Fjord Semi-submersible Heavy Transport Vessel
පළමු ලිපියෙන් ලොව තිබූ සහ දැනට සේවයේ යොදවා ඇති විශාල ප්‍රමාණයේ නෞකා ගැන කතා කලා මතක ඇති.නමුත් ඒ සියල්ල පරයන දැවැන්තයෙක් සාගරයේ යාත්‍රා කරයි.මේවා Semi-submersible Ship/Heavy-lift ships නමින් හඳුන්වයි.මෙම නෞකා නිර්මාණය කර තිබෙන්නේ මුහුදු පත්ල විදීමේ පද්ධති ගෙනයාම,යාත්‍රා ආරක්ෂා සහිතව ගෙනයාම,ඛනිජ තෙල් කැණීමේ පද්ධති සහ අධික බරක් සහිත දොඹකර ආදිය රැගෙන යාමටය.
Heavy-lift නෞකාවල විශාල ප්‍රමාණයේ විවෘත වේදිකාවක් තිබේ.එහි මධ්‍යම ප්‍රමාණයේ නෞකාවල සිට දැවැන්ත දොඹකර මෙන්ම ටොන් 50 සිට 45,000ක් දක්වා බරක්ද ගෙන යා හැකිය.
මෙම නෞකාවල තිබෙන ටැංකි ජලයෙන් පුරවා එහි තිබෙන වේදිකාව ජල මට්ටම තෙක් හෝ ඊටත් වඩා ගිල්විය හැකිය.ඉන්පසු ඛනිජ තෙල් කණින විශාල ප්‍රමාණයේ වේදිකාවන්,නෞකා,බෝට්ටු හෝ වෙනත් ඕනෑම දෙයක් නෞකාවේ වේදිකාව මතට නංවයි.අවසානයේදී නෞකාවේ ටැංකිවලට පිරවූ ජලය ඉවත් කර එය ජල මට්ටමෙන් ඉහළට ඔසවා ගැනේ.
මුහුදේ ඛනිජ තෙල් කැණීමේ කටයුතු සඳහා යොදාගන්නා වේදිකාවක් ගෙන යන Blue Marlin නෞකාව.
ජලයේ පාවෙන දැවැන්ත තෙල් ටැංකියක්, Heavy-lift වර්ගයේ නෞකාවක ගෙන යන අයුරු(චීනයේ Yantai Raffles නෞකා නිෂ්පාදනාගාර තිබූ Sevan Voyageur නම් පාවෙන තෙල් ටැංකිය)
මෙම වර්ගයේ නෞකා වැඩි ප්‍රමාණයක් ඩොක්වයිස් නම් ප්‍රවාහන සමාගම සතුය.ඔවුන් සතුව Vanguard, Blue Marlin, Black Marlin සහ Mighty Servant වර්ගයේ නෞකා කිහිපයක්ද තිබේ.2004 පටන් ඔවුන් Blue Marlin නෞකාව සේවයේ යොදවා තිබේ.එම කාලයේ ලොව තිබූ විශාලතම බරින් වැඩිම භාණ්ඩ ප්‍රවාහන නෞකාව වන්නේද එයයි.
Blue Marlin නෞකාව අඩි 700ක් පමණ දිගය.එහි කාමර 38 තිබේ.ඒවා පුද්ගලයන් 60කට නවාතැන් පහසුකම් ගත හැකිය.මෙම නෞකාවේ පිහිනුම් තටාකයක්,උණුවතුර ස්නානය කිරීමේ පහසුකම් සහ තවත් දේ අඩංගුය.
මෙහි දැක්වෙන්නේ ගෑස් පිරිපහදුවක්, Blue Marlin නෞකාව මගින් ගෙන ගිය ආකාරයයි.2005 ජූලි මාසයේදී දින 7ක මුහුදු ගමනකින් පසුව එය ස්පාඤ්ඤයේ සිට නෝර්වේ රාජ්‍යයට ළඟාවිය.
Thunder Horse නම් ගැඹුරු මුහුදේ තෙල් කැණීම් කටයුතු සඳහා යොදාගන්නා වේදිකාවක් දකුණු කොරියාවේ සිට එ.ජනපදයේ ටෙක්සාස් තෙක් ගෙන යාමට ඩොක්වයිස් සමාගමේ Heavy-lift වර්ගයේ Blue Marlin නෞකාව යොදාගන්නා ලදි(2004).මෙම වේදිකාවේ බර ටොන් 60,000ක් පමණ වූ බවයි සඳහන් වන්නේය.
Blue Marlin නෞකාව ඉහත කී වේදිකාවත් රැගෙන දකුණු අප්‍රිකාවේ සුභ පැතුම් තුඩුව අසලින් යාත්‍රා කල අවස්ථාව වම්පස දැක්වේ.සම්පුර්ණ ගමනට දින 61ක් ගතවූ අතර ගෙවා ගිය දුර සැතපුම් 16,000කි.දකුණුපස දැක්වෙන්න තන්ඩර් හෝර්ස් වේදිකාව ඩෙනිස් නම් සුළිසුළගින් දරුණු ලෙස හානියට පත්ව තිබූ අයුරුය.
මුහුදු පතුල විදීමට යොදාගන්නා විදුම් වේදිකාවක්(Jim Day -ටොන් 40,000ක්)Blue Marlin නෞකාවේ ගෙන ගිය අයුරු
2005 නොවැම්බර් මාසයේදී Blue Marlin නෞකාව මගින් මුහුදේ රැදවිය හැකි රේඩාර් පද්ධතියක් සහිත වේදිකාවක් ටෙක්සාස් හි සිට ඇලස්කාව තෙක් රැගෙන ගිය අයුරු.
මෙම චාරිකාව අවසන් කලේ හවායි හි පර්ල් වරායෙනි.රූපයෙන් පෙන්වා තිබෙන්නේ Blue Marlin නෞකාව පර්ල් වරායට පැමිණි අවස්ථාවයි.
එක්සත් ජනපද නාවික හමුදාව ඔවුන්ගේ හානියට පත් නෞකා,පිළිසකර කල හැකි තොටුපලක් වෙත රැගෙන යාමට Blue Marlin නෞකාව භාවිතා කර තිබේ.2000 වසරේ ඔක්තෝම්බර් මස 12 දා ඒඩන් බොක්කේ යේමන් වරායක නවතා තිබූ USS Cole නම් එක්සත් ජනපද යුද නෞකාව ත්‍රස්ත ප්‍රහාරයකට ලක්විය.නැව් බදේ ඇතිවූ දැවැන්ත සිදුරක් නිසා එය තවදුරටත් යාත්‍රා කිරීමට නොහැකි තත්ත්වයේ තිබිණි.අවසානයේදී හානියට පත් USS Cole නෞකාව ,Blue Marlin නෞකාවේ පටවා එක්සත් ජනපදය වෙත රැගෙන යන ලදි.
එක්සත් ජනපදයේ USS Cardinal සහ USS Raven නෞකා දෙක(මුහුදු බෝම්බ සොයා යන්නෙක්) Blue Marlinහි ගෙන යන අයුරු
ඕස්ට්‍රේලියානු නාවික හමුදාවද Blue Marlin නෞකාවේ සේවය ලබාගෙන තිබේ.හෙලිකොප්ටර් ප්‍රවාහනයට සහ ගොඩබෑම වෙනුවෙන් නිර්මාණය කල HMAS Canberra නම් නෞකාවේ නිෂ්පාදන කටයුතු 2008 වසරේදී ආරම්භ කෙරිණි.එය නිර්මාණය කර අවසන් වූ වහාම ස්පාඤ්ඤයේ සිට ඕස්ට්‍රේලියාවට ප්‍රවාහනය කලේ Blue Marlin නෞකාව යොදාගෙනය.
එය 2012 ඔක්තෝම්බර් මාසයේදී මෙල්බර්න් නගරය වෙත ලඟාවිය.
විශාල බරක් ගෙන යා හැකි නෞකාවක් වන Mighty Servant හට ටොන් 29,000ක බරක් ගෙන යා හැකිය.මෙහි තවත් සංස්කරණ කිහිපයක්ම නිපදවා තිබේ.පහත දැක්වෙන්නේ Mighty Servant -2 හි ගෙන යන USS Samuel B. Roberts නම් නෞකාවයි.(1988දී)
Mighty Servant නෞකාව මුහුදේ පාවෙන වේදිකා දෙකක් රැගෙන යන අයුරු
කොතරම් දැවැන්තයෙක් වුවද මුහුදේ දී විවිධ කරදරවලට මුහුණුදීමට සිදුවේ.1999 දී Mighty Servant-2 නෞකාව ඉන්දුනීසියානු වෙරළේදී පෙරළී ගොස් තිබේ.Mighty Servant -3 නෞකාවද ඇන්ගෝලාවේ ලුන්ඩා(2006දී)හිදී ගිලීගියේය.නමුත් ජීවිත හානියක් සිදුනොවීය.Mighty Servant-3 නෞකාව ගොඩගෙන 2007 වසරේදී දකුණු අප්‍රිකාවට ගෙන ගොස් පිළිසකර කිරීම් රැසකට පසුව යළි සේවයේ යොදවා තිබේ.
ඩොක්වයිස් සමාගම සතුව Vanguard නම් දැවැන්ත නෞකාවක් තිබේ.Vanguard මගින් රැගෙන යන්නේ තෙල් සහ ගෑස් කැණීම සඳහා යොදාගන්නා වේදිකාය.
Vanguard නෞකාවේ තට්ටුව/වේදිකාව,Blue Marlin නෞකාවට වඩා 70%ක් විශාලය.එම නිසා Vanguard නෞකාවේ වේදිකාව මත දිගින් සහ පළලින් වැඩි භාණ්ඩ පවා ගෙන යා හැකිය.එහි ගෙන යා හැකි උපරිම බර ටොන් 110,000ක් බව කියවේ.එනම් Vanguard නෞකාවේ ධාරිතාවය,Blue Marlin මෙන් දෙගුණයකි.
වසර කිහිපයකට පෙර රුසියානු සබ්මැරීන කිහිපයක් ඒවා කොටස් කරන ස්ථාන දක්වා ප්‍රවාහනයට ඩොක්වයිස් සමාගමේ නෞකාවක් යොදාගන්නා ලදි.
ඩොක්වයිස් සමාගමට අමතරව semi-submersible නෞකා සතු සමාගම් කිහිපයක් තිබේ.මෙහි දැක්වෙන්නේ නෙදර්ලන්තයේ FJELL නම් නෞකාවයි(සමාගම-Fairstar Heavy Transport).
ඩොක්වයිස් සමාගමට අමතරව semi-submersible නෞකා සතු සමාගම් කිහිපයක් තිබේ.මෙහි දැක්වෙන්නේ නෙදර්ලන්තයේ FJELL නම් නෞකාවයි(සමාගම-Fairstar Heavy Transport).
Kang Sheng Kou නම් නෞකාව 2003දී නිපදවා තිබේ.ඊට ටොන් 18,000ක් බර භාණ්ඩ ප්‍රවාහනය කල හැකිය.
USS Pigeon සබ්මැරීන මුදාගැනීමේ නෞකාවටද එහි ප්‍රධාන වේදිකාව මත සබ්මැරීන ගෙන යා හැකිය.
චීනයේ නිපදවූ ගංගාවල ප්‍රවාහන කටයුතු සඳහා යොදාගන්නා කුඩා ප්‍රමාණයේ නෞකා රැසක් ගෙන යන Blue Marlin නෞකාව.
Source: Darkroastedblend.com
-HarshaLulzSec-
Last edited:

