දැරියක් පුළුස්සා මරා දමයි

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    දැරියක් පුළුස්සා මරා දමයි

    පකිස්තානයේ ඊසානදිග කයිබර් පක්තුන්ක්වා පළාතේ ජිර්ගා ග්‍රාමයේ අවුරුදු 15ක පාසැල් දැරියක් තම යෙහෙළියකට පෙම්වතා සමග පැනයාමට උදව් කළ බවට චෝදනා කරමින් පුළුස්සා මරා දමා ඇති බව වාර්තා වේ.
    මෙම දැරිය එලෙස මරා දැමීමට නියෝග කර ඇත්තේ ගම්සභා නායකයා බව පැවසෙන අතර මේ වනවිට ඔහු ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු දැරිය ඝාතනය කිරීමේ චෝදනාවට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර අත්අඩංගුවට ගනු ලැබූවන් අතර දැරියගේ මවද සිටින බව වාර්තා වේ.
    එම දැරිය නිවසින් පැහැරගෙන විත් හුස්ම හිරකොට පුළුස්සා මරාදමා ඇති බව පැවසේ. දැරිය මරා දැමීමට ඇයගේ මවද සහාය වී ඇතැයි පැවසෙන අතර පකිස්ථානය තුළ නිරන්තරයෙන් මෙවැනි සිදුවීම් වර්තා වේ. පකිස්ථානයේ බොහෝ පළාත් තුළ කාන්තාවන්ට හා විශේෂයෙන්ම තරුණියන්ට කිසිදු නිදහසක් ලබා නොදී දැඩි ලෙස පීඩනයට ලක්කර සිටී. අන්තවාදී ආගමික මතවාදයන්ගේ ගොදුරු බවට ඔවුන් පත්කරමින් අධ්‍යාපනය ඇතුළු අයිතිවාසිකම් කිසිවක් ලැබීම ඔවුන්ට අහිමිකර තිබේ.