මේකෙ දෙපැත්තක් තියෙනව. එදිනෙදා වියදමට රුපියල් ඕන නම් රුපියල් ප්‍රින්ට් කරනව ආණ්ඩුවෙන්. ඒකට තමයි දැන් මෙච්චර දවසක් සල්ලි ප්‍රින්ට් කරේ.
කන්න හිතුනම අපි ගෙදර ගොටුකොල ටිකක් වවාගෙන කනවා වගේ රටකට හිතෙන හිතෙන විදියට මුදල් අච්චුගැසීම කරන්න බෑ ,
රජය ප්‍රධාන වශයෙන් ආදායම් උපයා ගන්නේ මහ ජනතාවගෙන් බදු එකතු කරල හා රජයේ ව්‍යාපාර ආදී බදු නොවන ආදායම් වලින් තමයි. සමහර අවස්ථාවලදී මේ මූලාශ්‍ර වලින් රජයට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවු නම ආදායම් හිගය පියවා ගන්න සාමාන්‍යයෙන් ක්‍රම කිහිපයක් රජයක් විසින් අනුගමනය කරනවා. ඒකෙන්
*පලවෙනි ක්‍රමය තමයි බදු වැඩි කරලා රජයේ ආදායම වැඩි කරගන්න එක
*දෙවැනි ක්‍රමය තමයි දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් ණය ලබා ගන්න එක
*තුන්වැනි ක්‍රමය තමයි කරන්න කිසිම දෙයක් නැතිව කෙලවිලා මනං තියෙන්නෙ විතරක් මුදල් අච්චු ගහන එක.(විශේෂයෙන් සඳහන් කරන්න ඕන ලෝකෙ කිසිම රටක් සිය ආදායම හිගය පියවා ගන්න ලෙසින් භාවිතා කරන්නේ නෑ මේ ක්‍රමය)
රටක් විසින් මුදල් අච්චු ගහන්නෙ මම ඉහත සදහන් කරපු ආදායම් ලබා ගැනීමේ ක්‍රමවේද සියල්ලම අසාර්ථක වී භාවිතා කළ හැකි එකම විකල්පය මුදල් අච්චු ගැසීම ලෙස හඳුනාගත්තොත් විතරමයි. (මිට අමතරව භාවිත කිරීමේ දී අපිරිසුදු හා විනාශ වන මුදල් ප‍්‍රමාණය සලකා බලන අතර මුදල් ඉල්ලුම ප‍්‍රශස්ත මට්ටමක තබාගැනීම අරමුණු කරගෙන ද වරින්වර අලුතින් නිකුත්)
දැන් මචං උඹට තේරෙනවා ඇති මේ ආණ්ඩුව මම ඉහත සඳහන් කරපු බදු අඩු කිරීම නිසා අසාමාන්‍ය විදිහට සල්ලි අච්චු ගහන්න ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙන්නෙ කියලා.
මුදලකට අගයන් දෙකක් තියෙනවා මචං ඒ කියන්නේ මූල්‍ය අගය හා මූර්ත අගය කියලා, මූල්‍ය අගය කියලා කියන්නේ මුදල් නොට්ටුවේ සඳහන් කරලා තියෙන අගය මූර්ත කියලා කියන්නේ මුදල් ඒකකයකින් ලබාගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය. රටක මුදලේ මූර්ත අගය අඩුවන විට ඒ මුදල් වල වටිනාකම හීන වෙනවා ඒ කියන්නේ අපට පෙර මුදල් ඒකකයකින් ගත හැකිව තිබූ බඩු ප්‍රමාණයට වඩා අඩු බඩු ප්‍රමාණයක් තමයි ගන්න වෙන්නේ දැන් සිද්ධ වෙමින් පවතින්නේ අන්න ඒ දේ.ඒ කියන්නේ අති උද්ධමන තත්ත්වයක් නිර්මාණය වෙලා රටේ භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාම වසර කීපයක් ඇතුලත සිද්ධ වෙන සිදුවීමක් වුවත් මේ වෙලාවේ අති උද්ධමන තත්ත්වය යටතේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යෑමට ගතවන්නේ දින කීපයක්.
මේ ආණ්ඩුව 2020 වර්ෂයේ පමණක් රුපියල් බිලියන 659 ක මුදල් අච්චුගසා තිබේ. 2020 වර්ෂයේ රටේ මුළු බදු ආදායම බිලියන 1,040 යි. මෙම බදු ආදායමට අමතර වශයෙන් රුපියල් බිලියන 659 ක මුදල් අලුතෙන් මුද්‍රණය කරලා. මේක 2019 වර්ෂයත් යහපාලනය සමඟ සංසන්දනය කලාම 2019 වර්ෂයේ (යහපාලනය) මුදල් අච්චු ගසා ඇත්තේ රුපියල් බිලියන 04 ක් විතරයි.
ඊට අමතරව 2019 මුල්‍ය වර්ෂයේ කොටි 10000කට වැඩි බදු ප්‍රමානයක් අයකරගෙන නෑ කියලා කෝප් එකේදී අනාවරණය උනා , බදු නිසිලෙස අයකරනොගැනීම අපේ වරද්දද ?
දැන් උඹේ අර ඩොලර් එක අඩු වෙන වැඩිවෙන කතාවට කෙටි උත්තරයක් දුන්නොත් මම කියපු විදියට රටේ ආදායම ලෙස ලැබෙන බදු ප්‍රමාණය මේ ආණ්ඩුව විසින්ම අඩු කරගනිපු නිසා විදේශ ණය ගන්න සිද්ධ වුණා, අරගෙන කරේ සංවර්ධන ව්‍යාපෘති නෙමෙයි එදිනෙදා කෑමට යොදා ගනිපු එක ඒක නිසා රුපියල මත පීඩනය වැඩි වෙලා තමයි ඩොලර් එකට ගෙවන රුපියල් ප්‍රමාණය වැඩි වෙන්න ඒ කියන්නේ රුපියල් අප්‍රමාණ වෙන්නේ.
මේක නම් අසාධාරණ කතාවක්. මහින්ද විතරක් කියල කියන්න බෑ. යහපාලනෙනුත් කරේ ණය ගත්ත එක විතරයි. ඒ ගත්ත ඒවගෙනුත් කිසිම දෙයක් කරේ නෑ. එයිට කළින් ආණ්ඩු බැලුවත් තත්වෙ ඒකමයි. මේ ඩොලර් මාතෘකාවට ඇයි මචං ණය විතරක් ඇදල ගන්නෙ? ණය කියන්නෙ එක කොටසක් විතරයි. මේකට ලොකුම හේතුව ණය නෙමෙයි. රටේ හදන්න පුලුවන් හැමදේම පිට රටින් ගේන එක. මිනිරන් මේ තරම් තියෙන රටේ පැන්සලක් හදන්නෙ නෑ. මුහුද වටේටම තියෙන රටේ පිටරටින් සැමන් ගේනව. මෙන්න මේව තමයි ඩොලර් එකට බලපාන ප්‍රධානම හේතු. ප්‍රධානම නෙමෙයි එකම හේතුව කිව්වත් හරි. එතකොට ඒවට වගකියන්න ඕන මහින්ද විතරයිද? ලංකාවෙ මෙච්චර කල් ආණ්ඩු කරපු හැම එකාම වගකියන්න ඕන.
උඹ මෙහෙම කියන්නේ මම කියපු කමෙන්ට් එක කියවලා හරියට තේරුම් ගත්තෙ නැති නිසා බලපං මං ඒකෙ කියලා තියෙනවා "කොළ කෑල්ලක් දික් කරලා (බැඳුම්කර) ණය අරගෙන ඒකෙන් කන වැඩේ පටන් ගත්තේ 2005 පස්සේ මහින්ද" කියලා
ඔය ගැන වැඩි විස්තර ඔබට බලාගන්න පුළුවන් හොඳම තැන තමයි central bank annual reports , මම ඉස්සර නං ඕව ගත්තේ ගාලු පාරේ kings වත්තට හැරෙන තැන පාරෙන් අනිත් පැත්තේ තියෙනවා මහ බැංකුවේ මාතර ශාඛාව ඔන්න ඕකෙන්, දැනුත් එතැන ගන්න ඇති මම හිතන්නේ, ළඟකදි නං ගත්තෙ නැති නිසා දන්නේ නෑ අලුත් විස්තර.
ඔන්න ඔය මම කියපු සක්කිලි වැඩෙන් තමයි රට වලපල්ලට යන්න පටන් ගත්තේ මෙච්චර කාලයක් හැම ආණ්ඩුවක්ම ණය අරගෙන කරේ මොකක් හරි සංවර්ධන ව්‍යාපෘතියක් , මම කියන්නේනෑ ඒකෙන් සුළු ප්‍රතිශතයක් හොරා කෑවෙ නෑ කියලා නමුත් මහිගේ සංවර්ධන ව්‍යාපෘති වලදී හොරාකාපු තරං හොරා කෑවෙ නෑ කියන එක මහවැලි ව්‍යාපෘතිය වගේ දේවල් දකින කොට තේරුම් ගන්න පුළුවන්නේ බං, නිකමට හිතපන් කෝ ගිං නිල්වලා ව්‍යාපෘතියට බිලියන හතරක් ගෙවලා තියෙනවා වෙච්ච දෙයක් නෑ මේ වගේ තව කොච්චර තියෙනවා ද
මම කවදාවත් කියන්නෑ යහපාලන කාලේ සීයට සීයක් හොඳයි කියලා ඒත් සාපේක්ෂව හොඳයි , ඒකෙන් කරපු දහනමවැනි සංශෝධනය නිසා රටේ ගොඩක් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය ශක්තිමත් වෙන්න ලොකු වැඩ කොටසකට මුල් අඩිතාලම වැටුණා, යහපාලන කාලේ ණය අරගෙන කරේ මහීගෙ කාලය ණයවල වාරික ගෙවපු එක තමයි වැඩිපුරම.
උඹේ ඩොලර් මාතෘකාවට තනිකරම උත්තරය තමයි මහීගෙ කාලේ ඉඳං කරපු ණය ගැනීම සහ රට දරාගන්න බැරි අනවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ගැනීම, මේ ලඟදි කබ්බත් කිවුවා ඒ විදියට අපහු නය ගන්නේ නෑ කියලා , ඇත්තටම නය ගන්නේ නැතුව නෙවෙයි නය ලැබෙන්නේ නැති නිසා , පසුගිය ජනවාරි 19 වන දා සංවර්ධන බැඳුම්කර හරහා වෙළෙඳ පොළෙන් (වෙළෙඳ පොළ යනු, දේශීය හා විදේශීය බැංකු වලින්) ඩොලර් මිලියන 200 ක් ලබාගැනීමට ගියද, ප්‍රතිචාර ලැබුණේ ඩොලර් මිලියන 44 කට පමණයි. ඉස්සර ලංකාවට ණය ලබාදීමට තරඟයක් තිබුනා දැන් සිදුවී ඇතිදේ තේරෙනවා නේ
උඹ දැන් ලංකාවෙ නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කරනවා නේ ලංකාවෙ මචං එහෙම ලොකුවට නිෂ්පාදන ආර්ථිකයක් හදන්න බෑ.
ප්‍රධානතම හේතුව තමයි ලංකාවෙ අඩු ජනගහනය.
ඒකෙදි ලෝකෆැක්ටරිය වෙන චීනයට වැඩිය අඩුවට අපිට භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන් නම් විතරයි අපිට දියුණු වෙන්න පුළුවන්.
නැත්තං කරල තේරුමක් නෑ උඹේ පැන්සල් උදාහරණයම ගත්තොත් ලංකාවෙ දවසකට පැන්සල් මිලියන් 10 වගේ නිෂ්පාදන ධාරිතාවය ගෙන් පැන්සල් නිෂ්පාදනය කරොත් විතරයි චීන හදන මිලට සමාන හෝ අඩුවෙන් ඒ පැන්සලක් විකුණන්න පුළුවන් වෙන්නේ, සරලව කිව්වොත් මහා පරිමාණ නිෂ්පාදනයක් කරනකොට නිෂ්පාදන පිරිවැය අඩු වෙනවා.
නැත්නම් ලංකාවෙ හදන පැන්සලක් විකුණන්න වෙන්නේ රුපියල් දෙසීයකට 250කට වගේ ඒ තරම් මුදලක් ලංකාවේ අයට ගෙවල ගන්න තරම් වත්කමක් නෑ
හැබැයි ඒ වගේ මහා පරිමාණ නිෂ්පාදනයක් කරලා අපි කාටද විකුනන්නෙ මොකද නිෂ්පාදනයක් මුලින් ලංකාවට විකුණලා තමයි එළියට විකුණන්න මාර්කට් එක හදාගන්න වෙන්නේ.
චිනේ සමහර නිෂ්පාදන වලට ආණ්ඩුවෙන් ගෙවනවා , එකියන්නේ නිෂ්පාදන වියදම 10යි නම් , ආණ්ඩුවෙන් 3ක් ගෙවනවා , එකියන්නේ නිෂ්පාදන වියදම 7යි. ලොවෙත් වෙන එකෙක්ට ඒ මිලට ඒ භාණ්ඩය නිෂ්පාදනය කරන්න බෑ
දැන් බලපං කො කහ, කහ කිලෝ එකක් ලංකාවට ගේන්න වියදම් වෙන්නේ රුපියල් 250ක් විතර හැබැයි අපි එහෙම කරන්න නැතිව ලංකාවේ කහ වගා කරනවා මොන මෝඩ වැඩක් ද එක
මොකද අපිට ඉන්දියාවට හෝ වෙනත් රටකට වගේ අසීමිත භූමියක් නෑ අපිට තියෙන්නෙ සීමිත භූමි ප්‍රමාණයක් එතකොට අපි එකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දේවල් තෝරගෙන ඕන කරන්න
ලංකාවේ වර්තමානයේ කහ වගා කරන ප්‍රදේශ වල කහ වෙනුවට කුරුඳු වගා කරානම් අපිට කුරුඳු කිලෝ එකක් රුපියල් 2500 කට 3000කට විකුණලා විදේශ විනිමයක් එකතු කරගන්න පුළුවන් එතකොට අපිට ලේසියෙන්ම ඒ සල්ලි වලින් ඉතාම සුළු මුදලක් වියදම් කරළ මුළු රටටම අවශ්‍ය කහ ඉන්දියාවෙන් මිලදී අරගන්න පුළුවන්.
හැබැයි ඉතින් කහ ගෙන්නන එක නවත්තල ලංකාවේ කහ වවනවා වගේ මිනිස්සුන්ට දැනෙන ප්‍රශ්නයක් ඇති කරන්නේ නැතුව ලංකාව පුරාම කුරුදු වගාව ව්‍යාප්ත කරන්න ක්‍රමවේදයක් හැදුවනම් ඒක ලොකුවට මිනිසුන් ට දැනෙන්නේ නැති නිසා, නන්දයා වැඩක් කරා කියලා මිනිස්සුන්ව අන්දන්න බෑ නේ , ඕව මචං දේශපාලන ගේම්
දැන් මගෙන් අහන්න එපා උඹ ලංකාව පුරාම කුරුඳු වගා කරන්න පුළුවන්ද කියලා උඹට ඒකට උත්තරේ හොයාගන්න ලේසිම ක්‍රමය තමයි ඔය තිහගොඩ තියෙන ලෝකෙ එකම කුරුඳු පර්යේෂණායතනයට ගිහින් බලන එක.
උඹ මාළු ගැන කියපු හින්දම මම කියන්නම්කො, නෙළුම් කුළුණ, සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනය, හම්බන්තොට එයාර්පෝට්, හම්බන්තොට තියෙන සම්මන්ත්‍රණ ශාලා ඇතුළු රටට අනවශ්‍ය සංවර්ධන ඉදිකිරීම් වලට වියදම් කරපු මුදල් යොදවලා, සාමාන්‍යයෙන් ට්‍රෝලර් කියලා කියන්න අපි ටැංකි බෝට්ටු කියන්නේ බං, ඒව තියන ධීවරයො දාස් ගානකට මහා පරිමාණ මාළු අල්ලන්න නැව් දෙන්න පුළුවන්කම තිබුනනෙ, අර කිසිම වැඩකට නැති සංවර්ධන ව්‍යාපෘති වලට සල්ලි වියදම් නොකර. එහෙම කරානම් පිටරටින් මාළු ගෙන්වීම උඹ කිව්වා වගේ නවත්තන්න පුළුවන්කම තිබුණා විතරක් නෙවෙයි අපිට ටින් මාළු හදලා අපනයනය කරන්නත් පුළුවන් කම තිබුනා , ඉතින් මේවට වගකියන්න ඕන මහී නැතුව වෙන කව්ද බං
ඒකනිසා අපිට කරන්න පුළුවන් සහ බැරි දේවල් තෝරාගෙන ක්‍රියාත්මක කරන්න ඕන ,
ඒ නිසයි මම කියන්නේ අපි අධ්‍යාපනයට මීට වඩා ලොකු මුදලක් යොදවන්න ඕන , එතකොට අපිට පුළුවන් භාණ්ඩ වෙනුවට දැනුම අපනයනය කරන්න. හරියට උඹ කරනවා වගේ.
හොඳම දේ තමයි සුපිරි පොරවල් teaching වලට ආකර්ෂණය වෙන විදියට ගුරු සේවය හදන එක.
එකට කරන්න ඕන ප්‍රධනම දේ තමයි ඉහල ආකර්ශනීය වැටුපක් ගුරුවරුන්ට දෙන එක.
එතකොට ඉහල සුදුසුකම් සහ ඉහල දක්ෂතා ඇති අය ගුරුසේවය වෙත ආකර්ෂණය වෙනවා , එතකොට ගුණාත්මකත්වය ඉහල අධ්‍යාපනයක් සිසුන්ට ලැබෙනවා.
එතකොට මේ කටපාඩම් අධ්‍යාපනය වෙනුවට නිර්මාණාත්මක ශිෂ්‍යයෙක් නිර්මාණය කරන්න පුළුවන් වෙනවා