දැන් විපක්ෂ නායකවරු 2යි

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
දැන් විපක්ෂ නායකවරු 2යි


ජඩාධිපති පිස්සා හැදූ අවුල..! කලින් අගමැතිවරු 2 යි; දැන් විපක්ෂ නායකවරු 2යි; සම්බන්ධන්ගේ විශේෂ ප්‍රකාශය..!!



පිස්සු ජඩාධිපතියා පල්ලෙවත්ත ගමරාළ විසින් ඔක්තෝම්බර් 26 වෙනිදා දියත් කළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයෙන් පළමුවෙන්ම අගමැතිවරු දෙදෙනෙක් බිහිවූ අතර අධිකරණයට පිංසිදු වන්නට දැන් හොර අගමැතිගේ ධූරය අවසන් වූ නමුත් දැන් විපක්ෂ නායකවරු දෙදෙනෙකු බිහි වී තිබේ.
ආර්. සම්බන්ධන් මහතා අද පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමා විපක්ෂ නායක ධූරයෙන් ඉවත් කරන ලද බවක් තමන්ට දැනුම් දී නැති බවයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ විපක්ෂ නායක ලෙස ඊයේ නම් කළ මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ද නොවන බවයි.
සම්බන්ධන් මහතාගේ ප්‍රකාශයේ වැදගත් කොටස් වල සිංහල පරිවර්තනය මෙසේය
‘‘2015 වසරේදී මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට පසු දෙවැනියට වැඩිම මන්ත්‍රීන් සංඛ්‍යාවක් සිටින පක්ෂය හැටියේ නායකයා හැටියට ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ නායකයා හැටියට මා විපක්ෂ නායක ලෙස පත් කරන බව කතානායකතුමා නිවේදනය කළා. මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පත් කරන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කළ දැනුම්දීමක් මත කතානායකතුමා ඊයේ ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ මහත්මයා විපක්ෂ නායක ලෙස පිළිගන්නා බව කිව්වා. කතානායකතුමා මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස පත් කළේ මම විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරමින් සිටියදීමයි. මාව විපක්ෂ නායක කමින් ඉවත් කළේ නෑ. ඒ අනුව මේ පාර්ලිමේන්තුවේ දැන් විපක්ෂ නායකවරුන් දෙදෙනෙක් සිටිනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා. ඒ මහතා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් මෙන්ම අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ද වෙනවා. ඒ වගේම අමාත්‍ය ධුර තුනක් දරනවා. එසේ තිබිය දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයකු විපක්ෂ නායක ලෙස පත් කර තිබෙනවා.
ඔක්තෝබර් 26 වැනි දා සිට රටේ සිදුවීම් රැසක් වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අධිකරණය තීන්දුවක් ලබා දී තිබෙනවා.
තවම ඇමැති මණ්ඩලය පත් කරලා නෑ. ආණ්ඩුව හරියට ස්ථාපිත වෙලා නෑ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ආණ්ඩු පක්ෂයේ ඇවිත් අසුන් ගත්තා. එසේ තිබියදී තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙක් විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස නම් කරලා තිබෙන්නේ.
ඒ වගේම විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස නම් කළ මන්ත්‍රීවරයා සැබෑ ලෙසම මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු නොවේ. ඊට ඔහු ශ්‍රීලනිපයේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයෙක් නොවෙයි. ඒ අනුව ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි විය යුතුයි.
මේ රට අසාර්ථක රාජ්‍යයක් කරා පියමං කරනවාද කියලා ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. නොබෙදුණු, බෙදිය නොහැකි ශ්‍රී ලංකාවක් තුල අපට එකට ජීවත් වෙන්න ඕනෑ.‘‘
සම්බන්ධන් මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත වීඩියෝවේ දැක්වේ



 

Sampath Aravinda

Active member
  • Mar 10, 2016
    95
    36
    28
    කතානායකතුමා අලුත් විපක්ෂ නායකවරයෙක් පත්කලාම තියන විපක්ෂ නායකකම ඉබේම අහෝසිවන බව ඒ හය හතර නොදත් පාර්ලිමේන්තුවේ පරණම මන්ත්‍රී වරයට කියාදෙන්න. එවැනි ගොන් කතා අල්ලාගෙන දගලන මෝඩයන් පිලිබදව කිසිවක් කියා කියා වැඩක් නැත.
     

    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    48422054_10161285720635578_1587040551025246208_n.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    අඩෝ කැත වැඩ කරන්න එපා
    අපේ මහින්ද ලොක්කට ඕක වත් ඉතුරුකරපන් හතර විලි ලජ්ජාවෙන් ගැලවෙන්න
    මිනිහට තව ස්ටෙප් 3 යි තියෙන්නේ
    ඊළගට පලත් සභා
    ප්‍රාදේශීය සභා
    අන්තිමට සමුපාකාර
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අඩෝ කැත වැඩ කරන්න එපා
    අපේ මහින්ද ලොක්කට ඕක වත් ඉතුරුකරපන් හතර විලි ලජ්ජාවෙන් ගැලවෙන්න
    මිනිහට තව ස්ටෙප් 3 යි තියෙන්නේ
    ඊළගට පලත් සභා
    ප්‍රාදේශීය සභා
    අන්තිමට සමුපාකාර
    giphy.gif
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අඩෝ කැත වැඩ කරන්න එපා
    අපේ මහින්ද ලොක්කට ඕක වත් ඉතුරුකරපන් හතර විලි ලජ්ජාවෙන් ගැලවෙන්න
    මිනිහට තව ස්ටෙප් 3 යි තියෙන්නේ
    ඊළගට පලත් සභා
    ප්‍රාදේශීය සභා
    අන්තිමට සමුපාකාර

    :lol::lol: