයි බං. ඉස්කෝලේ ප්‍රන්සිපල් කිව්වේ මේ ඉස්කෝලෙට නිකන් ඉන්න බලන් එන කොල්ලත් අන්තිමට හොඳට ඉගෙනගන්නව කියල. කිසි බුරුලක් හම්බෙන්නේ නෑ. බය නැතිව ඉන්න කියල කිව්වේ. 😁
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,470
    8,634
    113
    Galaha
    2000 ශිෂ්‍යත්ව විභාගේ කරන්න 3 වසරෙ ඉඳන් මටනම් පුදුම වදයක් තිබ්බෙ. අපේ අම්ම මාව ග්‍රූප් ක්ලාස් එක්කට දැම්මා. ක්ලාස් එක කරපු ඒ ගෑනී සියලු වැඩ කරනකල් ගෙදර එන්න දෙන්නෙ නෑ සමහර දවස් වලට මම ගෙදර එන්නෙ රෑ 9ත් පහුවෙලා. පන්ති පටන්ගන්නෙ හවස 3ට. අපේ අත්ත ඇවිල්ල ඉන්නව මම වැඩ ඉවර කරනකල් පන්ති තිබ්බ ගෙදර. පොත තෙමෙනකල් අඩපු දවස් තියෙනව ගෙදර යනන් දෙන්නෙ නැති නිසා. කොහොම හරි මට ලකුනු 111යි තිබ්බෙ අර ප්‍රෙෂර් කරාට මගේ මොලේට ගියෙ නෑ මොකුත් දුක වේදනාව විතරයිනෙ හිතේ තියෙන්නෙ. පස්සෙ 6 වසරට ගියාම උගන්නන එකේ අවදානය අම්මලට අඩු උනා මමත් ඉගෙනගන්න එක අතෑරලා දැම්මා. මට මතකයි 10 වසරෙදි මට හරියට මුර්තජ සඤ්ඥක ගලපලා වාක්‍යක් ලියාගන්න බෑ. ඔය අස්සෙ 10 වසරෙදි කෑල්ලක් සෙට් උනා OL ෆේල් උනොත් නෝන්ඩිනේ කියල වැරදාල පාඩම් කරා වැරදි හදාගත්තා නොන්ඩි නැතුව කටක් ඇරල කියන්න පුලුවන් වෙන්න සාපේ ගොඩ දාගත්තා. / 3 ට පටන්ගෙන 5ට ඇරෙන්න ඕන පන්තියෙ තමයි මාව රෑ 9 වෙනකල් තියාගන්නෙ. සමහර දවස්වලට ලමයි කතා කරොත් පුටුවක් අරන් කිචන් කවුන්ටර් එකට යවනව එතන ඉඳන් පාඩම් කරන්න. නැත්තං ටේචගෙ කාමරේ මේසෙට යවනවා. 😣
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    නිවාඩු දෙන දවසට ඉස්සර වතුර ගහගන්නවනෙ.මම ක්ලාස් ගිය ටීචගෙ දුවයි මමයි ඉස්කෝලෙ ඇරිලා බස් එකට නගින්නෙ එකම තැනින්.ඒ කෙල්ල හෙන ලස්සනයි. පොඩි කාලෙ දන්නැද්ද ඉතින් ලොකු සීන් දදා හිටියා ඒකිට පේන්න.මේකි මට වතුර පාරක් ගැහුවා බෝතලෙන්.මමත් දුන්නා වතුර පාරක් අර ගොල්ඩන් කුඩුද මොනවද කුඩුයි නිල් කුඩුයි දාලා අරකිට නෑවෙන්නම.ඊලඟ දවසෙ මම ක්ලාස් යද්දි ටීච හෝ ගාලා කාටද බනිනවා.බැලින්නම් මට බනින්නේ.දුවට වතුර ගැහුව කියලා.ආයෙ ක්ලාස් එන්නත් එපා කිව්වා.ඉතින් අන්තිම මාස හයේ විතර ක්ලාස් ගියෙ නෑ.හැබැයි ලකුණු දෙකෙන් විභාගෙ නම් පාස් උනා.😅