දැනුමට යමක්

madboyxxx

Well-known member
  • Feb 22, 2010
    483
    416
    63
    Kandy
    එදිනෙදා භාවිතා වෙන උපකරණ ගැන ඔබ නොදත් දේ.
    1. cup holders වල bumps​
    .


    15131560-31757010-10-0-1499868051-1499868057-650-1-1499868057-650-0136a028bf-1500536654.jpg

    KFC එහෙම ගියාම දෙන මේ cups වල මූඩියේ ඇයි මේ වගේ bumps තියෙන්නේ කියලා හිතිලා තියනවද? මටනම් හිතිලා නෑ ඔං. ඇත්තටම මෙහෙම තියෙන්නේ kitchen එකේ වැඩ කරන අයට මූඩිය අරින්නේ නැතිව ඇතුලේ තියන බීම වර්ගය පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් වෙන්න. :yes:


    2. දත් බුරුසුවෙ පාට කෙඳි​

    15131410-32003560-12-0-1499869694-0-1499926585-0-1499951156-1499951170-650-1-1499951170-650-0136a028bf-1500536654.jpg

    මාත් හිතං හිටියේ ලස්සනට වෙන්න ඇති කියල. එත් නැහැ දත් බුරුසුවක මේ වගේ නිල් පාට හෝ වෙනත් පාට වලින් පෙන්නුම් කරන්නේ එම දත් බුරුසුවේ කල් ඉකුත්වීමේ කාලය. ඒ කියන්නේ වර්ණය අඩුවීගෙන යනවනම් ඒ දත් බුරුසුව මාරු කරන්න කාලය ඇවිල්ලා. දත් මදින්නේ නැති අයට නම් ඕවා අදාලම නැහැ ඉතින්. :lol:


    3. Sunglasses​


    15131360-533010-0-0-1500464547-1500464557-650-1-1500464557-650-f08ea04dac-1500536654.jpg

    දැන් අය sunglass දාන්නේ ඉර එළියෙන් ආරක්ෂා වීමට උනත් ඒ කාලේ ඒ කියන්නේ 12 වෙනි සියවසේ චීන ජාතිකයන් විසින් අඳුරු පති කණ්නාඩි හඳුන්වල දුන්නේ ඔවුන්ගේ හැඟීම් අනෙකුත් අයට පෙන්වීම වළක්වා ගැනීමටලු. ගොඩක් විනිශ්‍යකාරයන් මේක පාවිච්චි කරා කියල තමයි සටහන් වෙන්නේ. :cool:


    4. Bubble Wrap​


    15131260-533360-3-0-1500464610-1500464611-650-1-1500464611-650-0136a028bf-1500536654.jpg

    අපි කවුරුත් ආස කරන දෙයක් නේ මේක. වර්තමානයේ නම් මේක පාවිච්චි වෙන්නේ භාණ්ඩ ප්‍රවාහනයේදී ආරක්‍ෂිත ආවරණයක් ලෙස නමුත් 1957, Alfred Fielding and Marc Chavannes දෙන්නා මේක නිර්මාණය කරේ බිත්ති ආවරණයක් විදිහටලු. පසුව මේක IBM සමාගමට විකුණලා තියනවා ඔවුන් විසින් තමුන්ගේ පරිගණක ඇසිරීම සඳහා මෙය පසුකාලීනව භාවිතා කර තිබෙනවා. :confused:


    5. කෝට්ටේ​


    15131210-533460-4-0-1500464624-1500464626-650-1-1500464626-650-04a0d963b5-1500536654.jpg

    දැන් ඉතින් කොට්ටයක් නැතුව නිදා ගන්නවා කියන්නේ මරණවා වගේ අමාරුයි නෙහැ. එත් කොට්ටය මුලින්ම භාවිතා කරලා තිබෙන්නේ කෘමින් කන් වලට ඇතුල් විම වලක්වා ගැනීම සඳහා ලු. :shocked:


    6. T shirt​


    15131160-533660-5-0-1500464641-1500464643-650-1-1500464643-650-2b4ec5df29-1500536654.jpg

    දැන් හැම කෙනාම T shirt ඇන්දට මුලින්ම t shirt එක හඳුන්වලා දීල තියෙන්නේ යට ඇඳුමක් විදිහටලු. පස්සේ කාලෙක Marlon Brando කියන නළුවා හැම දර්ශනයකටම සුදු පැහැති T shirt එකකින් සහභාගී වීම හේතුකොට ගෙන T shirt එක උඩින් අඳින්න පුළුවන් out ware එකක් විදිහට පත් වෙලා තියනවා. :D


    7. Treadmill එක​


    15131110-533860-6-0-1500464658-1500464662-650-1-1500464662-650-21015c3549-1500536654.jpg

    Treadmill එක අද භාවිතා වෙන්නේ කායවර්ධක උපකරණයක් ලෙස උනත් 1818 දී මෙය හඳුන්වලා දීලා තියෙන්නේ සිර කරුවන්ට දඬුවම් දීමෙ උපකරණයක් විදිහටලු ;)

    ජය වේවා!