ආපසු හරවා යැවීමට යෝජනාවක්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ආපසු හරවා යැවීමට යෝජනාවක්

    ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් කිරීම සඳහා අනුග්‍රහය දැක්වූවා යැයි චෝදනා එල්ල වී සිටින මෙරට ස්විට්සර්ලන්ත තානාපතිවරයා ආපසු හරවා යැවීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බව වාර්තා වේ.

    තමන් විසින් පැහැර ගැනීමට ලක්වූවා යැයි චෝදනා කළ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ශ්‍රී ලාංකික සේවිකාවක් වූ ශ්‍රියාලතා පෙරේරා නොහොත් ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය මත මෙම තත්ත්වය උද්ගත වී තිබේ.

    ස්විට්සර්ලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් මෙරට ස්විස් තානාපතිවරයා සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් එරට රජයේද අවදානයට යොමු වී තිබෙන බව වාර්තා වේ.

    ස්විස් තානාපතිවරයාගේ අනුග‍්‍රහය මත ශ්‍රී ලංකා රජය අපහසුතාවයට පත් කිරීම සඳහා අසත්‍ය ප්‍රචාර සිදුකරමින් සිටින බවට මෙම පැමිණිලිකරුවන් ස්විස්ටර්ලන්ත රජය වෙත දන්වා ඇත.

    තමන් පැහැර ගැනීමට ලක්වූවා යැයි චෝදනා කළ ශ්‍රියාලතා පෙරේරා පසුගිය දෙදින තුල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තර දී තිබෙන අතර එහිදි ඇය ගේ කට උත්තර දැඩි ලෙස පරස්පර විරෝධි බව ආරංචි මාර්ග සඳහන් කරනවා.