දැන් ඩිජිටලුත් එන්නේ A4 කොළේක බන් .මුන් තාක්ෂණයත් අව භාවිතා කරනවා.

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113

    අඩුගානේ මේකේ database එකවත් පරිස්සම් කරගන්න පුළුවන් උනොත් ඇති.​

    ‘‘එන්නත් සම්පූර්ණ කළාම ඩිජිටල් කාඩ් පතක්‘‘​






    image_5089250793.jpg



    (යොහාන් භාසුර)


    ශ්‍රී ලාංකික පුරවැසියකු ‘කොවිඩ්’ මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බවට සනාථ කෙරෙන ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති ‘කොවිඩ් එන්නත්කරණ ඩිජිටල් කාඩ්පත’ හදුන්වා දෙමින් පළමු කාඩ්පත ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වන ජ්‍යෙෂ්ඨ ජිම්නාස්ටික් පුහුණුකරු කපිල ජීවන්ත මහතාට පිරිනැමීය.


    මෙම ‘කොවිඩ් එන්නත් කාඩ්පත’ හඳුන්වාදීමේ උත්සවය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසායකත්ව සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විණි.


    සෞඛ්‍ය අමාත්‍යංශය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසායකත්ව සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය එක්ව මෙම කාඩිපත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.


    මෙම ඩිජිටල් කාඩ්පතේ එන්නත් ලබාගත් පුද්ගලයාගේ නම, වයස, ජාතික හැදුනුම්පත් අංකය, එන්නත ලබාගත් දිනය, ලබාගත් එන්නත් වර්ගය සහ කාණ්ඩ අංකය ඇතුළත් වේ.


    මෙම කාඩ්පතේ නිරවද්‍යතාව ඛේත ක්‍රමය මගින් ලෝකයේ ඕනෑම තැනක සිට තහවුරු කරගත හැකිය.


    ඩිජිටල් කාඩ්පත හදුන්වාදීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ, සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය සභාපති මහාචාර්ය ලලිත් ගමගේ සහ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික යෂ්වන්ත් මුත්තෙට්ටුවගම යන මහත්ම මහත්මීහූ ඇතුළු නිලධාරී පිරිසක් සහභාගි වූහ.
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,496
    974
    113
    උබලට මොනවත් තේරෙන්නේ නෑ. යකෝ ඔය කොලය HTML5 වලින් ලියලා. MY SQL Database ඒකක ගැට ගහලා තියෙන්නේ. ඔ්ක දෙකට නමලා පර්ස් ඒකේ දා ගත්තම ඔ්නම රටක දොරකොඩින් ඇතුල් වෙන කොටම RF වලින් SIM ඒක Read කරලා අහසේ තියෙන වළාකුලකට Data ටික යනවා. තෙරුම් ගනිලා බන්ස්.
     
    • Haha
    Reactions: Bart_Allen

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    USA වලත් ,තාම දෙන්නෙ කොළයක් බං . ආඩම්බරයි රට ගැන
    IMG_20210711_103128~2.jpg
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    digital card ekak bn oya nikan othana dena eka represent karanna ohom denne