
නැත්නම් මේ වනිතාවට ජනාධිපති ආරක්ෂාව දෙන්න වෙනව "හස්ත මුද්‍රා" නාට්‍යකරුවන්ගෙන් බේරගන්න..........
ස්විස් එම්බසියේ හැංගුන කත CID එයි.. ගැහෙමින්, වෙවුලමින් කට උත්තර දෙයි.. සාක්‍ෂි තවත් පරස්පරයි.. රාජිතගේ පිස්තෝල කටේ කතාව බේගලයක්..
December 8, 2019 at 10:12 pm | lanka C news
ස්විස් එම්බසියේ හැංගුන කත CID එයි.. ගැහෙමින්, වෙවුලමින් කට උත්තර දෙයි.. සාක්‍ෂි තවත් පරස්පරයි.. රාජිතගේ පිස්තෝල කටේ කතාව බේගලයක්..
පැහැරගැනීමට ලක් වූයේ යැයි පැවසෙන කොළඹ සිත් ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව අද පස්වරුවේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවට පැමිණියේය.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගයක් මත ඇය මෙසේ ප්‍රකාශයක් ලබා දීමට කටයුතු කරන ලද අතර එම අවස්ථාවේදී ඇය සමග ස්විස් තානාපති කාර්යාලයේ කිහිප දෙනෙකු හා නීතීඥයෙකුම පැමිණ සිටියේය.
එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් පරීක්ෂණ සිදු කරන ලද කණ්ඩායම් දිගින් දිගටම කියා සිටියේ විද්‍යාත්මක සාක්ෂි හා තානාපති කාර්යාලයන් ලබා දුන් තොරතුරු අනුව එවන් සිදුවීමක් සිදු වූයේ යැයි විශ්වාස කල නොහැකි බවයි.
තානාපති කාර්යාලයේ නිලධාරියගෙන් අද පස්වරුවේ පැය කිහිපයක ප්‍රශ්න කිරීමෙන් පසු ඉන් පිටව ගියේය.
ඇය විසින් ලබා දෙන ලද ප‍්‍රකාශයද පරස්්පරතාවන් ගණනාවක් තිබූ බවත් ඇතැම් විමසීම්වලදී ඇය අපහසුතාවයට පත් වූ බවත් ආරංචි මාර්ග කියයි.
රාජිත සේනාරත්න මහතා සඳහන් කළ පරිදි තම කට පිස්තෝලය තබා ප්‍රශ්න කිරීමක් ගැන ඇය කිසිදු ප්‍රකාශයක් සිදු කර නැති බවද එම ආරංචි මාර්ග කියා සිටියේය.
Last edited:

