දැවෙන ආශාව හෙවත් සිහිනයක් යනු,
දැවෙන ආශාව හෙවත් සිහිනයක් යනු,
" සාර්ථක වීමේ රහස මොකක්ද කියලා මට කියලා දෙන්න"
එක්තරා තරුණයෙක් තමන්ගේ ගමේ ඉන්න බුද්ධිමත්ම මිනිසා වන සොක්රටිස් ගෙන් ඇහුවා.
"හොදයි හෙට උදෑසන ගං ඉවුරට එන්න.මම ඔබට ඒක කියලා දෙන්නම්"
සොක්රටීස් කිවුවා.
ඊ ලග දවසේ උදේම අර තරුණයා ගං ඉවුරට වෙලා බලාගෙන හිටියේ සොක්රටීස් එනකන් සාර්ථක වෙන්නේ කොහොමද කියලා දැන ගන්න.
ඈතින් සොක්රටීස් එනවා දැකලා තරුණයා සතුටු වුනා.
"අපි යමු ගගෙන් එගොඩට"
සොක්රටීස් කිවුවා.තරුණයාත් එක පයින්ම ඉස්සරහට ගියා.දැන් දෙන්නම ගග හරහා එහා ඉවුරට යනවා.බෙල්ල ලගටම වතුර තියෙන තැනකදි සොක්රටීස් කිවුවා අර තරුණයාට නතර වෙන්න කියලා.ඊට පස්සේ ඔහුගේ බෙල්ලෙන් අල්ලලා වතුරෙ එබුවා.තරුණයා දගලන්න පටන් ගත්තා.වතුර යට හුස්ම ගන්න බැරුව ඔහු දගලන්න පටන් ගත්තා.ඒත් සොක්රටීස් අත හැරියේ නැහ.තරුණයාට හුස්ම ගන්න බැරිම වෙනකොට සොක්රටීස් තරුණයා අත හැරියා.ඔහු වේගයෙන් වතුරෙන් උඩට පැනලා හුස්ම ගන්න පටන් ගත්ත.හොද හුස්මක් අරන් තමන්ගේ පපුව පුරවා ගත්තා.ඔහු අමනාපයෙන් මෙන්ම තරහින් සොක්රටීස් දිහා බැලුවා.
"හොදයි වතුර යටදී මොනවද ඔයාට වඩාත්ම ඕනේ වුනේ?"
සොක්රටීස් ඇහුවා.
"හුස්ම ගන්න "
තරුනයා උත්තර දුන්නා.
"අන්න ඒක තමා සාර්ථක වීමේ රහස"
සොක්රටීස් උත්තර දුන්නා.
"මොකක්?"
තරුණයා පුදුමයෙන් සොක්රටීස් දිහා බැලුවා.
"ඔවු පුතා,ඔයා වතුර යටදී දගලන්නේ සහ හිතන්නේ ඉක්මනින් උඩට එන්න.ඒ ඔයාට හුස්ම ගන්න ඕනෙ නිසා.ඉතින් ඔයා උඩට ආව ගමන් ඉක්මනින් හුස්ම ගත්තා."
සොක්රටීස් දිගටම කියාගෙන ගියා.
"සාර්ථකත්වයත් අන්න ඒ වගේ පුතා.සාර්ථක වෙන්න ඔයාගෙ හිතේ දැල්වෙන ආශාවක් තියෙන්න ඕනෙ.හරියට වතුර යටදී හුස්ම ගන්න ඕනේ වගේ ජීවිතයේ සාර්ථකත්වය ලගා කර ගන්න ආශාවක් තියෙන්න ඕනේ.ඒ සදහා මහන්සි වෙන්න ඕනෙ"
තරුණයාට පැහදිලි වුනා සාර්ථක වෙන්නේ කොහොමද කියලා.
-------------------------------------------------------------
දැල්වෙන ආශාවක් අපගේ අරමුණු සදහා පැවතුනොත් සාර්ථකත්වය අනිවාර්යෙනපි කරා පැමිණෙනවා.ඔයාගෙ හිතෙත් ඔයා දකින හීනය,අරමුණ ගැන ලොකු ආශාවක් තියෙන්න ඕනේ.එතකොට තමා ඔයාට ඒ වෙනුවෙන් වැඩ කරන්න හිතෙන්නේ.ඒකයි කියන්නේ ඔයා වඩාත්ම ආස කරන ක්ශේත්රය තෝරගෙන එමගින් සාර්ථකත්වය කරා යන්න උත්සහ කරන්න.
"අරමුණු ඉටු කරගැනීමට තියෙන දැල්වෙන ආශාව තමා ඔයාගේ සාර්ථකත්වයේ ආරම්භය. පුංචි ගින්නකට බැහ විශාල තාපයක් උත්පාදනය කරන්න.අන්න ඒ වගේ ආශාවක් නැත්නම් සාර්ථක ප්රථිපල ලබා ගන්නත් බැහැ"
SSUD
උපුටා ගැනීමකි