දැරියට මාස 3ක දරු ගැබක් - දැරියක් කෙලෙසූ චීව&#
සූරියවැව දැරියක් කෙලෙසූ චීවරධාරියෙක් කොටු - දැරියට මාස 3ක දරු ගැබක්-
__________________________________________________
වයස අවුරුදු 13 ක බාලවයස්කාර දැරියක් අපයෝජනයට ලක් කර සැගවි සිටි හිමි නමක් පෙරේදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සුරියවැව රම්මුදුවැව බෝධිරාජාරාමයේ විහාරාධිපති ලෙස කටයුතු කළ කැටපොළ අමරකිත්ති නම් හිමි නමකි.විහාරස්ථානයට ආගමික කටයුත්තක් සදහා විමසිමට විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මීට මාස කිහිපයකට පෙර මෙම බාලවයස්කාර දැරිය රවටා ඇයට ලිංගික අතවර කර ඇති බවයි වාර්තා වී තිබෙන්නේ.
අතවරයට ලක්වු දැරිවියට මේ වන විට මාස 03ක දරුගැබක්ද තිබේ. සිද්ධියෙන් පසු දරුවා නැති කිරීමට උත්සාහ දරා ඇතත් එය ව්‍යර්ථ වි ඇත. මෙවැනි සිද්ධි කිහිපයක් පිළිබදව සුරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට මීට පෙර වාර්තා වුණු බවයි සුරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී සුසන්ත කාරියවසම් මහතා පැවසුවේ.
මෙම සැකකාර හිමි නම මීට පෙරද මෙවැනි අපයෝජන කිහිපයක් සිදුකර ඇති බවයි ගම්මුන් පවසන්නේ.මෙම සැකකාර චීවරධාරියා පිළිබදව කරණ ලද පරීක්ෂණ වලදි හෙළි වී තිබෙන්නේ මෙවැනිම ලමා අපයෝජනයක් සදහා මොහුට විරුද්ධව බළපිටිය මහාධිකරණයේද නඩුවක් පවතින බවයි.අපයෝජනයට පත් වු දැරිය 2014 වසරේ සිට මේ දක්වාම විටින් විට අපයෝජනය කර ඇතැයි දැරිය පොලිසියට පවසා තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකාර හිමි නම අත්අඩංගුවට ගැනීමට යාමේදී පළා යාමට උත්සාහ කර ඇතත් පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන මේ වන විටත් ප්‍රශ්ණ කරමින් සිටියි. ප්‍රශ්ණ කරීමෙන් පසු සැකකාර චීවරධාරියා හම්බන්තොට මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම චීවරධාරියා සිටි විහාරස්ථානයේ කරණ ලද පරීක්ෂා කිරීමේදී විහාරස්ථානයේ තිබි අරක්කු බෝතල් තොගයක් ද හමු වී තිබේ.සැකකාර චීවරධාරියා පළාතේ දේශපාලන අධිකාරීන් සමග මෙන්ම ප්‍රසිද්ධ පුද්ගලයන්ද ඇසුරු කරමින් ජනතාවට විවිධ උදවු උපකාරද කරමින් ඉතා සුක්ෂම ලෙස ලමයින් අපයෝජනයට ලක්කර තිබේ.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සුරියවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක එරන්ද මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් පරීක්ෂණ පවත්වයි.

මොකෝ මෙයා රහත් වෙලා නෑ නෙ.