දැනුමක් ඕනේ අත්දැකීම් ලද්දන් ගෙන්

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    මචංලා මේකයි සීන් කෝන් එක. මම දෙයක් කරන්න හිතන හිටියොත් හෙට මම මේ දේ කරනවා කියලා එක මලාට 100%ක් කර ගන්න බෑ. මෙහෙම විස්තර කරන්නම්. මම හිතනවා උදේම පටන් අරන් ගේම සම්පුර්ණයෙන් කරනවා කියලා.

    උදේ නැගිට්ටම හිතනවා ෆිල්ම් එකක් බලන්න ඕනේ පැය 1 හාමාරක් ඒක බැලුවා කියලා ලොකු පාඩුවක් වෙන්නේ නෑනේ අර වැඩේට. 11ට පටන් ගන්නවා කියලා. 11 වෙද්දි ඔන්න යූටියුබ් එකට ප්ලග් උනාම තව පැයක් විතර ඉවරයි. 12ට වගේ දැන් පට්ට රස්නෙයි 1-2 වෙලාම කරනවා කියලා හිතනවා. 2ට විතර කෑවම පොඩි නිදිමත ගතියක් එනවා එතකොට හිතනවා පැය 2ක් වගේ නිදාගෙන 4ට විතර පටන් ගන්නවා කියලා. ඒ කියලා 5ට විතර නැගිට්ටම හිතෙනවා 7ට විතර ආයේම පටන් ගන්නවා කියලා. එහෙම හිතලා වෙන වැඩක් පටන් ගත්තම ඒක ඉවර වෙන්නේ 9ට වගේ. ඒ කරලා කාලා ඉවර උනාම ආයේ කම්මැලි කමක් එනවා

    මම ඔය සීන් එක කීවේ උදාහරණෙකට. ඒත් ඇත්තටම සිද්ධ වෙන්නෙත් ඔක. මට ඔය ගතිය නැති කරගන්න ඕනේ බන්ස්ලා. අනවශ්‍ය දේවල් වලට වෙලාව වේස්ට් කරන එක අඩු කර ගන්න ඕනේ

    දන්න එවුන් කියලා දියල්ලා ක්‍රමයක් ප්ලීස්. රෙප් 14+


    මේකට විසදුමක් බුද්ධ ධර්මයේ තියෙනවා.



    ඔය කම්මැලි සීන් එකට කියන්නෙ 'ථීනමිද්ධය' කියලා. එක තැන තිබ්බම මිදෙන කිරිහට්ටිය වගේ තමයි.. (ඇත්තටම නිවනට අදාලව තමයි සූත්‍රයේ ලෝකෝත්තර අර්ථය තියෙන්නෙ. නමුත් අපිට ලෞකික ජීවිතේටත් මේ ක්‍රමය පාවිච්චි කරන්න පුලුවන්)‍




    මේක තමයි ථිනමිද්ධය ගැන විග්‍රහය

    2.1.2. කාය සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 2. බොජ්ඣඞ්ග සංයුක්තය » පබ්‌බත වර්ගය

    මහණෙනි, නූපන් ථිනමිද්ධය ඉපදීම පිණිසත් උපන් ථිනමිද්ධයාගේ බහුල බව විපුලත්වය පිණිසත් ප්‍රත්‍යය කවරේද යත්: මහණෙනි, (ප්‍රාන්ත සේනාසනයන්හි හා අධිකුශල) ධර්මයන්හි නො ඇල්මෙක් තෙමරියෙක් (මැලිබවෙක්) මැලි හැරීමෙක් (කායවිජුම්භණයෙක්) බත් මතයෙක් සිතේ මැලිබවෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරිමෙක් වේද, නූපන් ථිනමිද්ධය ඉපදීම පිණිසත්, උපන් ථිනමිද්ධයාගේ බොහෝ බව විපුලත්ත්වය පිණිසත් මේ ප්‍රත්‍යයයි.




    අනුවණ ලෙස කටයුතු කිරීම හා එය බහුලව කිරීම තමයි කම්මැලි කමට හේතුව...




    මේකට හොද විසදුමක් ධර්මයේ සදහන් වෙනවා.. හොදම එකක්..





    1.2.8.

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » එකක නිපාතය » 2. නීවරණප්‍රහාණ වර්ගය

    මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද ථිනමිද්ධය නූපදනේ නම්, උපන්නා වූ ද ථිනමිද්ධය ප්‍රහීණ වේ නම්, මහණෙනි, මේ (ප්‍රථමාරම්භවීර්ය සඞ්ඛ්‍යාත) ආරම්භධාතු ද (කුසීතභාවයෙන් නික්මුනු බැවින් එයට වඩා බලවත්) නික්කමධාතු ද, (සම්බාධ මැඩ මතු මත්තට යන හෙයින් එයට ද වඩා බලවත්) පරක්කමධාතු ද යම්සේ වේ ද, එබඳු අන් එක ධර්මයකුදු මම (නුවණැසින්) නො දක්මි. මහණෙනි, ආරබ්ධවීර්ය ඇතියහුට නූපන්නා වූ ද ථිනමිද්ධය නූපදනේ ය. උපන්නා වූ ද ථිනමිද්ධය ප්‍රහීණ වේ.





    2.1.2. කාය සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 2. බොජ්ඣඞ්ග සංයුක්තය » පබ්‌බත වර්ගය


    මහණෙනි, නූපන් විරියසම්බොඡ්ඣඞ්ගයාගේ ඉපදීමටත් උපන් විරියසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් ප්‍රත්‍යය කවරේ ද: මහණෙනි, පළමු ඇරඹුණු වීර්‍ය්‍යයෙක්, මැලිබැවින් නික්මුණු වීර්‍ය්‍යයෙක්, මතු මතු තැන් ඇක්මෙනා වීර්‍ය්‍යයෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් විරියසම්බොඡ්ඣඞ්ගයේ ඉපැද්මටත් උපන් විරියසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමෙන් පිරීමටත් මේ ප්‍රත්‍යයයි.


    6. ෂෂ්ඨ භූමි

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » පෙටකොපදෙශ » 6. ෂෂ්ඨ භූමි

    එහි 'නීවරණානි' යනු වචනාර්ථ කවරෙ යැ: කොයින් වළකත් ද යත් : සර්වප්‍රකාරයෙන් කුශලපක්ෂයෙන් වළහත්. කෙසේ වළහත් ද යත්: කාමච්ඡන්ද තෙමේ අශුභයෙන් වළහයි, ව්‍යාපාද මෛත්‍රියෙන් වළහයි. ථීනය පස්සද්ධියෙන් වළහයි, මිද්ධය වීර්‍ය්‍යාරම්භයෙන් වළහයි, උද්ධච්චය සමථයෙන් වළහයි, කුක්කුච්චය අවිප්‍රතිසාරයෙන් වළහයි, විචිකිච්ඡාව ප්‍රඥායෙන් ප්‍රතීත්‍යසමුත්පාදයෙන් වළහයි.



    මේ සූත්‍ර ලෞකික අර්ථයෙන් ගත්තොත් කම්මැලි කමට හොදම විසදුම තමයි වැඩේ පටන් ගැනීම‍.



    මොකද පටන්ගත්තට පස්සෙ ඇදගෙන යන්නම වෙනවා. වීර්‍යාරම්භය හෙවත් පටන්ගැනීම තමයි හොදම විසදුම..



    මෙච්චර කල් ලෝකෙ සම්පුර්ණ කරලා තියෙන්නෙ පටන්ගත්ත ව්‍යාපෘති විතරනෙ.



    ඒක නිසා පටන් ගන්න.. වැඩේ නිකන්ම කෙරේවි.. කරන්න වේවි..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,610
    25,964
    113
    Healthy foods, Oxygen & Excersices will restart you.

    Good sounds , goods people , good environment will wake-up you

    Good wines , sex will flush your neglegilence
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    ඔහොමම තමයි මචං ඔහොම ඉඳලා ඉදලා අන්තිමට ඩෙඩ්ලයින් එකටම ආවම නිදිමරාගන පුka ඉරාගන වැඩේ ඉවර කරනවා ඒ වෙලාවට නම් හිතෙනවා කලින් ඕනතරම් වෙලාව තිබ්බා නේද කියලා ඒත් ඊලඟ වැඩෙත් එහෙම්මම තමයි

    ඩෙඩ්ලයින් එකට ආවත් මම එහෙම්මයි බන්:baffled:

    අ# ගහන්න ඕන කියල බෙඩ් එකට නැග්ගොත් ආයෙ ඇදේම තමා.. මොන පාඩම්ද, එහෙම්ම බුදි:baffled: