දැන් කීයද ප්රෙන්ස්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    ගෝඨට රට එද්දි ඩොලර් එක තිබ්බෙ මට මතක විදියට 180ට කිට්ටුම ගානක. එයා ඒක 170ගානකට ගෙනාව ඒ කාලෙ තමයි මේ පෝස්ට් එක මම දැම්මෙ. මේ පෝස්ට් එක දාන කාලෙ මේක දාන්න ප්‍රධාන හේතුව වුණේ ගෝඨ රටෙන් ඩොලර් එළියට යන එක නවත්තන්න ලොකු වැඩ කොටසක් කරනව කියල පෙනුන. ලංකාවෙ ඇතුලෙ බෙහෙත් හදන්න හැදුව. ගොඩක් රට ඇතුලෙන් හදන්න පුලුවන් දේවල් හදන්න පටන් ගත්ත.
    මේක වැරදි බන් එදා දාපු පොස්ට් එකත් එක්ක. මොකද ගෝටා දිනලා දවස් 3කින් දාපු එකක්. චන්දෙ දීපු උන්ට ගෝටා ඇවිත් ලොකු වෙනසක් කරයි වගේ දෙයක් ඔලුවේ තිබ්බ නිසා දාපු පොස්ට් එකක්. එහෙම නැතුව දවස් තුනක් ඇතුලේ ගෝටා ඔය උඩ කියන දේවල් කරේ නෑ .
    ඩොලර් එක චන්දෙ දවස් වල ටිකක් අඩු උනා . ස්වභාවිකව හරි කෘතිමව හරි. හැබැයි ගෝටා ආව කියලා එහෙම රුපියල බේරගන්න බෑ . මොකා ආවත් බෑ තියන ණය කන්දයි , හිරවෙලා තියන හිරවිල්ලි එක්ක.. ඔය post එකට ටික දවසකට පස්සේ ආයිත් රුපියල වැඩි උනා.
    කොටින්ම කොරෝන එන්නත් කලින් ජනවාරි වල රුපියල 180+ තිබ්බේ. ඕක කෘතිමව පාලනය කරන් ඉන්නේ අදටත්. එකට වෙනම විශේෂ සංචිත යනවා.
     
    • Like
    Reactions: shenat

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේක වැරදි බන් එදා දාපු පොස්ට් එකත් එක්ක. මොකද ගෝටා දිනලා දවස් 3කින් දාපු එකක්. චන්දෙ දීපු උන්ට ගෝටා ඇවිත් ලොකු වෙනසක් කරයි වගේ දෙයක් ඔලුවේ තිබ්බ නිසා දාපු පොස්ට් එකක්. එහෙම නැතුව දවස් තුනක් ඇතුලේ ගෝටා ඔය උඩ කියන දේවල් කරේ නෑ .
    ඩොලර් එක චන්දෙ දවස් වල ටිකක් අඩු උනා . ස්වභාවිකව හරි කෘතිමව හරි. හැබැයි ගෝටා ආව කියලා එහෙම රුපියල බේරගන්න බෑ . මොකා ආවත් බෑ තියන ණය කන්දයි , හිරවෙලා තියන හිරවිල්ලි එක්ක.. ඔය post එකට ටික දවසකට පස්සේ ආයිත් රුපියල වැඩි උනා.
    කොටින්ම කොරෝන එන්නත් කලින් ජනවාරි වල රුපියල 180+ තිබ්බේ. ඕක කෘතිමව පාලනය කරන් ඉන්නේ අදටත්. එකට වෙනම විශේෂ සංචිත යනවා.
    නෑ මේක වැරදියි. මම ඔය පෝස්ට් එක දාල තියෙන්නෙ මෙන්න මේ පෝස්ට් එක කෝට් කරල. ඔය ත්‍රෙඩ් එකේ ඒ කාලෙම ඩොලර් එක අඩුවුණ එක ගැන Freelancing කරන ගොඩක් අය කතා කරන්න ඇති. මේ පෝස්ට් එක දාල රුපියල ආයිත් වැඩි වුණේ කොරෝන කේස් එකෙන් පස්සෙ මට මතක විදියට. කොරෝන ආපු ගමන්න 192+ ගියා මට හොඳටම මතකයි. එතකොට මගේ පෝස්ට් වගයක් කෝට් කරල පිරිසක් ඔය වගේ ආතල් එකක් අල්ලන්න හැදුව. ඒත් එක්කම තමයි LOLC එකේ සීන් එක වෙලා ආයිත් 180 ගානටම බැස්සෙ. එතකොට කට්ටිය කියන්න ගත්ත ඩොලර් එක පාවෙන්න නොදී තියාගෙන ඉන්නව කියල.
    මේක හරියන්නෑ බන්. රේට් එක ගොඩක් අඩුයි. අපරාදෙ දෙතුන් දාහ කැපිල යනව ගන්න ගන්න පාරට. :sorry: කෙලින්ම USD වලින් ගන්න විදියක් කියපන්කෝ. rfc, nrfc එකවුන්ට් නැතුව වෙන මොකක් හරි ෆොරින් කරන්සි එකවුන්ට් වර්ගයක් තියනවද උඹලා පාවිච්චි කරලා තියන
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    නෑ මේක වැරදියි. මම ඔය පෝස්ට් එක දාල තියෙන්නෙ මෙන්න මේ පෝස්ට් එක කෝට් කරල. ඔය ත්‍රෙඩ් එකේ ඒ කාලෙම ඩොලර් එක අඩුවුණ එක ගැන Freelancing කරන ගොඩක් අය කතා කරන්න ඇති. මේ පෝස්ට් එක දාල රුපියල ආයිත් වැඩි වුණේ කොරෝන කේස් එකෙන් පස්සෙ මට මතක විදියට. කොරෝන ආපු ගමන්න 192+ ගියා මට හොඳටම මතකයි. එතකොට මගේ පෝස්ට් වගයක් කෝට් කරල පිරිසක් ඔය වගේ ආතල් එකක් අල්ලන්න හැදුව. ඒත් එක්කම තමයි LOLC එකේ සීන් එක වෙලා ආයිත් 180 ගානටම බැස්සෙ. එතකොට කට්ටිය කියන්න ගත්ත ඩොලර් එක පාවෙන්න නොදී තියාගෙන ඉන්නව කියල.
    ගෝටා දිනලා වැඩ බාරගත්තේ nov 18 බන්. post එක nov 20.
    ඉතින් දවස් 2යි. ගෝටා ගත්තු තීරණ නිසා අඩු උන එකක් නෙවෙයි. රටේ දේශපාලන වෙනසක් උනාම වෙන දෙයක් නැත්නම් ගෝටා ආපු ගමන් රුපියල ශක්තිමත් කරා කියල පෙන්නන කෘතිමව කරපු දෙයක්. කොරෝනා සම්බන්ද නෑ රුපියල 180ට ආයිත් යන්න. දෙසැම්බර් ඒක උනා. ඔය ත්‍රෙඩ් එකේම අපිට ආපු rate එකත් එක්ක රුපියලේ ඇත්ත අගය හිතාගන්න පුලුවන් දෙසැම්බර් වල.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ගෝටා දිනලා වැඩ බාරගත්තේ nov 18 බන්. post එක nov 20.
    ඉතින් දවස් 2යි. ගෝටා ගත්තු තීරණ නිසා අඩු උන එකක් නෙවෙයි. රටේ දේශපාලන වෙනසක් උනාම වෙන දෙයක් නැත්නම් ගෝටා ආපු ගමන් රුපියල ශක්තිමත් කරා කියල පෙන්නන කෘතිමව කරපු දෙයක්. කොරෝනා සම්බන්ද නෑ රුපියල 180ට ආයිත් යන්න. දෙසැම්බර් ඒක උනා. ඔය ත්‍රෙඩ් එකේම අපිට ආපු rate එකත් එක්ක රුපියලේ ඇත්ත අගය හිතාගන්න පුලුවන් දෙසැම්බර් වල.
    ඔව් තීරණ නිසා අඩුවුණා කියන්න බෑ. ඒත් එයා නිසා අඩුවෙයි කියන විශ්වාසෙ තිබ්බ. ඒක නේහ් මම මේ පෝස්ට් එකෙත් කියල තියෙන්නෙ. ඒකට ප්‍රධානම හේතුවත් එයාගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් කියපු දේවල්. රට ඇතුලෙ නිෂ්පාදන කරනව කිව්ව එක.
     
    • Like
    Reactions: dilann

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව


    :D:D:D








    MvRaQkH.jpg
    බූරුවෙක් කරපු හදියක්
    දැන් තිරගත වේ
     
    • Haha
    Reactions: Anatha sinhalu

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    මේක එළකිරියේ ඒ කාලේ කෙනෙක් දාපු post එකක්. නම නොදා නිකන් දාන්නම් කියවන්න ;) .
    මෙහෙමයි මචන් part 2 වගේ

    "
    කරන්න කිසිම දෙයක් නෑ බං:(:(:(. මගෙත් NRFC එකක් තියෙන්නෙ. ඒකෙත් දවසෙන් දවස රේට්ස් අඩුවෙනව. 2000-3000 මාස්පතා අඩුවීගෙන එනව. ගෝඨ එන්න කළින්ම මම ඕක දැනගෙන හිටිය. ආයිත් ඩොලර් එක වැඩිවෙයි කියල හිතන්න අමාරුයි. ඕක දිගටම අඩුවීගෙන යයි. කොහොමහරි අපිට ඒ වාසිය ලැබෙන්නෙ Indirectly බං තව කාලයක් යද්දි. බඩු මිළ අඩු වෙද්දි, වාහන වල මිල අඩුවෙද්දි වගේ. වෙන කරන්න කිසිම දෙයක් නෑ. කොහොමත් රටට හොඳයි නේහ් බං රුපියල ශක්තිමත් වෙන එක. ඒ නිසා බලාගෙන ඉමු:yes::yes::yes:


    මම උපකල්පනය කරනව තව අවුරුදු දෙකක් යන්න කළින් වගේ ඩොලර් එක 160ට පොඩ්ඩක් අඩුවෙයි කියල. බලමුකො...
    "

    තාම අවුරුදු 2ක් ගියේ නෑනෙ. තව මාසයක් තියෙනවා. බලන් ඉදපන්කො අපේ ස' ඩොලර් එක අඩු කරන හැටි. ✌😍😍
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මේකෙ දෙපැත්තක් තියෙනව. එදිනෙදා වියදමට රුපියල් ඕන නම් රුපියල් ප්‍රින්ට් කරනව ආණ්ඩුවෙන්. ඒකට තමයි දැන් මෙච්චර දවසක් සල්ලි ප්‍රින්ට් කරේ.
    කන්න හිතුනම අපි ගෙදර ගොටුකොල ටිකක් වවාගෙන කනවා වගේ රටකට හිතෙන හිතෙන විදියට මුදල් අච්චුගැසීම කරන්න බෑ ,

    රජය ප්‍රධාන වශයෙන් ආදායම් උපයා ගන්නේ මහ ජනතාවගෙන් බදු එකතු කරල හා රජයේ ව්‍යාපාර ආදී බදු නොවන ආදායම් වලින් තමයි. සමහර අවස්ථාවලදී මේ මූලාශ්‍ර වලින් රජයට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවු නම ආදායම් හිගය පියවා ගන්න සාමාන්‍යයෙන් ක්‍රම කිහිපයක් රජයක් විසින් අනුගමනය කරනවා. ඒකෙන්
    *පලවෙනි ක්‍රමය තමයි බදු වැඩි කරලා රජයේ ආදායම වැඩි කරගන්න එක
    *දෙවැනි ක්‍රමය තමයි දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් ණය ලබා ගන්න එක
    *තුන්වැනි ක්‍රමය තමයි කරන්න කිසිම දෙයක් නැතිව කෙලවිලා මනං තියෙන්නෙ විතරක් මුදල් අච්චු ගහන එක.(විශේෂයෙන් සඳහන් කරන්න ඕන ලෝකෙ කිසිම රටක් සිය ආදායම හිගය පියවා ගන්න ලෙසින් භාවිතා කරන්නේ නෑ මේ ක්‍රමය)

    රටක් විසින් මුදල් අච්චු ගහන්නෙ මම ඉහත සදහන් කරපු ආදායම් ලබා ගැනීමේ ක්‍රමවේද සියල්ලම අසාර්ථක වී භාවිතා කළ හැකි එකම විකල්පය මුදල් අච්චු ගැසීම ලෙස හඳුනාගත්තොත් විතරමයි. (මිට අමතරව භාවිත කිරීමේ දී අපිරිසුදු හා විනාශ වන මුදල් ප‍්‍රමාණය සලකා බලන අතර මුදල් ඉල්ලුම ප‍්‍රශස්ත මට්ටමක තබාගැනීම අරමුණු කරගෙන ද වරින්වර අලුතින් නිකුත්)

    දැන් මචං උඹට තේරෙනවා ඇති මේ ආණ්ඩුව මම ඉහත සඳහන් කරපු බදු අඩු කිරීම නිසා අසාමාන්‍ය විදිහට සල්ලි අච්චු ගහන්න ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙන්නෙ කියලා.

    මුදලකට අගයන් දෙකක් තියෙනවා මචං ඒ කියන්නේ මූල්‍ය අගය හා මූර්ත අගය කියලා, මූල්‍ය අගය කියලා කියන්නේ මුදල් නොට්ටුවේ සඳහන් කරලා තියෙන අගය මූර්ත කියලා කියන්නේ මුදල් ඒකකයකින් ලබාගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය. රටක මුදලේ මූර්ත අගය අඩුවන විට ඒ මුදල් වල වටිනාකම හීන වෙනවා ඒ කියන්නේ අපට පෙර මුදල් ඒකකයකින් ගත හැකිව තිබූ බඩු ප්‍රමාණයට වඩා අඩු බඩු ප්‍රමාණයක් තමයි ගන්න වෙන්නේ දැන් සිද්ධ වෙමින් පවතින්නේ අන්න ඒ දේ.ඒ කියන්නේ අති උද්ධමන තත්ත්වයක් නිර්මාණය වෙලා රටේ භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාම වසර කීපයක් ඇතුලත සිද්ධ වෙන සිදුවීමක් වුවත් මේ වෙලාවේ අති උද්ධමන තත්ත්වය යටතේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යෑමට ගතවන්නේ දින කීපයක්.

    මේ ආණ්ඩුව 2020 වර්ෂයේ පමණක් රුපියල් බිලියන 659 ක මුදල් අච්චුගසා තිබේ. 2020 වර්ෂයේ රටේ මුළු බදු ආදායම බිලියන 1,040 යි. මෙම බදු ආදායමට අමතර වශයෙන් රුපියල් බිලියන 659 ක මුදල් අලුතෙන් මුද්‍රණය කරලා. මේක 2019 වර්ෂයත් යහපාලනය සමඟ සංසන්දනය කලාම 2019 වර්ෂයේ (යහපාලනය) මුදල් අච්චු ගසා ඇත්තේ රුපියල් බිලියන 04 ක් විතරයි.

    ඊට අමතරව 2019 මුල්‍ය වර්ෂයේ කොටි 10000කට වැඩි බදු ප්‍රමානයක් අයකරගෙන නෑ කියලා කෝප් එකේදී අනාවරණය උනා , බදු නිසිලෙස අයකරනොගැනීම අපේ වරද්දද ?

    දැන් උඹේ අර ඩොලර් එක අඩු වෙන වැඩිවෙන කතාවට කෙටි උත්තරයක් දුන්නොත් මම කියපු විදියට රටේ ආදායම ලෙස ලැබෙන බදු ප්‍රමාණය මේ ආණ්ඩුව විසින්ම අඩු කරගනිපු නිසා විදේශ ණය ගන්න සිද්ධ වුණා, අරගෙන කරේ සංවර්ධන ව්‍යාපෘති නෙමෙයි එදිනෙදා කෑමට යොදා ගනිපු එක ඒක නිසා රුපියල මත පීඩනය වැඩි වෙලා තමයි ඩොලර් එකට ගෙවන රුපියල් ප්‍රමාණය වැඩි වෙන්න ඒ කියන්නේ රුපියල් අප්‍රමාණ වෙන්නේ.

    මේක නම් අසාධාරණ කතාවක්. මහින්ද විතරක් කියල කියන්න බෑ. යහපාලනෙනුත් කරේ ණය ගත්ත එක විතරයි. ඒ ගත්ත ඒවගෙනුත් කිසිම දෙයක් කරේ නෑ. එයිට කළින් ආණ්ඩු බැලුවත් තත්වෙ ඒකමයි. මේ ඩොලර් මාතෘකාවට ඇයි මචං ණය විතරක් ඇදල ගන්නෙ? ණය කියන්නෙ එක කොටසක් විතරයි. මේකට ලොකුම හේතුව ණය නෙමෙයි. රටේ හදන්න පුලුවන් හැමදේම පිට රටින් ගේන එක. මිනිරන් මේ තරම් තියෙන රටේ පැන්සලක් හදන්නෙ නෑ. මුහුද වටේටම තියෙන රටේ පිටරටින් සැමන් ගේනව. මෙන්න මේව තමයි ඩොලර් එකට බලපාන ප්‍රධානම හේතු. ප්‍රධානම නෙමෙයි එකම හේතුව කිව්වත් හරි. එතකොට ඒවට වගකියන්න ඕන මහින්ද විතරයිද? ලංකාවෙ මෙච්චර කල් ආණ්ඩු කරපු හැම එකාම වගකියන්න ඕන.

    උඹ මෙහෙම කියන්නේ මම කියපු කමෙන්ට් එක කියවලා හරියට තේරුම් ගත්තෙ නැති නිසා බලපං මං ඒකෙ කියලා තියෙනවා "කොළ කෑල්ලක් දික් කරලා (බැඳුම්කර) ණය අරගෙන ඒකෙන් කන වැඩේ පටන් ගත්තේ 2005 පස්සේ මහින්ද" කියලා

    ඔය ගැන වැඩි විස්තර ඔබට බලාගන්න පුළුවන් හොඳම තැන තමයි central bank annual reports , මම ඉස්සර නං ඕව ගත්තේ ගාලු පාරේ kings වත්තට හැරෙන තැන පාරෙන් අනිත් පැත්තේ තියෙනවා මහ බැංකුවේ මාතර ශාඛාව ඔන්න ඕකෙන්, දැනුත් එතැන ගන්න ඇති මම හිතන්නේ, ළඟකදි නං ගත්තෙ නැති නිසා දන්නේ නෑ අලුත් විස්තර.

    ඔන්න ඔය මම කියපු සක්කිලි වැඩෙන් තමයි රට වලපල්ලට යන්න පටන් ගත්තේ මෙච්චර කාලයක් හැම ආණ්ඩුවක්ම ණය අරගෙන කරේ මොකක් හරි සංවර්ධන ව්‍යාපෘතියක් , මම කියන්නේනෑ ඒකෙන් සුළු ප්‍රතිශතයක් හොරා කෑවෙ නෑ කියලා නමුත් මහිගේ සංවර්ධන ව්‍යාපෘති වලදී හොරාකාපු තරං හොරා කෑවෙ නෑ කියන එක මහවැලි ව්‍යාපෘතිය වගේ දේවල් දකින කොට තේරුම් ගන්න පුළුවන්නේ බං, නිකමට හිතපන් කෝ ගිං නිල්වලා ව්‍යාපෘතියට බිලියන හතරක් ගෙවලා තියෙනවා වෙච්ච දෙයක් නෑ මේ වගේ තව කොච්චර තියෙනවා ද

    මම කවදාවත් කියන්නෑ යහපාලන කාලේ සීයට සීයක් හොඳයි කියලා ඒත් සාපේක්ෂව හොඳයි , ඒකෙන් කරපු දහනමවැනි සංශෝධනය නිසා රටේ ගොඩක් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය ශක්තිමත් වෙන්න ලොකු වැඩ කොටසකට මුල් අඩිතාලම වැටුණා, යහපාලන කාලේ ණය අරගෙන කරේ මහීගෙ කාලය ණයවල වාරික ගෙවපු එක තමයි වැඩිපුරම.

    උඹේ ඩොලර් මාතෘකාවට තනිකරම උත්තරය තමයි මහීගෙ කාලේ ඉඳං කරපු ණය ගැනීම සහ රට දරාගන්න බැරි අනවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ගැනීම, මේ ලඟදි කබ්බත් කිවුවා ඒ විදියට අපහු නය ගන්නේ නෑ කියලා , ඇත්තටම නය ගන්නේ නැතුව නෙවෙයි නය ලැබෙන්නේ නැති නිසා , පසුගිය ජනවාරි 19 වන දා සංවර්ධන බැඳුම්කර හරහා වෙළෙඳ පොළෙන් (වෙළෙඳ පොළ යනු, දේශීය හා විදේශීය බැංකු වලින්) ඩොලර් මිලියන 200 ක් ලබාගැනීමට ගියද, ප්‍රතිචාර ලැබුණේ ඩොලර් මිලියන 44 කට පමණයි. ඉස්සර ලංකාවට ණය ලබාදීමට තරඟයක් තිබුනා දැන් සිදුවී ඇතිදේ තේරෙනවා නේ

    උඹ දැන් ලංකාවෙ නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කරනවා නේ ලංකාවෙ මචං එහෙම ලොකුවට නිෂ්පාදන ආර්ථිකයක් හදන්න බෑ.

    ප්‍රධානතම හේතුව තමයි ලංකාවෙ අඩු ජනගහනය.

    ඒකෙදි ලෝකෆැක්ටරිය වෙන චීනයට වැඩිය අඩුවට අපිට භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන් නම් විතරයි අපිට දියුණු වෙන්න පුළුවන්.

    නැත්තං කරල තේරුමක් නෑ උඹේ පැන්සල් උදාහරණයම ගත්තොත් ලංකාවෙ දවසකට පැන්සල් මිලියන් 10 වගේ නිෂ්පාදන ධාරිතාවය ගෙන් පැන්සල් නිෂ්පාදනය කරොත් විතරයි චීන හදන මිලට සමාන හෝ අඩුවෙන් ඒ පැන්සලක් විකුණන්න පුළුවන් වෙන්නේ, සරලව කිව්වොත් මහා පරිමාණ නිෂ්පාදනයක් කරනකොට නිෂ්පාදන පිරිවැය අඩු වෙනවා.

    නැත්නම් ලංකාවෙ හදන පැන්සලක් විකුණන්න වෙන්නේ රුපියල් දෙසීයකට 250කට වගේ ඒ තරම් මුදලක් ලංකාවේ අයට ගෙවල ගන්න තරම් වත්කමක් නෑ

    හැබැයි ඒ වගේ මහා පරිමාණ නිෂ්පාදනයක් කරලා අපි කාටද විකුනන්නෙ මොකද නිෂ්පාදනයක් මුලින් ලංකාවට විකුණලා තමයි එළියට විකුණන්න මාර්කට් එක හදාගන්න වෙන්නේ.

    චිනේ සමහර නිෂ්පාදන වලට ආණ්ඩුවෙන් ගෙවනවා , එකියන්නේ නිෂ්පාදන වියදම 10යි නම් , ආණ්ඩුවෙන් 3ක් ගෙවනවා , එකියන්නේ නිෂ්පාදන වියදම 7යි. ලොවෙත් වෙන එකෙක්ට ඒ මිලට ඒ භාණ්ඩය නිෂ්පාදනය කරන්න බෑ

    දැන් බලපං කො කහ, කහ කිලෝ එකක් ලංකාවට ගේන්න වියදම් වෙන්නේ රුපියල් 250ක් විතර හැබැයි අපි එහෙම කරන්න නැතිව ලංකාවේ කහ වගා කරනවා මොන මෝඩ වැඩක් ද එක

    මොකද අපිට ඉන්දියාවට හෝ වෙනත් රටකට වගේ අසීමිත භූමියක් නෑ අපිට තියෙන්නෙ සීමිත භූමි ප්‍රමාණයක් එතකොට අපි එකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දේවල් තෝරගෙන ඕන කරන්න

    ලංකාවේ වර්තමානයේ කහ වගා කරන ප්‍රදේශ වල කහ වෙනුවට කුරුඳු වගා කරානම් අපිට කුරුඳු කිලෝ එකක් රුපියල් 2500 කට 3000කට විකුණලා විදේශ විනිමයක් එකතු කරගන්න පුළුවන් එතකොට අපිට ලේසියෙන්ම ඒ සල්ලි වලින් ඉතාම සුළු මුදලක් වියදම් කරළ මුළු රටටම අවශ්‍ය කහ ඉන්දියාවෙන් මිලදී අරගන්න පුළුවන්.

    හැබැයි ඉතින් කහ ගෙන්නන එක නවත්තල ලංකාවේ කහ වවනවා වගේ මිනිස්සුන්ට දැනෙන ප්‍රශ්නයක් ඇති කරන්නේ නැතුව ලංකාව පුරාම කුරුදු වගාව ව්‍යාප්ත කරන්න ක්‍රමවේදයක් හැදුවනම් ඒක ලොකුවට මිනිසුන් ට දැනෙන්නේ නැති නිසා, නන්දයා වැඩක් කරා කියලා මිනිස්සුන්ව අන්දන්න බෑ නේ , ඕව මචං දේශපාලන ගේම්

    දැන් මගෙන් අහන්න එපා උඹ ලංකාව පුරාම කුරුඳු වගා කරන්න පුළුවන්ද කියලා උඹට ඒකට උත්තරේ හොයාගන්න ලේසිම ක්‍රමය තමයි ඔය තිහගොඩ තියෙන ලෝකෙ එකම කුරුඳු පර්යේෂණායතනයට ගිහින් බලන එක.

    උඹ මාළු ගැන කියපු හින්දම මම කියන්නම්කො, නෙළුම් කුළුණ, සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, හම්බන්තොට එයාර්පෝට්, හම්බන්තොට තියෙන සම්මන්ත්‍රණ ශාලා ඇතුළු රටට අනවශ්‍ය සංවර්ධන ඉදිකිරීම් වලට වියදම් කරපු මුදල් යොදවලා, සාමාන්‍යයෙන් ට්‍රෝලර් කියලා කියන්න අපි ටැංකි බෝට්ටු කියන්නේ බං, ඒව තියන ධීවරයො දාස් ගානකට මහා පරිමාණ මාළු අල්ලන්න නැව් දෙන්න පුළුවන්කම තිබුනනෙ, අර කිසිම වැඩකට නැති සංවර්ධන ව්‍යාපෘති වලට සල්ලි වියදම් නොකර. එහෙම කරානම් පිටරටින් මාළු ගෙන්වීම උඹ කිව්වා වගේ නවත්තන්න පුළුවන්කම තිබුණා විතරක් නෙවෙයි අපිට ටින් මාළු හදලා අපනයනය කරන්නත් පුළුවන් කම තිබුනා , ඉතින් මේවට වගකියන්න ඕන මහී නැතුව වෙන කව්ද බං

    ඒකනිසා අපිට කරන්න පුළුවන් සහ බැරි දේවල් තෝරාගෙන ක්‍රියාත්මක කරන්න ඕන ,

    ඒ නිසයි මම කියන්නේ අපි අධ්‍යාපනයට මීට වඩා ලොකු මුදලක් යොදවන්න ඕන , එතකොට අපිට පුළුවන් භාණ්ඩ වෙනුවට දැනුම අපනයනය කරන්න. හරියට උඹ කරනවා වගේ.

    හොඳම දේ තමයි සුපිරි පොරවල් teaching වලට ආකර්ෂණය වෙන විදියට ගුරු සේවය හදන එක.

    එකට කරන්න ඕන ප්‍රධනම දේ තමයි ඉහල ආකර්ශනීය වැටුපක් ගුරුවරුන්ට දෙන එක.

    එතකොට ඉහල සුදුසුකම් සහ ඉහල දක්ෂතා ඇති අය ගුරුසේවය වෙත ආකර්ෂණය වෙනවා , එතකොට ගුණාත්මකත්වය ඉහල අධ්‍යාපනයක් සිසුන්ට ලැබෙනවා.

    එතකොට මේ කටපාඩම් අධ්‍යාපනය වෙනුවට නිර්මාණාත්මක ශිෂ්‍යයෙක් නිර්මාණය කරන්න පුළුවන් වෙනවා
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඔව් මේකෙ ගොඩක් දුරට ඇත්තක් තියෙනව. හොඳත් තියෙනව නරකත් තියෙනව. හයිවේ වගේ ගොඩක් වටින ප්‍රොජෙක්ට් ඒ අතරෙ කරා. හැබැයි මොනව කරත් එයාලට කොමිස් ගියා. ඒකත් ඉතිං හැම ආණ්ඩුවකම වුණ දෙයක්. හැබැයි හැමදේටම මේ ආණ්ඩුවට ඇඟිල්ල දික් කරල වැඩක් නෑ.

    හයිවේ උනත් ගොඩක් වටිනව කියල කියන්න බෑ මචං මාතරින් හම්බන්තොට පැත්තට හදපු කොටසට වියදම් කරපු මුදල අපරාදේ කියන එකයි මගේ අදහස මොකද ඊට වඩා වියදම් කරලා railway track එක අවශ්‍ය විදියට හැදුවනම් ඒක සෑහෙන්න වටිනවා රටේ නිෂ්පාදනය බෙදාහරින්න. මොකද අද වෙනකොට දුම්රිය හරහා භාණ්ඩ බෙදාහැරීම කියන එක සෑහෙන්න අඩු වෙලා තියෙන්නේ. අපිට පුළුවන් නම් භාණ්ඩ බෙදා හරින වැඩේට කෝච්චිය යොදාගන්නා ක්‍රමයක් හදන්න විශේෂයෙන් කන්ටේනර්, අන්න ඒකට වියදම් කරන්න පුළුවන් නම් සෑහෙන්න වටිනවා.

    කොරෝනා හැදිලා මරුන තම්බින්ගේ මිනී පුච්චන්නේ නැතිව වලදාන්න තීරණය එනකල් මාස ගණන් මිනී තියාගෙන ඉන්න තාවකාලික ශීතාගාර දෙන්න පුළුවන්උනාට කොරෝනා නිසා රට වැහුවම ගොයියෝන්ගේ නිෂ්පාදන නරක් වෙන එක නවත්වගන්න තාවකාලික ශීතාගාර දෙන්න බෑ මේ පාලකයන්ට. (මම දන්නා තරමට ගිය ආණ්ඩුවෙන් හර්ෂ ඔය වැඩේ කරන්න හදපු project එකත් මුන් නැවැත්තුවා.)

    බලපන්කො පහුගිය කොරෝනා කාලේ දඹුල්ලේ එළවලු කුනුවෙනවා , අනෙක් පළාත්වල එළවලු ගිනිගණන් , මේ ආණ්ඩුවට බැරිඋනා දබුල්ලට ටිකක් එහායින් තියෙන තමුත්තේගම ඉස්ටෙෂන් එකට දඹුල්ලේ එළවලු ටික ගෙන්නලා දුම්රිය මගින් රටපුරා බෙදාහරින්න , මුන්ට එහෙම කරන්න උවමනාවක් නෑ

    රටේ ප්‍රමුඛතම හඳුනාගෙන ඕන infrastructure develop කරන්න. නැතුව තමන්ට ලැබෙන කොමිස් එකට හරි ගහන්න පුළුවන් ගාන දිහා බලාගෙන නෙමෙයි වැඩ කරන්න ඕන.

    අම්මෝ දැන්නම් අත් රිදෙනවා යකෝ ටයිප් කරල තවත් නං ටයිප් කරන්න බෑ උඹට මේ ආර්ථික අර්බුදය ගැන හොඳටම දැන ගන්න ඕන්නං commerce කරලා කැම්පස් ගියපු එකෙක් අල්ලගෙන අහගනින් බං ඌ බොහොම පැහැදිලිව උඹට කියලා දේවි ඩොලර් එකයි නයයි අතර තියෙන සම්බන්ධය විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් ගැන.

    නැත්නම් weekend එකට පොල්හේන පැත්තට වරෙන් අපි ඒ හරියේ තියෙන පොට් එහෙක සෙට් වෙනවා ගොඩක් වෙලාවට, දෙකක් දාගන්න ගමන් මේක ගැන කතා කරමු.
     

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    මේකෙ @Oli_Vili ගෙ පෝස්ට් නම් සුපිරි. ගොඩක් දේවල් දැනගත්ත. ඔවා thread එකක්ම කරන්න පුලුවන්.