ජාතිකත්වය හෝ ආගම මත වෛරය ඇති කරන පෙළපාලි හෝ රැස්වීම් පැවැත්වීමට මින් ඉදිරියට අවසර ලබා නොදීමට රනිල් වික්රමසිංහ මහතාගේ රජය තීරණය කරයි.
ඒ අනුව මින් ඉදිරියට බෙදුම්වාදය, බුදු දහමට එරෙහි අන්යාගමික අන්තවාදය හෝ මූලධර්මවාදය විවේචනය කරන කිසිදු රැස්වීමකට, පෙළපාලියකට ඉඩ නොලැබේ.
මේ අනුව කූරගල, මූදු මහා විහාරය, අනුරාධපුර මහමෙවුනා භූමිය ආදියේ සිදුවෙන දේවල් වලට එරෙහිව ඉදිරියේදී කිසිදු උද්ඝෝෂණයක් පෙළපාලියක් පැවැත්වීමට නොහැකිය. වෙනකක් තියා බෞද්ධයින්ගේ බෝ ගසක් අන්යාගමිකයින් කපා දැම්මත් ඊට එරෙහිව බෞද්ධයින්ට උද්ඝෝෂණ කළ නොහැකිය.
සිංහල රාවය, බොදු බල සේනා වැනි සංවිධාන වලට ඉදිරියේදී රැස්වීම් පෙළපාලි යාමට නොහැකි වෙන බව මේ ගැන දන්නා නීතිවේදීන්ගේ අදහසයි.
යම් හෙයකින් එවැනි රැස්වීමක් "ජාතිකත්වය හෝ ආගම මත වෛරය ඇති කරන" බවට රජයට තේරුනහොත් ඊට සම්බන්ධ වෙන අයව අත් අඩංගුවට පත් වීමට පුළුවන.