මචං අපේ ගෙවල් ගාව අයිය කෙනෙක්ගෙ දුවට තමයි මේ සිද්ධිය උනේ පහුගිය දවසේ...දුල තුන්දෙනෙක්ගෙන් මද්දුමී තමයි මේ දරුවා...
ඉස්පිරිතාලෙකට යන්නත් බයයි මේ සිද්ධි නිසා බං...
මාරම පවු වැඩේ
ඉස්පිරිතාලෙකට යන්නත් බයයි මේ සිද්ධි නිසා බං...
මාරම පවු වැඩේ


මිනිස් ජීවිතයක තියෙන වටිනා කම බල්ලට ගිහිං දැං...........
පරට්ට බල්ලෝ..............
මුංට විරුද්ධව කතා කලොත් වැඩ වර්ජනය කරයි...........
ඒක තමා වෙන්නේ.............





මිනිස් ජීවිතයක තියෙන වටිනා කම බල්ලට ගිහිං දැං...........
පරට්ට බල්ලෝ..............
මුංට විරුද්ධව කතා කලොත් වැඩ වර්ජනය කරයි...........
ඒක තමා වෙන්නේ.............



‘‘ අනේ අම්මේ ඉන්ජෙක්ෂන් ගහන්න එපා මට කරන්ට් එක වදිනවා වගේ ‘‘ කියපු පුංචි කවීෂා ඉන් විනාඩි කිහිපයකට පස්සේ සදහටම දෙනෙත් පියා ගත්තේ කරාපිටිය රෝහලේදී.
දැරියගේ මරණයට හේතුව එන්නතක් විෂ වීමයැයි තීරණය කරපු රෝහල් බලධාරීන් ඒ දැරියගේ මරණයට හේතු වූවායැයි කියන එන්නත තවදුරටත් භාවිතා කිරීම එදිනම නවතා දැමුවා. දැන් එය ලංකාවේ සියළුම රෝහල් වලින් ඉවත් කරලා.
මේ මරණය සම්බන්ධ මරණ පරීක්ෂණයේදී වැඩි යමක් කියවෙලා නැහැ. හදිසි මරණ පරීක්ෂකවරයා අධිකරණ වෛද්‍ය විශේෂඥ වරයාගේ වාර්තාවත් ඉදිරිපත්වූ සාක්ෂිත් සැළකිල්ලට ගනිමින් විවෘත තීන්දුවක් ලබාදී තිබෙන්නේ දැරියගේ අවසන් කටයුතු සිදුකරන්නට. අද ( සඳුදා ) ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ හතරවැනි පන්තියේ ඉගෙනුම ලබමින් සිටි මේ පුංචි දැරිය අවසන් ගමන් යනවා.
සති තුනක් ඇතුලත කරාපිටිය රෝහලේ සිදුවූ අනිවාර්යයෙන්ම සොයා බැලිය යුතු තුන්වැනි ළමා මරණයයි මේ.
සාමාන්‍යෙයන් ලංකාවේ මරණ සම්බන්ධයෙන් ක්රියාකරන්නා වූ නීතියක් තිබෙනවා. හදිසි මරණයකදී මරණ පරීක්ෂණයක් පැවැත්වෙනවා. මරණය සම්බන්ධ සැකයක් ඇත්නම් ඒ ගැන මරණ පරීක්ෂණයේදී පැවසිය යුතුයි.
දැරිය මියගියේ සෙෆ්ට්‍රිඇක්සෝන් නමැති ඖෂධය තුන්වෙනි වතාවට ශරීරයට ඇතුළු කරද්දී. සාමාන්‍යයෙන් බෙහෙත් ඇලජික් වනවානම් එය පලමුවැනි එන්නත දීමේදීම ඇලජික් වන බව තමයි සාමාන්‍ය පිළිගැනීම. එසේනම් මෙය කෙසේ ද ඇලජික් වුනේ කියා අප සොයා බැලිය යුතුයි. මම ඒ ගැන සොයා බැලුවා.
මේ දැරිය රෝහල් ගත කරන්නේ පසුගිය 10 වැනිදා. වමනය සහ බඩ යාම නිසා. දැඩි විජලන තත්ත්වයකින්. කරාපිටිය රෝහලේදී මේ දැරියගේ රුධිර සාම්පල ගැනීමෙන් පසු තීරණය කරනවා බැක්ටීරියාවක් ශරීරගතවී දැරිය රෝගාතුරවී ඇති බව.
12 වැනිදා උදේ බඩේ අමාරුව සුව වී වමනයත් නැවතී තිබූ නිසා මේ පුංචි කවීෂා ඉඳිආප්ප 10 ක් උදේ ආහාරයට ගත්තට පස්සේ තමයි හෙදියන්ගේ කුටියට ඇය කැඳවන්නේ. කවීෂා ඇඳෙන් බැහැලා අම්මා සමග එතැනට යනවිට සිලින්ජර තුනක් මේසය මත බෙහෙත් පුරවා තිබෙනවා.
‘‘ ඇයි මිස් තුන් පාරක් දෙන්න තියෙන බෙහෙත එකපාරටම දෙනවා ද ? ‘‘ එහෙම ඇහුවේ අම්මා.
‘‘ නෑ. මිලි මීට 10 සිලින්ජර කබඩ් එකේ තිබුණත් මෙයාලා ගන්න කම්මැලියි. ඒ නිසා මම පොඩි තුනකට බෙහෙත් දැම්මා.‘‘ ඒ හෙදියගේ පිළිතුරයි.
මේ සෙෆ්ට්‍රිඇක්සෝන් ගැනත් යමක් කිව යුතුයි. එය එන්නේ කොටස් දෙකකින්. එක් කොටසක් ජලය සහිත ඕනෑම ද්‍රාවකයක පහසුවෙන් දියවන කුඩක්. අනික එයට නිශ්චිත ද්‍රාවකයක්. කුඩු ඒ ද්‍රාවකයේ දිය කළ යුතුයි.
කෙසේ වෙතත් මේ හෙදිය දැරියගේ අතේ සේලයින් දීමට සවිකැර තිබූ කටුවට මේ එන්නත ඇතුල් කරනවාත් සමගම අර පුංචි දියණිය කෑ ගසනවා.
ඇය කෑ ගැසුවේ අනේ අම්මේ කරන්ට් වදිනවා කියමින්. අපි කවදාවත් අසා නැහැ එන්නතක් ඇතුළු කරනවාත් සමගම කරන්ට් වදිනවා යැයි කෑ ගැසූ කිසිදු අවස්ථාවක්. එවැන්නක් සිදුවීමට ඉඩක් නැහැ. මේ දැරියගෙ කෑ ගැසීමත් සමගම හෙදිය කරන්නේ අනිත් අතට කැනියුලා එකක් දාලා නැවත අර එන්නත ලබාදීම. හෙදිය කියා ඇත්තේ කැනියුලා එකේ ගැටළුවක් නිසා රිදෙන බවයි. මේ අවස්ථාවේදීත් අර පුංචි දියණිය අනේ අම්මේ මට කරන්ට් වදිනවා වගේ ඉන්ජෙක්ෂන් ගහන්න එපා කියා ලතෝනි තියනවා.
අන්තිමේදී ඒ එන්නත ශරීරගතවී මොහොතකින් ඇගේ හෘදය නවතිනවා. දැරිය මරණය කරා යද්දී වහාම ක්‍රියාත්මක වූ වෛද්‍යවරු හෘද තෙරපුම ලබාදීලා දැරිය යළි පියවි තත්ත්වයට ගත්තා. ඒ අවස්ථාවේ වේදනාවෙන් කෑ ගහපු දැරිය අනේ අම්මේ මට බෙහෙත් විදින්න එපා කියමින් වමනය කරනවා. පසුව වෛද්‍යවරුන්ගේ තීරණය වන්නේ දැරිය දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කළ යුතු බවයි.
මේ දැරිය දැඩි සත්කාර ඒකකයට ට්‍රොලියක තබාගෙන යමින් සිටියදී සිදුවූයේ බලාපොරොත්තු නොවූ දෙයකි. දැරිය ගෙන යද්දී මොනිටරයක් ගෙන ආවේ නැතැයි කියූ මේ රෝහලේ පුදුම සේවකයෝ දැඩි සත්කාර ඒකකටය ගෙන යන හදවත වරක් නැවතුනු දැරිය රෝහලේ කොරිඩෝවේ තබා මොනිටරය ගෙන ඒමට යළි වාට්ටුවට දිව ගියේ ගතවන තත්ත්පරත් දැරියගේ ජීවිතය බේරාගැනීමට අත්‍යාවශ්‍ය බව නොසිතා විය යුතුය. දැරිය කොරිඩොවේ සිටි කාලය විනාඩි 5-10 ත් අතර බව ඇගේ මව පවසයි.
දැඩි සත්කාර ඒකකයට දැරිය ඇතුළු කළ විට එතැනින් කියා ඇත්තේ අත්‍යාවශ්‍ය එන්නතක් ලබාදීමට එන්නත් කටු නොමැති බවයි. අවසානයේ මේ මරණය සමගම පොරබදන දැරියට එන්නත් කිරීම සඳහා කරාපිටියේ දැඩි සත්කාර ඒකකයට එන්නත් කටු 10 ක් සපයා ඇත්තේ දැරියගේ පියා විසිනි. අවසානයේ දැරිය මියගියාය.
දැරියගේ ඥාතීන් වටකැරගත් රෝහල් සේවකයෝ මරණය සිදුවූයේ එන්නත විෂවීමෙන් බවත් මේ මරණය සම්බන්ධයෙන් සැකයක් නොමැති බව කියා අද සවසම සිරුර නිදහස් කැරගන්නා මෙන් බල කර සිටියේ රෝහලෙන් සිදුවූ සියළු වැරදි වසා ගැනීමෙ අරමුණෙනි.
මෙහිදී අප අවධානයට ලක්කළ යුතු කරුණු කිහිපයක්ම තිබේ.
එන්නතක් පළමු වතාවේ විෂ නොවී තුන්වන වතාවේ එන්නත් කළ විට විෂ වන්නේ කෙසේද ?
දැරිය ට්‍රොලියක තබා මොනිටරයක් ගෙන ඒමට රස්තියාදු නොවී දැඩි සත්කාර ඒකකයට ගෙන ගියානම් දැරියගේ ජීවිතය බේරා ගත නොහැකි ද ?
දැඩි සත්කාර ඒකකයේ එන්නත් කටු තිබුණානම් කඩිනමින් ප්‍රතිකාර ලබාදී දැරිය බේරාගත නොහැකි ද ?
තවත් දෙයක් මෙහිදී පැවසිය යුතුය.
මේ එන්නත කොටස් දෙකකි. කුඩක් සහ ද්‍රාවකයකි. රෝහලේ නම හෙළි කිරීමට අකමැති සේවකයකු පවසන්නේ මෙම දැරියට දීමට එන්නත සැකසූ හෙදිය භාවිතා නොකළ නිශ්චිත ද්‍රාවකය ඇගේ මේසය මත තිබූ බවයි. එසේනම් මේ හෙදිය එන්නත සකසා ඇත්තේ දැරිය සිටි ස්ථානයේම තුවාලයක් සහිත දරුවකුගේ තුවාලය පිරිසිදු කිරීමට ගෙන ආ සර්ජිකල් වලින්දැයි සොයා බැලිය යුතුය. සර්ජිකල් ද්‍රාවණයක බෙහෙත් දියකොට එන්නත් කිරීමෙන් මේ දැරියට කරන්ට් වදිනවා සේ දැනුනේ ද යන්න සොයා බැලිය යුතුය. නැතිනම් හෙට දිනයේ තවත් දරුවන් කරාපිටියේදී මෙසේ මියයනවා ඇත.
Code:Source: http://swijeweera.blogspot.com/2012/10/blog-post.html
![]()
) - mama danne ne nama heli nokala sewakaya mese uda diya karana drawanaya thiyanawa kiwe kohomada kiyala - samanyayen wattuwaka distilled wate 10 ml bottles 30-40 withara thiyenwa.
- ewaye QUALITY eka gena katha karala wedak ne. ithin ceftriaxone keewata mewa koi widihata contaminate wela hadanawada kiyana eka loku prashnayak