අපි දන්නා විදිහට ලංකාවේ දේශපාලන පක්ෂ කීපයක් තියනවා. ඕව වෙනස් වෙන්නේ කොහොමද කියන දේ අපි දන්නේ නායකයෝ වෙන් වෙන්ව අදුනගනීමෙන් විතරයි ලංකාවේ බහුතරය. මේක පුළුල් විදිහට බලන්න ඕන දෙයක්. ලංකාවේ දේශපාලනය වෙනම ක්‍රියාකාරකමක් උනත් ලංකාවේ දේශපාලනය කියන පද්ධතිය කැරකෙන්නේ ගෝලීය දේශපාලනය එක්ක. අපි මේ මොහොතේ එකතු වෙලා ඉන්නේ මොන රටේ මොන ආර්ථික පද්ධතිය එක්කද කියන දේ අපේ රටේ ඉදිරියට ගොඩක් බලපානවා. අපි දන්නා විදිහට අපේ රටේ දීර්ග කාලීනව එක ආණ්ඩුවක් හිටියේ නෑ. මොනාහරි අංචියක් දාල ආණ්ඩුව වෙනස් කරනවා. ආණ්ඩු වෙනස් වෙන්නේ නෑ. ගොලීය දේශපාලනය එක්ක අපේ ආණ්ඩු වෙනස් කරවනවා. මම දන්නා විදිහට දැනට තියන දෙර්ශපාලන පක්ෂ ගැන ටිකක් කියන්නම්. මම දේශපාලන විද්‍යාව විෂයක් විදිහට හදාරපු කෙනෙක් නෙමෙයි. පොහොට්ටුවට චන්දෙ දීල කෙලවුනාට පස්සේ තේරුණා මොකක් හරි අව්ලක් මේවගේ තියනවා කියල. පස්සේ හිතල පොත් බලල, ඉතිහාසේ පොඩ්ඩක් කියවල, යාළුවන් එක්ක කතා කරලා මම තේරුම්ගත්තා විදිහට කියන්නම්. වැරදි දෙයක් තිබ්බොත් නිවැරදි කරපන්.
1. එක්සත් ජාතික පක්ෂය
ලංකාවේ පලවෙනි පක්ෂය එක්සත් ජාතික පක්ෂය. දෙවන ලෝක යුද්ධය එක්ක ඉන්දියාවෙන් සෙබළු බ්‍රිතාන්‍යයට ගෙන්නගත්තට පස්සේ ලංකාවට හදිසියේ හරි අතිරේක බලඇණි ඕන උනොත් එවන්න තියන හැකියාව ඉංග්‍රීසින්ට නැති වෙනවා. එක නිසා 1948 සුද්දෝ අපිට නිදහස දීල යන්න තීරණය කරනවා. ලංකාවේ ආණ්ඩුවක් එකටම කරන්නේ එක්සත් ජාතික පක්ෂය. ප්‍රජාතන්ත්‍රවාදී (ධනවාදී) ආර්ථික ප්‍රතිපත්තියක් තමයි එජාපෙට තියෙන්නේ.
ධනවාදී කියන්නේ මිල මට පදනම් වුන ආර්ථිකයක්. පවුද්ගලික අංශය තමයි ප්‍රබල, ආණ්ඩුවෙන් කරන්නේ නියාමනය කරන එක. ආණ්ඩුවේ ආයතන නැහැ. දැනට නවීන ලෝකේ ලසනට දුවන ආර්ථික පද්ධතිය තමයි ප්‍රජතන්තරවාදී ආර්ථික ක්‍රමය. මම දැන් නෑ අයි මේකට ධනවාදී ආර්ථික ක්‍රමය කියල නම දැම්මේ කියල. මේක ඒ තරමට මිනිස්සුන්ට යෝග්‍ය ආර්ථික ක්‍රමයක්. මිනිස්සුන්ගේ හැකියාව, නිදහස අගය කරන ආර්ථික ක්‍රමයක්. උබට මිනිස්සුන්ව බලෙන් උබේ ව්‍යාපාර වල තියාගන්න එක කරන්න බැරි ක්‍රමයක්. ව්‍යාපාරයේ ගුණාත්මක බව තුලින් හා මිල මත පදනම්ව තමයි මිනිස්සු තමන්ට වඩාත් යෝග්‍ය ව්‍යාපාරය තෝරාගන්නේ. ව්‍යාපාරත් තමන්ගේ අලෙවිය ඉහල දැමීමට නවෝත්පාදනය, නිෂ්පාදන ගුණාත්මක බව හා මිල තමයි යොදාගන්නේ. ආණ්ඩුව කරන්නේ එක එක ආයතන වලට නීති රාමුවක් සකස් කරලා නීතියට වැඩද කියල සහතික කරන එක.
ඇමරිකාව, ජපානය, යුරෝපය, ඔස්ට්‍රේලියාව උදාහරණ. දැන් ඉන්දියාවත්, මැදපෙරදිග රටවලුත් ටික ටික හැරෙනවා ප්‍රජතන්තර්වාදී ආර්ථිකය දෙසට.
මොවුන් බලය ලබා ගන්නේ ජනමත විචාරයක් තුලින්. ජනමත විචාරයක් තුලින් බලය ලබෙගෙන තමන්ගේ ආර්ථික අරමුණු ක්‍රියාත්මක කරන රටක් සමග එකතු වී ඔවුන්ගේ මිතුරු රටක් වී සාමුහික ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි කරන්නේ.
උදා: අපට ගැලපෙන නිෂ්පාදන වැඩි කිරීම, එමගින් ඇති වන අතිරික්තය මගින් මුදල් උපයා අපට නැති සම්පත්, භාණ්ඩ, සේවා ලබා ගැනීම.
2. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
ශ්රිනිප තමයි පලවෙනි වාමාංශික අරමුණු සහිත ව්‍යාපාරය. ඒ කියන්නේ සමාජවාදී ලක්ෂණ සහිත ආර්ථික ව්‍යුහයක් තිබ්බ අපේ රටේ දේශපාලන පක්ෂය.
සමාජවාදී කියන්නේ රාජ්‍ය ව්‍යාපාර බලවත් වුනු පවුද්ගලික අංශය රජය විසින් අල්ලන් ඉන්න ආර්ථික සැකැස්මක්. ඒකෙදි නිෂ්පාදන ක්‍රියාවලිය සිදු වෙන්නේ රාජ්‍ය ආයතන තුලින්. මැතිනි ඇවිත් වතු අත්පත් කරගැනීම එහෙම මතකයිනේ.
සමාජවාදී ආර්ථික ක්‍රමය තියෙන්නේ රුසියාව, චීනය, කියුබාව වගේ රටවල. නවීන ලෝකේ පිළිගන්නේ යල් පැනගිය ආර්ථික ක්‍රමයක් විදිහට.
අපි ගොඩක් බණ්ඩාරනායක ගැන ගුණ කීවට මෙයාලට ඕන උනේ සමාජ පන්ති බෙදීම නැති කරන්න නෙමෙයි එහෙමම පවත්වා ගන්න. ධනවාදී ආර්ථික ක්‍රමයේ පන්ති බෙදීඑමක් නැතිව නෙමෙයි. නමුත් බහුතර ජනයට සමානව වරප්‍රසාද හම්බෙන වටපිටාවක් සැකසෙනවා ධනවාදී ක්‍රමය තුල. සමාජවාදය තුල එහෙම ලක්ෂණයක් නැහැ.
ලංකාවේ සංස්කෘතිය, ආගම් නිසා සභ්‍යත්වය, ආදරය, පවුල, ගරුත්වය කියන මේ වචන වලට සීමා වෙන දේවල් වලට වැඩි වටිනාකමක් සමාජවාදය හරහා ලැබෙන බව පෙන්නලා තියනවා. නමුත් ඒක එහෙමමද??
සමාජවාදී ආර්ථිකයක් කරන්න ආවට ශ්රිනිප අන්තිමට නැවතුනේ දෙකටම නැති මිශ්‍ර ආර්තිකෙක අපේ ලංකාව හිර කරලා. පව්ද්ගලික අංශයත් බලවත්, රාජ්‍ය අංශයත් බලවත්. මට හිතෙන විදිහට මෙතන තමයි අපිට කෙළවුණ තැන. ව්‍යාපාර ලාභ ඉපයීම පරමනක් මුල් කරගත්ත. නිෂ්පාදනයේ හෝ සේවාවේ ගුණාත්මක බව ඇති තරගය නැත්තටම නැති උනා. නවෝත්පාදන කියන දේවල් පහල බහින්න ගන්න මුල් පියවර දැම්මේ මෙතනින්. ව්‍යාපාර හිමිකාරයෝ වැඩි වෙන්න ගත්ත සේවකයන්ට වැඩ. දැනුමක් නැති ලාභය පමණක් අරමුණු කරගත්ත ව්‍යාපාර.
උදා: අද බස් සේවාව. CTB පුද්ගලික බස්. ගමේ ඉන්න උන් බස් දාල මෙලෝ ගුණාත්මක බවක් නැහැ. නියාමනය බින්දුවයි. තරගේ තියෙන්නේ වේගය මත, සේවයේ ගුණාත්මක බව මත නෙමෙයි. බස් අයිතිකාරයෝ අඩු වෙලා අපිටත් සැප පහසු බස් සේවාවක සේවකයෙක් වෙන්න ලැබුණානම් වෙන දියුණු රටවල වගේ කොයි තරම් ලස්සන වෙයිද?
මොවුන් බලය ලබා ගැනීම සිදු කරන්නේ මුලිකව ජනමත විචාරයන් තුලිනි.
3. ජනතා විමුක්ති පෙරමුණ
මේකනම් 100% රාජ්‍ය අංශය අමගින් සියලු භාණ්ඩ හා සේවාවන් විය යුත්තේ කියල ක්‍රියාත්මක වෙන සංකල්පයක්. තවම මේ අංශය අපේ බලයට අවේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ පිහිටෙව්වේ විජේවීර නමැති නායකයා. එතුමා රුසියාවේ අද්යාපන කටයුතු කරල තමයි ලංකාවේ ක්‍රියාකාරී දේශපාලනයට ආවේ.
මෙතුමාගේ ඝාතනයත් සමගම ජවිපෙ තියන මුලික සංකල්පය නැති උන. සංවිධානය විනාශ කළා මෙතුමාගේ මරණයෙන්. පස්සේ ඉතිරි උනේ පන බේරාගෙන පැනල ගිය සෝමවංශයි දැනට ජවිපෙන් දේශපාලනය කරන දන්නා කියන ටිකයි. සොමවන්ෂත් මැරිලා ගිය.
ජවිපෙ අරගලය මත ලොකු විශ්වාසයක් තියන පිරිසක්. අරගලයකින් පසුව ජනමත විචාරයකින් බලය ලබා ගැනීම තමයි ඔවුන්ගේ ප්‍රතිපත්තිය. මට පුද්ගලයා මතක නැහැ. ස්ටර්ලින් හරි Leon Trotsky ගෙන් කෙනෙක් තමයි ඔය මතය උද වැඩ කලේ.
පෙරටුගාමීන්
පෙරටුගාමීන් සමාජවාදී දේශපාලන පක්ෂයක්. ජවිපෙ දේශපාලනයෙන් පෙරටුගමින් වෙනස් වෙනේ ඔවුන්ගේ බලය ලබා ගැනීමේ ක්‍රමවේද මත. ජවිපෙ අරගලයෙන් පසු ජනමත විචරයකිනුත්, පෙරටුගාමීන් අරගලය මගින්ම පත් කරගන්න යාන්ත්‍රණයක් තුලිනුත් බලය ලබා ගැනීමටත් පසුව සමාජවාදී යාන්ත්‍රණයක් ඇති කිරීමත් තමයි කරන්නේ.
දැනට නායකයා කුමාර් ගුණරත්නම්.
------------------------------------------------------------------------------------------------------
අපි පොහොට්ටුව ගැන කතා නොකර ඉමු. දැනට ලංකාවට කරලා තියන වැඩිම හානිය කලේ පොහොට්ටුව. ය ජිවිතේට මෙහෙම ජාතකයක්, පදනමක්, නිශ්චිත ආර්ථික ර්පතිපත්තියක් නැති උන්ට චන්දෙ දීමෙන් වලකින්න කියල උබල හැමෝගෙන්ම ඉල්ලනවා. මමත් මුන්ට දුන්නේ.

-------------------------------------------------------------------------------------------------------
හොදයි මම ඉතා කෙටියෙන් මේ පැහැදිලි කිරීම කලේ. දැන් බලමු අපි ගෝලීය වශයෙන් දේශපාලනය කැරකෙන විදිහ. ලෝකේ දැනට ප්‍රධාන ආර්ථික ක්‍රම දෙකයි තියෙන්නේ කියලත් පැහැදිලියි නේ (මම වැරදිනම් නිවැරදි කරපල්ලා). දැන් රටවල් අධිරාජ්‍යයන් පිහිටුවන්නේ යුද්ධ නොකර මිත්‍ර පාර්ශව බවට පත් කරගැනීමෙන්. ඇමරිකාව ප්‍රමුක යුරෝපිය රටවල් මෙම ක්‍රමය තමයි කරන්නේ සටන් කිරීම වෙනුවට. විරුද්ධ මතය (සතුරා) අඩපන කරනවා වැඩි වශයෙන් මිත්‍ර පාර්ශවික රටවල් ඇති කරගැනීම තුලින්. නේටෝ සංවිධානය, රුසියාව සහ යුක්රේනයේ යුද්ධය උදාහරණයක්.
පිහිටීම අතින් ගත්තම ලංකාව ලෝකයේ මර්මස්ථානයක්. ඉල්ලුම ඉතාම වැඩි පිහිටීමක්. මෙන්න මේ නිසා අපිට ඇතිවන බලපෑම ඉතාම වැඩියි ලෝක බලවතුන්ගෙන්. නැතිනම් IMF අපිට 16 වතාවක් උදවු කරන්නේ නැහැ. රුසියාවේ, චිනේ නියෝජිතයෝ දවසින් දවස මෙහෙ එන්නේ නැහැ රට මෙචචර කෙලවිලත්.
ලංකාවට කෙළවෙන්න බලපෑවේ ජවිපෙට වඩා ශ්රිනිප කියලයි මගේ පුද්ගලික මතය. කොහේටවත් නැති ආර්ථික ප්‍රතිපත්ති නිසා තමයි වැරදි පැත්තට අපි යොමු උනේ. පස්සේ එජාප බලය ගත්තත් එක ආර්ථික ප්‍රතිපත්තියක යන්න මොවුන් ඉඩ දුන්නේ නැහැ මිනිස්සුන්ගේ සංවේදී තැන අල්ලලා දේශපාලනය අස්ථාවර කළා. JR විවුර්ත ආර්ථිකේ ගෙනල්ල කලෙත් ලංකාව ඇමරිකාවට බැඳලා දෙන වැඩේ. නමුත් එකෙන් අපිට කරගන්න බැරි උන කිසිදෙයක් දේශපාලන අස්ථාවර බව නිසා. අන්තිමට මුදලාලිලා ටිකක් බිහි උන අඩුවට රටවලින් බඩු ගෙන්නන.
මට හිතෙන්නේ ජවිපෙ + පෙරටුගමින්ට වඩා සජබේ නැත්තම් එජාප වගේ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් තියන පක්ෂෙකට බලය යන්න ඕන මේ වෙලාවේ. මගේ පුද්ගලික මතය මේක. අමුත් අපි දැනටමත් පරක්කුයි. ඇමරිකාව අපිට දැන් උදවු කරන්නේ ඉන්දියාව ජපානය හරහා. ජපනේටත් වැඩ ඉන්දියාව හරහා. එකත් අවුලක් නෑ කියල මටනම් හිතෙන්නේ.
මේවා කිසිම දෙයක් අද්‍යනය නොකර 2020 වෙනකන් මහින්දලා ඇතුළු හොර නාදයට දුන්න එක ගැන කම්පා වෙලා මේක ටයිප් කලේ. අපි නොදැනම එකෙක්ට වහල්කම් කරන්න ඕනේ නෑ අපි මොකුත් නොකර හිටියත්.
අදහස් කියපල්ලා... වැරදි තැන හදපල්ලා..