දැරියට_කිරි_දෙන්න

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
දැරියට_කිරි_දෙන්න

සිරීපාදෙ නැගි අම්මා පමාවී හඬන දැරියට කිරි දෙන්න මව්වරු 09 ක් ඇවිත්

1.jpg

පැය 10 කට ආසන්න කාලයක් කුසගින්නේ සිටි මාස 08 ක් වයසැති දැරියකට ඇගේ මව ශ්‍රීපාදය වැඳ පුදා පැමිණෙන තෙක් මව් කිරි දීම සඳහා වෙනත් කිරි මව්වරුන් 09 දෙනෙක් ඉදිරිපත්වූ පුවතක් නල්ලතන්නිය පොලීසියෙන් වාර්තා වේ.
මතුගම ප්‍රදේශයේ සිට ශ්‍රීපාද වන්දනාව සඳහා නඩයක් සමග පැමිණ ඇති කාන්තාවක් ඇගේ අටමස් වියැති සිඟිති දියණිය හා
පවුලේ සාමාජිකයින් සමග ඊයේ (23) දා රාත්‍රී ශ්‍රීපාද වන්දනාවට නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ගමන් කරමින් සිටියදී අතරමගදී දැරියට දැඩි ශීත තත්වයක් ඇතිවූ නිසා මෙම කාන්තාව ඇගේ මව හා නඩයේ පැමිණ සිටි තවත් ඥාති කාන්තාවක් අත තම දියණිය නල්ලතන්නිය බලා එවා ඇත්තේ, තමන් ශ්‍රීපාදය වැඳ පුදා නැවත පැමිණෙන තෙක් ඔවුන් පැමිණි වෑන් රථයේ ආරක්ෂිතව සිටින ලෙස පවසමිනි.

කුඩා දැරියගේ මව අද (24) දා උදැසන වන තෙක් නල්ලතන්නියට නොපැමිණීම හේතුවෙන් පැය කීපයක් අධික කුසගින්නේ පසුවූ මව්කිරි පමණක් පානය කරන මෙම දැරිය හැඬීමට පටන්ගත් නිසා දැරියගේ මිත්තණිය හා අනෙක් කාන්තාව නල්ලතන්නිය පොලීසියට සිද්ධිය පවසා ඇත. එහිදී වහා ක්‍රියාත්මක වූ නල්ලතන්නිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු

මහතා පොලීසිය අසල සිට නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ විකාශනය කරන ශ්‍රීපාද, සමන්ගිර අධිබල ශබ්ද විකාශන සේවාව මගින් මෙම දැරියගේ මවට හැකි ඉක්මණින් නල්ලතන්නිය පොලිස්ථානයට පැමිණෙන ලෙස දන්වමින් කීප වරක් හදිසි පණිවිඩයක් විකාශනය කරනු ලැබීය.

එම පණිවිඩය විකාශනය කිරීමත් සමග මව නොමැතිව පැය ගණනක් කුසගින්නේ හඬමින් සිටි මෙම දැරියට කිරි දීම සඳහා නල්ලතන්නිය ප්‍රදේශයේ පදිංචි හා ශ්‍රීපාද වන්දනාවේ පැමිණි කිරි මව්වරුන් 09 දෙනෙක් නල්ලතන්නිය පොලීසිය වෙත පැමිණීම විශේෂ සිද්ධිකි. මව් සෙනෙහස උතුරා යන මෙම මව්වරුන් අතර සිටි නල්ලතන්නිය නාග විහාරය අසල ශ්‍රීපාද වන්දනා සමයේදී තාවකාලික වෙළඳසලක් පවත්වාගෙන යන නාවලපිටිය,

රොජසන්ගම ප්‍රදේශයේ පදිංචි සුනීතා චන්ද්‍රපාල මහත්මිය දැඩි දරු සෙනෙහසකින් මෙම දැරියට මව් කිරි දීමට ඉදිරිපත් වූ බව නල්ලතන්නිය පොලිස්ථානාධිපති වරයා පැවසීය.

කිරි මවගේ මව් කිරි පානය කරමින් සිටි මෙම දැරිය අසලට අද පෙ.ව. 08.30 ට පමණ දැරියගේ නියම මව පැමිණීමත් සමග දැරිය දැඩි සතුටකින් තම මව්තුරුලට ගොස් ඇත්තේ කිරි දෙමින් සිටි කිරි මවගේ හා අවට සිටි පොලිස් නිලධාරීන් ඇතුලු සැමගේ දෙනෙත් කඳුළින් තෙත් කරමිණි.

මෙම දැරියගේ මව නල්ලතන්නිය පොලීසියට පවසා ඇත්තේ, වන්දනාකරුවන් අධික වීම නිසා තමන්ට ශ්‍රීපාද උඩ මළුවේදී හැටන් මාර්ගය නිවැරදිව හඳුනා ගානීමට නොහැකි වීමෙන් රත්නපුර මාර්ගයේ ටික දුරක් යාමට සිදු වීමෙන් නැවත හැටන් මාර්ගයට පැමිණීමට ප්‍රමාද වූ බවය.
සැබෑ මනුස්කම් දිනෙන් දින පිරිහෙමින් පවතින වත්මන් සමාජ ක්‍රමයක් තුළ, මෙම දැරිය තම මව නොමැතිව පැය ගණනක් කුසගින්නේ සිටියදී පොලීසියේ දැනුම්දීමත් සමග, දැරිය වෙනුවෙන් කිරි මව්වරුන් ඉදිරිපත්වීම අගය කළ යුතුය.
දැරිය මව සමග නල්ලතන්නිය පොලීසියේදී සතුටින් සිටින අයුරු ඡායාරූපයේ දැක්වේ.

(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මෙය ගොසිප් ලංකා හි පල කොට තිබු පුවතකින් උපුටා ගත්තෙමි. මවු වරුන් කල දේ ඉතා උතුම් සහ අගය කල යුතු ක්‍රියාවක්. නමුත් මෙහිදී ඔවුන් කර ඇත්තේ විශාල අවධානම් සහගත කාර්යක්. තමන්ගේ මව නොවන වෙනත් මවකගෙන් කිරි උරා බිමට ඉඩ සැලැස්වීම අනතුරු දායකය. මන්ද මව නොවන වෙනත් කාන්තාවකගේ ශරීරයේ HIV වෛරසය ශරීරගතව පැවතුනහොත් එම කිරි උරා බොන දරුවාටද ඉතා පහසුවෙන් වෛරසය ශරීර ගත විය හැකිය. අනෙක මාස 8 ක් දරුවෙකුට කිරි පමණක් නොවෙයි වෙනත් අහාර වර්ගද ලබා දිය හැකියි.
 
  • Like
Reactions: DangerMan119

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    don't they test you for hiv before giving birth and instruct not to feed the baby with your milk if found positive ?
     
    Feb 9, 2019
    833
    64
    0
    මෙය ගොසිප් ලංකා හි පල කොට තිබු පුවතකින් උපුටා ගත්තෙමි. මවු වරුන් කල දේ ඉතා උතුම් සහ අගය කල යුතු ක්‍රියාවක්. නමුත් මෙහිදී ඔවුන් කර ඇත්තේ විශාල අවධානම් සහගත කාර්යක්. තමන්ගේ මව නොවන වෙනත් මවකගෙන් කිරි උරා බිමට ඉඩ සැලැස්වීම අනතුරු දායකය. මන්ද මව නොවන වෙනත් කාන්තාවකගේ ශරීරයේ HIV වෛරසය ශරීරගතව පැවතුනහොත් එම කිරි උරා බොන දරුවාටද ඉතා පහසුවෙන් වෛරසය ශරීර ගත විය හැකිය. අනෙක මාස 8 ක් දරුවෙකුට කිරි පමණක් නොවෙයි වෙනත් අහාර වර්ගද ලබා දිය හැකියි.

    හිතපන්. ඒ කිරි නැතුව අඩපු බබා උබ නම් උබ නොබී ඉන්නවද ? නෑනේ. අළුත් තනයකින් කිරි බොන්න ආස හිතෙන්න ඇති. :)
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Naraka adahasakin karanna apu deyak newene ban. Daruwek adanakota amma kenekta balan inna ba ban

    don't they test you for hiv before giving birth and instruct not to feed the baby with your milk if found positive ?

    mehemayi ban purpose is good machan but breast feeding substantially increases the risk of HIV transmission from mother to child. JFY. Echcharayi.
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    මාස අටේ බබෙක් එක්ක සිරී පාදේ නගින්න ගියේ අහවල් එකටද මම අහන්නේ :baffled:

    ඇයි බං බාර ඔප්පු කරන්න මිනිස්සු යනවා ළමයි එක්ක. ඉපදිලා මාස 5 න් පස්සේ කෑම දෙනවා ළමයිට. එතකොට දුර එක්කන් යනවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බං බාර ඔප්පු කරන්න මිනිස්සු යනවා ළමයි එක්ක. ඉපදිලා මාස 5 න් පස්සේ කෑම දෙනවා ළමයිට. එතකොට දුර එක්කන් යනවා.
    එහෙම හේතුවකට උනත් පොඩ්ඩක් හිතන්න එපැයි. සීතල වැඩිවෙලා මොකුත් උනානං බාර වෙච්චි දෙයියෝ බේරගන්න එන්නේ න නෙව
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    දැන් ඉන්න ගෑනුන්ටයි මිනිස්සුන්ටයි පිස්සු හොදටම. එක්කෝ හිඟාකාලා පත්තිනි අම්මට කිරි බාර දෙනවා. එක්කෝ පොඩි ළමයි එක්ක ගිහින් මේ වගේ සීතලේ සිරිපාදේ නගිනවා. දේව භක්තිය තිබ්බට මොළය කියන නාමේ බින්දුවක්වත් නෑ..
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    එහෙම හේතුවකට උනත් පොඩ්ඩක් හිතන්න එපැයි. සීතල වැඩිවෙලා මොකුත් උනානං බාර වෙච්චි දෙයියෝ බේරගන්න එන්නේ න නෙව
    එව්වා ඉතිං මම දන්නේ නෑ. දහස්‌ ගානක් නෙමේ ලක්ෂ ගානක් ,එහෙම ළමයි අරං යනවා ඇති.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යකාගේ අම්මා කෙනෙක්නේ බන්.ළමයව දාල සිරිපාදේ වඳින්න ගිහින් තියෙන්නේ.ඕක නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශණා කලේ ශ්‍රද්ධාව වඩවනව එක්කම ප්‍රඥ්ඥාවත් දියුනු කරන්න ඕනි කියලා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    mehemayi ban purpose is good machan but breast feeding substantially increases the risk of HIV transmission from mother to child. JFY. Echcharayi.

    What you say is correct. But the risk is low. However, the normal guideline is HIV positive mothers should not breastfeed.
    Much better if you can avoid situations like this.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මාස 8ක් කියන්නෙ වෙන කෑම කන්න පුලුවන් නේ
    සාමාන්‍යෙන් රස්සාවල් කරන අම්මලා ලමයින්ට වෙන කෑම වර්ග මාස් 4න් හෝ 5න් පුරුදු කරනවා මාස 8ක් කියන්නෙ ගොඩක් දේවල් කන්න පුලුවන් වයසක්
    කැද බිස්කට් සීරියල් පලතුරු වගේ ඕන දෙයක් කනවා මාස 8ක බබෙක්
    අනික ඕන නම් ඔය Nan 1 වගේ ඒව තියෙන්නෙ පොඩිම බබෙක්ට උනත් ඒව දෙන්න පුලුවන්
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඕවගෙ වෙලාවට කිරි පිටි ටිකක් දුන්න කියලා මුකුත් වෙන්නෙ නෑ. ළමය බාරදීලා ඇවිත් තියෙන්නෙ මෝඩයො සෙට් එකකට වගෙ
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය දේම තමයි මගේ හිතට ආවත්. ඔය ආපු කාන්තාවකගේ ඇඟේ ඇය නොදැනුවත්ව AIDS වෛරසය තිබුනා නම්. :no::no::no::no: