ඇල්පිටිය, නවදගල ප්‍රදේශයේ පුද්ගලයකුට මන්නා පිහියකින් පහරදී කපා කොටා ඔහු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය, නවදගල ප්‍රදේශයේම පුද්ගලයකු ඇල්පිටිය පොලිසිය පෙරේදා (19දා) අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්පිටිය, නවදගල පදිංචි ටී.එච්. ආසිරි (46) නමැති අයයි.
සැකකරුද සිද්ධියෙන් තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු මේ වන විටත් පොලිස් අත්අඩංගුවේ සිටියදීම ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ නො. 67 සී, අක්කර 16, ෙදාළ ඉහළ, නවදගල, ඇල්පිටිය ලිපිනයේ පදිංචි කොඩිතුවක්කු අබේසිරි ගුණවර්ධන (63) නමැති අයයි.